Monday, January 28, 2013

ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.



ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල.
යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාව
ක් නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකාවක නිර්මාණය වන ආකාරයයි.

දෙවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

තැන්වන රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300 වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.

හතරවන සහ පහ රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.

හයවන රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්‍රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.
ඒ ගුරුත්ව බල නිරීක්ෂණය අනුව වතිකානුවේවත්, මක්කමවත් කිසිම ලකුණක් පෙනෙන්න තියෙනවද? නෑ නේද ? බලන්න යාලුවනේ මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්‍යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.
මේකත් සමහරු තමන්ගෙ වාසියට හරවාගෙන කියනව බුදු හාමුදුරුවො අපේ රටේ ඉපදුන නිසාලු මේ තරම් විශ්ව ශක්තියක් නිකුත් කරන්නෙ. ඒ අසරණයින්ටත් අපි අනුකම්පා කරනව හැර මොන කරන්නද?
දැන් ඉතින් පණ්ඩිත උන්දැල මේකෙ අඩුපාඩු හොයයි. තමන් අයියවෙන්න උතසාහ කරයි. මේක අපි කලින් කීවනම් හොදට බැණුම්. දැන් නාස එතකන් කියපු නසා අඩුපාඩු කියල බැණුම්. මේව තමයි පෘතග්ජනයන්ගෙ වැඩ.

තරු මහසෙන් යුද්ධය සහ තරු අකුරු.....



තරු මහසෙන් යුද්ධය සහ තරු අකුරු.....

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත………….
බලි තරු රාවණ ගැමුණු විජයබා විරුවන් ලද ලංකා……………
මේ ජනප්‍රිය ගී දෙකෙහි යම් සමානකමක් ඔබ දකිනවද?බලන්න නැවතත් මේ දෙකේම තියනවා. තරු කියලා වචනයක්. මොකක්ද මේ තරු.
මෙන්න මේක තමයි අද මගේ ලිපියට පාදක වෙන්නේ.මේකෙ පලවෙනි ගීයෙන් කියන්නේ තරු අත් අකුරු ගැන.දෙවනි ගීයෙන් කියන්නේ අපේ පුරාණ මහා රජවරුන් කීපදෙනෙක් ගැන.එතකොට අපිට මුලින්ම පැහැදිලි වෙනවා මේ තරු කියන්නේ රජකෙනෙක් කියන එක.
හොදයි දැන් අපි දන්නවා එහෙම රජ කෙනෙක් අපි අහලා නැති බව. ඔව් ඔබ තියා මමත් මේගැන දැන ගත්තේ මේ ආයුර්වේද කෙරුවාවට එකතු වුනාට පසු.
මේ තරු රජ පරපුර තමයි අද අපි කළුතර කියලා කියන නගරය ආශ්‍රිතව තම රාජධානිය ගොඩනඟාගෙන සිටි අති ප්‍රභල රජු. මෙතුමාගේ කාලය වෙන්නේ අහුබුදු ශූරීන්ට අනුව නම් ක්‍රි. පූ. 10,000 විතර. මම නම් මේ කාලය ගැන එතරම් තැකීමක් කරන් නැහැ. මොකද මේ තොරතුරු අපිට දැනට ගන්න තියන්නේ, ඉන්දීය දේවපුරාණය අතර්ව වේදය වගේ ග්‍රන්ථවල. මේ ග්‍රන්ථ මම දන්න විදියට ඉංග්‍රිසි භාෂාවෙන් තියනවා. නමුත් අපි තාම මේවා සිංහලටපෙරලන්න හිතලවත් නැහැ.කෙසේ වෙතත්,මේ රජුගේ පරපුර රජ කරන්නේ අද උතුරු කළුතර කියන ප්‍රදේශයේ තමයි. ඒ කාලේ මේ ප්‍රදේශය හදුන්වන්නේ දෙශාස්ත්‍ර කළුතර නමින්. ඔබ කළුතර කෙනෙක් නම් පැරන්නන්ගෙන් අසා බලන්න 1920/30 පමණ වනතෙක් මේ ව්‍යවහාර තිබිලා තියනවා. දැන් මතක තබා ගන්න මේ දෙශාස්ත්‍ර කියන නම.
නැවත අපි බලමු එතකොට දකුණු කළුතරට කියලා තියන්නේ මොකක්ද.මම දැනට අවු ගනනාවකට කලින් මේ ගැන හොයන්න කළුතර පොඩි රස්තියාදුවක් දැම්මා. ඒ වෙලේ මට මුණු ගැසුනා මිත්‍රයෙක්ගේ සීයා කෙනෙක් ඔහු දැනන් හිටියා මේ විස්තර.මේ ප්‍රදේශයට කියලා තියන්නේ වේලාපුර කළුතර කියලා. ඒ කියන්න්නේ වේලා පුරය නමින් හැදිවූයේ කතරගමට. එතකොට ගගින් එගොඩ වේලාපුර හෙවත් කතරගමට යටත් ප්‍රදේශය.මෙගොඩ තරු රජු පාලනය කල දේශාස්ත්‍ර කළුතර.
දැන් අපි බලමු මේ තරුගේ පවුලේ කට්ටිය ගැන.ඔහුගේ සහෝදර සහෝදරියන් ඉදලා තියනවා 05 දෙනෙක් මොවුන්ගෙන් 04 පිරිමි. එක් කාන්තාවක් හිටියා. මොහුගේ පියා තමයි පියුම් රජු. එතකොට මේ අයගේ නම් තමයි
1. තරු පියුම්
2. විරු පියුම්
3. සුරු පියුම්
4.නල පියුම්
5. සරසවි පියුම්
මෙන්න මේ සරසවිය තමයි අපිට ඕනෙ වෙන්නේ.ඇය තමයි අපි කවුරුත් දන්නා සරසවිය.ඇගේ වල්ලභයා වෙන්නේ ගංඟාමුණි, පුතුනුවන් වන්නේ සරිත්, දැන් ඔබට දැනෙනවද මේ සරසවිය උගත් කාන්තාවක් බව. ඔව් ඇය තමයි අකුරු කියන ශිල්පය මෙලොවට බිහි කලාය කියලා දේව පුරාණයේ සඳහන් වන්නේ.ඇය තම වැඩිමල් සොයුරා වන තරු රජුගේ නමින් මේ ශාස්ත්‍රය නම් කලා. දේශාස්ත්‍ර වන්නේ මේ නිසාලු. එතකොට අර කියන ගීයෙන් හැගෙන්නේඔබට මම මේ පෙම්පත එවන්නේ ලෝකයේ තිබෙන පැරණිම අකුරින් ලියලා.
කෙසේද මගේ ආලය....කාලයක් ලිව්වා ලිවිල්ලක් වෙද හාමිනේටත්....
මේ කාලයේදී ලංකාව කොටස් දෙකකට තමයි පාලනය කරලා තිබෙන්නේ. එක් කොටසක් තරු ප්‍රමුක පියුම් රාජ වංශය. අනෙක් කොටස අපිට ඉතා වැදගත් බුදුන් වහන්සේ හැරුනම වැඩියෙන්ම බෞද්ධයන්ගේ ගෞරවයට ලක් වෙලා ඉන්න මහසෙන් හෙවත් කතරගම රාජධානිය කරගත් කතරගම දෙවියන්ගේ, රාජධානිය මේක හදුන්වා ඇත්තේ වේලා පුර කියන නමින්. මේ නිසා තමයි මේ රාජධානිය පටන් ගන්නා තැන වන කළු ගං මෝය දකුණෙන් ඇති ප්‍රදේශය වේලාපුර කළුතර වූයේ.
නමුත් කාලයකදී මේ සරස්වතිය ලබා ගැනීමට සහ රට එක්සත් කිරීම යන පරමාර්ථ ඇතිව මහසෙන් රජතුමා තරු ප්‍රමුඛ පියුම් රජවරු සමඟ යුද්ධයකට යනවා. එහිදී පියුම් පරපුර පරාජය වෙනවා. නමුත් මහසෙන් රජතුමාට සරසවිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන් නැහැ. ඇය කළු ගඟටම දිවි දෙනවා. මේ සිද්ධිය ඈත අතීතයේ සිදුවූ මනරම් යුද්ධයක් විදියට දේව පුරාණය සඳහන් කරලා තියනවා.
දැන් ඔබට මම පොඩි හෝඩුවාවක් දෙන්නම් අද මේ (තරු අකුරු) ගැන දන්නා උගතුන් කීපදෙනෙක් ලංකාවේ ඉන්නවා. (මේවා ලියලා හිරේ යන්න වෙයිද මන්ද?) එක්කෙනෙක් තමයි අප අතරින් ලඟදී වියෝවුනු අහුබුදුවන්, අනික් පුද්ගලයා තමයි මම ඉතා ගරු කරන උගතෙක් වන (දේශපාලනය මට වැඩක් නැහැ. මම ඒ ගැන හිතන්නේත් නැහැ.) වි.ජ.මු. ලොකුබන්ඩාරයන්. තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි එතරම් විධිමත් අද්‍යාපනයක් නොලද්දත් අද මෙරට සිටින මගේ මිනුම් අනුව අංක 1 ගත ගැකි පුරාවිද්‍යාඥයෙක් වන ජයරත්න පතිරාරච්චි මහතා.
ඔබ දන්නවද සරසවියට අත් හතරයි. මේ අත් හතර මොනවද කියල??
1. එක් අතක ඇති පොතකි - දැණුම
2. තවත් අතෙක - ඇටවැල - සිහිය
3. තවත් අතෙක ගිරවා - කීමෙහි බිනීමෙහි නිපුණතාව
4. සතරවන අතෙහි වීණාව - ලලිත කලා නිපුණතාව

රාවණ ගැන කියවෙන කවි...



රාවණ ගැන කියවෙන කවි...

සමනල රුව කෙටූ ගල සමනල කන්ද
හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද
තලමල කොටා ඇත උස තලගල කන්ද
බඹර රුව ගලේ ඇති බඹරා කන්ද

නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද
යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද
කොටපොළ කන්ද මහදිග බට දඞු කන්ද
නිධන් වස්තු තවඇත සීගිරි කන්ද

කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ
ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ

නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස
කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස
රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස
මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස

ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව
නමුණුකුලය සගවා ඇත යගදාව
රක්වානේ කඳුමුදුනේ සිරියාව
මහවෙද නිධානය ගනු නොපමාව

කබරගේ රුව කොටා ඇති කබරාගලය
රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය
මොරොන් කන්දමුදුනේ මහ නිධානය
අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය

අමිල ගේ බ්ලොග් එකෙන්