Sunday, September 8, 2013

ආගමික නිල ප‍්‍රහාරයට පනික්කි රාළ සූදානම්ද?


  ඕනෑම රටක අභිමානය මෙන්ම ප්‍රෞඪත්වය රැුඳී ඇත්තේ ඒ රටේ අතීත උරුමයන් මතය. ඒ උරුමයන් අතර ඒ ඒ රටට ආවේණික අංගයන්ද බොහෝ විට දැකගත හැකි වෙයි. එවන් අංගයන් සුරක්ෂිත කරමින් අනාගත පරපුරට උරුම කරදීමත් ඒ හරහාම ලෝකය තුළ අනන්‍යතාවක් ගොඩනගා
ගැනීමටත් කිසිදු රටක් පසුබට වන්නේ නැත. පැරැුණි සටන් ශිල්පයත් එවන් වූ වටිනාකමක් සහිත අංගයක් ලෙසද දැක්විය හැකිය.
සමුරායිවරුන්ගේ කඩු ශිල්පය, නින්ජාවරුන්ගේ සැඟ වී වේගවත් පහරදීම් මෙන්ම ෂාඩලින් පන්සල්වල බෞද්ධ භික්ෂුන්ගේ මානසික එකඟතාව තුළ ක‍්‍රියාත්මක වන කුංග්ෆු ආදී සටන් ක‍්‍රම චීනයේ අභිමානය වර්ධනය කරන්නට හේතු වූ බව අමුතුවෙන් කිව යුතු නැත. අදින් වසර දස දහස් ගණනකට පෙර ආසියාවේ අසමසම ජාතියක් ලෙසින් වැජඹුණු හෙළයන්ටද තමන්ටම කියා ආවේණික වූ සටන් ක‍්‍රමයක් පැවතුණි. ඒ අංගම් ශාස්ත‍්‍රයයි.
අංගම් ශාස්ත‍්‍රය යනු ඉතා විශිෂ්ට වූ සටන් ක‍්‍රමයකි. එයට හේතු වනුයේ ඒ තුළ අංග ගණනාවක් එක් තැන් වී තිබීමයි. සටන් ක‍්‍රම, නිල කලාව, වෙදකම, මානසික ශක්තිය මෙන්ම ගුප්ත ක‍්‍රම යන සියලූ අංගයන් අංගම්කරුවා සතු විය. සරලව පැවසුවහොත් චීනයේ කුංග්ෆු සටන් කලාවටත් වඩා අද්විතීය වූ සටන් ශිල්පයක් අප සතුව පැවතුණි.
සුදු අධිරාජ්‍යවාදී පාලනයට ලංකාව නතුවන තෙක්ම ප‍්‍රධාන පරම්පරා හතක් ඔස්සේ අංගම් ශාස්ත‍්‍රය ඉතා සුරැුකිව හා රහසිගතව පවත්වාගෙන ආවේය. පෘතුගීසින්ට හා ඉංග‍්‍රීසින්ට එරෙහිව මතුව ආ කැරැුලිවලදී ඔවුනගේ තුවක්කු හා කාලතුවක්කුවල බලයටත් අභියෝගයක් වූයේ අංගම් සටන්කරුවන්ය.
සුප‍්‍රසිද්ධ මුල්ලේරියා සටනේදී පෘතුගීසින් සමූල ඝාතනය වන්නටත් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී ඉංග‍්‍රීසි බල ඇණි පිටින් විනාශ කර දමන්නටත් වැඩි දායකත්වය සැපයූවේ හේවාගම් කෝරළයේ අංගම් පරම්පරාවන්ය. ඉංග‍්‍රීසින්ට සහය දැක් වූ ලංකාවේ රදළයන්ගේ ඇත් බල ඇණිවලට එරෙහිව ක‍්‍රියාත්මක වූ ප‍්‍රබලම සටන් ක‍්‍රමය පැවතියේද දේශීය අංගම් සටන්කරුවා සතුවය. ඒ අලියකු වුවත් එක් පහරකින් බිම දැමිය හැකි ‘මරු නිල’ පහරයි.
අලියා ඉදිරියට වේගයෙන් දිවයන සටන්කරුවන් දෙදෙනකුගෙන් එකෙකු විසින් අනෙකා ඔසවා ඉහළට විසි කරනු ලබයි. ඉහළට යන වේගයෙන්ම අලියාගේ කුම්භස්තලය සිදුරු වී යන්නට තරම් ප‍්‍රබල පහරක් එල්ල කරන්නට තරම් අංගම්හි මරු නිල පහර ප‍්‍රබල විය. එසේම ඉංග‍්‍රීසි හමුදා බල ඇණියක්ම මරු කාලම පිඹීම නම් ශබ්ද ශාස්ත‍්‍රමය ක‍්‍රමවේදයක් හරහා මරා දැමූ අවස්ථාවක් පිළිබඳවද හෙළ අංගම් ඉතිහාසය තුළ සඳහන්ව ඇත.
අංගම් පරම්පරා අතර ප‍්‍රසිද්ධ පරපුර දෙකක් ලෙස සැලකෙන්නේ සුදලිය හා මරුවල්ලිය යන පරම්පරා දෙකයි. ඒ අතර උඩරට අවසන් රජුගෙන් මෙන්ම ඉංග‍්‍රීසින්ගෙන්ද ගරු බුහුමන් ලැබූ මරුවල්ලිය
කුමාරිහාමි අංගම් ශිල්පයේ ඉදිරියට ආ එකම කාන්තා චරිතයි.
අප කියන්නට යන්නේ අංගම්පොර සටන් කලාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන නොවේ. හෙළ ඓතිහාසික
සාධකයන් සියල්ලම ග‍්‍රහණය කරගනිමින් ක‍්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදයේ ග‍්‍රහණයට හසුවන වර්තමාන අංගම් සටන් කලාව පිළිබඳය.
පසුගිය වසරේදී ලංකාවේ අංගම් ශිල්පීන් හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා අතර පැවැත්වුණු සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙසින් අංගම් ශිල්පීන් රජයේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැගුණි. එහිදී දිවයින පුරා විසිර සිටි අංගම්කරුවන්ගේ නාමලේඛනයක් ප‍්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් එකතු කරන්නට විය. මෙසේ ලැබුණු නම් ප‍්‍රමාණය තිහකි. එම නම් ලියාපදිංචි කිරීම උදෙසා යොමු කරන ලද්දේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් පිහිටුවන ලද සිවුහෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේය. ගැටලූව එය නොවේ. අංගම් ශිල්පීන් තිස් දෙනා අතුරින් දොළොස් දෙනකුම ඉරක්කාමම් ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් වීමය.
අංගම් ශිල්ප කලා සම්මේලනය පිහිටුවීමේ අරමුණම වූයේ දේශීය අංගම් ශිල්පය ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීමය. අප ඇමැතිවරයාගෙන් මේ පිළිබද කළ විමසීමේදී මෙම ලියාපදිංචි කිරීම් නවතා දැමූ බව පැවසූ මුත් ගැටලූ කිහිපයක් තවමත් ඉතිරිව පවතී. ඉන් පළමු වැන්න වනුයේ මුස්ලිම් අංගම් ශිල්පීන් කියා පිරිසක් බිහි වූයේ කෙසේද යන්නය.
දෙවැන්න නම් මේ සංගමය හරහා අංගම් සටන් ක‍්‍රමයක් හා ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස සමාජගත නොකොට සංස්කෘතික අංගයක් ලෙස සමාජගත කිරීමට දරන උත්සහයයි.
අංගම් ශාස්ත‍්‍රයේ පළමු නීතිය වන්නේ සිංහල බෞද්ධයකුට මිස ශාස්ත‍්‍රය නොදිය යුතුය යන්නය. අංගම් ප‍්‍රධාන ගුරු කුල හත තුළ ශිල්පය හිමිවනුයේ එම පරම්පරාවේම අයකුට පමණි. එසේම යම් හෙයකින් වෙනත් සිංහල බෞද්ධයකුට ශාස්ත‍්‍රය ලබා දිය යුතු නම් හත්මුතු පරම්පරාවම සිංහල බෞද්ධද යන්න බැලීම සිරිතක්ව පැවතුණි. එසේම අංගම් ශිල්පියා සූර්ය දෙවියන් පිදීම, රාවණ දෙවියන් පිදීම මෙන්ම පරපුරේ ආදිතමයන් පිදීම සිරිතකි. මෙය හෙළ අපට නම් හුරු පුරුදු දෙයකි. එහෙත් මුස්ලිම් ආගම හෝ ජාතිය තුළ අල්ලා හැර වෙනත් දෙවිවරු වැඳීමේ ක‍්‍රමවේදයක් නැත. එසේ නම් අංගම් ශාස්ත‍්‍රයේ මූලික නීතිය වූ සිංහල බෞද්ධ පදනමත්, දේව ඇදහිලි ක‍්‍රමවේදත් සමග ගැළපෙන්නේ නැත. අනෙක් කාරණය වනුයේ හෙළ අංගම් සටන්කරුවා භාවනා හා අධිමානසික ක‍්‍රම උපයෝගී කර ගැනීමත් සමග අවිහිංසාවාදී ලෙස කටයුතු කිරීමට පෙළඹීමයි. ඒ අනුව විශේෂයෙන්ම හරක් මස් භාවිතයෙන් ඔවුන් වැළකුණි. මුස්ලිම් අංගම් ශිල්පීන් ගැන කතා කරද්දී මෙයත් පරස්පර විරෝධී කාරණයක් ලෙස ගත හැකිය.
ලියාපදිංචි කිරීම කෙසේ වෙතත් අංගම් සටන් කලාව වෙනුවෙන් කළ සේවයට රාජ්‍ය මැදිහත් වීම සහිතව මුස්ලිම් ශිල්පීන්ට සම්මාන පිදීමක්ද සිදු වූ බවට තොරතුරු පවතී. එක් අතකින් මෙය මහා විහිළුවකි. බෞද්ධ සිද්ධස්ථාන ආක‍්‍රමණයෙන් ඇරඹුණු අන්තවාදය ඉන්පසු පාරම්පරික වලව් ග‍්‍රහණයට නතු විය. දැන් ඔවුන් අපේ ඉපැරැුණිම සටන් ශිල්පයටද අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
මේ සියල්ල හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ කිසිවක් නොව මුස්ලිම් යනු ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත ජාතියක් බවට සාක්ෂි සාධක නිර්මාණය කර ගැනීමටය. ජනගහනයෙන් ඔවුන් වත්මනෙහි දමිළ ජනගහනය අබිබවා ඇත. මෙය අනාගත අර්බුදයක තවත් පෙරනිමිත්තක් ලෙසද ගත හැකිය.
අංගම් ලෙසින් ඔවුන් පෙන්වන්නේ අරාබි වෙළෙඳුන් හරහා ආසියාවට පැමිණි චීන අඩි නම් සටන් සම්ප‍්‍රදායයි. ලංකාවේ බොහෝ පිරිස් ඉන්දියාවට ගොස් ඉගෙනගෙන එන්නේ මෙම චීන අඩි සටන් ක‍්‍රමයයි. එහෙත් ලංකාවට පැමිණි විට එය අංගම් ලෙස පෙන්වීමට උත්සහ දරයි. මුස්ලිම් ශිල්පීන්ගේ චීන අඩි දේශිය අංගම් හා සමාන වනුයේ ඒ නිසාය. මෙහිදී සමාන කළ යුත්තේ දේශීය අංගම් ශිල්පියා හා චීන අඩි ශිල්පියා මිස චීන අඩිම පුහුුණු වූ දෙදෙනකු නොවේ.
මුස්ලිම් අංගම් ගැටලූවට එහා ගිය තවත් ගැටලූවක් ඇත. නැගෙනහිර පළාතේ හා කොළඹ ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලි කිහිපයක රහසිගතව මැලේසියානු ජාතිකයන් යොදාගෙන ‘සිලාට්’ නම් නිලවලට පහරදීමේ සටන් ක‍්‍රමයක් පුහුණු කිරීමයි. ජීවිත ආරක්ෂක සටන් ක‍්‍රම ගණයට ගැනෙන මෙම ක‍්‍රම රහසිගතව කළ යුතු නැත. එය රහසිගතව සිදු කරන්නේ නම් දෙවරක් සිතා බැලිය යුතුය. නිල ශාස්ත‍්‍රය යනු අංගම් ශිල්පයේදී රහසිගත කොටසයි. අන්තවාදය මුල් කරගනිමින් ක‍්‍රියාත්මක වන පිරිසක් අතර නිල සටන් ක‍්‍රමයක් හිමිවීම සිංහලයාට තවත් මරු පහරක් වනු ඇත.
සිංහල උරුමය වෙනුවෙන් ඇස් කන් ඇර අවට බැලිය යුතු යුගය යළිත් උදා වී ඇත. ඒ දමිළ ත‍්‍රස්තවාදය වෙනුවට නැගී එන අන්තවාදයේ මුල් සිඳ දැමීම උදෙසාය.

අංගම් ශිල්පය මුස්ලිම්කරණය වීමේ
අවදානමක් තියෙනවා

මහන්ත ආරච්චිගේ අජන්ත
ඇෙ`ග් මැඩිල්ල රණ පිල

අංගම් ගුරුවරයකු ශිෂ්‍යයකුට මෙම ශිල්පය ලබාදීමේදී මූලිකවම එම ශිෂ්‍යයා සැපිරිය යුතු ප‍්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතර ප‍්‍රධානම දෙය තමයි සිංහල බෞද්ධ වීම. අංගම් ශිල්පියකු ලබා දෙන දිවුරුම් දහයේත් මෙය ඇතුළත්. එහිදී සිංහල බෞද්ධ නොවන පුද්ගලයකුගේ අතට මෙම ශාස්ත‍්‍රය නොයන බවට ඔවුන් දිවුරුම් දිය යුතුය. මෙවන් පසුබිමක් තුළ මුස්ලිම් අංගම් ශිල්පීන් කියා පිරිසක් ලියාපදිංචි වීම හරහා අංගම් ශාස්ත‍්‍රයත් මුස්ලිම්කරණය වීමේ අවදානමක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ පිළිබඳ අප අමාත්‍යවරයාගේ සිට අදාළ සියලූ නිලධාරින් සමග සාකච්ඡුා කළා. මේ ලියාපදිංචි කිරීම පිළිබඳ වගකීමක් ගන්න කිසිවකුත් නැහැ.
හෙළ පාරම්පරික ශිල්ප ක‍්‍රමයක් ලෙසින් අප මෙය රැුකගත යුතුයි. කෙසේ වෙතත් අප මෙම සම්මේලනයෙන් ඉවත් වුණා.

අංගම් ශාස්ත‍්‍රය හෙළයන්ට මිසක්
වෙනත් ජාතියකට අයත් වූවක් නොවෙයි

පියුමාල් එදිරිසිංහ
ශ‍්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය

අංගම් ශාස්ත‍්‍රය එකහෙළාම හෙළ ක‍්‍රමවේදයක් මිසක් වෙනත් ජාතියකට අයත් වූවක් නොවෙයි. අපේ හෙළ ඉතිහාසය තුළ අංගම් උරුම වෙලා තිබුණේ ප‍්‍රධාන පරම්පරා දෙකකට පමණි.
ඒත් වර්තමානය වනවිට රාජ්‍ය මැදිහත් වීමෙන් මුස්ලිම් ජාතිකයන් දොළොස් දෙනකුව අංගම් ශිල්පීන් ලෙස ලියාපදිංචි කරලා තියෙනවා. මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක්.
අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රධානම පොරොන්දුවක් හා සමාන දෙයක් තමයි අංගම් ශිල්පියා හරක් මස් කෑමෙන් වැළකිය යුතුයි කියන එක. මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රධානම ආහාරයක් තමයි හරක් මස්. එතැනින්ම අංගම් ශාස්ත‍්‍රයේ මූලික නීති කැඩෙනවා. මේක බොහොම සූක්ෂ්ම විදියට ලංකාව තුළ මුස්ලිම් ඉතිහාසය ස්ථාවර කිරීමට දරන උත්සහයක් ලෙසින් තමයි අප මෙය දකින්නේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මේකට වගකිව යුතුයි. අප මේ සංගමයත් සමග එකතු වුණේ නෑ.

දේශීය සටන් ශිල්පයක් ලෙස
එහි වර්ධනයට වූ දෙයක් නැහැ

රිටිගල සුමේධ
රිටිගල විශුද්ධි හරඹ ක‍්‍රමය

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අංගම් ශිල්ප කලා සම්මේලනය පිහිටුවේ සත්කාර්යයක් විදිහට. එහිදී ඔවුන් අපේක්ෂා කළේ දේශීය සටන් ශිල්පය සංස්කෘතික අංගයක් ලෙස ඉදිරියට ගෙන යෑමයි. එම කාර්යය තුළදී මෙම සම්මේලනය සාර්ථකයි. එහෙත් මෙය දේශීය සටන් ශිල්පයක් ලෙස එහි වර්ධනයට සිදු වූ දෙයක් නැහැ. යම් යම් ක‍්‍රම හරහා අංගම් හෝ ඒ සමාන ක‍්‍රම හැදෑරූ මුස්ලිම් පිරිසක්ද මේ යටතේ ලියාපදිංචි වී තිබෙනවා. මෙහි ගැටලූවක් තියෙනවා. අංගම් ශිල්පය ලබාදීමේදී අපේ රිටිගල විශුද්ධි ක‍්‍රමය තුළ හත්මුතු පරම්පරාව පිළිබඳ විමසා බැලීමක් සිදු කෙරෙනවා.
මෙවන් තත්ත්වයක් තුළ අපේ අංගම් ක‍්‍රමයට මෙම සම්මේලනයෙන් වැඩක් වෙන්නේ නෑ. සංස්කෘතික අංගයක් ලෙස පමණයි මෙය සමාජ ගත වෙන්නේ. ඒ නිසා අප මෙයට සම්බන්ධ නොවී කටයුතු කරනවා. එයට හේතුව අප ආධ්‍යාත්මික සංවර්ධනයට මූලිකත්වය දීමයි.

දැන් එහෙම ගැටලූවක් නැහැ

ටී.බී. ඒකනායක
සංස්කෘතික කටයුතු ඇමැති

අමාත්‍යාංශය මඟින් අංගම් ශිල්පීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා. එහිදී මුස්ලිම් ශිල්පීන් කිහිප දෙනෙක්ද ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. ඒ ඉල්ලීම මතයි, අතිරේක ලේකම්වරයා විසින් සිවු හෙළ ජාතික අංගම් ශිල්ප සම්මේලනය වෙත ලියාපදිංචිය සඳහා යොමු කරවනු ලැබුවේ.
කෙසේ වෙතත් අප ඒ ඉල්ලීම යළි කැඳවා තිබෙනවා. එසේ ලියාපදිංචි වීමක් සිදුවූයේ නෑ. ඒ කියන්නේ දැන් එහෙම ගැටලූවක් නෑ.

කාංචන ගීත මනමේන්ද්‍ර

1 comment: