Tuesday, December 31, 2013

කාෂ්‍යප බුදුන් රාවණ නම් අයෙකුට පැවසු විශ්වයේන් සියලූ ශක්තින් ලබා ගතහැකි මංත‍්‍රය


අභයගිරිය සහ ජේතවනාරාමය නමින් බුදුසමයට අයත් ප‍්‍රධාන පුදබිම් තුනක් බිහිවිය. ඒ අතරේ දාගැබ් තුනක්ද ඉදිවිය. එම දැගැබ් අතරේද ජේතවනාරාමය අතිවිශාල දැවැන්ත ගඩොළු කර්මාන්තයක් ලෙසින් හැඳින්විය හැකිය. ජේතවනාරාමය දාගැබෙහි උස අඩි 400 (මීටර් 110* මෙම දාගැබ අක්කර අටක (8* ප‍්‍රදේශයක ඉදිකර ඇත. මෙම දාගැබ පිළිබඳ සඳහන් කරනවිට මිසරයේ ඉදිකරන ලද ගීසා පිරමීඩ දෙකක පමණක් දෙවැනි වූ උසකින් යුක්ත වූවක් සේ සැලකේ.
පිළිස්සූ ගඩොළු 93,330,000ක් මේ දාගැබ සෑදීම සඳහා මහසෙන් රාජ යුගයේදී යොදාගෙන ඇත. මෙම දාගැබ සාදා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් 28ක් පමණ යටින් ගඩොළින් සාදන ලද පාදමක් මතය. එය මාතෘ පාෂාණය මත බෙඞ් රොක් සාදා ඇත. මේ නිසා මෙම දාගැබ කිසිදු අවස්ථාවක ගිලා බැසීමක් හෝ ඉරි තැළීමක් නැත. අනුරාධපුරයේ ඇති අනෙකුත් දාගැබ්ද සාදා ඇත්තේ එසේය. මහායාන බුද්ධාගමේ බෝධිසත්වයන් පිළිබඳ ඇදහීම හා බෝධිසත්ව වන්දනය ප‍්‍රමුඛස්ථානයක් ගනී. බුදුබව ලැබීමෙන්ම නිවන් දැකීම මහායාන බුදුසමයේ මූලික වූ පරමාර්ථයයි. බුද්ධත්වය ලැබීමට උත්සහ කරන තැනැත්තා බෝධිසත්ව නම් වේ. ථෙරවාදී බුදුසමයෙහිද බුද්ධත්වය ප‍්‍රාර්ථනා කරන තැනත්තා බෝධිසත්ව යන නාමයෙන් හඳුන්වන බව ඉතා ප‍්‍රකටය.

ජේතවනාරාමය හෙළ රාවණ ඉතිහාසයට ඉතා වැදගත් ස්ථානයකි හෙළ භික්ෂුන් ධ්‍යන වැඩු ස්ථානය මෙයයි මහයානික ලෙසින් හංවඩු ගසා හෙළ භික්ෂුන් හෙළ භූමියෙන් එළවා දමා සියලූ දැනුම විනාශ කර දමන්නේද ඒ භූමියේදීමය

මහායානිකයන්ගේ ප‍්‍රධාන ඉගැන්වීම් ඇතුළත් ග‍්‍රන්ථ නවයකි. පිරිසුදු මහායාන අදහස්වලින් පිරිපුන් මෙම ග‍්‍රන්ථ නවය නව - ධර්ම මහායාන සූත‍්‍ර යන නම්වලින් හැඳින්වේ. ‘වේපුල්‍ය සූත‍්‍ර’ යනු මේ සඳහා නමකි.
මෙම ග‍්‍රන්ථ නවය මෙසේය.
1. අෂ්ට සහශ‍්‍රිකා ප‍්‍රඥා පාරමිතා
2. සද්ධර්ම පුණ්ඩරික
3. ලලිත විස්තර
4. ලංකාවතාර සූත‍්‍ර
5. සුවර්ණ පුභාස
6. ගන්ඩ ව්‍යූහ
7. තථාගත ගුහ්‍යක
8. සමාධිරාජ
9 දශභූමීශ්වර

ඉහත සඳහන් කළ එම ග‍්‍රන්ථ නවයෙන් පළමුවෙන්ම සඳහන් කළ ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රයට අයත් වූ ධර්මය රන්පත් හතෙහි ලියා ඇත. මහායාන ධර්මයේ ලේඛන භාෂාව සංස්කෘත භාෂාවයි. සංස්කෘත භාෂාවෙන් ලියා ඇති එම අෂ්ට සහශ‍්‍රිකා ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රයේ කොටසක් මෙම රන්පත් ඉරුවල ලියා ඇත්තේ ලංකාවේ අටවැනි සියවසේ භාවිත වූ සිංහල අකුරුවලින් වීම ඉතා වැදගත්ය. පුස්කොළ පොතක් සේ සකස් කරන ලද මෙම ප‍්‍රඥා පාරමිතා සූත‍්‍ර ග‍්‍රන්ථයේ කොටස ජේතවනාරාමය බණ පොත යනුවෙන් ප‍්‍රකටය.
මහායාන බුද්ධ ධර්මයෙහි ප‍්‍රඥා පාරමිතා යනුවෙන් ශුන්‍යතා ධර්මය මෙන්ම බුදුරජාණන්වහන්සේගේ ධර්මකායද හැඳින්වේ. මහායාන ධර්මයෙහි ත‍්‍රිකාය යන්න සඳහන් වේ. එම ත‍්‍රිකාය මෙසේය.
1. නිර්මාණ කාය
2. සම්භෝග කාය
3. ධර්ම කාය

මෙය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ යුතුව ඇත. එහෙත් ඒ සඳහා මෙය අවස්ථාවක් නොවේ.

ඉදින් අප කියන්නට යන්නේ මහායානිකයන්ගේ ප‍්‍රධාන ග‍්‍රන්ථ නවය නැතහොත් නව - ධර්ම මහායාන සූත‍්‍ර වලට අයත් ලංකාවතාර සූත‍්‍රයෙන් කාෂ්‍යප බුදුන් රාවණ නම් අයෙකුට පැවසු විශ්වයේන් සියලූ ශක්තින් ලබා ගතහැකි මංත‍්‍රය

තුට්ටේ, තුට්ටේ- වුට්ටේ, වුට්ටේ- පට්ටේ, පට්ටේ-
කට්ටේ, කට්ටේ- අමලෙ, අමලෙ - විමලෙ,විමලෙ- නිමෙ, නිමෙ
හිමෙ,හිමෙ - වමෙ, වමෙ - කලෙ, කලෙ, කලෙ, කලෙ-
අට්ටේ, මට්ටේ - වට්ටේ,තුට්ටේ- ඥෙට්ටේ, ස්පුට්ටේ - කට්ටේ,
කට්ටේ- ලට්ටේ, පට්ටේ- දිමේ, දිමේ - වලෙ, වලෙ - පවේ,පවේ- බන්ධෙ, බන්ධෙ- අඤ්වේ,මඤ්වේ, දුතාරේ, දුතාරේ-
පතාරේ,පතාරේ- අර්ක්කේ, අර්ක්කේ- සර්ක්කේ, සර්ක්කේ -
චකේ‍්‍ර, චකේ‍්‍ර - දිමෙ, දිමෙ - හිමෙ, හිමෙ- ටු ටු ටු ටු - දු දු දු දු
රු රු රු රු - ඵු ඵු ඵු ඵු - ස්වාහා.
පද්මේ, පද්මදේවේ, - හිනේ හිනි හිනේ - වු, වුලේ, වුලූ,
වුලේ - ඵලෙ, ඵුල, ඵුලේ - යුලේ, ඝුලේ, යුල, යුලේ - ඝුලේ,
ඝුල, ඝුලේ - පලේ, පල, පලේ - මුඤ්වේ, මුඤ්වේ, මුඤ්වේ -
විජින්දේ, භින්දේ, භඤ්ජේ, මර්දේ, ප‍්‍රමර්දේ, දිනකරේ - ස්වාහා.


Monday, December 2, 2013

දඩයක්කාරයාට පෙම් බදින ලංකාවේ පිරමීඩ

ගිසා පිරමීඩ 
පිරමීඩ යනු එදත් අදත් කුතුහලයක් ගෙනදෙන අපූරු නිර්මාණයකි. නමුත් තවමත් නූතන සමාජයට පිරමීඩ තැනීමේ සත්‍ය වූ හේතුව හෙළිකර ගැනීමට හැකියාව ලැබී  නොමැත. පිරමීඩ යන වචනය කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ ඊජිප්තුවයි. නැතහොත් පුරාතන මිසරයයි.  එසේත් නැත්නම් අප පාරාවෝ රජවරුන්ගේ රාජ්‍යය ලෙස සලකනු ලබන භූමියයි. එහෙත් ඒ මතකයෙන් හා අපේ දැනුම් සීමාවෙන් ඔබ්බෙන් වූ පිරමීඩ කතාව එයට බොහෝ සෙයින් වෙනස් වූවකි.
අදින් වසර දහස් ගණනකට පෙර පෘථිවිය පුරා පිරමීඩ ශිෂ්ටාචාරයක් ව්‍යාප්තව තිබූ බව පැවසුවහොත් ඔබ එය එක්වරම පිළිනොගනු ඇත. එයද සාධාරණය. පිළිගන්නට නම් දියුණු මිනිසාට සාක්ෂි හෝ  සාධක අවශ්‍යය. එහෙත් ලෝකයේ ජීවත්වන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු වනුයේ මේ වනවිට ලොව පුරා පිරමීඩ 10,000කට වඩා වැඩි ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බවය.
පිරමීඩ දස දහස් ගණනක් ලොවපුරා ඉදිවුණා නම් එය දැවැන්ත ශිෂ්ටාචාරයකි. ක‍්‍රමවත් වැඩපිිළිවෙළකි. එහෙත් එය ක‍්‍රමවත් වැඩපිළිවෙළක් වූවාද කියා සිතා බලන්නටවත් පිරමීඩ ඉදිකිරීම උදෙසා භාවිත කළ තාක්ෂණික ක‍්‍රමවේදයන්  හෝ මේවා ඉදිකිරීමට හේතු පිළිබඳ නිසි තොරතුරක් හෝ සාධකයක් ලැබී නැත. මෙහි පවතින ප‍්‍රධානම ගැටලූව වූයේ අදින් වසර අවම පන්දහසකට පමණ පෙර මහා පිරමීඩ ඉදිකරන්නට තරම් තාක්ෂණයක් නොමැති යුගයක මෙම ඉදිකිරීම් සිදුවූයේ කෙලෙසද යන්නය.
එය සිතා බැලිය යුතු කරුණක් වූවත් සිතන්නට එයට වඩා වැදගත් වූ කරුණක්ද පිරමීඩ කතාව තුළ ඇත. එනම් ඔරායන් තරු පංතියේ මධ්‍යයේ පිහිටි තරු තුනක පිහිටීමට සමාන හැඩයෙන් ලොව පුරා පිරමීඩ පංති විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබීමයි. එනම් ලෝකයම දන්නා වචනයෙන් පවසන්නේ නම් මායා පිරමීඩවල පිිහිටීමට සමාන වන අයුරින් නිර්මාණය වූ පිරමීඩ පද්ධති විශාල ප‍්‍රමාණයක් ලොව පුරා විසිර තිබීමයි.

ඔරායන් තරු පංතිය නැතහොත් දඩයක්කාරයා ලෙස හඳුන්වන තරු පංතිය ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලට දිස්වන තරු පංතියකි. අපේ ජන ව්‍යවහාරයේ හත්දින්නත් තරු ලෙසින් ප‍්‍රසිද්ධ තරු පංතිය ආසන්නයෙන්ම පිහිටි ඔරායන් තරු පංතිය බිහිවීම පිළිබඳ විවිධාකාරයේ මතවාද ලොව පුරා පවතී. ඔරායන් තරු පංතියේ දීප්තිමත්ම තරු කිහිපය අතරින් වැඩිම අවධානය හිමි වන්නේ දඩයක්කාරයාගේ බඳපටියේ පිහිටා ඇති තරු තුනටය. ඒවා නම් ඇල්නිටැක්, ඇල්නීලම් හා මින්ටාකා යන තරු තුනයි. මෙහි මධ්‍යයේ ඇති ඇල්නීලම් තාරකාව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් සූර්යයා මෙන් දහස් ගුණයක් විශාලය. එසේම එහි අධි චුම්භක බලය මත දෙපසින් ඇති ඇල්නිටැක් සහ මින්ටාකා යන තාරකාවල පිහිටීමේ යම් වෙනස්කම් සිදුවන බවද විද්‍යාඥයෝ පවසති.
ඔරායන් තරු පංතිය මධ්‍යයේ පිහිටි මෙම තරු තුනේ පිහිටීමට සමාන වන අයුරින් ඉදිවී ඇති බවට පළමුව හෙළිවූ පිරමීඩ ති‍්‍රත්වය වූයේ ඊජිප්තුවේ ලොව සුපතළ ගීසා පිරමීඩ ති‍්‍රත්වයයි. ගීසා පිරමීඩවල පිහිටීම පිළිබඳ ලොව පුරා විද්‍යාඥයන්ගේ අවධානය යොමුවීමට මෙම තරු පංතියේ පිහිටීම හේතුවූවා සේම ඇල්නිටැක්, ඇල්නීලම් හා මින්ටාකා යන තරු හා පෘථිවි පිරමීඩ අතර ඉතා සමීප සබඳතාවක් ඇතැයි යන්න පිළිබඳ  සාධක  සැපයෙන තවත් එක් හේතුවක් විය.

එය නම් ඉක්වදෝරයේ පිරමීඩයක් තුළින් සොයාගන්නා ලද මායා ඇස සහිත පිරමීඩය නැතහොත් ක්ලොස් ඩෝනා පිරමීඩය හා මායා තරු බඳුනයි.
ක්ලොස් ඩෝනා පිරමීඩය යනු අඩි හතරක් පමණ උස ලෝහවලින් නිර්මාණය වූ පිරමීඩයකි. රන් පැහැය හා කළු පැහැය මුසු කර නිර්මාණය වී ඇති මෙම පිරමීඩයේ ඉහළට වන්නට ඇසක රූපයක් පවතී. එය පර්යේෂකයන් හඳුන්වන්නේ ආධ්‍යාත්මික වර්ධනයේ සංකේතයක් ලෙසිනි. එය කෙසේ වෙතත් එම පිරමීඩය යටි පැත්තේ රන්  පැහැයෙන් ඔරායන් බඳ පටියේ තරු තුන වන ඇල්නිටැක්, ඇල්නීලම් හා මින්ටාකා පිහිටා ඇති ආකාරය සටහන් කර ඇත.  ඒ අසලම මෙතෙක් ලොව කිසිම තැනකින් හමුනොවූ අක්ෂර කිහිපයක්ද එහි සටහන් කර ඇත. එම කුඩා පිරමීඩය තැන්පත් කර තිබූ ස්ථානයේ බිත්තියේ සටහන්ව තිබූ රූපයද පර්යේෂකයන්ගේ කුහුල වැඩි කරන්නට හේතුවිය. විශේෂිත හිස් ආවරණයක් පැළඳි පුද්ගලයකු එම මායා ඇස සහිත පිරමීඩය මත වාඩිවී එම හිස් ආවරණයේ ඇති ඒරියල් දෙකක් හරහා ඉහළ පිහිටි ග‍්‍රහලොවක් හෝ සූර්යයාගෙන් ශක්තිය ලබාගෙන ඉදිරියෙන් සිටින මිනිසුන්ට ලබාදෙන ආකාරය දැක්වේ.
දෙවැනි කාරණය වූයේ එම පිරමීඩය ආසන්නයේම තිබී සොයාගත් මායා තරු බඳුනයි. මායා තරු බඳුන  යනු කුමක්ද? එය ඇත්තටම මායාවකටත් වඩා තේරුම්ගත නොහැක්කකි. කුඩා කෝප්ප දොළොසක් හා එම කෝප්ප දොළසේ වතුර පිරවිය හැකි විශාල බඳුනක් පිරමීඩය තුළ තිබී සොයා ගත්තේය. එහි විශේෂත්වය වන්නේ කුඩා භාජන දොළොසේ මායා ශිෂ්ටාචාරයට අයත් 1  සිට 12 දක්වා ඉලක්කම් යොදා තිබීමයි. ලොකු භාජනයේ ඇතුළ අධි චුම්භක ඛනිජමය ලෝහයකින් නිර්මාණය වී ඇති අතර එහි බාහිරය තුළ චුම්භක බවක් දක්නට නැත. වැදගත් කාරණය එය නොවේ. මෙම භාජනය මැදි කොට කුඩා කෝප්ප දොළොස රවුමට තැබූ විට රාත‍්‍රී අන්ධකාරයත් සමග ලොකු භාජනය වටා අහසේ තරු පද්ධති දීප්තිමත්ව දිස්වීමට පටන් ගැනීමයි. මායා ඇස සහිත පිරමීඩයේ ඇසද රාත‍්‍රියට මිනිස් ඇසක් සේ පෙනෙන්නට පටන් ගනියි. මෙය විශේෂිත ලෝහයක් නිසාම සිදුවෙතැයි පැවසිය නොහැක්කේ තරු රටා වෙනස් වීමයි.
මෙම ලොකු භාජනයේ පැහැදිලිවම ඔරායන් තරු පංතිය සටහන් කර තිබීම මතම ඔරායන් තරු හා පෘථිවිය  අතර විශේෂිත සබඳතාවක් පැවතිය යුතුය යන්න පර්යේෂකයන්ටද ඉවත දැමිය නොහැකි තර්කයකි. ලොව පුරා පිහිටි විශාල ප‍්‍රමාණයක් වූ පිරමීඩ පංති කරළියට පිවිසීමට මෙය ද හේතුවක් විය.
ක්ලොස් ඩෝනා පිරමීඩය

මෙක්සිකොවෙන්  සොයා ගන්නා ලද පිරමීඩ ති‍්‍රත්වය ගීසා පිරමීඩ මෙන්ම වැඩි අවධානයට යොමු වූ තවත් එවැනිම පිරමීඩ ති‍්‍රත්වයකි. විශේෂිත හැඩ තුනකින් නිර්මාණය කර ඇති මෙම පිරමීඩ ඇස්ටෙක්වරුන්ට අයත් වන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. ඉන්පසුව කරළියට පිවිසෙන්නේ චීනයේ සියෑන්හි පිහිටි පිරමීඩ ති‍්‍රත්වයයි. මෙය චීනයේ පිහිටි පිරමීඩ අතරින් විශේෂත්වයක් ගනු ලබන්නේ එහිද පිහිටීම ඔරායන් බඳ පටියේ තරු පිහිටීමට සමාන වීමයි.
ඊජිප්තුවේ ගීසා පිරමීඩ ති‍්‍රත්වය, මෙක්සිකෝවේ පිරමීඩ ති‍්‍රත්වය මෙන්ම චීනයේ සියෑන්හි පිහිටි පිරමීඩ ති‍්‍රත්වය සම්බන්ධවද විශේෂිත කාරණාවක් ඇත. ලෝකය පැතලි තලයකට ගෙන කතාකළහොත්  මෙම පිරමීඩ පංති තුන පිහිටා ඇත්තේද ඔරායන් තරු පංතියේ පිහිටීමට සමාන වන ආකාරයෙන් වීම පර්යේෂකයන් මවිත කරවන්නට හේතු වූ කාරණාවකි.
පිරමීඩ කාලයත් සමගින් පස් හා ශාකවලින් වැසී ගොස් ස්වභාවික කඳු බවට පත්ව ඇති බව තේරුම්ගත්  පර්යේෂකයෝ නවීන තාක්ෂණික උපකරණ හා ‘ගූගල් මැප්’  උපයෝගි කරගනිමින් ඔරායන් තරු පිහිටීමට සමාන කඳු ති‍්‍රත්වක් හඳුනාගෙන පරීක්ෂා කරන්නට වූහ. එහි ප‍්‍රතිඵලය වූයේය ලොවම මවිත කරමින් ලෝකයේ සෑම තැනින්ම පිරමීඩ ති‍්‍රත්වයන් කරළියට පිවිසීමයි.
බොස්නියාවෙන් සොයා ගන්නා ලද ඉර - හඳ හා පාථිවිය ලෙස නම් කරන ලද පිරමීඩ ති‍්‍රත්වය ගීසා පිරමීඩ  මෙන්ම ලොව අවධානයට  යොමුවූ පිරමීඩ ති‍්‍රත්වයකි. එයට හේතු වන්නේ එය අප පෘථිවියේ කි‍්‍රයාකාරිත්වයට දායක වන ඉර - හඳ ලෙසින් නම්කර තිබීමයි. කෙසේ වෙතත් එහි පිහිටීමද ඔරායන් බඳ පටියට සමානය.
රවුම් හැඩැති පිරමීඩ

ඉන්පසුව ගෝතමාලාවේ ටිකාල් ප‍්‍රදේශයේ පිහිටි පිරමීඩ අසූවක පමණ ප‍්‍රමාණය අතරින් ඔරායන් බඳ පටියේ පිහිටීමට සමාන පිරමීඩ ති‍්‍රත්වයක්ද මතු කර ගැනීමට හැකිවිය. පිරමීඩ කියූ සැණින් අපේ මතකයට නැගෙනුයේ ති‍්‍රකෝණාකාර විශාල ගොඩනැගිල්ලක් වුවත් සෑම පිරමීඩයක්ම එලෙසින් ති‍්‍රකෝණාකාර හැඩයකින්ම නිර්මාණය වී නොමැති  බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එයට හේතුව වනුයේ මේ වනවිට ලෝකයේ තැනින්, තැනින් සොයාගත් පිරමීඩවල එකකට එකක් වෙනස් වූ හැඩ තල කිහිපයක් පැවතීමයි.
 යුරෝපයේ පිහිටි පිරමීඩ පිළිබඳ ලෝක අවධානය යොමු වන්නට හේතුවූයේ ඉතාලියෙන් ගීසා පිරමීඩවල පිහිටීමට නැතහොත් ඔරායන් බඳ පටියේ තරු රටාවට සමාන  පිහිටීමක් සහිත කඳු පද්ධති දෙකක් හඳුනා ගැනීමයි. ඉතාලියේ මිලාන්හි පිහිටි කඳු ඵදබඑැඩැජජයස් කඳු ති‍්‍රත්වය කාලයාගේ ඇවෑමෙන් සොබාදහමෙන් වැසී ගිය පිරමීඩ බව හඳුනා ගැනීමට මෙන්ම ඒ අවට විසිරී තිබූ පුරාවිද්‍යාත්මක සාධක  මතුකර ගැනීමටත් පර්යේෂකයෝ සමත් වූහ. ඉතාලියෙන් හමුවූ දෙවැනි පිරමීඩ පංතිය පිහිටා තිබුණේ ෆ්ලොරෙන්ස් :ත්‍කදරුබජැ* නුවරට ආසන්නයේය. මෙම සොයා ගැනීම් දෙක සමගම යුරෝපයට පිරමීඩ පිළිබඳ නව උනන්දුවක් නිර්මාණය වීමට පසුබිම සකස් විය. ඒ හේතුවෙන්ම යුරෝපීය ගවේෂණ කණ්ඩායම් ලෝකය පුරා පිහිටි  පිරමීඩ පිළිබඳ නව පර්යේෂණ බොහොමයක්  අරඹන්නට විය.
පිරමීඩ හා විශ්වීය ඥානයන් උකහාගෙන එය තාක්ෂණික දියුණුවට යොදාගත් රටක් ලෙස නිල නොවන පිළිගැනීමක් ඇත්තේ ජර්මනියටයි. පර්මනිය යම් යම් ක‍්‍රමවේද හරහා පිටසක්වළයන්ගෙන් තොරතුරු ලබාගත් බවටද විශ්වාසයක් පවතී. එය කෙසේ වෙතත් ජර්මනියෙන්ද පිරමීඩ පංතියක් සොයා ගන්නට හැකිවීමත් සමග මුලින් සඳහන් කළ ඇල්නීලම් තරුව හා ජර්මනියේ සබඳතාවක් පවතින බවට ඉඟි පළ වෙමින් පවතී.


ග‍්‍රීසියට අයත් ීසකඉමරහ ඵසකක කඳු තුන මෙන්ම ග‍්‍රීන්ලන්තයෙන් හඳුනාගනු ලැබූ කඳු තුනද පිරමීඩ පංති ලෙස මේවන විටත් පර්යේෂකයන් තහවුරු කර අවසානය. මේ අතරතුර පිහිටි සුවිශේෂී පිරමීඩ පිහිටීමක් වන්නේ යුක්රේනයේ පිහිටි පිරමීඩ 37 අතුරින් වෙරළාසන්නයේ එක පෙළට පිහිටි පිරමීඩ හතයි.
බොස්නියාවේ සරෙයිවෝ නගරයට ආසන්නයෙන් වසර 12500කට පමණ පෙර ඉදිකරන්නට ඇතැයි දැනට කාල නිර්ණය කර ඇති පිරමීඩ පංති මුලින්ම දිස්වූයේද ස්වභාවික කඳු ලෙසිනි. එය ගවේෂණය කිරීමේදී මෙතෙක් ලොව සොයාගත් පිරමීඩ ඉදිකිරීමේ අපූර්ව ක‍්‍රමවේදයක් සොයාගත හැකි විය. ඒ ස්වභාවික ගල්කුට්ටි වෙනුවට කොන්ක‍්‍රීට්වලින් සෑ¥ කෘත‍්‍රිම ගල්කුට්ටි සොයා ගත හැකි වීමයි. එම කොන්ක‍්‍රීට් කුට්ටිවල සමස්ත බර ටොන් මිලියන 80කට ආසන්න වීම මත පර්යේෂකයෝ මවිතයට පත්වූහ.
ඇමෙරිකාව, චීනය, ඉන්දුනීසියාව, පේරු, රුසියාව ආදී ලෝකයේ සෑම තැනකින්ම පිරමීඩ පංති පිිළිබඳ සාධක සැපයිය හැකි වෙයි. එහි වඩා වැදගත් කාරණය වන්නේ ත‍්‍රිකෝණාකාර පිරමීඩ, උඩ සමතල පිරමීඩ, පිරමීඩ කඳු හා රවුම් හැඩැති පිරමීඩ ලෙස ප‍්‍රධාන වර්ග හතරක් පැහැදිලි ලෙසම හඳුනාගත හැකිවීමයි. මෙක්සිකෝවෙන්, එංගලන්තයෙන් හා චීනයෙන් රවුම් හැඩයේ පිරමීඩ සොයාගැනීමත් සමග ශ‍්‍රී ලංකාවේ පිහිටි පැරැුණි චෛත්‍ය පිළිබඳවද ලෝක පර්යේෂකයන්ගේ අවධානය යොමු වන්නට විය. එංගලන්තයේ ීසකඉමරහ ඵසකක යන පිරමීඩය මෙවැනි රවුම් හැඩයෙන් යුත් පිරමීඩයකි. අප රටේද ගීසාහි පිහිටීමට නැතහොත් ඔරායන් තරු රටාවට සමාන වන පිහිටීමකින් යුත් ඉපැරැුණි දාගැබ් ති‍්‍රත්වයක්ද ඇත. ඒ රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමයයි.

රවුම් හැඩයෙන් යුතු පිරමීඩ සොයා ගැනීමත් සමග තෙරුම් ගත හැකි වූ කාරණය වනුයේ එක් එක් ආකාරයේ ශක්ති ක‍්‍රියාත්මක වීම උදෙසා බලපාන හැඩයන්ගෙන් මෙම නිර්මාණ සිදුවන්නට ඇති බවය. අනෙක් කාරණාව වනුයේ ගල්, මැටි, කොන්ක‍්‍රීට් මිශ‍්‍රිත බදාම ආදී ඒ ඒ රටේ ඇති සම්පත් හරහා මෙම පිරමීඩ නිර්මාණය කිරීම සිදුව ඇත. අනෙක් කාරණාව වනුයේ ත‍්‍රිකෝණාකාර හැඩය අග්නි පිරමීඩ ලෙසත් රවුම් හැඩය ජල පිරමීඩ ලෙසත් පර්යේෂකයෝ නම් කරති.  ඒ අනුව අනුරාධපුරයේ නැතහොත් වැව් බැ`දි රාජ්‍යයේ නිර්මාණය වන්නේ ජල පිරමීඩයි. මේවා පසුකාලීනව වරින් වර නවීකරණය වීමක් හා බුදු දහමට ආදේශ වීමක් සිදු වුවත් එහි මුල් පදනම පිරමීඩම බව හෙළිවෙමින් පවතී.
සමනල ගිර පිරමීඩ කඳු ගණයට ගැනෙන බව පලමු වරට අප පසුගිය ලිපියකින් පෙන්වා දුන්නෙමු. මෙහිදි අපට තේරුම් ගැනීමට හැකිි ප‍්‍රදානම කාරණය වන්නේ අඩුම ගුරුත්වය සහිත රට වන ලංකාවේ නිර්මාණය වු පිරමිඩ වල හැඩය තිරණය වීමට ගුරුත්වයද බලපාන්නට ඇති බවය.මේ වන විට අප ලංකාවේ පිහිටි ගිසා හා ඔරායන් පිහිටීමට සමපාතවන පිරමීඩ කඳු ත‍්‍රිත්වයන් යුගලයක් හා තවත් ඉපැරණි දාගැබ් ත‍්‍රිත්වයක් හදුනා ගෙන ඇත. එය ඉදිරි ලිපියකින් හෙලි කිරිමට බලාපොරොත්තු වෙමු.

 අප අපේ රටේ පිරමීඩ නැතැයි කියන්නට පෙර ලෝකයේ නව සොයාගැනීම් පිළිබඳ අවධානය යොමුකර නිසි ක‍්‍රමවේදයක් ඔස්සේ පර්යේෂණ සිදු කරන්නේ නම් ලොව මවිත වන තොරතුරු රැුසක් අපේ භූමියෙන්ද සොයාගැනීමට හැකිවනු ඇත.

Friday, November 22, 2013

පකිස්ථානෙට ආයුධ දීලා අපට ගස්සවා ගැනීම

රටක් තුළ මිනිසකු ලෙස උපත ලද පමණින්ම පුරවැසියකු වන්නේ නැත. පැරැුණි සමාජය තුළ පරම්පරාව මුල් කර ගනිමින් කි‍්‍රයාත්මක වූ පුරවැසි බව ලබාදීම 1890දී පිය පරපුරට පවරන්නට සුදු පාලකයෝ නීති සැකසූහ. එනම් එය සරලව පවසන්නේ නම් අලූත උපදින බිළිඳෙකු අප රටේ පුරවැසියකු ලෙස ලියාපදිංචි කිරීමට පිය පෙළපත් නාමය අනිවාර්යය සාධකයක් බවට පත්වීමයි. මෑතකාලීනව සිදුකෙරුණු පුරවැසි පනත තුළ සිදුකෙරුණු සංශෝධන මඟින් පුද්ගල ලියාපදිංචිය උදෙසා මවු පෙළපත භාවිතයට ගැනීමේ හැකියාවද උදාවිය.

පුරවැසියකු ලෙස ලියාපදිංචි වන පුද්ගලයා අප රට තුළ ස්වාධීන පුද්ගලයකු නැතහොත් වැඩිහිටියකු ලෙස පිළිගැනෙනුයේ ලියාපදිංචිය හරහා ඔහුට හිමිවන ජාතික හැඳුනුම්පතත් සමගිනි. පසුගිය කාල සීමාව ජාතික හැඳුම්පතට විශාල වටිනාකමක් මෙන්ම වැදගත්කමක් හිමිවූ කාලසීමාවකි. එයට ප‍්‍රධානම හේතුව බවට පත්වූයේ ජාතික ආරක්ෂාවයි. ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කරන්නට තරම් එය රටකට ඉතා වැදගත් සාධකයක් බව ඒ හරහාම ගම්‍ය විය. එසේම හැඳුනුම්පත් සම්බන්ධයෙන් අමිහිරි මතකයන් සහිත යුගයක්ද අපේ ඉතිහාසය තුළ ඇත. ඒ 88 - 89 ජවිපෙ භීෂණය තුළ ඔවුන් විසින් පුද්ගල හැඳුනුම්පත් දහස් ගණනින් විනාශ කරනු ලැබීමයි.

අප කතාකරන්නට යන්නේ හැඳුනුම්පතේ ඉතිහාසය පිළිබඳ නොවේ. එහි අද දවස හා ඒ හරහාම නිර්මාණය විය හැකි අඳුරු හෙට දවස පිළිබඳය. 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත මඟින් කි‍්‍රයාත්මක වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අප රට තුළ සිටින සෑම පුද්ගලයකුගේම ජීව දත්ත තැන්පතුවක් පවතී. 1971 ඔක්තෝබර් 01 වැනිදා පිහිටුවන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 1972 සිට හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹූ අතර එයට ආසන්නතම හේතුව වූයේ 1971 කැරැුල්ලෙන් පසු පුද්ගලයන්හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මතුවීමයි. හැත්තෑ දෙක වසරේ සිට මේ දක්වා නිකුත් කර ඇති හැඳුනුම්පත් ප‍්‍රමාණය දෙකෝටි අසූ ලක්ෂයකට ආසන්නය. දළ වශයෙන් වසරකට ලක්ෂ 9/10ක් අතර ප‍්‍රමාණයකට හැඳුනුම්පත් නිකුත් කෙරෙයි. අපට ගස්සවා ගැනීමආයුධ දීලාපකිස්ථානෙට1972 සිට හැඳුනුම්පතේ අලවා තිබූ කළු - සුදු රූපය වෙනුවට වර්ණ රූපයක් එක් කිරීම 2005 වසරේදී සිදු කෙරුණි. වරින් වර සිදුවූ සංශෝධන සහිතව අද දක්වාම ඇත්තේ අපට හුරුපුරුදු අතින් ලියන ලද විස්තර සහිතව ඡුායාරූපයක් ඇලවූ කාඞ්පතකි.

සමාජයීය දියුණුව හා යුගයට ගැළපෙන ලෙස හැඳුනුම්ත් නවීකරණය කිරීමේ අවශ්‍යතාව මත 2011 වසරේදී ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති මෙහෙයුම් කමිටුවක්ද පත් කළේය. එහි මූලික පියවරක් ලෙස විද්‍යුත් දත්ත ගබඩාවක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරිණි. එහි දෙවැනි අදියර වූයේ නවීන සංකේත, ආරක්ෂක විධි සහිතව සම්පූර්ණ පුද්ගල ජීව දත්ත සහිත ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පතක් නිකුත් කිරීමයි. මෙම හැඳුනුම්පත මඟින් විශේෂිත පහසුකම් සැලසෙන අතර ඕනෑම රාජ්‍ය හෝ බැංකු වැනි ආයතනයකට පුද්ගලයන්ගේ නිවැරැුදි තොරතුරු ලබාගැනීමේ හැකියාව උදාවෙයි.


මේ වනවිට මතුව ඇති ගැටලූව එය නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය හා මොරටු සරසවියේ මැදිහත්වීම මත සැලසුම් කෙරුණු මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර පාකිස්ථානු රාජ්‍ය අධිකාරියකට පවරා ඇති බවට පාකිස්ථානයේ පළවන ජාතික පුවත්පතක් වන ‘නේෂන්’හි අන්තර්ජාල කලාපය තුළ පළව තිබූ ප‍්‍රවෘත්තියයි. 2013 නොවැම්බර් 09 වැනිදා පළකර තිබූ මෙම ප‍්‍රවෘත්තියට අනුව පාකිස්ථානු ජාතික තොරතුරු හා ලියාපදිංචි කිරීමේ අධිකාරිය :භ්ෘඍ්* ශ‍්‍රී ලංකාවේ පුද්ගල හැඳුනුම්පත් ව්‍යාපෘතිය හිමිකරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය තුළ පුරවැසි දත්ත එකතු කිරීම, දත්ත සංවිධානය කිරීම, දත්ත තැන්පතුව මෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම ආදී විශාල කාර්යයන් කොටසක් කි‍්‍රයාත්මක වීම සිදුවෙයි. පාකිස්ථානු මත්ද්‍රව්‍ය නිවාරණ හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය චෞද්රි නිසර් අලි ඛාන් මේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් භ්ෘඍ් ආයතනය වෙත සුබපතමින් කළ ප‍්‍රකාශයක්ද එම ලිපිය තුළ දැකගත හැකි වෙයි.

ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පුරවැසියන් වෙත නැවත ලියාපදිංචිය උදෙසා නිකුත්කරනු ලබන ෆෝරම මිලියන 15ක් ඉලෙක්ට්‍රෝනික දත්ත බවට පරිවර්තනය කිරීම උදෙසා භ්ෘඍ් ආයතනය සැලසුම් කර ඇති කාලය මාස නවයකි. පාකිස්ථානු නේෂන් පුවත්පතේ පළවූ ලිපිය තුළ භ්ෘඍ් ආයතනයේ සභාපති තරික් මලික් මහතා විද්ශීය රජයක් තම රට කෙරෙහි ව්‍යාපාරික රහස්‍ය භාවය සම්බන්ධයෙන් තැබූ විශ්වාසය පිළිබඳද ස්තුති කර ඇත.

මෙහිදී මතුවන ප‍්‍රධාන ගැටලූ කිහිපයක් ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා තවම තීරණයකට එළැඹ නැතැයි පවසන කරුණක් සම්බන්ධව පාකිස්ථානය තුළ පුවත්පතකට එරට ජාතික තොරතුරු හා ලියාපදිංචි කිරීමේ අධිකාරියේ සභාපතිවරයා කරන ප‍්‍රකාශයේ සත්‍යතාව කුමක්ද යන්න මූලිකම කාරණාවය. නිල ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුවූ ගනුදෙනුවක් නොවේනම් මෙහි වසන් කරන්නට කාරණාවක්ද නැත. ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය උදෙසා නිසි ටෙන්ඩර් කැඳවීමක් සිදුවූවාද යන්න එලෙසින්ම නැගෙන ප‍්‍රශ්නයකි.

ජාතික හැඳුනුම්පත ජාතික ආරක්ෂාව උදෙසා ප‍්‍රබලම සාධකයක් ලෙසින් කි‍්‍රයාත්මක වෙද්දී ආගමික අන්තවාදය නැතහොත් ආගමික නීතිය මුල්කරගත් රටකට මෙම හැඳුනුම්පත් මෙන්ම පුද්ගල ජීව දත්ත ගබඩාව පාලනය කිරීම පැවරීම තුළ පසුකාලීන අභියෝගයක් නිර්මාණය වෙමින් පවතීය යන්න එකණොහිම බැහැර කළ නොහැක්කකි. ලංකාව තුළ මෑතකාලීනව මුස්ලිම් අන්තවාදී සංවිධානවල වර්ධනයක් පිළිබඳ විවිධාකාරයේ තොරතුරු සමාජගත වූ අතර ජිහාඞ් සංවිධානයේ කි‍්‍රයාකාරිත්වයන් පිළිබඳ සමාජ කථිකාවතක් නිර්මාණය වෙමින් පවතී.

පාකිස්ථානය, ඉන්දියාව මෙන්ම ලෝකයේ පරිගණක තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින රටවල වේගයෙන් ව්‍යාප්ත වන ත‍්‍රස්තවාදය වනුයේ ජාල ගත ත‍්‍රස්තවාදයයි. එනම් අන්තර්ජාලය හා හැකර්වරුන් උපයෝගී කර ගනිමින් සිදුකරන ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ය. මෙවන් පසුබිමක් තුළ අප රටින් පිට යම් ආගමික අන්තවාදයන් සහිත රටක් තුළ අප රටේ ප‍්‍රධානම දත්ත සැකසීම් හා සම්පේ‍්‍රෂණයන් සිදු කිරීම හරහා ජාත්‍යන්තර අවදානමක් ද නිර්මාණය වීමේ හැකියාව පවතී. යම් ආකාරයකින් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් හෝ අන්තවාදී කල්ලිවල පුද්ගලයන්ගේ ජීව දත්ත මෙම තැන්පතුවලට ඇතුළු කිරීම හරහා අප රටේ නිල පුරවැසි භාවය ඔවුන්ට ලබාදීමත් ඒ හරහා විදේශ ගමන් බලපත‍්‍ර හා වෙනත් රටවල වීසා ලබාගැනීම උදෙසා අප රට මධ්‍යස්ථානයක් ලෙස උපයෝගී කොට ගැනීමේ හැකියාවද නිර්මාණය වේ. මෙය ජාත්‍යන්තරව අප රටට අභියෝගයක් එල්ල විය හැකි කාරණාවක්ද නිර්මාණය කරනු ලබයි.

පාකිස්ථානය අප රටට යුද සමයේ යම් ආකාරයේ උදව් උපකාර සිදු කළ බව සත්‍යයක් වූවත් මේ වනවිට දකුණු ආසියාවේ මුස්ලිම් අන්තවාදය සම්බන්ධව පාකිස්ථානයට එල්ල වන ප‍්‍රහාරද උග‍්‍රවෙමින් පවතී. අල්කයිඩා, තලේබාන් මෙන්ම ජිහාඞ් ආදී ආගමික සටන් සංවිධානවල කි‍්‍රයාකාරකම් පිළිබඳ ඇමෙරිකාවෙන්ද පාකිස්ථානයට චෝදනා එල්ල වෙමින් පවතී.

දැඩි ආගමික රාමුවක් තුළ පෙළ ගැසුණු අන්තවාදී සංවිධානවල අවශ්‍යතා උදෙසා අප රටේ පුරවැසියන්ගේ ජීව දත්ත යම් හෙයකින් පත්වුවහොත් එය ඉතා බැ?රුම් කාරණයක් වීමට ඉඩ ඇත. එසේ නොවේවි යැයි කියා සහතික ඉදිරිපත් කරන්නටද බැරිය.

මෙම ඩිජිටල් හඳුනුම්පත හඳුන්වාදීමෙන් පසු මුල් අදියර පුරවැසියන් සඳහා නොමිලේ ලබාදීම සිදුකළද ඉන්පසු නැවත පරීක්ෂා කිරීම හා වෙනත් සේවා සඳහා අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙයි.

2011 වසරේදී කොළඹ සරසවිය හා මොරටුව සරසවි ඒකාබද්ධව ඇරඹුණු හැඳුනුම්පත් ව්‍යාපෘතිය අතරමඟ අතහැර දමා එය විදේශීය රටකට ලබාදීම තුළ සිදුවන්නේ ලංකාව තුළ මෙය කරගැනීම මෙන් ඉතා විශාල ධනස් කන්දයක් විදේශ වෙත ඇදියෑමක්ද සිදුවෙයි. ඒ සියල්ලටම වඩා මෙය ජාතික ආරක්ෂාවට ප‍්‍රබල තර්ජනයකි.

මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ

මේ ගැන ආරක්ෂක අංශ දැනුවත් කරලා තියෙන්නේ . ඒක නිසා දැන්ම කතා කරන්න බැහැ. මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නේ.


ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහලේකම්


මේක සම්පූර්ණ කරන්න කලින් නැවතුණා

එහෙම ව්‍යාපෘතියකට 2011 අවුරුද්දේ අපි සම්බන්ධවෙලා හිටියා. මොරටුව විශ්වවිද්‍යාලයටයි, අපිටයි කතා කරලා තිබුණා. අපි ඒකෙ මූලික කටයුතු කළා. මෙහෙම ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද? අපිට ගැළපෙන ක‍්‍රම මොනවද කියලා සාකච්ඡුා කළා. ඉතින් ඒක සම්පූර්ණ වෙන්න කලින් නැවතුණා. දැන්නම් මොකද තත්ත්වේ කියලා දන්නේ නැහැ. අපේ රටේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය සම්පත් අපිට තියෙනවා. හැබැයි ඡුරසබඑ කරන උපකරණ වගේ දේවල් සමහර වෙලාවට පිටින් ගන්න වෙයි. මොකද ඒ ඡුරසබඑැර සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර තමා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකනම් පිටින් ගන්න එක තමා ලාභ.

මහාචාර්ය ගිහාන් වික‍්‍රමනායක
පරිගණක අංශය
කොළඹ විශ්වවිද්‍යාලය

මේ කතාවේ කිසිම ඇත්තක් නෑ

ඔය කියන කතාවේ කිසිම ඇත්තක් නැහැ. එහෙම කිසිම තීරණයකට ඇවිල්ලා නැහැ. ඒත් ටෙන්ඩර් ක්‍්කක කරලා තියෙනවා. සමාගම් කිහිපයකින් ටෙන්ඩර් ක්‍්කක කරලා තියෙනවා. මේ හැම එකක්ම ගොසිප් වෙබ් ීසඑැවල යන ඒවා විතරයි. එක කොටසක්නේ ඉතින් ඔය විදියට හිතන්නේ. ඒගොල්ලෝ හිතන ඒවා තමා ඔය ගොසිප්වල යන්නේ. හරි ඉතින් මෙහෙම හිතලා බලන්නකො... ඔහොම කියන අය දැන් මේ ටෙන්ඩර් එක පාකිස්ථානයේ සමාගමකට දුන්නොත් මොකද කියන්නෙ. ඒකට කියයි අල්කයිඩා එකට දුන්නා කියලා. ඉන්දියාවට දුන්නොත් කියයි, රටට ආවෙවත් නැති මන්මෝහං සිංට දුන්නා කියලා. ඒ වගේම බි‍්‍රතාන්‍යයට දුන්නොත් දැන් කියයි කතාවක් කැමරන්ව ගාවලා. චීනෙට ටෙන්ඩරය දුන්නොත් කියන්නේ මොකක්ද ඔක්කොම චීනෙට තමා කියලා. ඉතින් එහෙම බලපුවාම මේක දෙන්න කෙනෙක් නෑනේ. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් දෙනකොට  ඕනෑම සමාගමකට අනුගමනය කළයුතු දේවල් තියෙනවා. කොහොමටත් මේ වැඬේට අපි දැනටමත් ටෙන්ඩර් 2ක් කැඳවලා තියෙනවා. ඒත් මේ ගොසිප්වල තියෙනවා වගේ අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. මොකද මේවට පාර්ලිමේන්තු අනුමැතිය පවා අරගෙන කරන්න පියවර ගොඩක් තියෙනවා. ඒක නිසා මේවායේ කිසිම ඇත්තක් නැහැ. ලබන මාසේ පළමුවැනි සතිය වගේ වෙනකොට ඔන්න මේ ගැන හොඳ භෑඋී එකක් දෙන්න පුළුවන් වෙයි. ඉතින් දැන්ම මේවා පිළිගන්න එපා.  ඕවා දාන්නත් එපා

සරත් කුමාර - කොමසාරිස්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

කාංචන ගීත් මනමේන්ද්‍ර
චම්පිකා දිල්හානි පෙරේරා

ප්ලේටෝ දැක්කේ ටොලමිගේ තැප්‍රොබේනයද?


 ‘ටොලමිගේ සිතියමේ ලංකාව ලොකු වූයේ ඇයි?’ යන්න පසුගිය සති කිහිපයකම විද්‍යුත් මාධ්‍යයන් තුළ මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් තුළ ද ජනප‍්‍රිය වූ කියමනක් බවට පත් විය. ඒ දැන්වීමක හේතු පාඨයක් වුවත් ඒ කියමන තුළ ද සත්‍යතාවක් ඇත. වර්තමානයට සාපේක්ෂව සිතනවිට ටොලමිගේ ලංකා සිතියම අද ලංකාව මෙන් කිහිප ගුණයකින් විශාලය. එහෙත් අද අප කතාකරන්නට උත්සහ ගන්නේ ටොලමිගේ ලංකා සිතියම ගැනම නොවෙයි. සිතියම් ඉතිහාසයේ සැඟවුණු අලූත් කතාවක් පිළිබඳයි.

ටොලමි ලංකා සිතියම නිර්මාණය කරනු ලබන්නේ කි‍්‍ර.ව. 140දී පමණය. එයට පදනම සැකසෙන්නේ එවකට සිටි භාතිකාභය රජු රෝමයත් සමග ඇති කරගත් වෙළෙඳ ගිවිසුමයි. මුහුදු සේද මාවතේ ප‍්‍රධානම මර්මස්ථානය වුණ ගොඩවාය වරාය ටොලමි නම් කරන ලද්දේ දයොන් සෝස් තුඩුව යනුවෙනි.

මෙහිදී අප මතුකරන්නට උත්සහ දරනුයේ ටොලමිගේ ලංකා සිතියම කිස්තු පූර්ව 427ත් 347 අතර කාලයේ ජීවත් වූ මහා දාර්ශනිකයකු වූ ප්ලේටෝ විසින් අඳින ලද ඇත්ලැන්ටීස් නගරයේ සිතියමට බොහෝ සෙයින්ම සමාන වන බවය. එසේ පවසන විට එක් වරම එය ඔබට අවබෝධ කරගන්නට තරමක් අපහසු වනු ඇත.

ඇත්ලැන්ටීස පුරවරය මෑත කාලීනව ලෝකය පුරාම වැඩියෙන්ම කතා බහට ලක්වූ පුරාවෘතය යැයි කිවහොත් එහිද වරදක් නැත. ලොව පුරා සාගර පර්යේෂකයන් මෙන්ම ඉතිහාස ගවේෂකයන්ද මෙම සැඟව ගිය මහා තාක්ෂණික ¥පත සොයන්නට අපමණ වෙහෙසක් දරමින් සිටිති. ඇත්ලැන්ටීස පුරවරය මෙන්ම මහා දියුණු ශිෂ්ටාචාරයක් වූ ලංකා පුරයක් පිළිබඳ ද ඉන්දියානු සාහිත්‍යය තුළ දැකගත හැකි වෙයි.


ප්ලේටෝ නම් දාර්ශනිකයා පිළිබඳ විවිධ අර්ථකථනයන් පවතී. ඔහු උපන් ප‍්‍රදේශයක් හෝ මවක පියකු පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නැති පරිසරයක ආසියාකරයෙන් ගිය යෝගියකු යැයි මතිමතාන්තරයන්ද එළියට එමින් පවතී. ප්ලේටෝ විසින් තම කෘතියක් තුළ ලෝකයේ අති දියුණු නගරයක් පිළිබඳ හෙළිදරව්වක් විය. එය නම්කරන ලද්දේ ඇත්ලැන්ටීස පුරවරය නමිනි. එය මුහුදින් වටවූ ¥පතකි. ප‍්‍රධාන කඳුකරයෙන් ගලා බසිනා සතර මහා ගංගාවලින් එම රාජ්‍ය පෝෂිතය. එහි වඩා වැදගත් තවත් ලක්ෂණයක් වන්නේ සිතියමේ ඉහළින් ඇති හුදෙකලා කන්ද හා ඒ සිට මුහුද දෙසට ගලායන ගංගාවයි. මෙම සිතියම ස්ථානගත කිරීමේදී දිශාවල යම් වරදක් සිදුවී ඇති බව නම් පෙනී යන්නේ එහි දෙපසින් දක්වා ඇති රටවල පිහිටි මේ යම් ගැටලූවක් පවතින නිසාය. කෙසේ හෝ වේවා සුපිරි මාර්ග පද්ධතියක්, ඉතා දියුණු තාක්ෂණයන්, යහපාලන ක‍්‍රමවේදයන් මෙන්ම බුද්ධිමත් මිනිසුන් මෙම පුරවරයේ ජීවත්වන බව ප්ලේටෝ හෙළිකර තිබුණි.

ටොලමි විසින් නිර්මාණය කරන ලද තප්රොබේන් ලෙසින් නම් කළ ලංකා සිතියමෙහිද ප‍්‍රධාන කඳු පද්ධති දෙකෙහි පිහිටීම එලෙසින්ම දැකගත හැකිවෙයි. මධ්‍ය කඳුකරය මලයීය කඳු ලෙසින් නම් කිරීම තුළ කඳුකරය හැඳින්වූ අපේ පැරැුණි නාමය වූ ‘මලයරට’ යන්නම ඔහු භාවිත කර ඇති බව පෙනීයයි. දෙවැනි කාරණය වනුයේ සප්ත මහා ගංගාවලින් ටොලමි තුනක් පැහැදිලිවම සඳහන් කර තිබීම තුළ ප්ලේටෝ විසින් අඳින ලද ඇත්ලැන්ටීස සිතියම හා සියයට සියයක්ම සමානවන බවක් නිර්මාණය වීම සිදුවෙයි.

සතර මහා ගංගා පිළිබඳ කතාකරන ¥පතක් පිළිබඳ අප අසා ඇතිනම් ඒ ලංකාව හැර අන් කිසිවක් නොවේ. මහවැලි, කැලණි, කළු හා වලවේ යන මහා ගංගා හරහා ලංකාව පෝෂණය වන බව එදා ප්ලේටෝ මෙන්ම ටොලමිද අවබෝධ කර ගන්නට ඇත. ප්ලේටෝ සහ ටොලමි විසින් අඳින ලද සිතියම්වල තවත් සමාන තත්ත්වයන් කිහිපයක්ද පවතී. ඒ හරහා අපට අවබෝධ කරගත හැකි කාරණයක් වන්නේ මහා ගංගා මුහුදට වැටෙන තැන් මුල්කරගනිමින් නාව්ක තොටුපොළවල් හා වෙළෙඳ මධ්‍යස්ථාන බිහිවී තිබූ බවය. එනම් ලංකාවේ ප‍්‍රධාන ජල මාර්ග මුල්කරගනිමින් එකල්හි යම් ප‍්‍රවාහන ක‍්‍රමවේදයක් පැවතීම හරහා මෙම ගංගාවලට වටිනාකමක් හිමි වන්නට ඇත. ගංගා මුල් කරගත් ප‍්‍රවාහන ක‍්‍රමය යටත් විජිත පාලනක‍්‍රමය තුළත් පැවතුණි. කැලණි ගඟ හා වලවේ ගඟ ඔස්සේ කොළඹ වරයාට හා මාගම්පුර වරායට භාණ්ඩ ප‍්‍රවාහණය සිදුවුණි.


ටොලමිට හසුනොවූ ප‍්‍රධාන ගංගාවක් ප්ලේටොගේ සිතියමේ දැකගත හැකි වෙයි. මෑත කාලීන ලංකා සිතියමට අනුව නම් එය කලාඔයයි. විල්පත්තුවෙන් මුහුදට වැටෙන කලාඔය විජයගේ පැමිණීමට පෙර ලංකාවේ ප‍්‍රධාන වරායක්, ආසන්නයේ වූවක් බව අපි අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු. ඉතාලියේ කොලෝසියස් රජුගේ නිලධාරියකු විසින් තබා ඇති ලොග් සටහනකට අනුව සැකසුණු නැටුරාලිස් හිස්ටොරියා ග‍්‍රන්ථයේ මෙම ප‍්‍රදේශයේ පිහිටි වරාය නම් කර ඇත්තේ හිපරෝස් යන නමිනි. ඒ කි‍්‍ර.ව. 44දීය. එය හෙළ නාමයන්ට අනුව නම් ‘අශ්ව කන්ද’ නැතහොත් ‘කුදිරමලේ’තොටුපොළයි.

එහිදී අපට සිතන්නට සිදුවන කාරණය වන්නේ ප්ලේටෝ මේ සිතියම නිර්මාණය කර වසර සියයක් පමණ ගත වෙද්දී අපේ වරාය පද්ධති අතරින් කුදිරමලේ වරාය කාලයේ වැලිතලා අතර සැඟව යන්නට ඇති බවය. කුදිරමලේ හා සුප‍්‍රසිද්ධ කලාඔය නිම්නයේ පොම්පරිප්පු සොහොන් බිම තුළ තිබී හමුවූ පිඟන් ගඩොළු මඟින් ඒ ප‍්‍රදේශය හා විදේශ සබඳතා පැවති බවට තොරතුරු හමුවීමත් ඉතා වැදගත් සාදකයකි.

ප්ලේටෝ විසින් ඇමෙරිකාව හා අප‍්‍රිකාව අතර මුහුදේ ස්ථානගත කරන ලද ඇත්ලැන්ටි ¥පත නවීන විද්‍යාවටවත් සොයා ගත නොහැකි වීම තුළ එහි පිහිටීම පිළිබඳ පැහැදිලි ගැටලූවක් මතුවෙමින් පවතී. මෙහිදී ඒ ගැන සොයා බලන පර්යේෂකයන් අපූර්ව නිගමනයකට එළැඹ තිබේ.

එනම් බුදුරජාණන් වහන්සේගේ සමකාලීනයකු වන ප්ලේටෝ තමන් හොඳින්ම දන්නා සුපිරි දිවයින සටහන් කර තැබූවත් එය ලෝකයෙන් වසන් කරන්නට වෙනස් තැනක අඳින්නට ඇති බවය.

මේ අනුව ප්ලේටෝ විසින් අඳින ලද ඇත්ලැන්ටීස සිතියමත් ටොලමි විසින් අඳින ලද තැප්රොබේන් සිතියමත් දෙකක් නොව එකකි. එසේ වුවහොත් එය අප රටට විශේෂිත සොයාගැනීමක් වනු ඇත. එසේම මේ පිළිබඳ පර්යේෂකයන් තුළ නව ආරක තර්කයක්ද

ගොඩනැගෙමින් පවතී. එනම් ලංකාව දැක්වෙන සිතියම ප්ලේටෝ අතට පත්වන්නට ඇත්තේ ලංකා පුරයෙන් ඉන්දියාවට හා මුරුගන් දේශයට රැුගෙන ගිය ලියකියවිලි අතර සිතියමද තිබී ඇති බවය.
ප්ලේටෝ


මේ අතර තැප්රොබේන් හා ඇත්ලැන්ටීස සිතියම් දෙක තුළම මධ්‍යම කඳුකරයට ඉහළින් තවත් කඳුකර කලාපයක් පිහිටීම හරහා එය අප රට නොවේයැයි තර්ක කරන්නෝද වෙති. එහෙත් නූතන භූගෝලීය සිතියම්වලට අනුව ලංකා පොළොව තුළ කඳුකර කලාප දෙකක් පැහැදිලිව දැකගත හැකිවෙයි. උතුරුමැද පළාත තුළද කඳුකර කලාපයක් පවතියි. ඉන්දියාවට රැුගෙන යන හෙළ දැණුම මෙන්ම එයට සම්බන්ධව තිබූ ලිපි ලේඛන අතර තිබි ප්ලේටෝ මෙම සිතියම සොයා ගත්තා වීමටද ඉඩ ඇත. එසේ තර්ක කරන්නට හේතුවක් ද අත. මෙය බොහෝ විට යුධමය අවශ්‍යතාවක් වෙනුවෙන් සැකසුණු දළ සිතියමක් වීමටද ඉඩ ඇත. එය එසේ පවසන්නේ මෙහි ප‍්‍රධාන කඳු පංති දෙකක් පමණක් සටහන් කර තිබීමයි. එයින් ඉහළින් ඇත්තේ සීගිරිය හෙවත් ආකකමංදාව වීමටද ඉඩ ඇත. එය වැදගත් වන්නේ එය හෙළ යුගයේ අන්තර් නැවතුම් පොළක් ලෙසින් භාවිත වීම නිසාය.
ටොලමි


දෙවැන්න පහළින් ඇති කඳු පංතිය මඟින් රාවණ රාජ්‍යය පිහිටි කොත්මලේ කඳු පංතිය කළකුණ කරන්නට ඇතැයිද සිතිය හැකිය. කොත්මලේ අවටින් ගංගා හා ඇළ මාර්ග හතරක් තිබූ බවට සාදකද පවතියි.

එසේම රාවණ නගරය පිහටි ප‍්‍රදේශය (වර්තමාන ජලාශය ඇති ප‍්‍රදේශය* චන්ද්‍රිකා ඡුායාරූප මඟින් නිරීක්ෂණය කරන විට පැහැදිලිවම දැකගත හැකි කරුණ වන්නේ අතීතයේ සිදුවූ මහා පිපුරුමක් හේතුවෙන් මේ ප‍්‍රදේශයේ කඳු සියල්ල විනාහ වී ආවාටයක් නිර්මාණය වී ඇති බවය. මෙය රාම රාවණ යුද්ධයේදී සිදුවූ පරමානු පිපුරුමක් වීමටද බොහෝ සෙයින් ඉඩ ඇත.

කෙසේ වෙතත් ඒ පිපුරුමේ හැඩයේද මෙම සිතියමට සමාන කමක් පවතී.

මෙහිදී මතුවන ගැටලූ බොහොමයක් ඇත. එනම් වර්තමාන ලංකාවේ හැඩය සහිත සිතියම නිර්මාණය වන්නේ 1700 පමණ යුගයේදීය. හැඩයේ වරදක් තිබ්බාය යන මතයට අපට එකහෙළාම නොයන්න හේතුවුණ කාරණා සොබාදහම විසින් නිර්මාණය කරන්නට ඇතැයිද සිතිය හැකිය.

මුලාශ‍්‍ර සැපයු චන්කි දේව්ට විශේෂ ස්තුතිය

කාංචන ගීත් මනමේන්ද්‍ර

Sunday, November 17, 2013

ලොව මුල්ම රොකට්ටුව මායාවරුන්ගේද?

නූතන විද්‍යාව විසින් මේ වනවිටත් උඩු ගුවන සම්පූර්ණයෙන්ම තම අණසකට ගෙන හමාරය. දිනෙන් දින එකකට එකක් පරදමින් යන අධි තාක්ෂණික යානා නිපදවමින් උඩු ගුවනේ බලවතා වන්නට ලෝක බලවතුන් උත්සහ දරයි. නූතන ගුවන් සම්ප‍්‍රදාය බිහි වී වසර සියයක් ගෙවී යද්දී ගුවන් පරම්පරා පහක් ඉක්මගොස් හයවැනි ගුවන් පරම්පරාවේ එළිපත්තට පිවිස සිටින ලෝකය ශබ්දයේ වේගය මෙන් පස් හය ගුණයක්  වේගයෙන් යා හැකි යානා පවා නිපදවා අවසන්ය.
හයවැනි පරම්පරාව සහ හත්වැනි පරම්පරාව උදෙසා සැලසුම් සකස් වන ගුවන් තාක්ෂණයේ ඉදිරි කාලය තුළ ගුරුත්ව බලය ඉක්මවා යමින් විශ්වය ජයගත හැකි යානා පවා නිර්මාණය වෙමින් පවතින බවට මේ වනවටත් ඉඟි ලැබී ඇත. එහෙත් මෙවර අපි කතා කරන්නට උත්සහ දරනුයේ නව තාක්ෂණික යානා පිළිබ`ද නොව ලොව පළමු රොකට්ටුව පිළිබ`ද ලැබුණු ශිලාමය සාධකයන් පිළිබඳය.
මායා රාජ්‍යය යනු වත්මන් ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන රාජ්‍යයයි. පිටසක්වළ හා සහසබඳතා පැවැත් වූ බවට ගවේෂකයන්ගේ සැකයට නිරන්තරව ලක් වූ අද්‍යතන ශිෂ්ටාචාර හතෙන් එකක් ලෙසද මායා ශිෂ්ටාචාරයට හිමිවනුයේ ප‍්‍රධාන තැනකි. මායා ශිෂ්ටාචාරය තුළ ප‍්‍රධාන නගර හතරක් දැකගත හැකි වෙයි. පැලන්කේ, කොපෝන්, ටී කාල් හා කලක්මුල් ඒ සතරයි. මින් ප‍්‍රධාන පාලන ව්‍යුහය ස්ථානගත වී පැවතියේ පැලන්කේ නගරයේය. වර්තමානයේදී මෙක්සිකෝවට අයත් වන මෙම ප‍්‍රදේශය හඳුන්වනුයේ බාක් නගරය ලෙසිනි. 1948 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේෂක ඇල්බට් රුවිස් විසින් බාක් නගරයේ මහා වනාන්තරය මැදින් කළුගලින් නිර්මාණය කරන ලද විනාශයට පත් නොවූ මාලිගා සංකීර්ණයක් සොයා ගනු ලැබුණි. එය පිරමීඩ තාක්ෂණයට තරමක් සමීප වූවක් බැවින් මාලිගයට එහා ගිය නිර්මාණයක් මේ තුළ තිබිය යුතු යැයි ඔහුගේ අදහස විය.
1952 එක් දිනක ප‍්‍රධාන මාලිගයේ ආගාරයක (පැසේජය
* සවි කර තිබූ විශේෂිත හැඩයෙන් යුත් ගලක් වෙත ඔහුගේ අවධානය යොමු විය. ඉන්පසු එහි ඇරඹූ කැණීම් හරහා ආරුක්කු හැඩයෙන් යුතු විශේෂිත උමං මාර්ගයක් මතු කර ගත හැකි විය. එම උමං මාර්ගයම කුඩා ගල් කැබලි ටොන් ගණනක් දමා වසා දමා තිබුණි. ඒ සියලූ ගල් ඉවත් කිරීමෙන් පසු උමං මාර්ගය පිවිසියේ කුඩා පිරමීඩකාර කුටියකටය. ඇල්බට් රුවිස්ගේ නොනවතින කුතුහලය පිරමීඩකාර කුටියේ එක් බිත්තියක් බිඳ දමන්නට සමත් විය. ඒ සමගම මතු වූයේ ටෙම්පල් ඔෆ් ඉන්ස්ක‍්‍රිප්ෂන් නැතහොත් පාකල් රජුගේ රාජ්‍ය ලොව සුපතළ වූ සොයාගැනීමට හිමිකරුවා වන්නට ඔහුට අවස්ථාව උදාවීමයි. එහි වූයේ මායා රාජ්‍යයේ අසහාය රජු වූ දෙවැනි පාකල් රජුගේ සොහොනයි. ටොන් ගණනක් බරැුති ගල් ලෑල්ල පාකල් රජුගේ සොහොනෙන් හමු වූ අන් කිසිවකටත් වඩා ලෝකයේ කතාබහට ලක් විය.
මෙක්සිකෝවේ බාක් නගරයේ පිහිටා ඇති ‘ටෙම්පල් ඔෆ් ඉන්ස්ක‍්‍රිප්ෂන්’ දෙවොලේ තිබී හමු වූ මායා රාජ්‍යයේ අසහාය රජු ලෙස සැලකෙන දෙවැනි පාකල් රජුගේ සොහොනේ මතුපිට වූ ගල් තට්ටුවේ කොටා තිබූ රූපය මෙතෙක් ලොව මුල්ම ගුවන්යානයේ නිර්මාණකරුවන් ලෙස රයිට් සහෝදරයන් හිමි කර ගෙන තිබූ විරුදාවලිය බිඳ දැමීමට සමත් විය.
එහි සටහන්ව තිබුණේ නූතන රොකට්ටුවක  ක‍්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන යන්ත‍්‍රයක් තුළ නැගී ගමන් කිරීමට සැරසෙන පාකල් රජුගේ කැටයමකි. අප මේ කතා කරනුයේ ක‍්‍රිස්තු වර්ෂ 615ත් 683ත් අතර කාලයේ ජීවත් වූ රජකු පිළිබ`දය. එසේ නම් ඔවුන් සතුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් මිදුණු වෙනත් ග‍්‍රහ ලෝකවලට යන්නට හැකි තාක්ෂණයක් තිබී ඇති බව පිළිගන්නට එම සොහොන් ගැබ පරීක්ෂා කළ පර්යේෂණ කණ්ඩායමට සිදුවිය. එයට හේතු වූයේ නූතන රොකට් තාක්ෂණය ගෙන මෙම රූපයට ආදේශ කරන කල බැලූ විට ඒ සියලූ අංගයන්ගෙන් සමන්විත දියුණු සැලසුමකින් මෙම රූපය යුක්ත වීමයි.
මෙම සොයාගැනීමත් සමගම පර්යේෂකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු විය. සොහොනක් වැසූ දැවැන්ත ගල් තට්ටුවක අංග සම්පූර්ණ රොකට්ටුවක සැලැස්මක් සඳහන්ව තිබීමත් එය අතිරහසිගත ලෙස සඟවා තිබීමත් මත පර්යේෂණවල මඟ වෙනස් අතකට යොමු විය.
මෙම කැටයමේ සඳහන්ව තිබුණේ රොකොට්ටුවක නැගී යන පාකල් රජුය. එහි රොකට්ටුවක ඇති මූලික අංග පැහැදිලිවම කැටයම් කර තිබුණි. ඇසට සමීපයේ වූ දුරදක්නයක් වායු පීඩනයට සහ ඔක්සිජන් ලබාදීමට නහය අසන්නයේම සවි කළ වායු නාළයක් එහි දැකගත හැකි විය. යානයේ ක‍්‍රියාකාරිත්වය පාලනය කරන ලීවරය දකුණු අතින් අල්ලා ගෙන සිටින පාකල් රජු වම් අතින් වෙනත් ලීවරයක් ක‍්‍රියාත්මක කරමින් සිටියි. පා දෙක තබාගෙන ඇත්තේ රොකට්ටුවේ එන්ජිමේ වේගය පාලනය කරන ලීවර දෙක මතය. පාකල් රජු වාඩි වී සිටින ආකාරය හා අසුන සියයට සියයක්ම නූතන ගගනගාමියකුගේ ඉරියව්වලට සමානය. එනම් නුතන ගගනගාමියෙකු කැප්සුගය තුළ සිටින ආකාරයෙන් ම පාකල් රජු වාඩිවි සිටිමයි.  යානය යටින්ම ඇත්තේ දහන කුටීර හා තාපය පිටකරන සිදුරුය.
මෙම සොයාගැනීමත් සමගම වර්තමාන පර්යේෂකයෝ නවීන තාක්ෂණික උපකරණවල හැඩරුව හා එහි වූ විවිධ කැටයම් සන්සන්දනය වන ආකාරය සොයාගන්නට වූහ. ගගනගාමීන්ගේ රූප මෙන්ම මයික්‍රොෆෝනයක් පැළ`දි පුද්ගලයකුගේ කැටයමක්ද ඉන් සොයාගත හැකි විය. අනෙක් කරුණ වූයේ යාන්ත‍්‍රික අතක් පැළ`දි යම් ජීවියකුද ඒ කැටයම් තුළ දැකගත හැකි වීමයි.
පිටසක්වළ ජීවින් පිළිබඳ පර්යේෂකයන්ගේ අදහස වූයේ ‘රෙප්ටොයිඞ්ස්’ නම් උරග පිටසක්වළයන් සමග යම් සබඳතාවයක් පාකල් යුගයේදී පැවත ඇති බවය. මෙම කැටයම්වල සඳහන් දියුණු තාක්ෂණය ඔවුන්ගෙන් ලැබෙන්නට ඇතැයි යන්න පර්යේෂකයන්ගේ අදහසයි.
පෝල් ෆ්රැුන්සිස් ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම ගල් කැටයම පරිගණක ත‍්‍රිමානකරණය හරහා සජීවීකරණයකට ලක් කරනු ලබයි. ඒ හරහා සිදුවනුයේ මෙතෙක් පර්යේෂකයන්ගේ සිත්වල පැවති කුතුහලය තව තවත් වර්ධනය වීමයි. එම සජීවීකරණය එතරම්ම නූතන රොකට්ටුවකට සමාන විය. ඉන්පසුව පර්යේෂකයෝ රොකට් ආකෘතියක් සත්‍ය ලෙසම නිර්මාණය කළේය.
පාකල් රජුගේ සොහොන මත ඇතුරූ ගල් ලෑල්ලේ තිබූ කැටයම සත්‍යයක් බවට පත් විය. නූතන රොකට්ටුවේ මූලික අංග හා මෙහි කිසිදු වෙනසක් නොවීම හේතුවෙන් රොකට් ඉතිහාසය ගැන අලූතෙන් සිතන්නට ලෝකයට සිදුව ඇත.
පර්යේෂණ කණ්ඩායම මෙම සැලසුම උපයෝගි කරගනිමින් රොකට් මොඩලයක් නිර්මාණය කිරීමට උත්සහ ගත්හ. එම කටයුත්ත ඉතා සාර්ථක විය. එම සාර්ථකත්වයට හේතු වූයේ නූතන ගගනගාමියකු ගුවන්ගත වීමේදී අසුන් ගන්නා ඉරියව්ව, නහයට සවි කරනු ලබන ඔක්සිජන් නළය පවා පාකල් රජුගේ ගල් සැකිල්ල තුළ සටහන්ව තිබීමයි. එසේම පාදයෙන් ක‍්‍රියාත්මක වන ලීවරයන් හා යානය හැසිරවීම උදෙසා උපයෝගී කරගනු ලබන අතින් ක‍්‍රියා කරන ලීවරයන් මෙම ගල් සැකිල්ල තුළ පැහැදිලිව සටහන්ව පැවතීම හේතුවෙන්ම රොකට්ටුව ඉතා සාර්ථකව නිර්මාණය කරගත හැකි විය. එසේම ඉන්ධන ටැංකිය ඉන්ධනවලින් ක‍්‍රියාත්මක වන එන්ජිම මෙන්ම ගුවන්ගත වීමේදී අධික තාපය පිටවන රොකට්ටුවේ පහළ ඇති කුටීර පවා මෙහි දැකගත හැකි වෙයි.
මෙලෙස බලන කල ලොව මුල්ම ගුවන්යානය නිපදවූයේ රයිට් සහෝදරයන් යැයි කීමේ විශාල ගැටලූවක් පවතී. එසේම ලොව පළමුවෙන්ම සාර්ථකව ගුවන්ගත වූ යානය ලෙස සැලකෙන 1939දී ජර්මානුවන් නිපද වූ හෙන්කල් එච්.ඊ. 178 යානයේ වාර්තාවද වෙනස් කළ යුතුය. අදින් වසර දෙදහසකට පමණ පෙර විශ්වය ජයගත් රොකට්ටුවක් පැවැතියා නම් එකල කොතරම් දියුණු සමාජයක් පැවැතිය යුතුද?
එහෙත් එවන් වූ ශිෂ්ටාචාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ කෙලෙසද? එසේම පාකල් රජුගේ රොකට්ටුව සහිත සොහොන ටොන් ගණනක් ගල් දමා වසා දැමුවේ ඒ තාක්ෂණය සඟවා තබන්නද යන ගැටලූවට තවමත් පිළිතුරු නැත. ඉදිරි යුගයේදී එයටත් පිළිතුරු ලැබෙනු ඇත.

කාංචන ගීත මනමේන්ද්‍ර

Friday, November 8, 2013

ශිවගේ වාස භවන ලංකාවේද?


කෛලාෂකූටය යනු හින්දු දේව පුරාණයට අනුව මහ දෙවියන් වන ශිවගේ වාස භවනයි. ශිවගේ බිරිඳ වන පාර්වතිය සිටින්නේද කෛලාෂකූටයේමය. ඇත්තෙන්ම කෛලාෂකූටයේ පිහිටීම පිළිබඳ විවිධ මතිමතාන්තරයන් පවතී. එක් පිරිසක් එය දෙව්ලොව පිහිටා ඇතැයි පවසද්දී තවත් සමහරු වසර පුරාම හිමෙන් වැසීගිය හිමාලයේ මහා ශිඛරයක් කෛලාෂකූටය ලෙසින් නම් කරති. එනිසා එම
කන්දේ පිහිටා ඇති එක් මහා ගල් ලෙනක් ශිවගේ නිවස්නය ලෙසින් වන්දනාවට පාත‍්‍ර වෙයි. එහිදී එක් විශේෂයක් වෙයි. එනම් හිමෙන් වැසුණු මෙම ලෙන විවර වන්නේ වසරටම දවස් කිහිපයක් පමණක් වීමය.
අප කතා කරන්නට යන්නේද කෛලාෂකූටය පිළිබඳය. එහෙත් ඒ ඉන්දියාවේ හිමාලයේ පිහිටි කෛලාෂකූටය පිළිබඳ නම් නොවේ. අප කතා කරන්න යන්නේ ශ‍්‍රී ලංකාවේ පිහිටා ඇති කෛලාෂකූටය ගැනය. සැබවින්ම මෙය තවත් ඉතිහාසය ගැන අලූතින් සිතන්නට මඟ විවර කරන සංධිස්ථානයකි.මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුමේ අවසන් කඳු පංතිය වන්නේ දැඩිගමුව කඳු පංතියයි.
පැරැුණිග‍්‍රාම නාමවල සඳහන් වන පරිදි දැඩිගමුව කන්දට තරමක් ඈතින් අවිස්සාවේල්ල දෙසට වන්නට ඇඹුල්ගම පිහිටි ගල් ශිඛරය හැඳින්වෙන්නේද කෛලාෂකූට ලෙසයි. මහාවංශ ටීකාවේ පනස් තුන්වැනි ගාථාවෙන් මෙය සනාථවන අතර එයට අනුව බුදුරජාණන්වහන්සේ වැඩසිටි සමයේදී මෙම ස්ථානය හඳුන්වා ඇත්තේද කෛලාෂකූටය යන නමින්ය.
‘මඪගණවාසිකො බුදදතිසස ථෙරො මහිදධිකො කෛලාසෙ සථධී සහස්‍යානං දන්වාන පරිඥඤජිතං’
මෙම ගාථා අතරම මක්කම විහාරයේ සිට කෛලාෂකූටයේ දානයකට පැමිණි භික්ෂුන් හයදහසක් ගැනද සඳහන් වෙයි. එයද අපූර්ව හෙළිදරව්වකි. නමුත් වැදගත්ම කාරණය එය නොවේ. අප මේ කතා කරන්නේ ශිව දෙවියන්ගේ වාස භවනය වූ කෛලාෂකූටය ගැන වීමය. හෙළගවේෂකයන්ට අනුව ශිව යනු හෙළයේ ඉපැරැුණි රජෙකි. ඍෂි බලයද ඉක්මවා ගිය යෝගී බලයක් සහිත දිව්‍ය රාජයෙකි. මේ පිළිබඳ කතා පුවත වෙත ළඟාවීමට හෙළ ගවේශකයන් යොදාගනු ලැබුවේ. ශිව පාර්වතී සබඳතාවයි. එනිසා මෙම කතාවද ආරම්භ කරනුයේ එතැනින්ය.
ඉන්දියාවේ පාර්වතිය හා ලංකාවේ පත්තිනි දේවිය යනු එකම දේවතාවියක බව හින්දුන්ගේ පිළිගැනීමයි.
එය ලංකාවේද පිළිගන්නා කාරණයකි. පත්තිනි දේවිය වැඩවසන භූමිය ලෙස නවගමුව පිළිගත්තද ඉතිහාසයේ සිට පැවත එන මතය වනුයේ පත්තිනි මෑණියන් දේවත්වයට පත්වීම උදෙසා බවුන් වඩන ලද්දේ මෙම කන්දේ පිහිටි ලෙනක් තුළ බවය.
මෙම කඳුවැටිය තුළ ලෙන් 32ක් ඇති බවට තොරතුරු පවතී. මින් 28ක් හඳුනාගෙන ඇති අතර වසාදැමුණු ලෙන් 2ක් ඇත. මෙම ලෙන් දෙක තුළට ලන්දේසි ආක‍්‍රමණිකයන් විසින් රහතන් වහන්සේලා 600ක් දමා කළු ගල් යොදා දොරටු වසා දැමූ බව සඳහන් ය. මෙහි එක් ලෙනක් තුළ ඇඹුල්ගම සෙල් ලිපිය නමින් හඳුන්වන තවම පුරාවිද්‍යාවේ ඇස
නොගැටුණු සෙල් ලිපියක් ඇත. එහි සඳහන් වනුයේ බුදුන් කලට පෙර ලංකාවේ රජ කළ පණිත මහරජුගේ භාණ්ඩාගාරික වූ පරුමුඛ සුමනගේ පුත‍්‍රයන් වූ ඛේමය හා අශෝක විසින් මෙය වැඩිදියුණු කළ බවය.
මෙහි පරිසර පද්ධතිය තුළ දැඩි ගුප්ත බවක් දැකගත හැකිවෙයි. පත්තිනිය හා පාර්වතිය යනු එක් අයෙක් නම් නවගමුවට නුදුරෙන් පිහිටි කෛලාෂකූටයේ බවුන් වැඩුවේ කවුරුද යන්න පිළිබඳ ඇති වූ ගැටලූව හෙළ ගවේෂකයන්ට නව මානයක් විවර කරන්නට මඟ පෑදුවේය.
ඒ අනුව පත්තිනි සංකල්පයන් දෙකක් පිළිබඳ
සොයාගැනීමට අවස්ථාව උදාවිය. ඒ අනුව මින් එක් අයකු නුවර පත්තිනි මෑණියෝය. දෙවැන්නා නවගමුවේ පත්තිනි මෑණියෝය. නුවර පත්තිනි යනු රාවණ රජුගේ බිරිඳ වූ මන්දෝදරිය යැයිද නවගමුව පත්තිනි යනු දේවයාණිය යැයිද හෙළ ගවේෂකයන්ගේ මතයක් විය. තවත් පිරිසකගේ මතය වූයේ මේ දෙන්නාම එක් අයකු බවය. ඊටද හේතුවක් ඇත. එනම් නුවර පත්තිනියගේ බල ප‍්‍රදේශය වූයේ වත්මන් හන්තාන කඳු පංතියෙන් පහළ ප‍්‍රදේශය වීමයි. එනම් දේවයාණියගේ මාලිගය පිහිටියා යැයි සිතන ප‍්‍රදේශමය.
මෙහි ඇති අනෙක් කරුණ වනුයේ හෙළ ඉතිහාසයේ මෙන්ම බුදුන් දවසද ප‍්‍රධාන නාවික වරාය පිහිටියේ කැලණිය ප‍්‍රදේශයේ වීමය. ඉතිහාස කතාවට අනුව පත්තිනි මෑණියෝ බෝට්ටුවකින් ගොස් තම පියයුරුවක් කඩා දමා ගසා මදුරාපුරය ගිනි තබා විනාශකරලූවාය. දේවයාණියද මදුරාපුරයේ සිට වත්මන් ඇතැන්ස් නගරය දක්වා ගුවනින් පහරදී විනාශ කර ඇත. හෙළ ප‍්‍රවීණ භාෂා විශාරදයකු වූ අරිසෙන් අහුබුදු මහතා පෙන්වා දුන් පරිදි ඇතීනා යනු යුද වැදුණු දේවයාණිය වෙයි. එසේම ඇය යුද්ධය ඇතැයි කියා නැවතූ තැන පසුව ‘ඇතැන්ස්’ ලෙස වෙනස් වී තිබේ.
ලංකාවේ දේවයාණිය ඉන්දියාවේදී පාර්වතිය විය හැකිය. එහි සමාන ලක්ෂණ දැකගත හැකි වෙයි. ඇතීනා හා පත්තිනිය අතරද යම් සමානකමක් නැත්තේම නොවේ. ඇයගේ දෙඅත්වලද ආයුධ දෙකක් ඇත. දේවයාණි යුගයේ හෙළයේ ව්‍යාප්තිය පිළිබඳ හොඳම නිදසුන හමුවනුයේ බැබිලෝනියාවෙන්ය. බැබිලෝනියානු දෙවඟනක වන ෑරුියනසට්ක පිළිමයෙහි දෙඅත්වල රඳවා ගෙන ඇත්තේද පත්තිනි මෑණියන්ගේ පිළිමයේ ඇති රවුම් හැඩයෙන් යුතු සළඹ වැනිම සළඹ දෙකකි. ඒ ඒ සංස්කෘතිය අනුව රූපවල ඇඳුම් ආයිත්තම් වෙනස් වීම සංස්කෘතික විෂමතාවන්ට අදාළ කාරණයකි. එසේම ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ගලින් නෙළන දේව පිළිමවල ඇඳුම් ආයිත්තම් නොමැති ඒවා බොහෝ දැකගත හැකිවෙයි.
ලෝකය පුරා සමකාලීන යුග ගවේෂණය කරන විට පෙනී යන සරල කරුණක් වන්නේ ලංකාවේ සිට රුසියාව හා ඇමෙරිකානු භූමි කලාපය දක්වාම පැවති ශිෂ්ටාචාරවල පත්තිනි දේව පිළිමයට සමාන දේව පිළිම ගොඩනැගී ඇති බවය.
සිරියාවේ ඡුයරහටස්බ දෙවඟනද බොහෝ සෙයින් ඊට සමාන තත්ත්වයක් දක්වයි. එහිද දෙඅත්වල රඳවා ගෙන සිටින ආයුධ සමානය. ඉන්පසු මියුනිම් නුවර ඇති ඊ්ඩ්රස් දෙවඟනගේ රුවද එවැන්නකි. ඉන් පසු හමුවූ පිළිමය වනුයේ ඵසබද්ඉ දෙවඟනගේ පිළිමයයි. මේ සියල්ලේම ඇත්තේ එකම ව්‍යාප්තියකි.
ගුවනින් පැමිණ බැබිලෝනියාව ජනාවාස කළ සිංහ මිනිසුන් පිළිබඳ සඳහන්ව තිබූ මැටි පුවරුවක් සොයා ගැනීමත් සමග සිංහ දේශය පිළිබඳ සොයා බලන්නට ලෝක පුරාවිද්‍යාවේ ඇස යොමු වෙමින් පවතී. සිංහ මිනිසුන් යනු කවුරුන් විය හැකිද?
ලංකාවේ ඇති පත්තිනි පිළිමය හැර ලෝකය පුරා ඇති සෑම පිළිමයකම :ඡුයරහටස්බරැුඊ්ඩ්රස්රැුඵසබද්ඉ* සිංහයා දැකගත හැකිවීම විශේෂත්වයකි. හෙළ ගවේෂකයන්ගේ තර්කය වනුයේ සිංහයා මඟින් සිංහ දේශය නැතහොත් හෙළ බිම සංකේතවත් වන බවත් පිළිමය මඟින් එහි නායිකාව සංකේතවත් වීම සිදුවන බවත්ය.
එසේනම් සරලව තේරුම් ගත හැකි කරුණ වනුයේ එකම චරිතයක් එක් සමයක ලොව පුරා ව්‍යාප්ත වී ඇති බවය. අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය මෙයට හේතුවන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ දැඩි ගවේෂණයක නියැළුණු ගවේෂකයකු වූ ගනනාථ ඔබේසේකර මහතාගේ අදහස වනුයේද මෙම කාන්තා දේව සංකල්පය නැතහොත් මාතෘ දේව සංකල්පය ලංකාවේ සිට බටහිර ආසියාව දක්වාම ව්‍යාප්ත වී ඇති බවය.
එසේනම් ශිව දුර්ගා නැතහොත් ශිව පාර්වතිය වැඩසිටි බව කියන කෛලාෂකූටය පිහිටා තිබුණේද ලංකාවේම විය යුතුය. පසුකාලීනව සිදුවූ නම් වෙනස් වීම් හරහා එය අපෙන් ගිලිහී ඉන්දියාව තම ඇදහීම් තුළට ඇතුළු කරගන්නට ඇත. හින්දු දහමේ ශිව භක්තිකයන් හා විෂ්ණු භක්තිකයන් අතර පවත්නා සාම්ප‍්‍රදායික ගැටුමට පදනමද ඉන්දියාව හා ලංකාව අතර එදා සිට පැවති මතවාදී අරගලයම වීමටද බොහෝ සෙයින් ඉඩ ඇත.

https://maps.google.lk/maps?expflags=enable_star_based_justifications:true&ie=UTF8&cid=13565545231311268587&q=Ambulgama+Raja+Maha+Viharaya&iwloc=A&gl=LK&hl=en

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

Friday, November 1, 2013

තරු දොරටුව විවර කළ ගලපිටගල යතුර







ඉතිහාසය යනු සදාකල් වසා දැමිය හැකි දෙයක් නොවේ. යම් යම් ජාතීන් හා ශිෂ්ටාචාරයන් පිළිබඳ ඉතිහාසය අලූත් නොවන්නේ නම් එය මළ ජාතියකි. මළ ඉතිහාසයකි. නමුත් හෙළ ජාතිය මෙන්ම භාෂාව හා ඉතිහාසයද දිනෙන් දින වෙනස් වෙමින් අලූත් වෙමින් තිබේ. එනම් එය සජීවී ජාතියක් බවය. එය සජීවී භාෂාවක් හා ජීවමාන ඉතිහාසයක් ඇත යන්නය. ඒ අර්ථයෙන් දිනෙන් දින වෙනස් වන ජාතියක ආරම්භය ලෙස ඉතා මෑත කඩඉමක් සලකුණු කර ඒ මතම ජීවත් වන්නේ නම් ජාතියේ නාමයෙන්ම එය අවාසනාවකි. මේ කතා කරන්නට යන්නේ කුමක් පිළිබඳ දැයි ඔබට සිතෙනු ඇත.
හල්දුම්මුල්ල යනු ප‍්‍රධාන ඉතිහාස ධාරාවෙන් ඔබ්බෙහි වූ ඉතිහාසයේ එවන් වූ සංධිස්ථානයකි. හල්දුම්මුල්ල හා ලාංකේය ඉතිහාසය එකට බද්ධ වන තැනක් ඇත. එය නම් වසර පන්දහසකට පමණ පෙර කෘෂිකාර්මික යුගයේ ජීවත් වූ හෙළ මානවයා පිළිබඳ පැහැදිලි සාධක හල්දුම්මුල්ල වෑඑළිය ප‍්‍රදේශයේ හුණුතලාගල නම් ස්ථානයෙන් මතුකර ගත හැකි වීමය.
මෙයට පෙරදී ප‍්‍රාග් ඓතිහාසික මානව යුගයට අයත් සාධක ලංකාවේ ප‍්‍රධාන තැන් තුනකින් මතු කර ගත හැකි විය. ඒ බලංගොඩ,පාහියන්ගල හා විල්පත්තුවේ රතුපස් බිම වැනි ස්ථානවලය. එහෙත් ප‍්‍රාග් ඓතිහාසික නැතහොත් වසර 35000කට එහා ගිය මිනිස් වාසයක් හෙළ පොළොවේ තිබූ බව පිළිගන්නට
බටහිරවාදී පුරාවිද්‍යාව සූදානම් වූයේ නැත. එසේ වුවත් රාජ් සෝමදේව මහතා ප‍්‍රමුඛ පුරාවිද්‍යා පර්යේෂකයෝ මෙවර මතුකර ගනු ලැබුවේ බටහිර පුරාවිද්‍යාවට බිඳ හෙළිය නොහැකි සාධකයකි. ඒ දියුණු සමාජයක දැකගත හැකි ගර්භනින්ට යාතුකර්ම කළ බවට සාධක මෙම ගුහාවෙන් මතුකර ගත හැකි වූ නිසාය.
එහෙත් අප කතා කරන්නට යන්නේ ඒ පිළිබඳ නොවේ. මේ සොයාගැනීම්වලට සමගාමීව හල්දුම්මුල්ල නිදන්ගොඩ කන්දේ පිහිටි ‘ගලපිටගල’ පිළිබඳ යළිත් සිතන්නට කාරණාවක් නිර්මාණය වී තිබීමය. ඇත්තටම මේ ගලපිටගල යනු කුමක්ද?
පෙනුමින් එය කුඩා ගල් කුට්ටියක් මත තබා ඇති අඩි තිහක පමණ උස විශාල ගල් කුට්ටියකි. එහි ඉතා සරල විශේෂත්වයක් ඇත. එනම් එම ගල ඇඟිල්ලෙන් සෙලවීමේ හැකියාව ඇතත් අතින් තල්ලූ කළ නොහැකි වීමය. ඒ ගමේ මිනිසුන්ගේ අත්දැකීමයි. කෙසේ වෙතත් ගවේෂකයෝ මේ ගල මිනිස් අතින් කළ නිර්මාණයක් ලෙසින් තහවුරු කිරීමත් සමග ඒ පිළිබඳ වැඩි අවධානය යොමු වන්නට විය. ගවේෂකයන් සඳහන් කරන ආකාරයට එහි දැකගත හැකි වන්නේ ආදී මානව මුහුණකි. ඇස් තරමක් ඇතුළට ගිලී ගිය නාසය හා කට තරමක් විශාල මානව මුහුණකි. එහි යම් යම් කොටස් කාලය සමග ක්ෂය වී ගියද ඇස්, කට වෙනුවෙන් මිනිස් අතින් නිමවූ කැපුම් ඉතා පැහැදිලිව දැකගත හැකි වෙයි. මෙම මානව රූපය ඇස් යොමා ඉන්නේ උතුරු දිශාවටය. මෙම මානව රූපයේ නළල මැද විශාල කැපුමක් දැකගත හැකිය. එය පැහැදිලිවම යම් දෙයක් රඳවා තැබූ තැනක් විය යුතු බව ගවේෂකයන්ගේ අදහසයි. අදින් වසර පන්දහසකට පමණ පෙර මේ සා විශාල ගල් කුට්ටියක මුහුණක් කපා එය ගලක් මතුපිට රඳවා තැබුවේ කෙලෙසද යන්න අදටත් අභිරහසකි.
එහෙත් ඒ අභිරහසට සමාන වූ තවත් අභිරහසක් ඇත. ඒ චිලී රාජ්‍යයට ආසන්න මුහුදේ පිහිටි ‘ඊස්ටර් අයිලන්ඞ්’ හී ¥පත වටා ඇති මෙවැනිම මානව මුහුණු 887යි. මෙහි ප‍්‍රධාන මානව මුහුණු පෙළ සවි වී ඇති ස්ථානය හැඳින්වෙන්නේ ‘ආහු ෆ්ලැට් ෆෝම්’ නමිනි. ගිනිකඳු පිපුරුමක් සිදුවූ මෙම ¥පත තුළ අතිවිශාල මෙවන් මුහුණු කළුගලෙන් නිර්මාණය කරන්නට හේතු වූ කාරණය පිළිබඳ තවමත් කිසිදු නිශ්චිත හේතුවක් ඉදිරිපත් වී නැත.
මෙම ගල් පිළිම පිළිබඳ විවිධාකාරයේ අදහස් පවතී. ආසන්නයේ පවතින දියුණු මිනිස්
සැබැවින්ම පේරුහි ඇති තරු දොරටුවේ පෙනුමට සෑම අතින්ම සමාන වූ නිර්මාණයක් වන ලංකාවේ පිටවලපතනේ පහළින් පිහිටා ඇති මානිගල දෙස හල්දුම්මුල්ල මානව හිස දෙනෙත් යොමා සිටින බව එය නිරීක්ෂණය කරන  ඕනෑම අයකුට දැකගත හැකිය. එනම් මෙම මානව හිස බලා සිටින්නේ උතුරු දිශාව දෙසය. මෙවැනිම තත්ත්වයක් පේරුහි ඇති තරු දොරටුව ආශ‍්‍රිතවද හ`දුනා ගත හැකි හෙයින් ගවේෂකයන් ඉහත කී නිගමයට එළැඹ ඇති බව පැහැදිලිය.
ඒ අනුව මානිගල හා පේරුහි ඇති තරු දොරටු දෙකෙහි පිහිටීම් හා පෙනුම බොහෝ සෙයින් සමාන වන අතර මෙම ස්ථාන හා පිටසක්වළ කි‍්‍රයාකාරකම් සම්බන්ධව වරින් වර මාධ්‍ය හරහාද තොරතුරු හෙළිවී ඇත. නාසායතනය විසින් මෑතකාලීනව සිදුකළ පර්යේෂණ මත ලෝකයේ අඩුම ගුරුත්වය සහිත රට ලෙස ලංකාව නම් කිරීමත් සමගම ලෝක පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය අප රට දෙසට යොමුවෙමින් පවතී.
එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් පිළිබ`දද ඇත්තේ තරු දොරටු සංකල්පයක්මය. එනම් වෙනත් ලෝක කරා යෑම ස`දහා භාවිත වූ ස්ථානයක් ලෙසින් මෙය සැලකීමයි. එසේම ස්ටෝන් හෙන්ජ්හි තිබෙනුයේ ඊස්ටර් අයිලන්ඞ්හි ඇති මානව මුහුණුවලින් සංකේතවත් කෙරෙන පෘථිවි මිනිසාගේ පාදය ඇ`ගිලි බවද මේ පිිළිබ`ද සොයා බලන ගවේෂකයන් තවදුරටත් උපකල්පනය කර තිබේ.
මේ අනුව පැහැදිලි ලෙසම තරු දොරටු තුනක සම්බන්ධතාවක් මෙහි පවතින බව අපටද උපකල්පනය කළ හැකි වෙයි. යම් හේතුවක් මත මේවා කාලයේ වැලිතලාවෙන් වැසී ගියද මෑත යුගයේ මේ පිළිබ`ද යම් ආකාරයේ තොරතුරුජනාවාසයක් පිළිබඳ පිටසක්වළයන්ට ලබාදුන් සංකේතයක් විය හැකි බව පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ අදහස වී තිබේ. එයට බලපෑ තර්කයක්ද ඇත. එනම් තරු දොරටුවක් නැතහොත් පිටසක්වළයන් පෘථිවියට පැමිණීමට උපයෝගි කරගත් දොරටුවක් සේ පිළිගන්නා ගල් දොරටුවක් පේරු රාජ්‍යයේ පිහිටා තිබීමයි. පේරු පිහිටා ඇත්තේද මේ ආසන්නයේය.
කෙසේ වෙතත් මෙම ගල්පිළිම පිළිබ`ද වෙනස් කතාවක්ද ගවේෂකයන් අතර සාකච්ඡුාවෙමින් පවතී. එයින් මෙම ගල් පිළිම පිහිටා ඇති ප‍්‍රධාන ¥පත් තුනක සබඳතාවක් විස්තර වෙයි. ඉන් පළමු වැන්න එංගලන්තයේ සෝල්ස්බරි නගරයේ පිහිටි දැවැන්ත ගල් කුලූණුවලින් සමන්විත නිර්මාණය වන ස්ටෝන් හෙන්ජ්ය. අද භූමි පරිමාණය මත එංගලන්තය ¥පතක් ලෙසින් නොසැලකුවද ඒ වටා ඇත්තේ මුහුදු තීරයකි. එහෙයින් එංගලන්තය ¥පතක් ලෙස සැලකීමට ගවේෂකයන් තීරණය කර තිබේ. අනෙක් ¥පත ලෙස ගවේෂකයන් පෙන්වා දෙන්නේ ඊස්ටර් අයිලන්ඞ් ¥පතය. එකී ¥පත් දෙක යා කර ත‍්‍රිකෝණය නිර්මාණය කරන අනෙක් ¥පත නම් ශ‍්‍රී ලංකාවය. ගවේෂකයන් පෙන්වා දෙන්නේ විශ්වය පුරා එකල ඉදිවුණ පිරමීඩ හා පිරමීඩ කලාප බදු තවත් ශක්ති කලාපයක් (බර්මියුඩාහි යක්ෂයාගේ ති‍්‍රකෝණය වැනි* මෙම ගල් නිර්මාණ තුන අතර නිර්මාණය වී ඇති ආකාරයෙන් දැකගත හැකි බවය. එනම් හල්දුම්මුල්ල මිනිස් රුව, එංගලන්තයේ් ස්ටෝන්හෙන්ජ් හා ඊස්ටර් අයිලන්ඞ් අතර ශක්ති පිරමීඩයක් සොබාදහම විසින් නිර්මාණය කරනු ලැබ ඇති බවය.
හෙළිවීමක් හා පරීක්ෂණ සිදුවීමක් දැක ගත හැකිවේ. වඩාත් සතුටුදායක තත්ත්වය නම් මෙම පර්යේෂණ හුදු කල්පිත ලෙස ඉවත දමා තිබූ කාරණා විද්‍යාත්මකව තහවුරු කරගන්නා ප‍්‍රවේශයක් ගෙන තිබීමය.
මෙකී ප‍්‍රවේශයේ සිට හල්දුම්මුල්ල ගලපිටගල සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කරන ගවේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ තරු දොරටු සක‍්‍රිය කිරීම උදෙසා අවශ්‍ය යතුර රැු`දවිය යුත්තේ හල්දුම්මුල්ල මානව රූපයේ හිසේද කියා සිතන්නට කාලය උදාවී ඇති බවය. මෙය අපේ ලංකාවට විශ්වීය වටිනාකමක් ගෙනදීමට හේතුවන සොයාගැනීමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
එංගලන්තයේ් ස්ටෝන් හෙන්ජ් නිර්මාණයට සමාන වූ තවත් එවැනිම ගල් කුලූනුවලින් සමන්විත ‘ඩෲයිඞ් ටෙම්පල්’ ලෙස හඳුන්වන ස්ථානයක් එංගලන්තයේ යෝක්ෂ(ර්* ප‍්‍රාන්තයේ පවතී. මේ පිළිබඳ තවමත් නිසි පර්යේෂණයක් සිදු වී නොමැති බැවින් එය ලෝක අවධානයට ලක් වී නොමැත.
පිටසක්වළයන්ගේ කතා කුමක් වුවත් වසර පන්දහසකට පෙර මෙවන් වූ විශ්මිත කැටයමක් කරන්නට හැකි ජාතියක් අපේ පොළොව තුළ සිටිය බව පිළිගන්නට මෙන්ම අපේ ශිෂ්ටාචාරයේ ඇරඹුම පිළිබඳ යළිත් සිතන්නට මේසොයාගැනීම හේතුවනු ඇත.

කාංචන ගීත මනමේන්ද්‍ර

Friday, October 25, 2013

සුමේරියානුවන් අලූ කළ රහස




දහඅට වැනි ශත වර්ෂය වූ කලි නව කාර්මික විප්ලවයේ මූලාරම්භක අවධියයි. මෙතෙක් සෙමෙන් සෙමෙන් පරිණාමය වෙමින් ආ මිනිස් සමාජය තුළ වේගවත් බවක් ඇති කරන්නටද මේ කාර්මික විප්ලවය විසින් කරුණු කාරණා නිර්මාණය කරලීය. අප අද භාවිත කරන සියලූ විද්‍යුත් උපකරණවල පදනම නිර්මාණය වන්නේ මේ යුගයෙන් පසුවය. එහෙත් ඒ ලිඛිත සාධක අනුවය. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුළ සොයා ගනිද්දී ඇලෙක්සැන්ඩර් වෝල්ටා විදුලි කෝෂ නැතහොත් බැටරිය සොයා ගත්තේය.
එහෙත් පසුගිය කාලය තුළ ලොව පුරා සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සමගම මෙතෙක් කල් ලිඛිත ඉතිහාසයේ පැවැති නව සොයාගැනීම් ලැයිස්තුවෙන් බොහෝ නාමයන් කපා ඉවත් කරන්නට සිදුවන පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. බැබිලෝනියානු ගුවන් තාක්ෂණය, පාකල් රජුගේ රොකට්ටුව, බැග්ඩෑග් බැටරිය, ඩැන්ඩෝරා විදුලි බුබුළ පමණක් නොව පිරිරිස් :ඡුසරස ඍැසි* විසින් පිටපත් කළ ලොව
පැරැුණිම සිතියම් තාක්ෂණය හරහාද බොහෝ සොයා ගැනීම්වල ඉතිහාසය වසර 2000-3000කින් ඈතට දිව ගියේය.
බැග්ඩෑඞ් බැටරිය යනු කුමක්ද? එය නූතන විදුලි කෝෂයේම මුල් අවස්ථාවකැයි පැවසුවහොත් එහි කිසිදු වරදක් නැත.
1938 වර්ෂයේදී ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ආසන්න ප‍්‍රදේශයක පිහිටි කුයුට් රැුබු
නම් ග‍්‍රාමයෙන් විශේෂිත හැඩයකින් යුත් මැටි භාජන රැුසක් සොයාගන්නට හැකි විය. ඉන්පසු අද දක්වාම වරින් වර ඉරාකයෙන් මෙම විශේෂිත හැඩයෙන් යුතු භාජන මතු වුවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ නැත. එහෙත් සෙන්ටිමීටර 13ක් උසට සිටින සේ මැටිවලින් නිර්මාණය කර ඇති මෙම බඳුන් සියල්ලෙහිම මුදුනේ සෙන්ටිමීටර 3-4 සිදුරක් පවතින අතර ඒ තුළින් තඹ තහඩුවකට මැදි කළ යකඩ කූරක් සහිත වැස්මක් ඇතුළු කර තිබුණි. තඹ තහඩුව හා යකඩ කූර එකිනෙක නොගෑවෙන ලෙස සුුමේරියානුවන්්
සකසා ඇති අතර ඒ සඳහා භාවිත කර ඇත්තේ ලෝහ නොවන විශේෂිත ද්‍රව්‍යයකි. එකම සමාන මෙවැනි භාජන විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයෝ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට විය.
ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර තිබූ මෙම භාජනවලට එක්වරම වටිනාකමක් හිමි වන්නට හේතු වන්නේද මේ සොයා ගැනීමයි. නූතන විදුලි කෝෂවල නිර්මාණ සැලැස්මට සමාන බවක් මෙම ටෙරාකොටා භාජනවල ඇති බව අවබෝධ කරගත් පර්යේෂකයන් එයට ‘බැග්ඩෑඞ් බැටරි’ යන නම භාවිත කරන්නට විය.
යකඩ කූරක් හා තඹ තහඩුවක් තිබූ පමණින් විදුලිය නිපදවෙන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඒ උදෙසා එම භාජනය තුළ යම් ප‍්‍රතික‍්‍රියාවක් සිදුවිය යුතුය. විද්‍යාඥයන් ඒ සඳහා උපයෝගි කර ගත්තේ සිට්රික් අම්ලයයි. සිට්රික් අම්ලය ටෙරාකොටා බඳුන තුළට පුරවා එයට තඹ තහඩුව හා යකඩ කම්බිය සවි කර ඇති පියනෙන් වැසූ විට එම පියනේ එළියට ඇති අග‍්‍ර දෙකෙන් ඒ තුළ නිපදවෙන විදුලිය ලබා ගැනීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. මෙම බැටරියට යොදාගන්නට ඇති දියරය පිළිබඳ ස්ථිර නිගමනයක් නැතත් විනාකිරි, දෙහි, පලතුරු යුෂ හෝ මධ්‍යසාර මේ සඳහා යොදාගන්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.
බැග්ඩෑඞ් බැටරිය යනු නව කාර්මීකරණයේ මුල් යුගයේ නිර්මාණයක්ද නොවේ. අදින් වසර 3000කට පමණ පෙර යුගයේ පැවැති නිර්මාණයකි. ඇලෙක්සැන්ඩර් වෝල්ටෝ සොයා ගත්තා යැයි කියන නූතන බැටරියට තවමත් ගෙවී ගොස් ඇත්තේ වසර දෙසීය ගණනකි. එසේ නම් වසර 3000කට එහා කාල නිර්ණයක් සහිත බැටරියක් හමුවන්නේ කෙසේ දැයි යන්න ගැටලූවකි.
මෙයටම සමාන වන තවත් සිදුවීමක් ඇත. ඒ තෝමස් අල්වා එඩිසන්ගේ විදුලි බුබුළට අභියෝග කරනු ලබන ඩැන්ඩෝරා දෙවොලේ විදුලි බුබුළේ කැටයමයි. ඩැන්ඩෝරා දෙවොල යනු ඊජිප්තුවේ පිහිටා ඇති භූගත දෙවොලකි. මරණයේ දෙවොල ලෙසද හැඳින්වෙන මෙම භූගත දෙවොලට පිවිසීමට ඇත්තේ ඉතා පටු මාර්ගයන්ය. එසේම ඇසට ඇඟිල්ලෙන් ඇන්නද නොපෙනෙන තරමේ අඳුරක් ඒ තුළ ඇත. එහෙත් ඒ දෙවොලේ බිත්තිවල පාරාවෝ පිරමීඩ තුළ දැකගත හැකි ආකාරයේ අලංකාර රූප සටහන් දැකගත හැකි වෙයි. අන්ධකාර දෙවොලක් පැවැතිය නොහැකිය. එසේම අන්ධකාර දෙවොලක් තුළ රූප සටහන් නිර්මාණය කිරීමද කළ නොහැකිය. එසේ නම් මෙම දෙවොල ආලෝකවත් කෙරුණේ කෙසේද? ඒ සඳහා පර්යේෂකයන්ගෙන් ප‍්‍රථමයෙන් ඉදිරිපත් වූ තර්කය වූයේ පන්දම් හෝ ගිනි දැල්වීමේ යම් ක‍්‍රමවේදයක් හරහා මෙය ආලෝකවත් වන්නට ඇති බවය.
එහෙත් පර්යේෂකයෝ එකහෙළාම ඒ තර්කය ප‍්‍රතික්ෂේප කළේය. එයට බලපෑ හේතුව වූයේ දෙවොල තුළ පන්දම් හෝ ගිනි දැල්වීම් සිදු වූ බවට කිසිදු සාධකයක් නොමැති වීමය. එසේම එතුළ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය දිගින් දිගට ගිනි දැල්වීම උදෙසා ප‍්‍රමාණවත් නොවීමයි. ඉන්පසු වෙනත් තර්කයක් ඉදිරිපත් වුණි.
ඒ ඔප දැමූ තඹ තැටි උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට භූගත දෙවොල තුළට ආලෝකය රැුගෙන යන්නට ඇති බවය. එහෙත් ඒ තර්කයද බිඳ වැටුණි. එතරම් දුරක් ආලෝකය අඩු නොවී රැුගෙන යා නොහැකි විය.
සියලූ මතවාදයන් බිඳ දමමින් ඩැන්ඩෝරා දෙවොල තුළින්ම පිරමීඩ ආලෝක කළ ආකාරය පිළිබඳ රූපසටහන් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වීමත් සමග අදින් වසර 3000කට පමණ පෙර පැවැති විදුලි බල්බයන් පිළිබඳ තොරතුරු හෙළි කරගත හැකි විය.
එම රූපය බැලූ බැල්මට පෙනෙන්නේද විශාල විදුලි බුබුළක් අතින් ගත් පුද්ගලයකුවය. පුරාවිද්‍යාඥයන් පවසන පරිදි මෙම දෙවොල ප‍්‍රධාන පූජකයන්ට පමණක් සීමා වූ රහස් දෙවොලකි. එනම් මේ තුළ සැඟව තිබූ රහස්ද පැවතිය යුතුය. පර්යේෂකයන්ගේ අදහස වනුයේ පුරාණ ඊජිප්තුව ආලෝකවත් කළ ප‍්‍රභවයේ රහස සැඟ වී තිබුණේ මෙම දෙවොල තුළ විය යුතු බවය.
මෙම බල්බයක් අතින් ගත් මිනිසාගේ රූපයේ කොටස්වලින් විදුලියෙන් ආලෝකය නිපදවීමේ ක‍්‍රමවේදයම නිරූපණය වෙයි. බල්බයක වටේ ආවරණය, ඒ මැද ඇති දැල්වෙන සූත‍්‍රිකාව, බල්බයේ සොකට්ටුව, බල්බයට විදුලිය සැපයෙන වයරය මෙන්ම බල්බය දැල්වීමට උපයෝගි කර ගනු ලබන විදුලි ගබඩාව (බැටරිය*ද මෙම රූපය තුළ පැහැදිලිවම දැකගත හැකි වෙයි. බැටරිය හා බල්බය අතර ඇ`ද ඇති වායු දේවතාවාගේ රූපය තුළින් විදුලි ප‍්‍රභවය හා බල්බය අතර පරතරයක් පවතින බව අදහස් කර ඇත.
ඉරාකයෙන් හමු වූ බැග්ඩෑඞ් බැටරිය නැතහොත් පාතියන් බැටරිය මෙන්ම ඩැන්ඩෝරා බල්බයද පිටසක්වළයන් පෘථිවිය ජනාවාස කිරීමේදී ඔවුන් සතුව පැවැති තාක්ෂණය හරහා අපට උරුම වූ බවට පිටසක්වළ ජීවීන්ගේ ක‍්‍රියාකාරකම් පර්යේෂණය කරන්නන්ගේ අදහසයි. එයට ඔවුන් මතු කරන සාධාරණ තර්කයක්ද ඇත. වර්තමාන දියුණු තාක්ෂණය තුළදීත් සිදුකළ නොහැකි ආකාරයේ ඉතා විස්මිත නිර්මාණයන් මෙන්ම මෙවන් තාක්ෂණික උපකරණ නිර්මාණය වීමට දියුණු ජීවීන් විශේෂයක් අනිවාර්යයෙන්ම එම ශිෂ්ටාචාර හා ගනුදෙනු කර තිබිය යුතුය යන්නය.
මේ සියලූ විස්මිත නිර්මාණයන්ට පදනම වැටී ඇත්තේ සුමේරියානු ශිෂ්ටාචාරය තුළය. බැබිලෝනියානුවන්ද මේ ශිෂ්ටාචාරයට සමාන්තරව ජීවත් විය. සුමේරියානු ජාතිය කළු හිසකෙස් සහිත අවට කිසිදු භාෂාවකට සමාන නොවූ භාෂාවක් සහිත පිරිසක් වීම තුළ සුමේරියානුවන්ගේ පිටසක්වළයන් හා සම්බන්ධයක් පැවැතිය යුතු බවට මතවාදයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙහි පවතින ගැටලූව එය නොවේ. ක‍්‍රි.පූ. 900 පමණ වනවිට සහමුලින්ම සුමේරියානු භාෂාව හා සුමේරියානු ශිෂ්ටාචාරය පෘථිවියෙන් අතුරුදන් වී යෑමයි.
සුමේරියානුවන් නිර්මාණය කරන ලද මැටි පුවරු 40000ක් පමණ පුරාවිද්‍යා ගවේෂකයන් සොයාගෙන ඇතත් ඒ තුළ ලියැ වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. යම් දවසක මැටි පුවරු කියවාගත හැකි වුවහොත් ලෝක ශිෂ්ටාචාරය උඩු යටිකුරුවනු ඇත. අදින් වසර තුන්දහසකට පෙර පැවති අතිදියුණු යුගයක සියලූ තොරතුරු සමාජගත වනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවනු ඇතැයි සිතේ.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

Friday, October 18, 2013

කාන්තාර වීදුරුවේ සැඟවුණුපාරාවෝ අභිරහස

ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන මිසරය සෑම දෙසකින්ම වටවී ඇත්තේ මහා කාන්තාරයෙනි. එසේම නයිල් නදිය විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙසද මිසරය හඳුනාගත හැකිය. සැතපුම් සිය දහස් ගණනක් දුර සිට ගෙන එන ජල දහරාවන්ගෙන් ගසාගෙන එන සාරවත් පසින් පෝෂණය ලැබ නිර්මාණය වූ මේ ක්ෂේම භූමියේ සමස්ත පාලනයම රැුඳී පවතින්නේ නයිල් ගෙඟ් ක‍්‍රියාත්මක වීම තුළය. වසරේ එක් කාලයකදී මේ ක්ෂේම භූමිය නයිල් නදියේ ජලයෙන් යටවී යයි. එය මිසර වැසියෝ දකින්නේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලෙසිනි. ගංගා දිය ඉහළ යන සෑම අඩියක්ම ඔවුන් දුටුවේ අනාගත සමෘද්ධියේ පෙරනිමිති ලෙසිනි. එහෙත් ජලගැල්ම සිදුවූයේ අඩි දොළොසකට අඩුවෙන් නම් දෙවියන්ගේ ආශිර්වාදයේ ගිලිහීයෑමක් ලෙසින් ඔවුන් එය හඳුන්වයි.
ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසින් පිළිගත් මිසරය ලෝක ප‍්‍රසිද්ධ වීමට හේතුපාදක වූ කරුණු අතරින් ප‍්‍රධානම සාධකය වූයේ ලෝකයම පුදුමයට පත්කළ ගීසා පිරමීඩ ත‍්‍රිත්වයයි. ඒ සියල්ලටම වඩා පිරමීඩ තුළ තිබී සොයාගත් විනාශ නොවී පවතින මෘත දේහද ලොව මවිතයට පත් කළේය. ඒ අතර ප‍්‍රධානම මමිය වූයේ මෙතෙක් සොයාගත් රාජකීය පිරමීඩ අතරින් අතිවිශාලම ධනස්කන්දයක උරුමකරුවා වූ ටුටන්කාමන් රජුගේ මමියයි.
මිසරයේ මහා කාන්තාරය වරින් වර ලෝකය මවිත කරන දෑ මතුකර ලෝකය අබියසට රැුගෙන ආවේය. යළිත් වරක් එවැනිමසොයාගැනීමක් සිදුව ඇත. ඒ මිසර මහා කාන්තාරය නිර්මාණය වූ හේතු සාධක මතුවීමයි. එයට පදනම වැටුණේ ‘ඩෙසර්ට් ග්ලාස්’ නැතහොත් කාන්තාර වීදුරු පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයක් නිසාය.

කාන්තාර වීදුරු යනු මොනවාද?

1932 වසරේ එක් දිනක පැට්රික් ක්ලේමන් නම් පර්යේෂකයා ඊජිප්තු කාන්තාරයේ සිදුකළ ගවේෂණයකදී අරුම පුදුම සොයාගැනීමක් සිදුකළේය. ඒ වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා පැතිර තිබූ වීදුරු පාෂාණ කැබලිය. එහිදී ඒවායේ සංයුතිය සැලකිල්ලට ගෙන එම වීදුරු පාෂාණ පළිඟු ලෙසින් නම් නොකර වීදුරු ලෙසින් නම් කරන්නට යෙදිණ. කාන්තාරයක් මැද අක්කර ගණනක් පුරා කහ පැහැති දීප්තිමත් වීදුරු නිර්මාණය වූයේ කෙලෙසද යන්න සෙවීමට එදා සිට විවිධාකාරයේ පර්යේෂණයන් සිදුකළද අවසන් නිගමනයකට එළැඹීමට හැකි වූයේ නැත.
පිටසක්වළයන් විසින් ලෝක ජනාවාස නිර්මාණය කිරීමේදී ග‍්‍රීන්ලන්තයේ, බර්මියුඩා ත‍්‍රිකෝණය මධ්‍යයේ මෙන්ම මිසරයේ පළිඟු පිරමීඩ තුනක් ඉදිකළ බවට පුරාවෘත්තයක් පවතී. ඉහත කී කාන්තාර වීදුරු යනු එම විනාශ වී ගිය පළිඟු පිරමීඩය යැයිද විශ්වාසයක් පවතී. ඒ විශ්වාසයන් කුමක් වුවත් පසුගියදා
ඇමෙරිකානු විද්‍යාඥ මාර්ක් බෙස්ලෝ, මහාචාර්ය ක‍්‍රිස්ටීයන් කර්බල් හා ඊජිප්තු ඛනිජ සම්පත් අධිකාරියේ ආචාර්ය අලි බර්කත් විසින් කාන්තාර වීදුරු සම්බන්ධයෙන් අද්විතීය සොයාගැනීමක් සිදුකරන ලදී.
ඊජිප්තුවේ අගනගරය වූ කයිරෝ සිට සැතපුම් හාරසිය ගණනක් දුරින් මිනිස් වාසයෙන් තොර මරුකතරේ පුරා දින හතරක අතිදුෂ්කර ගමනකින් පසු සිදුකළ පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ අදින් වසර දහස් ගණනකට පෙර කඩාවැටුණු උල්කාපාතයක් හේතුකොටගෙන මහා මිසර කාන්තාරය නිර්මාණය වූ බව සොයා ගැනීමයි.
කෘත‍්‍රිමව වීදුරු නිර්මාණය කරනු ලබන්නේ සිලිකා වැලි අධිතාපයකට ලක් කිරීම හරහාය. එසේම ස්වාභාවික වීදුරු නිර්මාණය වන ආකාරයක්ද ලෝකයේ ඇත. ඒ ‘වොල්කැනෝ ග්ලාස්’ නැතහොත් ගිනිකඳු වීදුරුය. සෙල්සියස් අංශක 1100ක පමණ උෂ්ණත්වයකින් ගිනිගෙන දැවෙන ලාවා (මැග්මා* එක්වරම ජලයට පතිතවීමෙන් ගිනිකඳු වීදුරු නැතහොත් මැග්මා ග්ලාස් නිර්මාණය වීම සිදුවෙයි. එහෙත් එම වීදුරු කළුපැහැ වන අතර එම වීදුරු තුළ විවිධ සංඝටක දැකගත හැකිවෙයි. එහෙත් මිසරයේ කාන්තාරයෙන් සොයාගත් වීදුරු ඉතා දීප්තිමත් ළා කොළ පැහැයකින් යුක්ත වන අතර පර්යේෂකයන් විසින් හෙළිකර ඇති ආකාරයට අනුව එහි අන්තර්ගත වනුයේ සිලිකා හා සර්කෝන් යන ඛනිජ වර්ග දෙක පමණි. එසේම මෙහිදී සෙල්සියස් අංශක 1800ක පමණ අධිඋෂ්ණත්වයකට ලක්වී අන් සියලූ ඛනිජ පිළිස්සී විනාශ වී ඇති බවද පර්යේෂකයන්ගේ අවසන් තීරණය වී ඇත. තවද කාන්තාර වීදුරුවල දීප්තිමත්භාවයට හේතුව ලෙස පර්යේෂකයන් පැහැදිලි කරනුයේ සිලිකා සහ සර්කෝන් එකිනෙක මිශ‍්‍ර වීම හරහා ඔස්ටියම් නම් රසායන සංඝටකය නිර්මාණය වී ඇති බවටය.
මීට අමතරව වීදුරු පැතිරුණු භූමිය පුරාම තැන තැන විසිර ඇති දැවී ගිය කළු පැහැති වෙනත් පාෂාණ වර්ගයක්ද පර්යේෂකයන් සොයාගෙන ඇත. ඒ අනුව පර්යේෂකයන් සිය අවසන් නිගමනය ලෙස ගෙනහැර පානුයේ විශ්වයෙන් ඇදී ආ ග‍්‍රාහකයන් පෘථිවි වායුගෝලයට ඇතුළුවීමත් සමග අධිදහනයකට ලක් වී එය මෙම භූමියේ ගැටී ඇති බවය. මෙහිදී සිදුවූ පිපුරුම ඔභඔ ටොන් දසදහස් ගණනක පිපුරුමකටත් වඩා වැඩි බවද ඔහුන් නිගමනය කරයි. පෘථිවියේ පැවති පාෂාණ සෙල්සියස් අංශක 1800ක පමණ අධිඋෂ්ණයකට ලක්වූයේ කෙසේද යන්නට උත්තර ලැබුණේද මෙහිදීය. ඒ සඳහා එම ග‍්‍රාහකයේ ගැටීම ඔවුන් පරිගණක තාක්ෂණය ඇසුරින් ප‍්‍රතිනිර්මාණය කරනු ලැබීය. ග‍්‍රාහකයා ගිනිගෙන දැවෙමින් පෘථිවියේ ගැටීමේදී දැවී යන පස්, ග‍්‍රාහකයේ ගිනි ජාලා අතරින් ඉහළට ඇදී යෑමක් සිදුවෙයි. ග‍්‍රාහකයා පහළට ඇදී ඒමේදී ඒ සමග සැතපුම් ගණනක් දිග අග්නි ජාලාවක්ද පෘථිවියට ඇදී එයි. එසේ ඉහළ යන පාෂාණ එම අග්නි ධාරාව තුළ කිහිපවිටක්ම පිළිස්සීමට බඳුන්වීම හරහා සිදුවන්නේ සුපිරිසුදු වීදුරු බවට පොළොවේ එම පාෂාණ කොටස් පත්වීමයි.
ඒ සමගම පොළොවට සමාන්තරව පැතිර යන උණුසුම් වායු හා අග්නි ධාරා මඟින් අවට ප‍්‍රදේශය සැතපුම් සිය ගාණක් පුළුස්සා දමනු ලබයි. ඊජිප්තු කාන්තාරය නිර්මාණය වූයේ ‘චඞ්’ ලෙසින් දැනට නම් කළ ස්ථානයේ මධ්‍යයට පතිත වූ අතිවිශාල උල්කාවක් හේතුවෙන් බව ඒ අනුව ඉහත පර්යේෂකයන් අවසන් නිගමනයකට එළැඹ තිබේ.
එම නිගමනයට එළැඹීමට හේතු වූ තවත් කාරණා දෙකක්ද ඇත. ඉන් පළමුවැන්න වූයේ ලොව පළමු පරමාණු පිපුරුම අත්හදා බැලූණු අවස්ථාවේ එනම් මෑන්හැටන් ක‍්‍රියාන්විතයේදී මෙක්සිකානු කාන්තාරයේ සිදුවූ වෙනස් වීමයි. ඒ 1960 ජූලි 16 වැනිදා පෙරවරුවේදීය.
එදින ඇමෙරිකානු හමුදාවේ ඡුායාරූප ශිල්පියකු වූ සාර්ජන් බෙන් බෙන්ජිමින් වීඩියෝ කැමරාව අත ඇතිව සැතපුම් ගණනක් දුරින් පිහිටි අඩි ගණනක් ඝනකමට සාදන ලද බංකරයක ස්ථාන ගත වී සිටියේය. පරමාණු බෝම්බය හත්තක් ආකාරයට පුපුරා යන ආකාරය එදා ඔහු අත දැරූ වීඩියෝවේ සටහන්ව තිබුණි. එය ඔභඔ ටොන් 20000කට ආසන්න පිපුරුමකි. පිපුරුමෙන් පසු අක්කර කිහිපයක ප‍්‍රදේශය පුරා කොළ පැහැති වීදුරු තට්ටුවක් නිර්මාණය වී තිබුණි. ඒ මත ඇවිදින විට වීදුරුවක් බිදී යන ආකාරයෙන් එය බිඳී ගිය බවද පසුකාලීනව කළ හෙළිදරව්වකදී බෙන්ජිමින් බී.බී.සී.යට වාර්තා කර තිබුණි.
මෙහි එන දෙවැනි සාධකය නම් 1908 ජුනි 30 වැනිදා සයිබීරියානු වනාන්තර සීමාවක් වූ තුංගුස්කා ප‍්‍රදේශයේ එක් නිමේෂයකින් වනාන්තරයේ ගස් මිලියන 18ක් දැවී විනාශ වී යෑමයි. මෙලෙස ගස් දැවී යෑමට හේතුවක් එදා සොයාගත නොහැකි වුවත් පසුකාලීනව බොස්ටන් සරසවිය තුළ අනුරූ යොදාගනිමින් සිදුකළ පර්යේෂණයක් හරහා ග‍්‍රාහකයක් පතිතවීමත් සමග වනාන්තරය විනාශ වී ගිය ආකාරය ගම්‍ය කරගත හැකි විය. පසුකාලීනව එහි මධ්‍යයේ තිබූ විශාල ග‍්‍රාහක කොටසක්ද සොයාගනු ලැබුණි.
කෙසේ වුවත් මෙම නිගමනය හමුවේ පර්යේෂකයන් තවත් උභතෝකෝටික ගැටලූවකට මැදි වුණි. එය නම් පාරාවෝ රජ පරපුරේ ධනවත්ම රජු ලෙස සැලකෙන ටුටන්කාමන් රජුගේ සොහොන් ගෙයි තිබී කානවන් සාමිවරයාගේ මඟ පෙන්වීම යටතේ හොවාර්ඞ් කාටර් නම් පර්යේෂකයා විසින් සොයාගත් පාරාවෝ රජුගේ මාලයේද මෙම වීදුරු කැබැල්ලක් සවිකර තිබීමයි. පර්යේෂකයන් මෙහිදී උපකල්පනය කර සිටියේ අතිදුර්ලභ මැණිකක් එහි සවි නොකර මිසර කාන්තාරයේ කිලෝමීටර 6000ක් පුරා පැතිර ඇති වීදුරු කැබැල්ලක් ඒ තුළ සවිකිරීමේ යම් විශේෂත්වයක් පැවතිය යුතු බව ඉහත පර්යේෂකයන්ගේ ඉදිරි පරීක්ෂණ කටයුතු යොමුව ඇත්තේ ඒ වෙනුවෙන්ය.
එහෙත් මෙම පර්යේෂකයන් ඉදිරියේ නොපෙනෙන තවත් අභියෝගයක් වෙයි. ඒ ටුටන්කාමන්ගේ නින්දට බාධා කළ සියල්ලන්ට එල්ලවන ශාපයක් මේ හා බැඳී ඇති නිසාය.
ටුටන්කාමන් කතා පුවත රසවත් වුවත් එහි ශාපය නම් රසවත් නැත. එහෙත් ඒ කතා පුවතද මෙහිදී සිහිකර ගැනීම වැදගත්ව තිබේ.
පළමුව ටුටන්කාමන් සොහොන සොයාගැනීම පසුපසද ඇත්තේ අපූර්ව කතාවකි. ක‍්‍රි.ව. 1900දී පමණ එංගලන්තයේ කානවන් නම් සාමිවරයා මිසර කාන්තාරය පිළිබඳ අසන ලද පුරාවෘතයක් ඔස්සේ කැණීම් කරන්නට පර්යේෂකයන් යොදවනු ලැබිණි. වසර විස්සක් තිස්සේම ඔවුන්
සොයාගනු ලැබුවේ වැල්ලෙන් වැසී ගිය නිදන් හොරු අතට පත්වූ පිරමීඩයන්ය. පර්යේෂකයෝ සෙවීම් අවසන් බව දැනුම් දුන්නද සාමිවරයා එයින් සෑහීමකට පත් වූයේ නැත. ඒ අතරතුර හොවාර්ඞ් කාටර් නම් චිත‍්‍ර ශිල්පියාගේ සිතේ රජුගේ නිම්නය පිළිබඳ නැගුණු සිතිවිලි අනුව ඔහු ටුටන්කාමන්ගේ සොහොන ඇති තැන අනුමාන කළේය. සාමිවරයා පර්යේෂණ කටයුතු ඔහුට බාර කළ අතර දෙසීයක කණ්ඩායමක්ද ඔහුට සපයා දෙනු ලැබුණි. 1922 නොවැම්බර් 4 වැනිදා කාටර් විසින් කිසිවකුගේ ඇස නොගැටුණු පළමු රාජකීය සොහොන සොයාගත්තේය. එහි තුළ වූ වස්තුව ලැයිස්තුගත කරන්නට වසර දහයක් පමණ ගත විය. එහි වූ සම්පත් ප‍්‍රමාණය විවිධ වූ සම්පත් වර්ග පන්දහසකට අධික විය. විශේෂයෙන්ම ඝන රත්තරන් ටොන් ගණනින් ඒ තුළ විය.
අද දක්වාම මෙම සොහොනෙන් සොයාගත් දෑ විවිධාකාරයේ පර්යේෂණවලට ලක්වෙයි. කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ මෙම සොහොන් ගැබෙන් සොයාගත් බොහෝ දෑ තැන්පත් කර ඇත. ටුටන්කාමන් රජු මියගොස් ඇත්තේ වයස අවුරුදු දහනවයේදීය. මෙතෙක් කල් පර්යේෂකයෝ විශ්වාස කළේ එය ඝාතනයක් බවය. එයට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ ටුටන්කාමන්ගේ මමියේ හිස පිටුපස වූ සිදුරයි.
එහෙත් පසුව සොයාගත් සෑම මමියකම එම සිදුර දැකගත හැකි වීම තුළ එය මෘතදේහ මමි බවට පත්කිරීම වෙනුවෙන් තැනූ සිදුරක් බවට හඳුනාගනු ලැබිණි.
ඒ කෙසේ වෙතත් ටුටන්කාමන් රජුගේ මමිය සම්බන්ධයෙන් සිදුකරන ලද ඞී.එන්.ඒ. පරීක්ෂණයෙන් පසු ඔහුගේ මරණයට සත්‍ය ලෙසම හේතු වී ඇත්තේ පාරාවෝ රජ පරපුරේ පැවති පොදු රෝගී තත්ත්වයක් බවට හඳුනාගනු ලැබිණි. ටුටන්කාමන් රජුට පෙර සිටි රජුවරු තිදෙනකුද මේ රෝගයෙන් අඩු වයසින් මිය ගොස් තිබුණි. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ටහබැජදප්ිඑස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හෝමෝන දුර්වල වීමේ ආසාධිත තත්ත්වයකි. මෙය අප දන්නා මැලේරියා රෝගී තත්ත්වයට සමාන රෝගී තත්ත්වයක් ලෙසද හඳුන්වන්නට පුළුවන.

ටුටන්කාමන්ගේ ශාපය

හොවාර්ඞ් කාටර් සොයාගත් ටුටන්කාමන් සොහොනේ දොරටුව වසා තිබූ කළු ගල් තැටියේ වැකියක් සඳහන් විය. එය සරලව පැවසුවහොත් ‘ටුටන්කාමන් රජුගේ දීර්ඝ නින්දට බාධා කරන්නවුන්ට මරණය සොයා එනු ඇත’ යනුවෙනි. ඒ දොරටුව බිඳින්නට පෙර දිනයේ කාටර්ගේ කැනරි කුරුල්ලාව නාගයකු ගිල දැමුවේය. ඉන්පසු කැණීම්වලට මුදල් සැපයූ කානවන් සාමිවරයා නිව්මෝනියාවෙන් මියයද්දී එදිනම ඔහුගේ බල්ලා ලන්ඩනයේදී මිය ගියේය. නිව්මෝනියාවට හේතු වූයේ මදුරු දෂ්ටයකි. එම දෂ්ටය සිදුව තිබුණේ කානවන් සාමිවරයාගේ මුහුණේය. ටුටන්කාමන් මමිය පරීක්ෂා කිරීමේදී එහිද එම ස්ථානයේම කැළලක් දැකගත හැකි විය.
කානවන් සාමිවරයාගේ මරණයෙන් පසු කැණීම්වලට සහය දැක්වූ සේවකයන් විශාල ප‍්‍රමාණයක් විවිධ හේතු මත මියයන්නට විය. ඒ අතරතුර කැණීම්වල සිටි පුරාවිද්‍යාඥයකු වූ ආතර් මේස් සිහිමුර්ජා වී මියගියේය. ඉන්පසු සොහොනට ඇතුළු වූ ජෝර්ජ් ගොල්වුඞ් උණ රෝගය උත්සන්න වීමෙන් මියගියේය. ඉන්පසු මියගියේ ටුටන්කාමන් සිරුර එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කළ පුද්ගලයා වූ අර්ච්බෝල්ඞ්ය. එතෙක් මෙතෙක් කල් ටුටන්කාමන් හා සම්බන්ධව එම ශාපයට ලක්වූ පිරිස අතිවිශාලය. එහෙත් එකම පුදුමය නම් ටුටන්කාමන් සොහොන සිතුවිල්ලෙන් දැක එය සොයාගත් හොවාර්ඞ් කාටර් මෙම ශාපයට මැදි නොවීමයි.
මිසර කාන්තාරය ඇසට පෙනෙන දේ පමණක්ම සත්‍ය නොවන බව ලෝකයට පෙන්වා දුන් ක්ෂේම භූමියකි. මිථ්‍යාව හා පුරාවෘත්ත සත්‍ය බවට පත්කිරීමෙන් දිනෙන් දින ලෝකයට සිතන්නට යමක් මතුකර දෙන මිනිසුන්ගේ දේශයකි.
මේ පසුබිම තුළ ඉහත කී පර්යේෂකයන්ගේ මීළඟ පර්යේෂණ ප‍්‍රයත්නය අභියෝගයක් මෙන්ම දිනෙන් දින අලූත් වන මිසරය ආශ‍්‍රිත පුරාවෘත්තය ජීවමාන වීමක්ද වනු නොඅනුමානය.

කාංචන ගීත මනමේන්ද්‍ර