ඉතිහාසය යනු සදාකල් වසා දැමිය හැකි දෙයක් නොවේ. යම් යම් ජාතීන් හා ශිෂ්ටාචාරයන් පිළිබඳ ඉතිහාසය අලූත් නොවන්නේ නම් එය මළ ජාතියකි. මළ ඉතිහාසයකි. නමුත් හෙළ ජාතිය මෙන්ම භාෂාව හා ඉතිහාසයද දිනෙන් දින වෙනස් වෙමින් අලූත් වෙමින් තිබේ. එනම් එය සජීවී ජාතියක් බවය. එය සජීවී භාෂාවක් හා ජීවමාන ඉතිහාසයක් ඇත යන්නය. ඒ අර්ථයෙන් දිනෙන් දින වෙනස් වන ජාතියක ආරම්භය ලෙස ඉතා මෑත කඩඉමක් සලකුණු කර ඒ මතම ජීවත් වන්නේ නම් ජාතියේ නාමයෙන්ම එය අවාසනාවකි. මේ කතා කරන්නට යන්නේ කුමක් පිළිබඳ දැයි ඔබට සිතෙනු ඇත.
හල්දුම්මුල්ල යනු ප‍්‍රධාන ඉතිහාස ධාරාවෙන් ඔබ්බෙහි වූ ඉතිහාසයේ එවන් වූ සංධිස්ථානයකි. හල්දුම්මුල්ල හා ලාංකේය ඉතිහාසය එකට බද්ධ වන තැනක් ඇත. එය නම් වසර පන්දහසකට පමණ පෙර කෘෂිකාර්මික යුගයේ ජීවත් වූ හෙළ මානවයා පිළිබඳ පැහැදිලි සාධක හල්දුම්මුල්ල වෑඑළිය ප‍්‍රදේශයේ හුණුතලාගල නම් ස්ථානයෙන් මතුකර ගත හැකි වීමය.
මෙයට පෙරදී ප‍්‍රාග් ඓතිහාසික මානව යුගයට අයත් සාධක ලංකාවේ ප‍්‍රධාන තැන් තුනකින් මතු කර ගත හැකි විය. ඒ බලංගොඩ,පාහියන්ගල හා විල්පත්තුවේ රතුපස් බිම වැනි ස්ථානවලය. එහෙත් ප‍්‍රාග් ඓතිහාසික නැතහොත් වසර 35000කට එහා ගිය මිනිස් වාසයක් හෙළ පොළොවේ තිබූ බව පිළිගන්නට
බටහිරවාදී පුරාවිද්‍යාව සූදානම් වූයේ නැත. එසේ වුවත් රාජ් සෝමදේව මහතා ප‍්‍රමුඛ පුරාවිද්‍යා පර්යේෂකයෝ මෙවර මතුකර ගනු ලැබුවේ බටහිර පුරාවිද්‍යාවට බිඳ හෙළිය නොහැකි සාධකයකි. ඒ දියුණු සමාජයක දැකගත හැකි ගර්භනින්ට යාතුකර්ම කළ බවට සාධක මෙම ගුහාවෙන් මතුකර ගත හැකි වූ නිසාය.
එහෙත් අප කතා කරන්නට යන්නේ ඒ පිළිබඳ නොවේ. මේ සොයාගැනීම්වලට සමගාමීව හල්දුම්මුල්ල නිදන්ගොඩ කන්දේ පිහිටි ‘ගලපිටගල’ පිළිබඳ යළිත් සිතන්නට කාරණාවක් නිර්මාණය වී තිබීමය. ඇත්තටම මේ ගලපිටගල යනු කුමක්ද?

එහෙත් ඒ අභිරහසට සමාන වූ තවත් අභිරහසක් ඇත. ඒ චිලී රාජ්‍යයට ආසන්න මුහුදේ පිහිටි ‘ඊස්ටර් අයිලන්ඞ්’ හී ¥පත වටා ඇති මෙවැනිම මානව මුහුණු 887යි. මෙහි ප‍්‍රධාන මානව මුහුණු පෙළ සවි වී ඇති ස්ථානය හැඳින්වෙන්නේ ‘ආහු ෆ්ලැට් ෆෝම්’ නමිනි. ගිනිකඳු පිපුරුමක් සිදුවූ මෙම ¥පත තුළ අතිවිශාල මෙවන් මුහුණු කළුගලෙන් නිර්මාණය කරන්නට හේතු වූ කාරණය පිළිබඳ තවමත් කිසිදු නිශ්චිත හේතුවක් ඉදිරිපත් වී නැත.
මෙම ගල් පිළිම පිළිබඳ විවිධාකාරයේ අදහස් පවතී. ආසන්නයේ පවතින දියුණු මිනිස්
සැබැවින්ම පේරුහි ඇති තරු දොරටුවේ පෙනුමට සෑම අතින්ම සමාන වූ නිර්මාණයක් වන ලංකාවේ පිටවලපතනේ පහළින් පිහිටා ඇති මානිගල දෙස හල්දුම්මුල්ල මානව හිස දෙනෙත් යොමා සිටින බව එය නිරීක්ෂණය කරන ඕනෑම අයකුට දැකගත හැකිය. එනම් මෙම මානව හිස බලා සිටින්නේ උතුරු දිශාව දෙසය. මෙවැනිම තත්ත්වයක් පේරුහි ඇති තරු දොරටුව ආශ‍්‍රිතවද හ`දුනා ගත හැකි හෙයින් ගවේෂකයන් ඉහත කී නිගමයට එළැඹ ඇති බව පැහැදිලිය.
ඒ අනුව මානිගල හා පේරුහි ඇති තරු දොරටු දෙකෙහි පිහිටීම් හා පෙනුම බොහෝ සෙයින් සමාන වන අතර මෙම ස්ථාන හා පිටසක්වළ කි‍්‍රයාකාරකම් සම්බන්ධව වරින් වර මාධ්‍ය හරහාද තොරතුරු හෙළිවී ඇත. නාසායතනය විසින් මෑතකාලීනව සිදුකළ පර්යේෂණ මත ලෝකයේ අඩුම ගුරුත්වය සහිත රට ලෙස ලංකාව නම් කිරීමත් සමගම ලෝක පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය අප රට දෙසට යොමුවෙමින් පවතී.
එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් පිළිබ`දද ඇත්තේ තරු දොරටු සංකල්පයක්මය. එනම් වෙනත් ලෝක කරා යෑම ස`දහා භාවිත වූ ස්ථානයක් ලෙසින් මෙය සැලකීමයි. එසේම ස්ටෝන් හෙන්ජ්හි තිබෙනුයේ ඊස්ටර් අයිලන්ඞ්හි ඇති මානව මුහුණුවලින් සංකේතවත් කෙරෙන පෘථිවි මිනිසාගේ පාදය ඇ`ගිලි බවද මේ පිිළිබ`ද සොයා බලන ගවේෂකයන් තවදුරටත් උපකල්පනය කර තිබේ.
මේ අනුව පැහැදිලි ලෙසම තරු දොරටු තුනක සම්බන්ධතාවක් මෙහි පවතින බව අපටද උපකල්පනය කළ හැකි වෙයි. යම් හේතුවක් මත මේවා කාලයේ වැලිතලාවෙන් වැසී ගියද මෑත යුගයේ මේ පිළිබ`ද යම් ආකාරයේ තොරතුරුජනාවාසයක් පිළිබඳ පිටසක්වළයන්ට ලබාදුන් සංකේතයක් විය හැකි බව පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ අදහස වී තිබේ. එයට බලපෑ තර්කයක්ද ඇත. එනම් තරු දොරටුවක් නැතහොත් පිටසක්වළයන් පෘථිවියට පැමිණීමට උපයෝගි කරගත් දොරටුවක් සේ පිළිගන්නා ගල් දොරටුවක් පේරු රාජ්‍යයේ පිහිටා තිබීමයි. පේරු පිහිටා ඇත්තේද මේ ආසන්නයේය.


හෙළිවීමක් හා පරීක්ෂණ සිදුවීමක් දැක ගත හැකිවේ. වඩාත් සතුටුදායක තත්ත්වය නම් මෙම පර්යේෂණ හුදු කල්පිත ලෙස ඉවත දමා තිබූ කාරණා විද්‍යාත්මකව තහවුරු කරගන්නා ප‍්‍රවේශයක් ගෙන තිබීමය.
මෙකී ප‍්‍රවේශයේ සිට හල්දුම්මුල්ල ගලපිටගල සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කරන ගවේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ තරු දොරටු සක‍්‍රිය කිරීම උදෙසා අවශ්‍ය යතුර රැු`දවිය යුත්තේ හල්දුම්මුල්ල මානව රූපයේ හිසේද කියා සිතන්නට කාලය උදාවී ඇති බවය. මෙය අපේ ලංකාවට විශ්වීය වටිනාකමක් ගෙනදීමට හේතුවන සොයාගැනීමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

පිටසක්වළයන්ගේ කතා කුමක් වුවත් වසර පන්දහසකට පෙර මෙවන් වූ විශ්මිත කැටයමක් කරන්නට හැකි ජාතියක් අපේ පොළොව තුළ සිටිය බව පිළිගන්නට මෙන්ම අපේ ශිෂ්ටාචාරයේ ඇරඹුම පිළිබඳ යළිත් සිතන්නට මේසොයාගැනීම හේතුවනු ඇත.
කාංචන ගීත මනමේන්ද්‍ර
http://streamvoyage.com/4UMq
ReplyDeletehttp://combostruct.com/PEe
ReplyDeleteඑල.
ReplyDelete