Sunday, September 29, 2013

මහා රාවණ ගේ තෙවැනි ඇස විවරවෙයි

මහා රාවණ රජු දැඩි ශිව භක්තිකයකු ලෙස රාමායණයේ සඳහන් වෙයි. රාවණ රජු වර්තමාන ත‍්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල පිහිටි ස්ථානයේ එකල පිහිටි ගෝකණ්ණාශ‍්‍රමයේදී ශිව දෙවියන් උදෙසා දැඩි ව‍්‍රතයක් සමාදන් වූ බවද ජනවහරේ සඳහන් වෙයි. ගෝකණ්ණාශ‍්‍රමය යනු එකල ඍශිවරු, මුනිවරු ජීවත්වූ ස්ථානයකි. එනම් මෙය එකල භාවනායෝගීන්ට අයත්වූ ස්ථානයකි. මහා රාවණ රජු දැඩි ශිව භක්තිකයකු ලෙස පැවසීම පසුපස ප‍්‍රබල සංකේතයක් දැකගත හැකිවෙයි. එනම් ඔහුගේ ශරීරය තුළ සැඟව ඇති චක‍්‍ර අතුරින් හයවැනි චක‍්‍රය වන ‘ආඥා චක‍්‍රය’ උපරිම අයුරින් ක‍්‍රියාත්මක වූ බවය.
දේව අධ්‍යාපනය හොඳින් හදාරන හෙළයකු ආධ්‍යාත්මික ශක්ති වර්ධනය අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තක් බව අප පෙර ලිපිවලදී පෙන්වා දුන්නෙමු.
ඒ අනුව මහා රාවණ සියල්ල සම්පූර්ණ කළ යකු (යගු කෞරාණ මන්ඨක* ලෙස හඳුන්වනුයේ ඔහු දේව අධ්‍යාපනය උපරිම ලෙස නිමකළ හෙයිනි. එකල්හි ආධ්‍යාත්මික ශක්ති වර්ධනය යනු කුණ්ඩලනී ශක්තිය අවදි කිරීමයි.
කොඳුඇට පේළිය දිගේ හිස් මුදුන දක්වා පිහිටි මෙම චක‍්‍ර හත පහළ සිට එකින් යෝග ක‍්‍රමවේද හරහා අවදි කරවා ගතයුතු වුවත්, මහා රාවණ රජු වේගවත් ක‍්‍රමවේදයක් ඒ සඳහා
අනුගමනය කරනු ලබයි. එහි පළමුවැන්න සමස්ත ශරීරයේම නාඩි වේගවත්ව ප‍්‍රකම්පනය කරවිය හැකි අක්‍ෂර ශක්තිය භාවිත කිරීමයි. අනෙක් ක‍්‍රමවේදය නම් පහළ චක‍්‍ර පහට පාලනය කරනු ලබන හයවැනි චක‍්‍රය වන ආඥා චක‍්‍රය ප‍්‍රබල ලෙස අවදිකරවීම හරහා නිරුත්සාහිකව අන් චක‍්‍ර පහම ක‍්‍රියාත්මක කරවීමයි. මෙහිදී අඩු කාලසීමාවකදී තම ශරීරයේ කුණ්ඩලනී ශක්තිය අවදිකර ගතහැකි වෙයි. ශබ්ද තරංග භාවිතය වර්තමානයේදීත් බටහිර රටවල චක‍්‍ර ක‍්‍රියාත්මක කරවීමට භාවිත කරමින් එය ඔප්පු කිරීම හරහා එය සාර්ථක ක‍්‍රමවේදයක් ලෙස අපටද සඳහන් කළ හැකි වෙයි.
මහා රාවණ රජු ප‍්‍රබල ශිව භක්තිකයෙක් ලෙස නම්කරනුයේ මෙතැනදීය. ආඥා චක‍්‍රයේ පාලන දේවතාවා වනුයේ ශිව දෙවියන්ය. තෙවැනි ඇස යනු මෙම චක‍්‍රයයි. තෙවැනි ඇසක් සහිත එකම දෙවියන් ලෙස ශිව නම් කරන්නේද එබැවිනි. තෙවැනි ඇස නැතහොත් ආඥා චක‍්‍රය අවදිවීම අති ප‍්‍රබල ශක්තියකි. ශිව දෙවියන්ගේ තෙවැනි ඇස විවර වුවහොත්, තුන් ලොවම දැවී අළුවී යන බව පවසනුයේ එබැවිණි. ආඥා චක‍්‍රය අවදිවීමත් සමග පංච භූත තත්ත්වය පාලනය කිරීමේ ශක්තිය මහා රාවණාට හිමිවන අතර, ඔහු එම ශක්තිය ලංකා පුරයේ භෞතික සංවර්ධනය සඳහා උපරිමයෙන් යොදාගනු ලබයි. රාවණ රජු රජෙකු ලෙස ප‍්‍රසිද්ධ වන්නේ එබැවිනි. හත්වැනි චක‍්‍රය, එනම් සහස්රා චක‍්‍රය අවදිකරවීම ඔහු විසින් සිදුකරනුයේ විභීෂණට රට භාරදීමෙන් පසු වෛදික නාථ ලෙස යෝගී බවට පත්වීමෙන් පසුවය. වෛද්‍ය නාථ මුනිවරයකු ලෙස සැලකෙයි.
ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කරනු ලබන ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය සහ මහා මෘතුංජය ස්ත්‍රෝත‍්‍ර දෙක ආඥා චක‍්‍රය අවදිකරවීම උදෙසාත්, අමරණීය වීම උදෙසාත් මහා රාවණ රජු භාවිත කරනු ලබන වේගවත් රහස් ක‍්‍රමවේදයයි. මෙම ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රයද මහා රාවණ රජුට යෝග වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයකි.
මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය. එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිකරවීම උදෙසාය. මෙය ස්ත්‍රෝත‍්‍රය හරහා ධ්‍යාන වැඞීමේදී කොඳුඇට පෙළේ දකුණින් ඉහළට ගමන් කරනා පිංගල නාඩියත්, කොඳුඇට පෙළේ වම්පසින් ඉහළට ගමන් කරනා ඉඩා නාඩියත් මුහුදු රළක් මෙන් වේගවත්ව ප‍්‍රකම්පනය වීමත් ශරීරයේ ඇති සෙම්, සොටුවලින් සිරවී ඇති හැත්තෑ දෙදහසක් වූ නාඩි ශුද්ධවීමත් සිදුවෙයි. මේ හරහා සමස්ත ශරීරයම විශ්ව ශක්තියට නිරාවරණය වන අතර අවසන් ප‍්‍රතිඵලය ආඥා චක‍්‍රය අවදිවීමයි.

මෙවන් වූ ප‍්‍රබල ශක්තියක් සහිත මහා රාවණ රජු භාවිත කළ ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය අවබෝධ කරගැනීමට උත්සහ දරමු.

ජටාටවී ගල ජ්ජල ප‍්‍රවාහ පාවිත ස්ථලේ
ගලේ අවලම්භ්‍ය ලම්බිතාම් භුජංග තුංග මාලිකාම්
දම ධම දම ධම නිනාදව ධමර්වයම්
ඡුකාර චණ්ඩ තාන්ඩවම් තනොතු නා ශිව ශිවම්

දිය ඇල්ලක් සේ ගලාහැළෙන්නා වූද, වන රොදක් සේ ඝනව වැවුණා වූද, අතිරමණීය කේශ කලාපයකින් අලංකාරවත් වූද, ආඩම්බරයෙන් අගතැන්පත් නාග රාජයා මාලයක් සේ පැළඳ සිටින්නා වූද, ඩමරු නම් බෙරයෙන් නිකුත් වන්නාවූ ඩමට් ඩමට් ඩමට් හඬට තාණ්ඩව නර්තනයේ යෙදෙන්නා වූ ශිව දෙවියන් සියලූ සැප සම්පත් ධාරානිපාත වර්ෂාවක් සේ වස්සන්නේය.

ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම නිලිම්ප නිර්ජරී
විලෝල වීචි වල්ලරී විරාජ මාන මුර්ධනී
ධග ධග ධග ජ්ජ්වලල් ලලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති ක්ෂේනම් මමා

පූජනීය ගංගා නම් නදියේ දිය රැුළි මෙන් කේශ කලාපයකින් යුක්ත වූද, එම මහා දියඹේ ගැඹුරු රැුළියේ හිසකෙස්වලින් යුක්ත වූද, නයනාකෘත ගිනි ජාලා නළල් තලයෙන් නිකුත් කරන්නා වූද, නළල්පටයක් පරිදි අඩ සඳක් නළලෙහි පවතිනා වූද ශිව දෙවියන්ට මගේ ප‍්‍රණාමය පුදකරමි.

ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරදිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ
කෘපා කටක්ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි
ක්වාචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී

මුළු විශ්ව ධාතුවෙහි පැවැත්මෙහි භාරකරු වූද, ක‍්‍රීඩා කෞශල්‍යයෙහි නිපුණ වූද, පාර්වතී දේවතාවියගේ සහකරුවා වූද, අදෘශ්‍යමාන බාධකයන් කරුණා ගුණෝපේතීව වළක්වන්නා වූද, එවන් ක‍්‍රියාවන්හි නිරතවන්නා වූද ශිව දෙවියනි; මගේ සන්තෘෂ්ටිය විජයග‍්‍රහණය කරවනු මැනවි.

ජටා භුජංග පිංගල ස්පුරත් ප‍්‍රණා මණි ප‍්‍රභා
කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූ මුඛේ
මධංග සින්ධුර ස්ඵුරත්වගු උත්තරීය මේධුරේ
මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී
සියලූ ජීවයන්ට උපකාර වන්නා වූද, රත්පැහැ නාග

රජුගෙන්ද, මනෝරම්‍ය මාණික්‍යවලින්ද, අලියකුගේ සමෙන් නිමකළ ඇඳුමකින්ද සැරසුණා වූද, ප‍්‍රතාපවත් ශරීරයකින් යුක්ත වූ ශිව දෙවියනි; මම ඔබගෙන් පරමාර්ථ සුවය බලාපොරොත්තු වෙමි.

සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත්‍යශේෂ ලේඛ ශේඛරා
ප‍්‍රසුල ධූලි ධෝරනී විධු සරංග‍්‍රි පීධභූ
භුජංගරාජ මාලයා නිබද්ධ ජාධ ජූටකා
ශ‍්‍රියස් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා

ඉන්ද්‍ර, විෂ්ණු ඇතුළු සියලූම දෙවි දේවතාවන්ගේ හිත්වල ඇති සුගන්ධවත් මල්වලින් හමාඑන්නා වූ සුවඳ දුහුවිල්ලක් කොට ඒ මත සිය දේව පාද තබාගෙන සිටින්නා වූද, රත්පැහැ නාග රාජයා ගෙලෙහි දමාගෙන සිටින්නා වූද, සඳ නළල්තලයෙහි ආභරණයක් ලෙස පැළඳ සිටින්නා වූද ශිව දෙවියනි. ඔබ අපට සියලූ සෞභාග්‍යය ළඟාකරනා සේක.

ලලාට චත්වරා ජ්වලධනම් ජය ස්ඵුලිංගභා
නිපීඨ පංච සායගම් නමඃ නිලිම් ප‍්‍රණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේඛරම්
මහා කපාලි සම්පදේ, ශිරෝ ජධාලමස්තු නා

අඩ සඳෙන් ආලෝකවත් වූද, නළල් තලයෙන් ගිනිදැල් නිකුත්කරන්නා වූද, ආදරයට අධිපති වන්නා වූද, සියලූ දිව්‍යමය නායකයන් ප‍්‍රණාම කරන්නා වූද, මනෝරම්‍ය කේශකලාපයකින් යුක්ත වන්නා වූද, සිද්ධි සෞභග්‍ය සැමටම ශිව දෙවියන් විසින් ලබාදෙන්නේය.

කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්ජ්වලා
ධනම් ජයාහුතී කෘතා ප‍්‍රචණ්ඩ පංච සායගේ
ධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍රපත‍්‍රකා
ප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා

විශ්වයේ විශිෂ්ට නිර්මාණ ශිල්පියකු වන්නා වූද, තෙඇස් ඇති ශිව දෙවියන්; ආදරය මොහොතකදී වනසන්නා වූද, ‘ඩගඞ්, ඩගඞ්’ හ`ඩින් විනාශ කරන්නා වූද, පාර්වතී සමග සහ සම්බන්ධව කලා නිර්මාණ කරන්නා වූද, ශිව දෙවියන් කෙරෙහි මගේ ප‍්‍රණාමය පුදකරමි.

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
කහූ නිෂීදි නීතමඃ ප‍්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා

නව සඳ පෑයූ දිනක අහස්ගැබ වැසුණු වළාකුළු සේ අඳුරු ගෙලකින් යුක්ත වූද, ගංගානම් ජූජනීය නදිය තමා සන්තක කරගත්තා වූද, සඳ හා රමණීය සිතුවම් මවන්නා වූද, මුළු විශ්වයේම බර සිය උරමත රඳවාගෙන සිටින්නා වූද ශිව දෙවියනි; අප වෙත සියලූ සෞභාග්‍යය උදාකරත්වා.

පෆුල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමඃ ප‍්‍රභා
වලම්භි කණ්ඩ කන්ථලී රුචි ප‍්‍රබද්ධ කන්ධරම්
ස්මරස්චිධම්, පුරස්චිධම් භවස්චිධම් මඛච්චිධම්
ගජචිධාංදකච්චිධම්, තම් අන්තකච්චිධම් භජේ

මන්මතා විනාශ කරන ලද්දා වූද, ත‍්‍රිපුරයේ ඝාතනය කරන ලද්දා වූද, සියලූ ලෞකික බැඳීම් විනාශ කරන ලද්දා වූද, ආත්ම ගවේෂණය විනාශ කරන ලද්දා වූද, ආන්ධක යක්‍ෂයා විනාශ කරන ලද්දා වූද, මරණයේ දෙවියන් වූ යම පාලනය කරන්නා වූද, සිය ගෙල ප‍්‍රභාවත්ව පෙනෙන්නා වූද ශිව දෙවිඳුනි; මම ඔබව වන්දනා කරමි.

අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රස ප‍්‍රවාහ මාධුරී විජෘම්භ මාන මධු වෘතම්
සුරන්තකම්, පරන්තකම්, භවන්තකම් මඛන්ධකම්
ගජන්ධකන්ධකන්ධකම් තමත්නකන්තකම් භජේ

සියලූ මරණීය සාධක පාලනය කරන්නා වූද, පූජනීය කදම්බ මල්වලින් වහනය වන්නා වූ සුවඳ තමා සතු වූද ශිව දෙවියනි; මම ඔබට නමස්කාර කරමි.

ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බරම් මද්බුජංග මශ්වසත්
විනිර්ගමද් ක‍්‍රමස්ඵුරත් කරාල භාල හව්ය වාත්
ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල
ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිත ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා

‘ඩිමිඩි ඩිමිඩි’ හඬ නගනා බෙර තාලයට සිය නර්තනයෙහි යෙදෙන්නා වූද, සිය නළල් තලයෙහි අග්නි ජාලා නිකුත් කරන්නා වූද, ගෙලෙහි රැුඳුණු නාග රාජයාගේ පිරිබැඳුම් හේතුකොට අහසෙහි රටා නගන්නා වූද ශිව දෙවියන්ට පූජා වේවා.

දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික සර්චජො
ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්ෂ පක්ෂයයෝ
තෘණාර වින්ද චක්ෂු-ශ්රෝෂත්රය පර සරජා මහී මහේන්ද්රතයෝ
සමංපර විවර්තයං මන: කධා සදා ශිවං භජා අහම්

නෙලූමක් බඳු දෑස් ඇත්තා වූද, සියලූ සත්වයාට එක ලෙස සලකන්නා වූද, මිතුරන්ට මෙන්ම සතුරන්ට එක සේ ක‍්‍රියාකරන්නා වූද, අති උතුම් ‘සදාශිව’ දෙවිඳුනි; මම ඔබ නමස්කාර කරමි.

කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම්
විමුක්ත ධුර්මති සදා ශිරස්ථ මංජලිං වහම්
විලෝල ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා
ශිවේති මන්ත‍්‍ර මුචරන් කදා සුඛී භවාම්‍යහම්

මාගේ සිත තුළ පවතින විෂම සිතුවිලි ඉවත් කරන්නා වූද, උතුම් ගංගා නදිය අසබඩ කුහරයක ජීවත් වන්නා වූද, මනෝරම්‍ය මුහුණකින්, නළල් තලයකින් පරිපූර්ණ වන්නා වූද ශිව දෙවියනි; ඔබ ගුණ සිහිකර නමදිනවිට මගේ සිත සතුටින් පිරී යන්නේය.

ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමෝ තමම් ස්තමම්
පඨම්ස්මරම් ධෘවං නරෝ, විශුද්ධිමේති සන්තතම්
හරේ ගුරෝ සුභක්ති මාශු යාති නන්‍යධ ගතීම්
විමෝහනම්හි දේහිනාම් සුශංකරස්‍ය චින්තනම්

මෙම ස්ත්‍රෝත‍්‍ර ගායනා කරන ලද කවරෙක් වුවද, ශිව දෙවියන්ගේ ආශිර්වාද ලබන්නේය. ශිව දෙවියන්ගේ
අනුගාමිකයෙක් බවට පත්වන්නේය. ශිව දෙවියන් කෙරෙහි ඇතිකර ගන්නා ඉතා කුඩා සිතුවිල්ලක් හේතු කොටගෙන සිතෙහි පවතින සියලූ අඳුරු වලා පහව යන්නේය.
මෙම ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රවල පද බැඳීමේ ස්වභාවය ඉතා සංකීර්ණ වන අතර, එය ලඝුගුරු ආකාරයෙන් බෙදා අවබෝධ කරගැනීම කළ නොහැක්කකි. එසේම මෙම ස්ත්‍රෝත‍්‍රය පුරාම මහා රාවණ විසින් ශිව දෙවියන් වෙතින් පරිපූර්ණත්වය ඉල්ලා සිටියි. පරිපූර්ණත්වය යනු භෞතික බැඳීම්වලින් එහා ගිය දියුණුවකි. එනම් පංචභූත තත්ත්වය පාලනය කළ හැකි, ආත්මීය ශක්තිය මෙන්ම, ප‍්‍රාණ ශක්තිය පාලනය කළ හැකි පරිපූර්ණත්වයයි.

කාංචන මනමේන්ද්‍ර

Monday, September 23, 2013

අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය


ටික කලකට පෙර මම රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන ලියපු ලිපයක් හමුවුනා... බ්ලොග් එකට දාන්න හොඳයි කියලා හිතුන නිසා යුනිකෝඩ් වලට හරවලා දැම්මා...

තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_xTS6iVTPeMotmKnZvnL-5k9LwHD4pA9khaxcgu0WNY0t0coP75eCol4U7Mta4VqszLYUlMxYHGpigW48RWWXETZTyFVB6i45vnEt611MYsQ_ai8grqhiWC-1y-PWSyYl1h9VPAtryyOf/s320/Ranmasu-uyana-pond.JPG











රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.

කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6eZ_8MB5jriF_bu1c5lnzp1jFhVuie97Q3DjbpUmcLYdASE4VCEwVqq-cIQNiItrAv9HBGYmSUHMpiW7SETCc-Kpxh5GgokkbByH_4Hhn01kZf-gL9flOEAtQ341cpnjYzmeO1bs1L1NU/s320/sakwala-chakraya.JPG













මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.

මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් , මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.

එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.

තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.

ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)

එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfz6BLhwx582F6EM4ejL2lHPPhHRtj77uHJXX7O1fadMqjq9UZipD8J9c7PxmUTalDbSOyqruU0aIp2Wz5b8M-QLlrZYCaD0gc45CKLET6XcPnX8J1U6P1_LsVtCOQM__w65v_1zaHMpgv/s320/sc-illustration.JPG


සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.
____________
http://signatures.mylivesignature.com/54485/366/999B9269D9C09B0D89C245B926AC862E.png
at 3:24 PM http://www.blogger.com/img/icon18_email.gif
3 comments:
http://lh4.google.com/srishanu/RYkdwrWcLII/AAAAAAAAABs/8ZJrcBzuXys/s400/moose3.jpg
SRIshanu said...
මෙවන් ලිපියක් කියවන්න ලැබීමත් සතුටක්. මෙවන් තොරතුරු තවත් ඇතොත් මෙහි ලියන්න.

මා කියවා ඇති කරුණු අනුව බලන කල, මෙහි සඳහන් මත වලින් බැබිලෝනියා/මිසර සම්බන්ධය වඩා තහවුරුවන සාධක දැනට සොයාගෙන තිබේ. විශේෂත්වය වන්නේ ඒවා බටහිර ජාතිකයන් විසින් සොයාගෙන ඉදිරිපත් කිරීමත්, සිංහල අප ඒ ගැන අල්පමාත්‍රයක් හෝ නොදැනීමත්, නොසෙවීමත්ය.

කෙසේ වෙතත් අප මේ සිටින්නේ ආදි මුතුන්මිත්තන් ජීවත්වූ තාක්ෂණික ලෝකයෙන් නැවත වන-ගෝත්‍රික ලෝකයකදැයි සිතේ...
http://img2.blogblog.com/img/b16-rounded.gif
Gaveen said...
ලිපියට තුති. නමුත්, ඇසිය යුත්තක් තිබේ.

තැන් කිහිපයකම බැබිලෝනියානු සම්බන්ධය ගැන මින් පෙර කියවා ඇතත්, කිසි තැනක නිසි තොරතුරක් දක්වා නොතිබුණි. මෙහිද එසේමය. හැකිනම්, ලංකාවෙන් පිට මෙවැනි ලකුණු ඇති තැන් ගැන නිසි තොරතුරක් සපයන්න. සොයා බැලීමට කැමැත්තෙමි.
http://img2.blogblog.com/img/b16-rounded.gif
rajith said...
මේ වගේ ලිපි තවත් පල කරනවානම් ඒ පිළිබදව සතුටු විය හැකියි.

බැබිලෝනියානු සම්බන්‍ධය ගැනත් යමක් කියන්න කැමතියි.

බැබිලෝනියාවේ තිබී හමුවුණු මැටි පතක ඇතුන්ගේත් සිංහයින්ගේත් දිවයිනේ සිට පැමිණි මිනිසුන් පිළිබදව සටහනක් ඇති බව සොයාගෙන තිබේ.

ජාතික සංකේතයන් ලෙස ඇතුන් සහ සිංහයින් යන සතුන් දෙවර්‍ග‍යම භාවිතා කරන දූපතක් ලෙස හැදින්විය හැක්කේ අපේ රට නොවේද? මෙම සංකේත පිළිබදව දුටුගැමුණු රජුගේ ධජයෙහි තිබුණු ඇත් හා සිංහ ලාංඡන ද, සාධක ලෙසස දැක්විය හැක.