Monday, January 28, 2013

සෘෂිවරුන්ගේ යහපත් දැක්‌ම



සෘෂිවරුන්ගේ යහපත් දැක්‌ම

ලෝකයේ විවිධ දර්ශනවාදයන්හි ආරම්භය සොයා බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ ලෝක සම්භවය පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමක්‌ හැටියට ඒවා ආරම්භ වූ බවයි. උපනිශද් චින්තකයෝ ද ලෝකය යම් මූලකාරණයකින් හට ගත්තේ ද එය පරාත්මන් - බ්‍රහ්මන් ලෙස පිළිගනිති. සියල්ලෙහි නිර්මාපකයා, ආත්මින් - බ්‍රහ්මන් ලෙස පිළිගත් සංකල්පය ඉන්දියානු ජන ජීවිතයේ සිරිත් - විරිත් හා ඇදහිලි රටාව කෙරෙහි තදින්ම බලපෑවේය. බුදු දහම අනාත්මවාදී සංකල්පයක්‌ මත ගොඩනැගුන (ආත්මන් - බ්‍රහ්මන් සංකල්පය ප්‍රතික්‍ෂේප කළ) දර්ශනයකි. මෙහි අවසාන නිශ්ටාව වශයෙන් ප්‍රකාශ වන්නේ නිවනයි. බුදු දහමට සමකාලීනව හා පසුකාලීනව ඇති වූ ඉගැන්වීම්වල වෙනස්‌ නොවන ධර්මතාවක්‌ ගැන (ජීව - ආත්මන්) සාකච්ඡා වෙන අතර බුදු දහම ආත්ම වශයෙන් ගත නොහැකි නිරන්තරව වෙනස්‌ වෙන ධර්මතාවක්‌ ගැන සාකච්ඡා කරති. භාරතයේ ජන ජීවිතය තුළ තදින්ම මුල්බැස ගෙන තිබුණ ආගමික චින්තාවන් විසින් බුදු දහමේ ඉගැන්වීම් ප්‍රතික්‍ෂේප කරන්නට විය. භාරතීය භක්‌තිවාදී ආගමික ඉගැන්වීම්වලට ප්‍රතිපක්‍ෂ වූ හා ප්‍රඥාවෙන් දැකිය යුතු දහමක්‌ වූ බුදු දහම බොහෝ දෙනාට දුරාවබෝධ වූ දහමක්‌ වූ බැවින් ඉතාමත් කෙටි කලක්‌ තුළ අතුරුදන් විය.
බුද්ධ කාලයේ භාරතයේ නව ආගමික සංකල්ප හා දාර්ශනික මතවාද හා සංවාද ගොඩනැඟෙන අවස්‌ථාවක ආදි හෙළයන් (යක්‍ෂ ගෝත්‍රිකයන්) වනචාරී තිරශ්චීන දිවියක්‌ ගත කළ අය බව අපගේ පිළිගැනීමයි. එය මහාවංශාදි කථා ප්‍රවෘත්තීන් තුළින් ද තහවුරු කරයි. නාග හා දේව වංශිකයන් ද කෘෂිකර්මාදී නව ජීවන රටාවකට හුරු පුරුදු වූ අය නොවූහ. දේවානම්පියතිස්‌ස රජ සමයේ මෙරටට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ දහඅට කුලයට අයත් වෘත්තිකයන් අප රටට ගෙන්වා ගැනීමට කටයුතු කළේ මෙහි වැසියා එතරම් ම නොදියුණු ජාතියක්‌ වු බැවිනි. හෙළ වැසියා භාරතීය උප මහාද්වීපික මහා සංස්‌කෘතියේ පාරම්පරික උරුමක්‌කාරයෝ ලෙස සැලකුව ද එම උරුමය අපට ලැබී ඇත්තේ බුදු දහමත් සමඟ ඇතිකර ගත් ගනුදෙනුවක්‌ සමඟ පමණි. දෙරට අතර තදබල සංස්‌කෘතිකමය බැඳීම් අදටත් දැකිය නොහැකිය. බුද්ධ කාලයේ භාරත දේශයේ බුද්ධිමය සංවාදවල යෙදුන ආගමික චින්තකයන් බිහි වූ අවදියක හෙළ දිවයින දඩ වැද්දන්ගේ පාරාදීසයක්‌ ව තිබුණේ යෑයි පැවැසීම යුක්‌ති යුක්‌ත නොවේ. බුදු දහම මෙරට දීර්ඝ කාලයක්‌ ස්‌ථාපිත වී තිබීමෙන් පෙනී යන්නේ හෙළ වැසියා ද බුද්ධිමය අතින් ඉහළම තලයක සිටිය බවයි. වෛදික සමයේ ශ්‍රී ලාංකිකයෝ ද ලෝක සම්භවයට පිළිතුරක්‌ සෙවූ අතර, ග්‍රහලෝක හා ජීවීන් අතර ඇති සම්බන්ධතාව ද විමර්ශනය කළහ.
ග්‍රහ මණ්‌ඩල සතරක්‌ විසින් මේ ජීව ලෝකය පාලනය කරන බව හෙළ සෘෂිවරුන්ගේ විශ්වාසයයි. මෙය ගෝරාපාසලම හෙවත් විශල්ශෝල නම් අක්‍ෂරයක්‌ මගින් ඉදිරිපත් කරති. ග්‍රහලෝකවල ක්‍රමවත්ව පිහිටීම තුළ එහි ශක්‌තිය සත්ත්වයාට හිතකර වන බවත්, මෙය අක්‍රමවත්ව පිහිටීම තුළ ජීවීන්ට අහිතකර ලෙස බලපාන බවත් පෙන්වා දෙති. ග්‍රහ මණ්‌ඩල සතර සංකේත හෙවත් අක්‍ෂර මගින් පෙන්වා දී ඇත. එම අක්‍ෂර පිහිටුවා ඇත්තේ මේ අයුරිනි. සඳ හා හිරු යන ග්‍රහයන්ගෙන් නිකුත්වෙන මුගලස්‌ස හා ධාලිස්‌ස යන කිරණ මගින් මේ මහපොළොව සුරක්‍ෂිත වේ. චන්ද්‍රයාගෙන් නිකුත්වන මුගලස්‌ස නම් කිරණයෙන් ගස්‌ වැල් (තුරුලතා) ජලය වැනි දේ සුරක්‍ෂිත වන අතර, ධාලිස්‌ස නම් කිරණයෙන් ජීවියාගේ පැවැත්ම තහවුරු කරයි. මේ කිරණ තවදුරටත් සක්‍රීය වන්නේ වෙනත් ග්‍රහයන්ගේ බලපෑම හේතුවෙනි. එවැනි ග්‍රහ මණ්‌ඩල සතරක්‌ ඔවුහු සඳහන් කරති.
කෘෂිකාල හෙවත් කුජල අක්‍ෂර
මුගලස්‌ස සහ ධාලිස්‌ස යන කිරණ සෘජුවම පොළොව ආකර්ශනය කරගතහොත් එයින් පෘථීවියට හානි සිදුවිය හැකිය. සඳ හිරු දෙදෙනාට අමතරව මේ මහ පොළොවට ආකර්ශනය වන ග්‍රහයන් 09 දෙනකු පිළිබඳව සඳහන් කරති. මෙයින් බොහෝ ග්‍රහයෝ පෘථිවියට හිතකර බවක්‌ පෙන්වයි. අහිතකර බලපෑම් කරන ග්‍රහයන්ගේ අහිතකර බලපෑම් අනිත් ග්‍රහයන් විසින් පාලනය කරනු ලබයි.

01 බාසෙලිය අක්‍ෂරය (බාසෙලිය ග්‍රහයා)
02 දුදල අක්‍ෂරය (දුදල ග්‍රහයා)
03 භගුර අක්‍ෂරය (භගුර ග්‍රහයා)
04 කීඨ අලංගු අක්‍ෂරය (කීඨ අලංගු ගහ්‍රයා)
05 කාක්‌ල අක්‍ෂරය (කාක්‌ල ග්‍රහයා)
06 බහිමා අක්‍ෂරය (බහිමා ග්‍රහයා)
07 අන්තුර අක්‍ෂරය (අත්තුර ග්‍රහයා)
08 සෝභිය අක්‍ෂරය (සෝභිය ග්‍රහයා)
09 විපුට අක්‍ෂරය (විපුට ග්‍රහයා)

රකුන් සැර අක්‍ෂරය

සැර යනු රශ්මියයි. නොහොත් කිරණයයි. රකුන, යනු සූර්යයි. සූර්යයාගෙන් නිකුත් වෙන කිරණ සතරක්‌ ගැන මේ සංකේත මගින් පෙන්නුම් කරයි. ගුප්ත විද්‍යාවේදී බල උත්පාදනය සඳහා ද තේජස ගුණය ආශිර්වාදය සඳහා ද මේ රකුන් සැර අක්‍ෂර භාවිත කරයි. වරින්වර මේ කිරණ ශක්‌තීන්ගේ බලපෑම හේතු කරගෙන ස්‌වභාවය තුළ ඇතිවෙන වෙනස්‌කම් හා මිනිසාට බලපාන හැටි පිළිබඳ අධ්‍යයන කිරීමක්‌ මෙයින් සිදු වේ.

01 කේටකී රකුන් සැරය
02 උජාලි රකුන් සැරය
03 කාවලී රකුන් සැරය
04 කාවරි රකුන් සැරය

සිද්ධි සැර අක්‍ෂරය

සිද්ධි සැර චන්ද්‍ර රශ්මියයි. සිද්ධි යනු චන්ද්‍රයායි. සූර්ය කිරණ ලබාගෙන චන්ද්‍රයාගෙන් නිකුත් වෙන රශ්මි 04 ක්‌ ගැන මෙහි සඳහන් කරති. සූර්ය හා චන්ද්‍රයාගේ මේ කිරණ පොළොවට හිතකරය. සත්වයා, තුරුලතා, ජලය, වාතය වැනි හිතකර දේවල් ඇති කරනු ලබන්නේ ද මේ කිරණ ශක්‌තීන් මගිනි. චන්ද්‍රයාගෙන් නිකුත් වෙන රශ්මීන් සතර,

01 කේටකී සිද්ධි සැර
02 උජාලි සිද්ධිසැර
03 කාවලී සිද්ධිසැර
04 කාවර සිද්ධිසැර

භද්‍ර පද අක්‍ෂර

රකුන් සැර අක්‍ෂර සහ සිද්ධි සැර අක්‍ෂර එකතුවෙන් zභද්‍ර පදZ නම් අක්‍ෂර විශේෂයක්‌ සෑදේ. මෙයින් අක්‍ෂර සතරක්‌ සෑදෙන අතර මේවා මහ පොළොව ආරක්‍ෂා කරන ශක්‌තීන් සතරක්‌ ලෙස ද විග්‍රහ කරනු ලැබේ.

01 උජාලි භද්‍ර පද අක්‍ෂරය

මෙය පළමු භද්‍ර පද අක්‍ෂරයයි. සඳ හිරු නිසා පොළොවට ආකර්ශනය වන කිරණ ශක්‌තීන් දෙකකි. ඒවා මුගලස්‌ස හා ධාලිස්‌ස නමින් හඳුන්වනු ලැබේ. හිරුගෙන් නිකුත් වන කිරණ චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට භාජන වී කිරණ දෙකක්‌ වශයෙන් සකස්‌ වෙයි. ශ්‍රී ලාංකික යක්‍ෂ ගෝත්‍රික සෘෂිවරුන් පවසන්නේ මෙයින් පළමු කිරණය වන බාලිස්‌ස කිරණය කෙසරුවන් (සිංහයකුගේ ලොම් පැහැය) වන අතර මුගලස්‌ස කිරණය ලා නිල් පැහැයක්‌ ගනී. හිරුගෙන් නිකුත්වෙන මේ කිරණ චන්ද්‍රයාගෙන් විපර්යාසයට පත් වී පොළොවට පතිත වීමෙන් ජලය, ගහකොළ, ජීවීන් හට ගත් බව පවසති. ජලය හා ගහකොළ සඳහා මුගලස්‌ස කිරණයක්‌ ජීවීන් සඳහා ධාලිස්‌ස කිරණයක්‌ බලපාන බව සැලකිය යුතුය.
උජාලි භද්‍ර පද අක්‍ෂරයෙන් පැහැදිලි කරන්නේ ධාලිස්‌ස නම් කිරණය උදාසීන බවට පත් වී මුගලස්‌ස නම් කිරණය ප්‍රභලත්වයට පත්වීමයි. මේ කිරණය ප්‍රබලත්වයට පත්වීමෙන් ස්‌වභාවික විපත්වලින් පෘථිවියට හානි පැමිණිය හැකි බැවින් විශේෂයෙන් පෘථිවිය අජීවි වස්‌තුවක්‌ බවට පත්වෙන බැවින් පෘථිවිය තවත් ග්‍රහයකුගේ සහාය පතයි. එම ග්‍රහයා හඳුන්වන්නේ කාක්‌ල ග්‍රහයා නමිනි. මේ ග්‍රහයාගේ බලපෑමෙන් පොලොවට සෘජුව බලපාන මුගලස්‌ස කිරණ ශක්‌තිය පාලනය කරනු ලබයි. කාක්‌ල ග්‍රහයා සමීපයේ තවත් ග්‍රහයෙක්‌ පිහිටා ඇත. එම ග්‍රහයා හඳුන්වන්නේ භගුර ග්‍රහයා නමිනි. භගුර ග්‍රහයාගේ ස්‌වභාවය නම් විටෙක කාක්‌ල ග්‍රහයා සමඟ සමීපව කටයුතු කරන අතර තවත් අවස්‌ථාවක භගුර ග්‍රහයාට සමීපව පිහිටා ඇති විප්‍රට නම් නරකම ග්‍රහයා සමඟ ද කටයුතු කරයි. මෙවැනි අවස්‌ථාවක කක්‌ල ග්‍රහයා දිදුල චන්ද්‍රයා ග්‍රහයා සමඟ ශක්‌තිමත් වී පෘථිවිය ආරක්‍ෂා කරනු ලැබේ. භගුර හා විප්‍රට ග්‍රහයන් අතර ශක්‌තිමත් වී කාක්‌ල ග්‍රහයා උදාසීන කළහොත් මේ පෘථිවිය අජීව වස්‌තුවක්‌ බවට පත්වේ. දිදුල හා කාක්‌ල ග්‍රහයන් ශක්‌තිමත් වීමෙන් ලෝකයට විශාල සෙතක්‌ සැලසේ. මහා බුද්ධිමතුන් ලොව පහළ වේ. චන්ද්‍රයාගේ පැහැය ද වෙනස්‌ වේ. බොහෝ විට චන්ද්‍රයා ලා නිල් පැහැයෙන් යුත් කිරණයක්‌ නිකුත් කරයි. බුදුවරු පහළ වන්නේ මෙවැනි කල්පයන්හිදී ය. මෙය පළමු ග්‍රහ මණ්‌ඩලයයි. මෙය සංකේතවත් කරන්නේ මෙසේය.

02 කාවලී භද්‍ර පද අක්‍ෂරය

ධාලිස්‌ස කිරණය උදාසීන වීම නිසා මුගලස්‌ස නම් කිරණය කාක්‌ල ග්‍රහයා සමඟ එකතුව කටයුතු කරන අවස්‌ථාව මෙයින් පෙන්නුම් කරයි. භගුර ග්‍රහයා ද කාක්‌ල ග්‍රහයා සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. තවත් නරක ග්‍රහයෙකු වන ශෝභිය ග්‍රහයාගේ බලය හීන වේ. භගුර ග්‍රහයාගේ ස්‌වභාවය හැටියටි ශෝභිය ග්‍රහයා සමඟ ශක්‌තිමත කටයුතු කළොත් නොයෙක්‌ ලෙඩ රෝග වලින් සතුන් පීඩාවට පත් කරයි. එවැනි අවස්‌ථාවක දිදුල හා කාක්‌ල ග්‍රහයන් එකතුව මෙවැනි තත්ත්වයන් පාලනය කරයි. ලෝක ස්‌වභාවය හොඳින් තේරුම් ගත ශ්‍රී ලාංකික සෘෂිවරු උස්‌ සහිත වෘක්‍ෂලතා (ඇසතු, නුග, බෝ) කඳු ආශ්‍රිත ගුහා ආදිය ඇසුරු කරමින් අහිතකර බලපෑම්වලින් ආරක්‍ෂා වූහ. මෙය දෙවන ග්‍රහ මණ්‌ඩලයයි. මේ ග්‍රහ මණ්‌ඩලය සංකේතවත් කරන්නේ මෙසේය.

03 කේටකී භද්‍ර පද අක්‍ෂරය

මෙහිදී සිදුවන්නේ මුගලස්‌ස නම් කිරණය හීන වී ධාලිස්‌ස නම් කිරණය ප්‍රබලත්වයට පත්වීමයි. මේ කිරණය අධික උෂ්ණත්වයෙන් යුතු කිරණයක්‌ බැවින් පෘථිවියට විශාල වශයෙන් හානි සිදුවිය හැකි නිසා තවත් ග්‍රහයෙකුගේ පිහිට පතයි. එම ග්‍රහයා හඳුන්වන්නේ කීඨ අලංගු ග්‍රහයා නමිනි. මේ ග්‍රහයා මගින් අධික කිරණයක්‌ ශක්‌තියක්‌ ඇති බාලිස්‌ස කිරණය පාලනය කරනු ලබයි. කීඨ අලංගු ග්‍රහයාට සමීපව තවත් ග්‍රහයෙකු පිහිටා ඇත. එම ග්‍රහයා බහිමා නමින් හඳුන්වනු ලැබේ. බහිමා ග්‍රහයා නරක ග්‍රහයෙකු නොවේ. එහෙත් බහීමා ග්‍රහයාට සමීපව සිටින විපුට ග්‍රහයා නිසා යම් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. එවැනි අවස්‌ථාවක පෘථිවි පෘෂ්ඨය මත අධික උෂ්ණත්වයක්‌ හා භූමි කම්පා වැනි දේ ඇතිවිය හැකිය. කීඨ අලංගු ග්‍රහයාගේ අධික ශක්‌තිය නිසා මෙවැනි විපර්යාසයන් මැඬ පවත්වනු ලබයි. මෙය තෙවන ග්‍රහ මණ්‌ඩලය ලෙස හඳුන්වනු ලබයි. තෙවන ග්‍රහ මණ්‌ඩලය පිහිටන්නේ මෙසේය.

04. කාවුරි භද්‍ර අක්‍ෂරය

ක්‍රමයෙන් උදාසීන වූ මුගලස්‌ස කිරණයේ බලය පිරිහීම නිසා ධාලිස්‌ස යන කිරණය ප්‍රබලත්වයට පත්වෙයි. මුලින් සඳහන් කළ පරිදි කීඨ අලංගු ග්‍රහයාගේ බලයෙන් මේ කිරණ ශක්‌තිය පාලනය කරනු ලබයි. මේ කීඨ අලංගු ග්‍රහයාට සමීපව සිටින්නේ බහිමා ග්‍රහයායි. අනතුරුව සිටින්නේ අන්තුර ග්‍රහයායි. අන්තුර ග්‍රහයා නරක ග්‍රහයෙක්‌ වුවත් මුලින් සිටින ග්‍රහයන්ගෙන් ශක්‌තිය නිසා මොහුගේ නැඟී සිටීමක්‌ සිදුවන්නේ නැත. කොතෙක්‌ පාලනය කළත් අන්තුර ග්‍රහයාගේ කිරණ ශක්‌තිය මාසයකට වතාවක්‌ අමාවක දින ප්‍රබලත්වයට පත්වෙයි. සෙසු ග්‍රහයන්ගේ ශක්‌තිය නිසා මොහු පාලනය වුවද ජීවීන්ගේ ප්‍රතිශක්‌තිය පිරිහීමට මේ කිරණ යම් ආකාරයකින් බලපායි. එවැනි දිනක පෙහෙවස්‌ විසීම වැනි පුණ්‍ය කටයුත්තක යෙදීම වැදගත් වේ. මේ සතරවැනි ග්‍රහ මණ්‌ඩලයයි. මේ ග්‍රහ මණ්‌ඩලය පිහිටා ඇත්තේ මෙසේය.

මහගල්කඩවල
මානෑවේ විමලරතන හිමි

No comments:

Post a Comment