Monday, January 28, 2013

රාවණ ගැන කියවෙන කවි...



රාවණ ගැන කියවෙන කවි...

සමනල රුව කෙටූ ගල සමනල කන්ද
හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද
තලමල කොටා ඇත උස තලගල කන්ද
බඹර රුව ගලේ ඇති බඹරා කන්ද

නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද
යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද
කොටපොළ කන්ද මහදිග බට දඞු කන්ද
නිධන් වස්තු තවඇත සීගිරි කන්ද

කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ
ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ

නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස
කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස
රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස
මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස

ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව
නමුණුකුලය සගවා ඇත යගදාව
රක්වානේ කඳුමුදුනේ සිරියාව
මහවෙද නිධානය ගනු නොපමාව

කබරගේ රුව කොටා ඇති කබරාගලය
රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය
මොරොන් කන්දමුදුනේ මහ නිධානය
අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය

අමිල ගේ බ්ලොග් එකෙන්

No comments:

Post a Comment