Friday, January 24, 2014

දරුවන් ඩෝන්ට් කෙයාර් කරන ඬේ කෙයාර් මාෆියාව

මවුපියන්ගේ එකම සිහිනය දරුවන්ගේ අනාගතය යහපත් කිරීමය. දරුවන් යනු මවුපියන්ගේද අනාගතයයි. ලාංකේය සමාජය තුළ දරුවා හා මවුපියන් අතර පැවතියේ ඉතා මානුෂයීය වූ සබඳතාවකි. දරුවා විවාහපත් වුවද මවුපියන්ට ඔහු තම දරුවාම විය. බොහෝවිට මහගෙය තුළම දරුවා නතර කර ගනිමින් පෝෂණය කරන්නට තරම් ඒ බැඳීම ප‍්‍රබල විය. මුණුබුරු මිනිබිරියන් ඇති දැඩි වූයේ මාපිය සෙවණ තුළ නොව ආච්චි සීයා ඇසුරේය. එහෙත් ගෙවී ගිය දශක දෙක ලාංකේය සියලූ සම්ප‍්‍රදායන් උඩුයටිකුරු කළා සේම මවුපිය ¥දරු සබඳතාවද විශාල ගැටලූවකට මැදි විය. මවුපිය ¥දරු සබඳතාව බොහෝ සෙයින් ලිහිල් තත්ත්වයකට මේ වනවිටත් පත්වෙමින් පවතී. එදා විවාහ වී ළමුන් හදද්දීත් මහගෙදරම නතර වී සිටි දරුවා අද වනවිට පාසල් යන්නට, පන්ති යන්නට හෝ
රැුකියාව වෙනුවෙන් ඉතා අඩු වයසින් මහගෙදරින් පිටවී නාගරික පරිසරයේ බෝඩිමකට කොටුවන තත්ත්වයක් උදාවී ඇත.
ඒ ඔස්සේම විවාහ දිවියට එළැඹෙන ඔවුන්ට සිදුවන්නේ ‘පුංචි පවුල රත්තරන්’ යැයි කියා නාගරික පරිසරය තුළම කුඩා පවුලක් ලෙසින් ගාල් වන්නටය. ආච්චිලා සීයලා හෝ නෑ හිතවතුන්ගෙන් දුරස් වූ පරිසරයක ජීවත්වීම වෙනුවෙන් මුදල් සොයන්නට මවුපියන් රැුකියාව කළ යුතු පසුබිමක දරුවන් මෙන්ම මවුපියෝද ගැටලූවකට මැදිවෙති. එහි මූලිකම කාරණය වන්නේ මවුපියන් රාජකාරියට ගොස් එනතුරු ළමයා තබන්නේ කොතැනද යන්නය. එනම් දරුවාගේ ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රශ්නයයි. මේ හා සමානම ගැටලූවකට දරුවාද මැදිවෙයි. ඒ මවුපිය ආදරය, සෙනෙහස තුළින් දරුවා දුරස්වීමයි.
මෙම තත්ත්වය තුළ මෙතෙක් යුරෝපයට සීමා වී තිබූ දිවා සුරැුකුම් මධ්‍යස්ථාන නැතහොත් ‘ඬේ කෙයාර්’ සංකල්පය ලංකාවේ තවත් මුදල් ඉපැයීමේ මාධ්‍යයක් ලෙසින් සමාජගත වන්නට විය. මෑතකාලීනව ග‍්‍රාමීය හා නාගරික යන සීමා මායිම් බිඳ දමමින් හතු පිපෙන්නා සේ අඩියෙන් අඩිය දිවා සුරැුකුම් මධ්‍යස්ථාන බිහිවන්නට විය. මවුපියන්ට සැලකීම පූජනීයත්වයෙන් සැලකූ සමාජයක් මතට වැඩිහිටි නිවාස හඳුන්වා දුන්නා සේමා දිවා සුරැුකුම් මධ්‍යස්ථාන වසංගතයක් වන තැනටම මේ වනවිට පත්වී අවසානය.
මවුපියන් රාජකාරියට ගොස් එනතුරු දරුවන්බලාගැනීමේ සද්භාවයෙන් ඇරඹී මෙම දිවා සුරැුකුම් වැඩි වශයෙන්ම ස්ථාපිත වන්නේ ළදරු පාසල් කේන්ද්‍ර කොට ගනිමිනි. එයට හේතුවූයේ වයස අවුරුදු 2 1/2 පමණ වනවිට තම දරුවන් ළදරු පාසල් යැවීමට මවුපියන් උනන්දු වීමයි. මේ හේතුව නිසාම මුල්කාලීනව රැුකියාවට යන මවුපියන්ගේ ළදරු පාසලට ඇතුළු කරන දරුවන් ළදරු පාසල නිමාවීමෙන් පසුව මවුපියන් පැමිණෙන තුරු ළදරු පාසල තුළම තබාගැනීම ඇරඹුණි. ඒ උදෙසා අමතරව යම් මුදලක් ලබා ගැනුණි. මවුපියන් පවතින ආර්ථික රටාව තුළ දෙදෙනාම රැුකියාවට යෑම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙමින් පැවතීම හා අඩු යෙදවුම් අඩු සුදුසුකම් මෙන්ම වැඩි ලාභයක් උපයාගැනීමේ ක‍්‍රමයක් ලෙසින් මෙය ජනප‍්‍රිය වන්නට විය.

මන්දපෝෂණය


දිවා සුරැුකුමක් වෙත යොමුකරන්නේ ඉතා කුඩා දරුවන්ය. වර්තමානය වනවිට මාස 6ක් වයසැති දරුවාගේ සිට වයස අවුරුදු 10-12 දක්වා දරුවන් වෙනුවෙන් දිවා සුරැුකුම් ක‍්‍රියාත්මක වෙයි. එහිදී දරුවන් දහයකට එක් රැුකබලා ගන්නියක යෙදෙව්වද නිසි ආකාරයෙන් එම දරුවන්ට ආහාර ලබාදීම, ජලය ලබාදීම, අතිරේක ආහාර ලබාදීම සිදුනොවන බව පෙනී යයි.
එක් දරුවකු සම්බන්ධයෙන් සිතනවිට ප‍්‍රධාන ආහාර වේල් දෙකක්, අතුරුපස වේල් දෙකක්, අමතර ආහාර වේල් දෙකක් හා තේ වේලක් බොහෝවිට දිවා සුරැුකුම තුළදී ලබාදෙයි. (එය මවුපියන් ලබාදෙන ආකාරය මත අඩු වැඩි විය හැකිය* එය ළමයි 10ක් සම්බන්ධයෙන් ගතහොත් අවස්ථා 70කි. කෑම කවන්නට සේවකයෙක් යෙදවුවහොත් සම්පූර්ණ දවසක් ගත්තද එය කරන්නට බැරි කාර්යයකි. එසේ නම් සිදුවනුයේ වයස් භේදය පසෙක තබා දරුවන්ට තනියෙන් කන ලෙසට නියම කිරීමය. කුඩා දරුවන් අකැමැතිම දෙය ආහාර ගැනීමය. මේ හේතුවෙන් බොහෝවිට සිදුවන්නේ කටක් දෙකක් කා කෑම පෙට්ටිය කුණු බක්කියට හලා දැමීමය. අතුරුපස සම්බන්ධයෙන්ද එසේමය. සෑම දිවා දරු සුරැුකුමකම දහවල් ආහාරයෙන් පසු දරුවන් නිදාවැටීම අනිවාර්ය කාර්යයකි. එය බලහත්කාරයෙන් හෝ සිදුකරන්නකි. පසුගිය කාලයේ දිවා සුරැුකුම් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් ගෙන බැලූවහොත් දරුවන්ට දිනපතා ‘පිරිටන්’ නම් ඖෂධය ලබාදී නිදාගැනීමට සැලැස්වීම, මදුරුවන්ට කියා මදුරුකොයිල් දල්වා තිබීම හරහා දරුවාගේ ශරීරය අප‍්‍රාණික කොට නින්දට යැවීම යනාදී කාරණා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්වූ අයුරු දැකගත හැකිය.
දිවා සුරැුකුම්වල සිටින දරුවන් මුහුණදෙන ප‍්‍රධානම ගැටලූවක් වනුයේ පානය කිරීමට ජලය ලබානොදීමේ ගැටලූවයි. එයට ප‍්‍රධානම හේතුව වනුයේ වරින් වර මූත‍්‍රා කරවීමට දරුවන් රැුගෙන යෑමට ඇති අපහසුව හා දරුවන් වතුර හලා ගැනීමයි. මේ හරහා දරුවන් ශාරීරිකව බොහෝ ගැටලූවලට මැදිවෙයි. අනිත් කාරණය වන්නේ කුඩා දරුවන් සවස් වරුවම නිදාගැනීම තුළ ඔවුන්ගේ මානසික ක‍්‍රියාකාරිත්වය බිඳවැටීමයි. බොහෝවිට දිවා සුරැුකුම් මධ්‍යස්ථානවල දරුවන් බලාගැනීම සඳහා යොදාගන්නේ අඩු පඩියට සොයාගත හැකි දැන උගත්කම්වලින් තොර මෙහෙකරුවන්ය. දරුවන් නිදිකරවීම උදෙසා යොදාගන්නේ ඉතා කුඩා ඉඩ සීමාවන් වීමත් බොහෝ ස්ථානවල ළමයි එකගොඬේ බිම නිදිකරවීමත් අනෙක් ගැටලූවයි. දරුවන්ගේ මානසික වර්ධනය උදෙසා යහපත් වාතාශ‍්‍රයත් ඉතා වැදගත් වෙයි. අනෙක් කාරණය වන්නේ දරුවන් අතර ලෙඩ රෝග පැතිර යෑමද මේ හරහා වර්ධනය වීමයි.
දිවා සුරැුකුම්වල පාලිකාවන් මෙන්ම දරුවන් සම්බන්ධයෙන් මවුපිය වගකීමද උපරිමයෙන් තිබිය යුතුය. ඇතැම් මවුපියන් තම දරුවන් දිවා සුරැුකුමට ගෙනැවිත් දමනු විනා දරුවාගේ පෝෂණය හෝ දරුවා මුහුණදෙන ගැටලූ පිළිබඳ කිසිදු සොයා බැලීමක් නොකිරීම හරහාම මේ තත්ත්වය දැඩි උවදුරක් බවට පත්වෙමින් පවතී. මේ හේතුවෙන්ම වර්තමානය වනවිට පාසල් දරුවන් බොහෝ පෝෂණ ඌනතාවන්ට ලක්ව ඇති බව හඳුනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් කැල්සියම් හා අයන් වැනි ටැබ්ලට් වර්ග ලබාදීමටද සිදුව ඇත. මෙය බොහෝවිට සිදුවන්නේ දිවා සුරැුකුම් හරහා උදාවන තත්ත්වයන් හරහාය

දිවා සුරැුකුම් මධ්‍යස්ථාන අපට අයිති නෑ

විමල් සරත්චන්ද්‍ර
බස්නාහිර පළාත

පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ නිසි බලධාරි 


මෙතැන ගැටලූ තියෙනවා. අපි උපරිම උත්සහ කරනවා ළදරු පාසලේ ගතකරන වරුව තුළ හරි ඒ ළමයට අවශ්‍ය පෝෂණය හා වාතාශ‍්‍රය ආදී යහපත් තත්ත්වයන් ඇතිකරන්න. අයකිරීම් සම්බන්ධයෙන් කිසිදු නීතියක් දැනට නෑ. මිල තීරණය වෙන්නේ සැපයෙන පහසුකම් මතයි. අපි මෙහිදී කියන්නේ ගන්න මුදලටවත් පහසුකම් සපයන්න කියන එකයි.
දරුවන් 20කට එක ගුරුවරයයි කියන්නේ අප දරුවන් වෙනුවෙන් පැනවූ අවම පහසුකම් සැපයීමේ සීමාවක් විතරයි. ළමයි 5කට ගුරුවරයා බැගින් තබා ගත්තත් කමක් නෑ. නමුත් මෙතැන තවත් කාරණයක් තියෙනවා. මෙතැනදී කවුරුත් කතා නොකරන තැනක් පළමු ශ්‍රේණියේ ළමුන් 40කට එක ගුරුවරියයි කියන කාරණය. ඒ වගේම අපි මොන නීති දැම්මත් ළදරු පාසල් ගුරුවරියකට ජීවත්වෙන්න පුළුවන් වෙන ආදායමක් ලැබෙන්නත් එපැයි.

දිවා සුරැුකුම් මධ්‍යස්ථාන කියන්නේ කුඩා ව්‍යාපාරයක්

කොමසාරිස්
බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුව


අපගේ විෂය පථයට අයත් වෙන්නේ ස්වෙච්ඡුා සංවිධාන හරහා ක‍්‍රියාත්මක වන දිවා සුරැුකුම් මධ්‍යස්ථාන පමණයි. ඒවා ලියාපදිංචි කිරීමක් පළාත් ආයතන තුළ සිදුවෙනවා. ඒත් බොහෝ දිවා සුරැුකුම් මධ්‍යස්ථාන ක‍්‍රියාත්මක වෙන්නේ කුඩා ව්‍යාපාර ලෙසයි. ඒවා ලියාපදිංචි කිරීමක් හෝ අධීක්ෂණයක් තවම අප ආයතනය හරහා සිදුවෙන්නේ නෑ.
මේ සම්බන්ධයෙන් නිසි ක‍්‍රමවේදයක් සකස් විය යුතුයි. එසේම මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුවෙන්නෙ මධ්‍යම රජයේ ළමා ලේකම් කාර්යාලය හරහායි. දිවා
සුරැුකුම් කියන්නේ කුඩා ළමුන් මුල් කරගෙන ක‍්‍රියාත්මක වන කාර්යයක් නිසා නිසි අධීක්ෂණ වැඩපිළිවෙළක් ඉක්මනින් ඇරඹිය යුතුයි.

කාංචන ගීත් මනමේන්ද්‍ර


පිවිසෙන්න

No comments:

Post a Comment