Sunday, July 28, 2013

දෙමළ නිජබිම වෙනුවෙන් හැදෙන 

හින්දු කෝවිල් 64


ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් අප රට හඳුන්වන්නට වූයේ මෑත අතීතයේ සිට වුවත් ඒ මුතු ඇටයේ වටිනාකම ඈත අතීතයේ සිටම ලෝකයා දැන සිටියේය. සුරයන්ගේ සිට ඉංග‍්‍රීිසින් දක්වා චෝළ, සොළී, පාණ්ඩ්‍ය, පෘතුගීසි හා ලන්දේසි

යන විවිධ ජාතීහු අප රට අල්ලා ගන්නට උත්සහ දැරුවේ ඒ වටිනාකම නිසාමය. ලන්දේසි, පෘතුගීසි හා ඉංග‍්‍රීසි ආක‍්‍රමණවලින් අප රටට සිදුවූ හානියට වඩා වැඩි හානියක් මෙන්ම වැඩි ආක‍්‍රමණයන් ප‍්‍රමාණයක්ද එල්ල වූයේ දකුණු ඉන්දියානු රාජ්‍යයන් වෙතිනි. අනුරාධපුර පොළොන්නරු රාජධානි සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නට තරම් දකුණු ඉන්දියානු ආක‍්‍රමණ බලවත් විය.

දකුණු ඉන්දියානු බලපෑම්වලට බොහෝ සෙයින් හේතුවූයේ ලංකාවේ බලය අල්ලා ගැනීමට වඩා ලංකාවේ වතුවල බලය පාලනය කිරීමේ අවශ්‍යතාවකි. එයට බොහෝ සෙයින් හේතු වනුයේ රාම රාවණ නම් වූ ඓතිහාසික පුරාවෘත්තයයි. ඉන්දියාව වූ කලී රාම රාවණ කතාව දේවත්වයෙන් අදහන රටක් වීමත් රාම හා විෂ්ණු භක්තිකයන් එහි බලවත්ව සිටීමත් මේ ආක‍්‍රමණයන්ට බොහෝ සෙයින් හේතු විය. රාම රාවණ පුරාවෘත්තයට වසර පන්දහස් ගණනක් ගෙවීගොස් ඇතත් ලංකාව ආර්ථිකමය හෝ දේශපාලනිකව ශක්තිමත්ව නැගී සිටින සෑම අවස්ථාවකදීම අප රටට එල්ල වන්නා වූ ඉන්දීය බලපෑමට තවමත් හේතු කාරණා වනුයේද එයමය. එනම් දකුණු ඉන්දියානු ලංකා විරෝධය හරහා ඉන්දියානු මධ්‍යම රජය වෙත ඇතිකරනු ලබන පීඩනයයි.

ඉන්දියාව තුළ ප‍්‍රාන්ත විසි හතක් පැවතියත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන්නට දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත කිහිපයට හැකියාව තිබේ. මෙය ලංකාව හා ඉන්දියාව අතර යහපත් සබඳතාවක් ගොඩනොනැගෙන්නට මෑත යුගයේ ඇති ප‍්‍රධානතම බාධාවද වෙයි. අප මෙය ආර්ථිකමය දේශපාලනිකමය පාගා දැමීමක් ලෙස පමණක් දුටුවද මේ වනවිට ඉන්දියානු රහස් ඔත්තු සේවා පවා මැදිහත් වූ ඉතා සූක්ෂ්ම සොබාදහම් ශක්ති පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් හරහා ලංකාවේ නැගී සිටීම පාලනය කිරීමට දරන උත්සහයන් පිළිබඳද තොරතුරු හෙළි වෙමින් පවතී.

2008 වසරේදී සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය හරහා කි‍්‍රයාත්මක වූ ඍ්ප්හ්බ් එර්සක සබ ක්‍්බන් නැතහොත් රාමායන ගමන් මඟ වැඩසටහන හරහා රාම කුමරා ලංකාවට පැමිණ රාවණ පරාජය කළ කතාවට අදාළව ඉන්දියානු සංචාරක අවශ්‍යතා මත නිර්මාණය වූ මාර්ග සටහනක් හා ස්ථාන කරා සංචාරකයන් ගෙන යෑමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක විය. මෙම වැඩසටහනේ පැවති ගැටලූ සහගත තත්ත්වයට එකල්හී දේශීය සංවිධානවලින් බලපෑම් එල්ලවීම හරහා යම් මට්ටමකට අඩපණ වුවද එහි අයහපත් වූ බලපෑම යළි කි‍්‍රයාත්මක වෙමින් පවතී. මෙහි පවතින පළමු ගැටලූව වනුයේ මෙම රාම
ගමන්මඟ දිගට සවිකිරීම උදෙසා හනුමාන් පිළිම ඉන්දියානු මැදිහත් වීම හරහා ලංකාවට ලැබීමයි. රාම හිතවාදීන් මේ හරහා ලංකාවේ මතුවීම ඉතා සූක්ෂ්මව යටපත් කිරීමේ සැලසුමක් කි‍්‍රයාවට නගා ඇති බව ස්වාභාවික ශක්තීන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ මතයයි. මෙසේ රැුගෙන ආ පිළිමවලින් කිහිපයක් මේ වනවිටත් සවිකර අවසානය. සංචාරක ප‍්‍රවර්ධනය යටතේ මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වුවද එහිදී නිසි ගවේෂණයකින් තොරව ලංකාවේ ශක්ති කලාප ලෙස ඉන්දියානුවන් මේ වනවිට හඳුනාගත් ප‍්‍රදේශ ඔස්සේ මෙම සංචාරය නිර්මාණය කර ඇත. ඒ අනුව පෙනී යන්නේ හුදෙක්ම මෙය දේශීය අවශ්‍යතා මතින් නිර්මාණය වූවක් නොවන බවය.

මෙම සංචාරයත් සමග සීතා දේවිය අග්නි පරීක්ෂාවට ලක් වූ ස්ථානය ලෙසින් පෙන්වා දුන් වර්තමාන වැලිමඩ දිවුරුම් හෙළ රජමහා විහාර භූමිය ලංකාවේ ඉහළින්ම ඇති ශක්ති කලාපයයි. මේ තුළ ඉදිකරන්නට යන සීතා කෝවිල ලංකාව තුළ ඉදිකරන්නට සැලසුම් කර ඇති රාම කෝවිල් හැටහතරින් ප‍්‍රධාන කෝවිලයි. එය සීතා කෝවිලක් ලෙසින් පෙන්වා දුන්නද මේ තුළ අඩි දාහතක් උස රාම පිළිමයක් ස්ථාපිත කෙරෙන බවත් එය මේ වනවිටත් ඉන්දියාවේ නිර්මාණය වෙමින් පවතින බවටත් ආරංචිමාර්ග හෙළිකරයි.

සති කිහිපයකට පෙර සීතා කෝවිලක් තනන්නට ඉන්දියාව එකඟ වූ බව මාධ්‍යයට වාර්තා වුවත් මෙයට වසර තුනක පමණ සිට දිවුරුම් හෙළ රජමහා විහාර භූමියේ රාම දෙවොල සහ රාම අධ්‍යයන කේන්ද්‍රයක් කි‍්‍රයාත්මක වෙමින් පවතියි. එසේ බලන කල අපට මතුවන ප‍්‍රධානතම ගැටලූව වනුයේ රජමහා විහාර භූමියක් තුළ කෝවිලක් නිර්මාණය වූයේ කෙසේද යන්නය. දෙවැනි කාරණය වූයේ ඉන්දියානු රාම සංචාරකයන් හෝ රහස් අවශ්‍යතා මත සීතා දිවුරුම් දුන් තැන ලෙස දිවුරුම් හෙළ පෙන්වා දුන්නද දේශීය හෙළ ගවේෂකයන් හා විද්වතුන් පෙන්වා දෙන්නේ දිවුරුම් හෙළ යනු යක්ෂ ගෝත‍්‍රයේ ප‍්‍රධාන සටන් මෙහෙයුම් මධ්‍යස්ථානය පැවති භූමිය බවය.

ඉන්දියානු පුරාවිද්‍යාව මේ වනවිට රාමායන හා මහාභාරත පුරාවෘත්ත අධ්‍යයනය හරහා සම්පූර්ණ කතාවටම අදාළ ගම් නගර මතුකරගෙන හමාරය. මේ රාම සංචාර, කෝවිල් පිහිටුවීම හා පිළිම සවිකිරීම හරහා රාම ව්‍යාප්තිවාදය පැතිරවීමේ දැඩි උත්සහයක් පවතින බව මේ වනවිට හොඳින්ම පෙනී යන කරුණකි.

රාම රාවණ යුද්ධයේදී විනාශ නොවී ඉතිරි වූ ගලකින් නිර්මාණය කරන ලද විශේෂිත රාම ස්වරූපී විෂ්ණු රූපයක් ලංකාවට එවීමේ ප‍්‍රබල උත්සහයක් පසුගිය කාලය තුළ පැවතියේය. කොළඹට ආසන්න ප‍්‍රධාන පන්සල් කිහිපයකින්ම මෙම පිළිමය සවි කිරීමට ඉඩක් වෙන් කිරීමට ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසක් හා ලංකාවේ කෝවිලක දමිළ පූජකයකු දැඩි වෙහෙසක් දැරූහ. උතුරේ යුද්ධය නිමාවීමට පෙර මෙය රට තුළට ගෙන ඒමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ පැවතියේය. මේ සඳහා ඔවුන් ඉදිරිපත් කළේද පුරාවෘත්තයකි. රාම කුමරු විභීෂණට වූ පොරොන්දුවක් ඉටු කරනු වස් මෙම පිළිමය ගෙන එන බවය. කුමනාකාරයෙන් හෝ එම පිළිමයද මේ වනවිට ලංකාවේ දොවොලක් තුළ සවිකර අවසානය.

අලූත්ම ඉන්දියානු කුමන්ත‍්‍රණය වනුයේ රාම ස්වරූපී නැතහොත් දකුණු ඉන්දියානු හුරුව සහිත රාවණ පිළිම ලංකාව පුරා පිහිටුවීමයි. මේ උදෙසා ඉන්දියා මවු සමාගමක් හරහා කි‍්‍රයාත්මක වන ලංකාවේ ප‍්‍රබල ව්‍යාපාරික ආයතනයක් මුදල් යොදවමින් සිටියි. පසුගිය කාලය තුළ මෙම රාම කතාවට පණපෙවීමට මුදල් යෙදවූ බොහෝ පිරිස් දමිළ ඩයස්පෝරාවේ ප‍්‍රබල චරිත ලෙස මේ වනවිට ලාංකේය බුද්ධි අංශ හඳුනාගෙන තිබීම හා සමහර පිරිස් ත‍්‍රස්ත කි‍්‍රයාවන් හරහා අත්අඩංගුවේ පසුවීම තුළම අපට පෙනීයන කරුණ වනුයේ රාම කතාවට පසුබිමින් ක‍්‍රියාත්මක වන්නා වූ ප‍්‍රබල වෙනත් අවශ්‍යතාවක් පවතින බවය.

ඇත්තෙන්ම මේ පසුබිමින් කි‍්‍රයාත්මක වන්නා වූ අවශ්‍යතාව කුමක් විය හැකිද? එය අනෙකක් නොව දමිළ ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව මතින් යළිත් වරක් දමිළ පිවිසුම්වාදය නැතහොත් නිජබිම් සංකල්පයට පණදීම උදෙසාය. 1982 වසරේදී දමිළ මහාචාර්යවරයකු වූ ඉන්ද්‍රපාල කාර්තිකේට් විසින් සොයා ගන්නා ලද රිදී මංජුසාවක වූ වචනයක් අනුව එය දමිළ වචනයක් සේ අර්ථකථනය කර දමිළ නිජබිම් රාම රාවණ යුගය දක්වා ව්‍යාප්ත වන බවට දමිළ පිවිසුම්වාදය ඉදිරිපත් කරලීය. එහෙත් ඒ මතය මහාචාර්ය රාජ් සෝමා දේවයන්ගේ ගවේෂණ හරහා බිඳ වැටුණු අතර ඔහු පෙන්වා දුන්නේ එහි සඳහන් වන්නේ ‘කෙවිට’ යන අර්ථය බවයි. මෙය පූජ්‍ය මානෑවේ විමලරතන හා ජලිත අමරසිංහ වැනි හෙළ ගවේෂකයන් පෙන්වා දෙන්නේ කේවේසස්ථා යන රාවණ රජුගේ මුුණුබුරන්ගේ නම මේ තුළ සටහන්ව ඇති බවය. මේ මතවාදයන් සමග ලෝකයම දෙමළ පිවිසුම්වාදය බැහැර කරලීය. ඒ කෙසේ වෙතත් යළිත් දමිළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත ඔස්ටේ‍්‍රලියාවේදී මහාචාර්ය ඉන්ද්‍රපාල කාර්තිකේට් දමිළ පිවිසුම්වාදය සනාථ කරමින් පොතක් එළි දක්වා ඇත.

මෙවන් පරිසරයක් තුළ රාම සංකල්පය අප රට තුළ ස්ථාපිත කිරීම හරහා උත්සහ දරනුයේ දමිළ පිවිසුම්වාදයේ මුල් ලංකා පොළොව තුළ පැළ කිරීමය. මෙයට ඉන්දියානු රහස් ඔත්තු සේවාවලද සහය ලැබෙමින් පවතින බවට පැහැදිලි සාධක මතුවෙමින් පවතී. කෙසේ වෙතත් රාම කෝවිල් හැටහතරක් ඉදිකරන්නට යන වැඩපිළිවෙළේ දෙපැති අදියරද කි‍්‍රයාත්මක වී අවසානය. වැල්ලවත්තේ ඉදිවූ රාමපුරම් නිවාස සංකීර්ණයද එහිම එක් කෙළවරකි.

ඉන්දියානු මහ කොමසාරිස් තනතුර සඳහා ලංකාවට පැමිණෙන සෑම පුද්ගලයකුටම තම නිල කාලය අවසන් වූ පසු ඉන්දියාවේදී හිමි වනුයේ සුවිශේෂී තනතුරකි. එය රාජ්‍ය පාලනයේ උපරිම බලතල සහිත තනතුරක් වන බව පසුගිය

කාලවකවානු දෙස බැලූ විට පෙනී යයි. ඒ හරහා අපට අවබෝධ වන්නේ ඉන්දියාවට ලංකාව ඉතා වැදගත් වූ සංධිස්ථානයක් බවය. එනම් තානාපති සබඳතා ඉතා කල්පනාකාරීව ගෙනයා හැකි දක්ෂයකු සෑමවිටම අප රටට එවන බවය. ඒ තුළ ඇත්තේ ලංකාව කොතරම් ඉන්දීය පාලනයට වැදගත් වන්නේද යන්නය.

මෙය ආගමික ප‍්‍රශ්නයක් නොව රාජ්‍ය බලය පිළිබඳ ඉතිහාසගත ප‍්‍රශ්නයකි. අපට රාමලා, සීතලා හෝ හනුමන්තලා අලූතෙන් ඇවැසි නැත. තියෙන දේ තියෙන ලෙස පවතින්නට හැර දෙඇස් හැර කටයුතු නොකළහොත් අප ජාතියක් ලෙස නැගී සිටින්නට උත්සහ දරන මොහොතක යළිත් දෙපයින්ම

ඇදවැටෙනු ඇත. අප ස්වාභාවික ශක්තීන් විශ්වාස නොකළද ඉන්දියාව මෙන්ම අතිනවීන තාක්ෂණය සහිත ඇමෙරිකාවද ස්වාභාවික ශක්තීන් අතිශයින් විශ්වාස කරයි. මේ බල තරගය සිදුවන්නේ ඒ උදෙසාය.


පිළිම සවිකරන්න මට මුදල් දීමට උත්සහ කළා
ජලිත අමරසිංහ
රාවණ පර්යේෂණ ආයතනය

ලංකාව තුළ ප‍්‍රබල ලෙස ඉන්දියානු බලපෑම් කි‍්‍රයාත්මක වෙනවා. මට එක් අවස්ථාවකදී ලංකාවේ කි‍්‍රයාත්මක වන ප‍්‍රබල ඉන්දියානු ව්‍යාපාරික ආයතනයක් මුදල් ලබාදීමට උත්සහ කළා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රාම ස්වරූපී රාවණ පිළිම ඔවුන් යෝජනා කරන ස්ථානවල සවි කිරීමට කටයුතු කිරීමයි. නමුත් මෙය මම ප‍්‍රතික්ෂේප කළා.

මේ වනවිට මෙය විවිධ අය හරහා කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසයි ලංකාවේ තැනින් තැන ඉන්දියානු හුරුව සහිත පිළිම කෝවිල් ඉදි වෙන්නේ. මේ තුළ පැහැදිලි ලෙසම දමිළ කොටි අවශ්‍යතා පවතිනවා.

ඉන්දියාවේ පවතින දශහාරා උත්සවයේදී ලංකාවේ හිටපු නායකයන් පුච්චාදමන්න ඔවුන්ගේ දේශපාලකයොත් එක්වෙනවා. මෙය වැරැුදියි. ඉන්දියාවේ ශිව සේනා පක්ෂයත් මේ දශහාරා (දුශේරා* උත්සවයට විරුද්ධයි. ඒ තුළින්ම පේනවා මේ තුළ ඇත්තේ පටු අවශ්‍යතාවක් බව. මේක රටක් ලෙස බොහොම කල්පනාවෙන් කටයුතු කළ යුතු අවස්ථාවක් බව කිව යුතුයි.


මේ ප‍්‍රශ්න පසුකාලීනව ඇති වූ දේවල්
තලයි සෙල්වම්
හිටපු අධ්‍යක්ෂ ජනරාල් සංචාරක මණ්ඩලය

රාමායන ටේ‍්‍රලර් වැඩසටහන කි‍්‍රයාත්මක වන්නේ මගේ කාලයේදී. සංචාරක කර්මාන්තය බිඳ වැටුණු යුගයේදී ඉන්දියානුවන්ට අපේ දේ පෙන්වන්නයි මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ. රාමායන කතාවට අදාළ තැන් නැරැුඹීම හා ඉන්දියානුවන් මෙහෙට ඇවිත් ඔවුන්ගේ රැුස්වීම් පැවැත්වීම ආදිය මේ හරහා සිදුවුණා.

මේ ව්‍යාපෘතිය තුළින් කෝවිල් ඉදිකිරීමක්, පිළිම සවිකිරීමක් ආදී කිසිවක සැලසුමක් පැවතියේ නෑ. පැවති ස්ථාන නැරඹීම පමණයි ඒ තුළ තිබුණේ. ඔය ප‍්‍රශ්න සියල්ල පසු කාලීනව අලූතින් නිර්මාණය වූ දේවල්. යම් යම් අයගේ අවශ්‍යතා පරිදි කෝවිල් පිළිම නිර්මාණය වෙනවා. එය රාමායන සංචාරයට අදාළ නෑ.


රාමායන ව්‍යාපෘතිය ගැනසංචාරක මණ්ඩලය ගොළු වෙයි


ඉන්දීය සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් කි‍්‍රයාත්මක වූ රාමායන ටේ‍්‍රලර් ව්‍යාපෘතිය හරහා ඉන්දියානු ව්‍යාප්තවාදය මෙන්ම දමිළ පිවිසුම් වාදයටද පදනම වැටෙන බවට චෝදනා එල්ල වෙමින් පවතී.

මෙම චෝදනාවලට සංචාරක මණ්ඩලයේ අදහස කෙබඳුද යන්න දැනගැනීම උදෙසා දින කිහිපයක් තිස්සේම උත්සහ දැරුවෙමු. එහෙත් කිසිදු වගකිවයුතු නිලධාරියකු ප‍්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් වූයේ නැත.විදුර ලියනාරච්චි, විපුල වනිගසේකර, ඉන්ද්‍රජිත් සිල්වා යනනිලධාරින්ගෙන් මේ පිළිබඳ විමසුවද එක් එක් නිලධාරින් වෙත අපගේ ප‍්‍රශ්න යොමුකිරීම මිස නිසි උත්තරයක් ලැබුණේ නැත.

දෙව්රම් වෙහෙරේ සවිකරන්නට යන රාවණ පිළිමයද මෙම ව්‍යාපෘතියේම කොටසකැයි නැගුණු චෝදනා පිළිබඳ කොලොන්නාවේ සුමංගල හිමියන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කළ ඇමැතීමේදී උන්වහන්සේගේ සහයකයකු පැවසුවේ කිසිදු මධ්‍යයකට සුමංගල හිමියන් ප‍්‍රකාශ ලබා නොදෙන බවය.


චෝදනාවක් පිළිගැනීම හෝ ප‍්‍රතික්ෂේප කිරීමට ඕනෑම කෙනකුට අයිතියක් ඇත. එහෙත් අප ඇසූ ප‍්‍රශ්නයට උත්තර දෙන්නට නොහැක්කේ ඇයි දැයි තේරුම්ගැනීම පාඨක ඔබට භාර කරන්නෙමු.

කාංචන ගීත මනමේන්ද්‍ර

Monday, July 15, 2013

මහා රාවණ ගේ තෙවැනි ඇස විවරවෙයි


මහා රාවණ රජු දැඩි ශිව භක්තිකයකු ලෙස රාමායණයේ සඳහන් වෙයි. රාවණ රජු වර්තමාන ත‍්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල පිහිටි ස්ථානයේ එකල පිහිටි ගෝකණ්ණාශ‍්‍රමයේදී ශිව දෙවියන් උදෙසා දැඩි ව‍්‍රතයක් සමාදන් වූ බවද ජනවහරේ සඳහන් වෙයි. ගෝකණ්ණාශ‍්‍රමය යනු එකල ඍශිවරු, මුනිවරු ජීවත්වූ ස්ථානයකි. එනම් මෙය එකල භාවනායෝගීන්ට අයත්වූ ස්ථානයකි. මහා රාවණ රජු දැඩි ශිව භක්තිකයකු ලෙස පැවසීම පසුපස ප‍්‍රබල සංකේතයක් දැකගත හැකිවෙයි. එනම් ඔහුගේ ශරීරය තුළ සැඟව ඇති චක‍්‍ර අතුරින් හයවැනි චක‍්‍රය වන ‘ආඥා චක‍්‍රය’ උපරිම අයුරින් ක‍්‍රියාත්මක වූ බවය.
දේව අධ්‍යාපනය හොඳින් හදාරන හෙළයකු ආධ්‍යාත්මික ශක්ති වර්ධනය අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තක් බව අප පෙර ලිපිවලදී පෙන්වා දුන්නෙමු.
ඒ අනුව මහා රාවණ සියල්ල සම්පූර්ණ කළ යකු (යගු කෞරාණ මන්ඨක* ලෙස හඳුන්වනුයේ ඔහු දේව අධ්‍යාපනය උපරිම ලෙස නිමකළ හෙයිනි. එකල්හි ආධ්‍යාත්මික ශක්ති වර්ධනය යනු කුණ්ඩලනී ශක්තිය අවදි කිරීමයි.
කොඳුඇට පේළිය දිගේ හිස් මුදුන දක්වා පිහිටි මෙම චක‍්‍ර හත පහළ සිට එකින් යෝග ක‍්‍රමවේද හරහා අවදි කරවා ගතයුතු වුවත්, මහා රාවණ රජු වේගවත් ක‍්‍රමවේදයක් ඒ සඳහා
අනුගමනය කරනු ලබයි. එහි පළමුවැන්න සමස්ත ශරීරයේම නාඩි වේගවත්ව ප‍්‍රකම්පනය කරවිය හැකි අක්‍ෂර ශක්තිය භාවිත කිරීමයි. අනෙක් ක‍්‍රමවේදය නම් පහළ චක‍්‍ර පහට පාලනය කරනු ලබන හයවැනි චක‍්‍රය වන ආඥා චක‍්‍රය ප‍්‍රබල ලෙස අවදිකරවීම හරහා නිරුත්සාහිකව අන් චක‍්‍ර පහම ක‍්‍රියාත්මක කරවීමයි. මෙහිදී අඩු කාලසීමාවකදී තම ශරීරයේ කුණ්ඩලනී ශක්තිය අවදිකර ගතහැකි වෙයි. ශබ්ද තරංග භාවිතය වර්තමානයේදීත් බටහිර රටවල චක‍්‍ර ක‍්‍රියාත්මක කරවීමට භාවිත කරමින් එය ඔප්පු කිරීම හරහා එය සාර්ථක ක‍්‍රමවේදයක් ලෙස අපටද සඳහන් කළ හැකි වෙයි.
මහා රාවණ රජු ප‍්‍රබල ශිව භක්තිකයෙක් ලෙස නම්කරනුයේ මෙතැනදීය. ආඥා චක‍්‍රයේ පාලන දේවතාවා වනුයේ ශිව දෙවියන්ය. තෙවැනි ඇස යනු මෙම චක‍්‍රයයි. තෙවැනි ඇසක් සහිත එකම දෙවියන් ලෙස ශිව නම් කරන්නේද එබැවිනි. තෙවැනි ඇස නැතහොත් ආඥා චක‍්‍රය අවදිවීම අති ප‍්‍රබල ශක්තියකි. ශිව දෙවියන්ගේ තෙවැනි ඇස විවර වුවහොත්, තුන් ලොවම දැවී අළුවී යන බව පවසනුයේ එබැවිණි. ආඥා චක‍්‍රය අවදිවීමත් සමග පංච භූත තත්ත්වය පාලනය කිරීමේ ශක්තිය මහා රාවණාට හිමිවන අතර, ඔහු එම ශක්තිය ලංකා පුරයේ භෞතික සංවර්ධනය සඳහා උපරිමයෙන් යොදාගනු ලබයි. රාවණ රජු රජෙකු ලෙස ප‍්‍රසිද්ධ වන්නේ එබැවිනි. හත්වැනි චක‍්‍රය, එනම් සහස්රා චක‍්‍රය අවදිකරවීම ඔහු විසින් සිදුකරනුයේ විභීෂණට රට භාරදීමෙන් පසු වෛදික නාථ ලෙස යෝගී බවට පත්වීමෙන් පසුවය. වෛද්‍ය නාථ මුනිවරයකු ලෙස සැලකෙයි.
ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කරනු ලබන ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය සහ මහා මෘතුංජය ස්ත්‍රෝත‍්‍ර දෙක ආඥා චක‍්‍රය අවදිකරවීම උදෙසාත්, අමරණීය වීම උදෙසාත් මහා රාවණ රජු භාවිත කරනු ලබන වේගවත් රහස් ක‍්‍රමවේදයයි. මෙම ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රයද මහා රාවණ රජුට යෝග වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයකි.
මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය. එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිකරවීම උදෙසාය. මෙය ස්ත්‍රෝත‍්‍රය හරහා ධ්‍යාන වැඞීමේදී කොඳුඇට පෙළේ දකුණින් ඉහළට ගමන් කරනා පිංගල නාඩියත්, කොඳුඇට පෙළේ වම්පසින් ඉහළට ගමන් කරනා ඉඩා නාඩියත් මුහුදු රළක් මෙන් වේගවත්ව ප‍්‍රකම්පනය වීමත් ශරීරයේ ඇති සෙම්, සොටුවලින් සිරවී ඇති හැත්තෑ දෙදහසක් වූ නාඩි ශුද්ධවීමත් සිදුවෙයි. මේ හරහා සමස්ත ශරීරයම විශ්ව ශක්තියට නිරාවරණය වන අතර අවසන් ප‍්‍රතිඵලය ආඥා චක‍්‍රය අවදිවීමයි.
මෙවන් වූ ප‍්‍රබල ශක්තියක් සහිත මහා රාවණ රජු භාවිත කළ ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය අවබෝධ කරගැනීමට උත්සහ දරමු.

ජටාටවී ගල ජ්ජල ප‍්‍රවාහ පාවිත ස්ථලේ
ගලේ අවලම්භ්‍ය ලම්බිතාම් භුජංග තුංග මාලිකාම්
දම ධම දම ධම නිනාදව ධමර්වයම්
ඡුකාර චණ්ඩ තාන්ඩවම් තනොතු නා ශිව ශිවම්


දිය ඇල්ලක් සේ ගලාහැළෙන්නා වූද, වන රොදක් සේ ඝනව වැවුණා වූද, අතිරමණීය කේශ කලාපයකින් අලංකාරවත් වූද, ආඩම්බරයෙන් අගතැන්පත් නාග රාජයා මාලයක් සේ පැළඳ සිටින්නා වූද, ඩමරු නම් බෙරයෙන් නිකුත් වන්නාවූ ඩමට් ඩමට් ඩමට් හඬට තාණ්ඩව නර්තනයේ යෙදෙන්නා වූ ශිව දෙවියන් සියලූ සැප සම්පත් ධාරානිපාත වර්ෂාවක් සේ වස්සන්නේය
.

ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම නිලිම්ප නිර්ජරී
විලෝල වීචි වල්ලරී විරාජ මාන මුර්ධනී
ධග ධග ධග ජ්ජ්වලල් ලලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති ක්ෂේනම් මමා


පූජනීය ගංගා නම් නදියේ දිය රැුළි මෙන් කේශ කලාපයකින් යුක්ත වූද, එම මහා දියඹේ ගැඹුරු රැුළියේ හිසකෙස්වලින් යුක්ත වූද, නයනාකෘත ගිනි ජාලා නළල් තලයෙන් නිකුත් කරන්නා වූද, නළල්පටයක් පරිදි අඩ සඳක් නළලෙහි පවතිනා වූද ශිව දෙවියන්ට මගේ ප‍්‍රණාමය පුදකරමි.


ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරාස්ඵුරදිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේකෘපා කටක්ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදික්වාචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී


මුළු විශ්ව ධාතුවෙහි පැවැත්මෙහි භාරකරු වූද, ක‍්‍රීඩා කෞශල්‍යයෙහි නිපුණ වූද, පාර්වතී දේවතාවියගේ සහකරුවා වූද, අදෘශ්‍යමාන බාධකයන් කරුණා ගුණෝපේතීව වළක්වන්නා වූද, එවන් ක‍්‍රියාවන්හි නිරතවන්නා වූද ශිව දෙවියනි; මගේ සන්තෘෂ්ටිය විජයග‍්‍රහණය කරවනු මැනවි.

ජටා භුජංග පිංගල ස්පුරත් ප‍්‍රණා මණි ප‍්‍රභා
කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූ මුඛේ
මධංග සින්ධුර ස්ඵුරත්වගු උත්තරීය මේධුරේ
මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී


සියලූ ජීවයන්ට උපකාර වන්නා වූද, රත්පැහැ නාග
රජුගෙන්ද, මනෝරම්‍ය මාණික්‍යවලින්ද, අලියකුගේ සමෙන් නිමකළ ඇඳුමකින්ද සැරසුණා වූද, ප‍්‍රතාපවත් ශරීරයකින් යුක්ත වූ ශිව දෙවියනි; මම ඔබගෙන් පරමාර්ථ සුවය බලාපොරොත්තු වෙමි.

සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත්‍යශේෂ ලේඛ ශේඛරා
ප‍්‍රසුල ධූලි ධෝරනී විධු සරංග‍්‍රි පීධභූ
භුජංගරාජ මාලයා නිබද්ධ ජාධ ජූටකා
ශ‍්‍රියස් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා


ඉන්ද්‍ර, විෂ්ණු ඇතුළු සියලූම දෙවි දේවතාවන්ගේ හිත්වල ඇති සුගන්ධවත් මල්වලින් හමාඑන්නා වූ සුවඳ දුහුවිල්ලක් කොට ඒ මත සිය දේව පාද තබාගෙන සිටින්නා වූද, රත්පැහැ නාග රාජයා ගෙලෙහි දමාගෙන සිටින්නා වූද, සඳ නළල්තලයෙහි ආභරණයක් ලෙස පැළඳ සිටින්නා වූද ශිව දෙවියනි. ඔබ අපට සියලූ සෞභාග්‍යය ළඟාකරනා සේක.

ලලාට චත්වරා ජ්වලධනම් ජය ස්ඵුලිංගභා
නිපීඨ පංච සායගම් නමඃ නිලිම් ප‍්‍රණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේඛරම්
මහා කපාලි සම්පදේ, ශිරෝ ජධාලමස්තු නා


අඩ සඳෙන් ආලෝකවත් වූද, නළල් තලයෙන් ගිනිදැල් නිකුත්කරන්නා වූද, ආදරයට අධිපති වන්නා වූද, සියලූ දිව්‍යමය නායකයන් ප‍්‍රණාම කරන්නා වූද, මනෝරම්‍ය කේශකලාපයකින් යුක්ත වන්නා වූද, සිද්ධි සෞභග්‍ය සැමටම ශිව දෙවියන් විසින් ලබාදෙන්නේය.

කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්ජ්වලාධනම් ජයාහුතී කෘතා ප‍්‍රචණ්ඩ පංච සායගේධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍රපත‍්‍රකාප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා


විශ්වයේ විශිෂ්ට නිර්මාණ ශිල්පියකු වන්නා වූද, තෙඇස් ඇති ශිව දෙවියන්; ආදරය මොහොතකදී වනසන්නා වූද, ‘ඩගඞ්, ඩගඞ්’ හ`ඩින් විනාශ කරන්නා වූද, පාර්වතී සමග සහ සම්බන්ධව කලා නිර්මාණ කරන්නා වූද, ශිව දෙවියන් කෙරෙහි මගේ ප‍්‍රණාමය පුදකරමි.

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
කහූ නිෂීදි නීතමඃ ප‍්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා


නව සඳ පෑයූ දිනක අහස්ගැබ වැසුණු වළාකුළු සේ අඳුරු ගෙලකින් යුක්ත වූද, ගංගානම් ජූජනීය නදිය තමා සන්තක කරගත්තා වූද, සඳ හා රමණීය සිතුවම් මවන්නා වූද, මුළු විශ්වයේම බර සිය උරමත රඳවාගෙන සිටින්නා වූද ශිව දෙවියනි; අප වෙත සියලූ සෞභාග්‍යය උදාකරත්වා.

පෆුල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමඃ ප‍්‍රභා
වලම්භි කණ්ඩ කන්ථලී රුචි ප‍්‍රබද්ධ කන්ධරම්
ස්මරස්චිධම්, පුරස්චිධම් භවස්චිධම් මඛච්චිධම්
ගජචිධාංදකච්චිධම්, තම් අන්තකච්චිධම් භජේ


මන්මතා විනාශ කරන ලද්දා වූද, ත‍්‍රිපුරයේ ඝාතනය කරන ලද්දා වූද, සියලූ ලෞකික බැඳීම් විනාශ කරන ලද්දා වූද, ආත්ම ගවේෂණය විනාශ කරන ලද්දා වූද, ආන්ධක යක්‍ෂයා විනාශ කරන ලද්දා වූද, මරණයේ දෙවියන් වූ යම පාලනය කරන්නා වූද, සිය ගෙල ප‍්‍රභාවත්ව පෙනෙන්නා වූද ශිව දෙවිඳුනි; මම ඔබව වන්දනා කරමි.

අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රස ප‍්‍රවාහ මාධුරී විජෘම්භ මාන මධු වෘතම්
සුරන්තකම්, පරන්තකම්, භවන්තකම් මඛන්ධකම්
ගජන්ධකන්ධකන්ධකම් තමත්නකන්තකම් භජේ


සියලූ මරණීය සාධක පාලනය කරන්නා වූද, පූජනීය කදම්බ මල්වලින් වහනය වන්නා වූ සුවඳ තමා සතු වූද ශිව දෙවියනි; මම ඔබට නමස්කාර කරමි.

ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බරම් මද්බුජංග මශ්වසත්
විනිර්ගමද් ක‍්‍රමස්ඵුරත් කරාල භාල හව්ය වාත්
ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල
ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිත ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා


‘ඩිමිඩි ඩිමිඩි’ හඬ නගනා බෙර තාලයට සිය නර්තනයෙහි යෙදෙන්නා වූද, සිය නළල් තලයෙහි අග්නි ජාලා නිකුත් කරන්නා වූද, ගෙලෙහි රැුඳුණු නාග රාජයාගේ පිරිබැඳුම් හේතුකොට අහසෙහි රටා නගන්නා වූද ශිව දෙවියන්ට පූජා වේවා.

දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික සර්චජොගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්ෂ පක්ෂයයෝතෘණාර වින්ද චක්ෂු-ශ්රෝෂත්රය පර සරජා මහී මහේන්ද්රතයෝසමංපර විවර්තයං මන: කධා සදා ශිවං භජා අහම්


නෙලූමක් බඳු දෑස් ඇත්තා වූද, සියලූ සත්වයාට එක ලෙස සලකන්නා වූද, මිතුරන්ට මෙන්ම සතුරන්ට එක සේ ක‍්‍රියාකරන්නා වූද, අති උතුම් ‘සදාශිව’ දෙවිඳුනි; මම ඔබ නමස්කාර කරමි.

කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම්විමුක්ත ධුර්මති සදා ශිරස්ථ මංජලිං වහම්විලෝල ලෝල ලෝචනා ලලාට පාල ලග්නකාශිවේති මන්ත‍්‍ර මුචරන් කදා සුඛී භවාම්‍යහම්


මාගේ සිත තුළ පවතින විෂම සිතුවිලි ඉවත් කරන්නා වූද, උතුම් ගංගා නදිය අසබඩ කුහරයක ජීවත් වන්නා වූද, මනෝරම්‍ය මුහුණකින්, නළල් තලයකින් පරිපූර්ණ වන්නා වූද ශිව දෙවියනි; ඔබ ගුණ සිහිකර නමදිනවිට මගේ සිත සතුටින් පිරී යන්නේය.

ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමෝ තමම් ස්තමම්
පඨම්ස්මරම් ධෘවං නරෝ, විශුද්ධිමේති සන්තතම්
හරේ ගුරෝ සුභක්ති මාශු යාති නන්‍යධ ගතීම්
විමෝහනම්හි දේහිනාම් සුශංකරස්‍ය චින්තනම්


මෙම ස්ත්‍රෝත‍්‍ර ගායනා කරන ලද කවරෙක් වුවද, ශිව දෙවියන්ගේ ආශිර්වාද ලබන්නේය. ශිව දෙවියන්ගේ
අනුගාමිකයෙක් බවට පත්වන්නේය. ශිව දෙවියන් කෙරෙහි ඇතිකර ගන්නා ඉතා කුඩා සිතුවිල්ලක් හේතු කොටගෙන සිතෙහි පවතින සියලූ අඳුරු වලා පහව යන්නේය.
මෙම ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රවල පද බැඳීමේ ස්වභාවය ඉතා සංකීර්ණ වන අතර, එය ලඝුගුරු ආකාරයෙන් බෙදා අවබෝධ කරගැනීම කළ නොහැක්කකි. එසේම මෙම ස්ත්‍රෝත‍්‍රය පුරාම මහා රාවණ විසින් ශිව දෙවියන් වෙතින් පරිපූර්ණත්වය ඉල්ලා සිටියි. පරිපූර්ණත්වය යනු භෞතික බැඳීම්වලින් එහා ගිය දියුණුවකි. එනම් පංචභූත තත්ත්වය පාලනය කළ හැකි, ආත්මීය ශක්තිය මෙන්ම, ප‍්‍රාණ ශක්තිය පාලනය කළ හැකි පරිපූර්ණත්වයයි. මහා රාවණ ගේ තෙවැනි ඇස විවරවෙයි

කාංචන මනමේන්ද්‍ර

මැරුවාණම් රාවණා ගෙඟ් පැන්නෙ ඇයි රාම?


මහාවංශයෙන් ඉරා විසි කළ හතළිස් වන පරිච්ෙඡ්දය නැතහොත් ‘රාවණ යුගය’ නැවත ලියන්නට අප
ඇරඹූ කතිකාව කොටස් විසි හතරක් පුරා සාර්ථක ගමනක් පැමිණ ඇති බව පසක් වනුයේ ‘රාවණ’ ජාතියේ කියවීමක් ලෙස සමාජගතව කතිකාවක් නිර්මාණය වී ඇති නිසාය.
රාවණ මිත්‍යාවක් බවට පත් කළ 1912 දී ලියවෙන කොඞ්රිංටන්ගේ ලංකා ඉතිහාසයත්, විජයගෙන් එපිටට අඩියක් තබන්නට බිය ලාංකේය පුරාවිද්‍යාවත් යළි ප‍්‍රශ්න කළ යුතු තැනට රාවණ යුගය තුළින් අපි මතු කර දැක්වූවෙමු. හෙළ යුගය සොයාගිය, ඉතිහාසයෙන් පැමිණි, ත්‍රෛකාලයේ ගමන් කරන සියලූ දෙනා එක්ව ඉහළට ඔසවා තැබූ හෙළ රාවණ රාජ්‍යය කියවීම වෙනුවට හෙළ ශක්තියෙන් නැ`ගී සිටිය යුතු, හෙළයන් සැවොම එකට එක්විය යුතු යුගය එළඹී ඇත. ඒ වූ කලී රාවණ වසරයි.


රාම-රාවණ යුද්ධය අභ්‍යන්තර බල අරගලයක පුපුරායෑමක් ලෙසින් අපට තේරුම්ගත හැකි සාධක බොහොමයක් දැකගත හැකිවෙයි. එහි දී පෙන්වා දිය හැකි මුල්ම සාධකය වනුයේ පුලස්ති පරපුර හා වශිෂ්ඨ පරපුර මුල්කරගනිමින් මෙම සටන පැවතීමයි. පුලස්ති යනු වශිෂ්ඨ සෘෂිගේ සොහොයුරායි.
අනෙක් කාරණාව වනුයේ තම පරපුරට සිදුවන විනාශය තම සෘෂි නුවණින් අවබෝධ කරගන්නා පුලස්ති සෘෂි සකලවිධ ඥානය වේදග‍්‍රන්ථ ලෙස ලියා තැබීමයි. අනෙක් කාරණාව වනුයේ මෙම යුද්ධය පසුපස පවුලේ බල අරගලයක් පැවති බවට හො`දම සාධකය වන්නේ විශුවස් මුණිවරයාට හා ඉලදේවිට දාව උපන් වෛශ‍්‍රවණ ගෙන් (කුවේර* රාවණ බලය පැහැර ගැනීමයි. රාවණ යනු විශුවස් මුණි හා පුෂ්පොත්කටාට දාව උපන් දරුවාය. විභීෂණ යනු විශුවස් මුණි හා මාලනීට දාව උපන් දරුවාය. කුවේරගෙන් රාවණ බලය පැහැරගත්තා සේම, රාවණගෙන් රාජ්‍යය ලබාගැනීමට විභීෂණට අවශ්‍ය වන්නට ඇත.
මෙම තත්ත්වයම අයෝධ්‍යාවේද සිදුවන අතර දශරථට හා කෞශල්‍යට දාව උපදින රාමට හිමි සිහසුන දශරථට හා කෛකසිටට දාව උපදින භාරතට ලබාදීමට සිදුවන්නේ එබැවිනි. රාම-විභීෂණ එක්වීම පොදු සතුරකුට එරෙහි එක්වීමකි. මෙහිදී වැදගත් වන කරුණු
රැුසක් ඇත. රාමව අයෝධ්‍යාවෙන් පිට කිරීමට හේතු වනුයේ රාමායණයේ පෙන්වා දෙන හේතුවට වඩා වෙනස් වූ හේතුවෙක් මත බව එය හො`දින් අධ්‍යයනය කරන්නකුට පෙනී යයි. අයෝධ්‍යාව යනු එකල හෙළ අසුර අධිරාජ්‍යයට අයත් වූ රටක් බවට ඇති හො`දම සාක්ෂිය එහි පාලකයාගේ උපදෙස් දෙන්නා නැතහොත් දේවයන් තනන්නන්ගේ ප‍්‍රධානියා ලෙස පුලස්ති ඍෂිගේ අයියා වූ වශිෂ්ඨ ඍෂිවරයා කටයුතු කිරීමයි.
රාමට රජකම නොදී රටින් පිටුවහල් කිරීමට හේතු වන්නේ අසුර අධිරාජ්‍ය විරෝධියකු ලෙස ඔහු කටයුතු කිරීමයි.
රාවණ මහා රජුගේ නියමය දශරථ රජු ක‍්‍රියාත්මක කළ ආකාරය හො`දින්ම අවබෝධ කරගත හැකිවෙයි. අනෙක් කාරණාව වනුයේ රාම යුද්ධයට පෙර බලය ලබාගැනීමේ උපක‍්‍රමයක් ලෙස සීතාව භාවිත කළ බව පෙනීයාමයි. එනම් කුඹුරක අතහැර දැමූ රාවණගේ දියණිය වූ ශොහෙලිව දරුකමට හදාගත්තේ මිථිලාවේ රාජ්‍ය පාලනය කළ ජනක නම් රජුය. හදාගත් දරුවාව රාම විවාහ කරගනිද්දී ජනක රජුගේම දියණිය වූ උර්මිලාව ලක්ෂ්මන් විවාහ කරගනු ලබයි.
මෙහි දී අයෝධ්‍යාවේ සිහසුන උරුම රාජ කුමාරයාට හදාගත් දියණියක විවාහ කරදීම පසුපස තිබෙන්නේ කුමක්ද? දුවව පෙන්වා බලය ලබාගැනීමේ උපක‍්‍රමයයි. රාවණ ශොහෙලිව (සීතාව* යළි ලංකාවට රැුගෙන එන්නේ රාමගේ එම උපක‍්‍රමය අසාර්ථක වූ පසු ඇයව කැලයේ අතරමං කරදැමීමෙන් අනතුරුවය. මෙයම රාම-රාවණ යුද්ධයෙන් පසුව ද රාම සිදු කළේය. එනම් දරු දෙදෙනා සම`ගම සීතාව වනයේ අතරමං කර දැමීමයි. ඒ උපක‍්‍රමයක් උදෙසා සිදු කරගත් විවාහයේ අවශ්‍යතාවක් තවදුරටත් ඔහුට නොවීමයි. එසේම වානර නම් ගෝත‍්‍රික පරපුරක සහය මිස අයෝධ්‍යාවේ හමුදා සහය යුද්ධය උදෙසා රාමට හිමි නොවුණි. මෙහිදී මතුවන ගැටලූවක් වනුයේ රාවණ පරපුරෙන් එන ප‍්‍රබල ආයුධයක් වූ ‘බ‍්‍රහ්මස්ත‍්‍රය’ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බවට පුලස්ති ඍෂි නියම කර තිබීමයි. පරපුරට ද්‍රෝහි වන්නකුට පරපුරේ ප‍්‍රබලම ආයුධයක උරුමය ලබාදීමට පරපුර ගොඩනැ`ගූ ඍෂි කෙනෙක් තීරණය කරයි ද යන්න දෙවරක් සිතිය යුත්තකි. එසේ නම් විය හැක්කේ කුමක්ද?
සතුරා අතර සිට සතුරාට පහරදීම ද? එහිදී මිය ගිය විභීෂණ දේවත්වයට පත්වීද? අප දන්නා පරිදි දේවත්වයට පත්වූයේ වීරයන් ලෙස මිය ගිය හෙළයන් මිස ජාතිය පාවා දුන් ද්‍රෝහීන් නොවන්නේය. රාවණ මිය ගියේ නැත. ඔහු අමරණීයත්වය ලබාගත්තෙකි. එදා ඔහු මිය
නොගිය බැවින් එකල්හි රාවණ ශක්තියක් බවට පත්වූවා මිස දෙවි කෙනකු බවට පත්නොවුණි.
අවසන් සටනේදී සිදු වූයේ කුමක්ද මහා රාවණ සතුව පැවැති ‘මෙත්්තස්ත‍්‍රය’ නම් රහස් ආයුධය පාවිච්චි කිරීමයි. ‘මෙත්්තස්ත‍්‍රය’ යනු අධිසංඛ්‍යාත තරංග නිකුත් වන අත ර`දවාගත හැකි කුඩා ප‍්‍රමාණයේ උපකරණයකි. එයින් නිකුත් වන අධිසංඛ්‍යාත තරංග ම`ගින් අවට සිටි සියල්ලෝ තම වස`ගයට
පත්කරගත හැකිය. රාවණ සේනාවට එරෙහිව විභීෂණ විසින් භාවිත කිරීමට උත්සහ දැරූ බ‍්‍රහ්මස්ත‍්‍රය අවසානයේ රාම හමුදාවට එරෙහිව භාවිත කිරීමට සිදු වූයේ එබැවිනි.
රාම හමුදාව පමණක් නොව රාම-ලක්‍ෂමන් ද මහා රාවණ මෙත්්තස්ත‍්‍රය හමුවේ පරාජයට පත්විය. මහා රාවණ රජු හමුවේ දණින්වැටී පරාජයභාරගැනීමට ඔවුනට සිදුවූහ. යුද්ධයෙන් පැරදී අයෝධ්‍යාවට ගිය රාම-ලක්‍ෂමන් ග`ගට පැන සියදිවි නසාගන්නේ එබැවිනි. තුන් ලොව කැළඹූ යුද්ධයක් ජයගත් වීරයන් දෙදෙනකු තම රටට ආ සැණින් සිය දිවිනසාගන්නට හේතුවක් නැත. ජනතාව හමුවේ පරාජයේ අවමානය දරා ගත නොහැකි වූ කල නම් එවැන්නක් සිදු කරගත හැකිය.
අයෝධ්‍යාවේ සිහසුනේ තබා රටේ රජු ලෙසින් සැලකූ මිරිවැඩිස`ගල රාමගේ නොව ජයග‍්‍රාහී මහා රාවණයන්ගේ මිණිවැඩි ස`ගලයි. මහ වංශයෙන් ඉරා විසි කළ හතළිස් වන පරිච්ෙඡ්දය මෙතෙකින් නිමි.


කාංචන මනමේන්ද්‍ර

මහා රාවණ


Sunday, July 14, 2013

රාවණ පිළිම ගැන කියනා ගජබින්න?


ලෝකයේ ඉපැරැුණිම රාවණ පිළිමය ලෙසින් දැනට සැලකෙන්නේ 1818දී සුදු පාලක ඩොයිලි විසින් මරගලකන්දේ පිහිටි රහස් රාවණ දෙවොලෙන් පැහැරගෙන ගිය පිළිමයයි. අද එය එංගලන්තයේ කෞතුකාගාරයක තැන්පත්ව ඇත්තේ ඉන්දියාවෙන් ලැබුණු වීර රාවණ ප‍්‍රතිමාවක් ලෙසිනි. මෙම පිළිමය ලොව පළමු ත‍්‍රිමාණ පිළිමය ලෙසින් පිළිගනියි.
කෙසේ වෙතත් පසුගිය සතියේදී ලංකාවෙන් පළමුවරට සොයාගත් රාවණ පිළිමයක් පිළිබඳ කතාවක් ලාංකේය සමාජය පුරා වේගයෙන් පැතිර ගියේය. මෙය සත්‍යයක්ද? මෙසේ හමුවූ පිළිමය සොයාගනු ලැබුවේ කොතැනින්ද? මෙය ඉහත කී පුවත වාර්තා කර තිබූ ලෙසම මෙරටදී සොයාගත් බව කියන රාවණ පිළිමය අවුරුදු 500ක් තරම් ඉපැරැුණි එකක් නම් එය තවමත් පුරාවිද්‍යා බලධාරින්ගේ භාරයට නොගන්නේ
ඇයි? මන්ද එවැන්නක් පෞද්ගලිකව ළඟ තබා ගැනීම පුරාවිද්‍යා පනත පවා උල්ලංඝනය කරන්නක් වන නිසාය. අනෙක් අතට මේ ආකාරයෙන් පිළිමයක් සොයාගනු ලැබුවා නම් එය ප‍්‍රවෘත්තියේ සඳහන් වන කුමන හෝ දේවාලයකට ගෙන ගොස් තැන්පත් කළ හැකිද නොවේ. මන්ද එයම පවා නැවතත් මෙරට නීතිය උල්ලංඝනය කරවූවක් වන නිසාය. එපමණක් නොව සැලකිය යුතු කාලයක පටන් කුමන හෝ ගජබින්නයක් මිනිසුන් අතරට යවා ජනප‍්‍රිය කරවීමේ ප‍්‍රවණතාවක්ද සමහර මාධ්‍ය වෙතින් දිස්වෙමින් පවතී. එහෙයින් පළමුව මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අපි තීරණය කළෙමු.
මේ සොයාගත්තා යැයි කියන එහෙත් පින්තූර මිස විද්‍යාත්මකව ඔප්පු නොකරන
ලද තවමත් සොයාගත් ස්ථානයේ නම, ගම, ලිපින සඟවා මනඃකල්පිත මේ ප‍්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව හා තහවුරු කරගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය මූලිකම තොරතුරු ගවේෂණය කොට ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළෙමු.

ඉන්දියානුවන් දුටු රාවණ රජු


වාල්මිකී විසින් රචිත ඉන්දියානු රාමායනයේ සඳහන් වන ආකාරයට රාවණ රජු හිස් දහයකින් හා අත් විස්සකින් සමන්විත අසහාය බලපරාක‍්‍රමයක් සහිත රජෙකි. තුන් ලොවටම ව්‍යාප්ත වූ බලපරාක‍්‍රමයක් සහිත රාවණ රජුට අභියෝග කළ හැක්කකු මිහිපිට නොවීය. සුර ලොව, අසුර ලොව පමණක් නොව පාතාල ලෝකයද පාලනය කළ ඔහු අමරණීයත්වයට පත්වූවකු විය. රාවණ රජුගේ රාජධානිය වූයේ ලංකාපුරයයි. යක්ඛ, රක්ඛ, නාග හා දේව යන ගෝත‍්‍ර හතරක සංකලනයෙන් සෑදුණු අසුර පාලනය ගුවන්, නාවික, ගොඩබිම් මෙන්ම ආධ්‍යාත්මික බලයන් අතින්ද ආඪ්‍යවී ඇතැයි පැවසේ. රාවණ රජු මහා බ‍්‍රහ්මයාගෙන් වරම් ලබන්නට තම අතේ නහරවලින් වීණා වාදනය කළ බවත් තවත් වරෙක තම හිස දසවරක් කපා පූජා කළ බවත් රාමායනයේ සඳහන් වේ. රාමායනයේ රාමගේ විරුද්ධවාදියා වූ හෙයින්ම රාවණ රජු දුෂ්ටයකු බවට පත්කරන්නට වාල්මිකී උත්සහ කළද එය ඔහුගේ කෘතිය තුළම බිඳවැටෙන අයුරු දැකගත හැකිවෙයි.

පිළිම නැත්තේ ඇයි?


රාම, රාවණ කතාව හරහා රාම ඉන්දියාවේ ඇදහීමක් බවට පත්වීමත් උග‍්‍ර ශිව භක්තියේ සංකේතය ලෙස රාවණ යොදාගැනීමත් හරහා ඉන්දියාවේ කෝවිල්වල රාවණ පිළිම නිර්මාණය වීම අද දක්වාම සිදුවෙමින් පවතී. මරගලකන්දේ පිහිටි ශ‍්‍රී රාවණ පිළිමය හැර ලංකාව තුළ රාවණ පිළිම නොපැවතීමට හේතුව වූයේ එම පිළිමය ජීවමාන රජකු සේ යක්ඛ ගෝත‍්‍රිකයන් විශ්වාස කිරීමයි. මේ හේතුව මත රට පුරා පිළිම ඉදිකිරීමක් සිදුවූයේ නැත.
අනෙක් කාරණය නම් සුදු අධිරාජ්‍යයන් රාවණ පිළිමය සොරකම් කිරීමත් සමගම එම පරපුර අභාවයට යාමය. ඒ කෙසේ වෙතත් යටත්විජිත පාලනය තුළ අලූතින් එක්වූ කිසිදු පිළිමයක් අප රට තුළ දැකගත නොහැකි වීම තුළම පිළිම කලාවේ බිඳවැටීම මෙයට බලපාන්නට ඇතැයි සිතිය හැකිවේ.

මරගල පිළිමය හා අලූත් රාවණ


මරගලකන්දේ සඟවා තිබී සොරාගත් පිළිමයේ ඇඳුම් ආයිත්තම්වල දැක ගත හැකිවනුයේ සබරගමු නර්තන සම්ප‍්‍රදායේ අද ද දැකගත හැකි ඇඳුම් ආයිත්තම්ය. එසේ වුවත් වර්තමානයේ සොයාගත් පිළිමයේ ඇඳුම් ආයිත්තම් ඉන්දියානු කේරළ සාම්ප‍්‍රදායික සොල්දාදු ඇඳුම් ආයිත්තම් බව පැහැදිලිය.
මෙහි වන දෙවැනි කාරණය නම් දකුණු ඉන්දියානු ප‍්‍රාදේශීය දෙවි කෙනකු ලෙස
පිළිගැනෙන අයියනර් නැතහොත් රාවණ රජුගේ අවතාරයක් සේ සලකා අදහන අයියනර් දෙවියන් ඔවුන් නිර්මාණය කිරීම සිදුකරන්නේ ඔවුනගේ දකුණු ඉන්දියානු සාම්ප‍්‍රදායික ස්වරූපය වූ විශාල ඇස්, උඩට කැරකැවූ රැුවුල සහිතවය යන්නයි.
දැනට ලංකාවෙන් හමුවූ බව කියන රාවණ රූපයේ සම්පූර්ණයෙන්ම දැකගත හැකිවනුයේ මෙම දකුණු ඉන්දියානු සාම්ප‍්‍රදායික ස්වරූපයයි. මෙම පිළිමය කේරළයේ දශනාරා උත්සවයේදී ගොඩනගන රාවණ පිළිමවල මුහුණුවරට සමානව පවතී.
මෙම රූපයේ වර්ණ ගැන්වීම උදෙසා භාවිත කර ඇති ගුරු පැහැය ප‍්‍රධාන ලෙසම භාවිත කරනුයේ දකුණු ඉන්දියානු පිළිම කර්මාන්තය උදෙසා වීම තුළම ලංකාවෙන් මතුවූවා යැයි කියන පිළිමයේ සම්භවය පිළිබඳ ගැටලූවක් මතුවේ. අනෙක් කාරණය නම් ලාංකේය කැටයම් කලාව තුළ පිළිම නෙළීම උදෙසා කොහොඹ ලී යොදා ගැනීම සිදුවනුයේ පත්තිනි දේවිය වෙනුවෙන් නිර්මාණය වන පිළිම උදෙසා පමණක් වීමයි. එහෙත් ඉන්දියාවේ පූජනීය වෘක්ෂයක් ලෙස සැලකෙන කොහොඹ වෘක්ෂය බහුල ලෙස දේව රූප නෙළීම උදෙසා භාවිත කරනු ලබයි. එලෙසින් බැලූවද මෙම පිළිමය ඉන්දියානු ශිව දේවාලයක තිබූ පිළිමයක් සේ සිතීමට බොහෝ හේතු සාධක පවතී.

දේවාල කොටස් විකිණීම


ලංකාවේ බොහෝ ස්ථානවල ඉන්දියාවෙන් හා ලංකාවේ උතුරු ප‍්‍රදේශවලින් ගෙන්වා අලෙවි කරන පැරැුණි උළුවහු, ජනේල මෙන්ම පැරැුණි දේවාලවලින් ගලවන ලද පිළිම ආදිය බහුල ලෙස දැකගත හැකිවෙයි. මේවා අතර බහුල ලෙස දකුණු ඉන්දීය සම්භවයක් සහිත පිළිම දැකගත හැකිවේ. මෙම රාවණ පිළිමයද එසේ ලංකාවට ගෙන්වන ලද ශිව දේවාලයක තිබූ පිළිමයක් වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතියි.
අනෙක් කාරණය වනුයේ සෑම ශිව කෝවිලකම දොරටුව ඉහළින් ඉදිකරන රාවණ පිළිමයේ අත්වල මිනී ඔළුව හා අත සවිකළ රාවණ හත්ත නම් වාදන භාණ්ඩය දැකගත හැකිවෙයි. මෙය දකුණු ඉන්දියාවේ වර්තමාන සම්ප‍්‍රදායයි.
මෙවන් කාරණා මත මෙම හමුවූවා යැයි කියන පිළිමයේ සම්පූර්ණ ලෙසම දැකගත හැකිවනුයේ කේරළ සම්භවයකි. එය බොහෝදුරට පසුකාලීනව කෝවිලකට නිර්මාණය කරන ලද පිළිමයකැයි අවබෝධ කරගත හැකිවෙයි.

ගවේෂකයන්ගේ ඇස් වැසීම


හෙළ රාවණ ගවේෂණය තුළ විද්‍යාත්මක ක‍්‍රමවේද මෙන්ම අධිමානසික ශක්තීන් උපයෝගි කරගන්නා පිරිස්ද බහුල ලෙස සිටිති. එහෙත් මේ කිසිදු පුද්ගලයකුට මෙම පිළිමය සොයාගත්තකු, සොයාගත් ස්ථානයක් හෝ සොයාගත් ක‍්‍රමවේදයක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබීම පසුපසම මෙය රහස් අවශ්‍යතාවක් උදෙසා පැතිර වූ කතාවක්ය යන සැකය තීව‍්‍ර කරයි.
රාවණ පර්යේෂණ ආයතනයේ ජලිත අමරසිංහ, ආචාර්ය සූරිය ගුණසේකර ආදී ගවේෂකයන්ගෙන් මේ පිළිබඳ කළ විමසීම්වලදීද මතුවූ එකම කාරණය වූයේ මෙය පිළිබඳ මාධ්‍ය තොරතුරු හැර කිසිදු තොරතුරක් නොමැති බවය. මෙසේ තොරතුරු වසන් කිරීමට පැහැදිලි හේතුවක් නොමැත.
එහෙත් අපට හැෙඟන ලෙස නම් එහි පැහැදිලි හේතුවක් ඇත. දේවාලයක් නිමකර මෙම පිළිමය තැන්පත් කිරීමට පෙර මෙය තියෙන තැනක් හෙළිකළහොත් එය පිළිබඳ සත්‍ය තොරතුරු සොයා බැලීමට රාවණ ගවේෂකයන්ට අවස්ථාව උදාවේ. ඒ හරහා එහි සත්‍ය අසත්‍යභාවය හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ තක්සේරු කරගත හැකිවේ.
එහෙත් දේවාලයක් තුළ තැන්පත් කළ පිළිමයක් පිළිබඳ සොයා බැලීමට අවස්ථාව උදාවන්නේ නැත. එවිට සාමාන්‍ය සමාජය තුළින් සියල්ල වසා දැමීමට හැකිවනු ඇත.

පුරාවිμාවෙන් සැ`ගවීම


පුරාවිμා දෙපාර්තමේනතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා
මහතාගෙන් මේ පිළිබ`ද කළ විමසීමේදී ඔහු කියාසිටියේ රාවණ පිළිමයක් පිළිබ`ද හෝ එවැනි සොයාගැනීමක් පිළිබ`ද තම ආයතනය නොදන්නා බවය. මෙවන් පසුබිමක් තුළ මෙහි ඓතිහාසික සත්‍යතාව පිළිබ`ද කිසිදු නිල වටිනාකමක් ඇති නොවේ.
අභියෝගය
මේ සියල්ල යටින් ඉන්දියානු සංස්කෘතික ව්‍යාප්තවාදයේ අඳුරු සෙවණැලිද පතිත වී ඇතැයි යන නිගමනයද අපට මෙහිදී ප‍්‍රතික්ෂේප කළ නොහැකි අයුරින් විද්‍යමාන වේ. විශේෂයෙන්ම එය මිනී කන නොදියුණු ශිෂ්ටාචාරයක් ලෙස හෙළ ඉතිහාසය පෙන්වීම හා රාම කෝවිල් හැටහතරක් ලංකාව පුරා ඉදිකිරීමේ සැලැස්මේ තවත් එක් ජවනිකාවක් ලෙස මෙය හැඳින්වුවහොත් එහිද වරදක් නොවනු ඇත.
රාවණ රජුගේ පිළිමයක් පිහිටුවීම යුග මෙහෙවරකි. එහෙත් ඒ රාවණ විකුණන් කෑමට නොව හෙළ ප්‍රෞඪත්වය ලෝකයට කියාපෑම උදෙසාය. සිවු හෙළයේ අභිමානය උදෙසාය.

හෙළයේ නිර්මාණයක් නොවෙයි
ජලිත අමරසිංහ
රාවණ පර්යේෂණ ආයතනය


ශ‍්‍රී රාවණ නැතහොත් යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂ පති කියන්නෙ අපේ හෙළ ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ඒ පාලකයාව ඇදහීම නැතහොත් අපේ ඇදහිය යුතු පැරැුණි විරුවන් ඇදහීම හොඳ කාරණාවක්. නමුත් දැනට මතුව ඇතැයි කියන රාවණ රජුගේ පිළිමය කිසි ලෙසකවත් හෙළ රාවණ රජු වෙනුවෙන් හෙළ පොළොව තුළ නිර්මාණය වූ පිළිමයක් නොවෙයි.
මේ පසුපස විශාල කුමන්ත‍්‍රණයක් පවතිනවා. මෙය එකහෙළාම ත‍්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිලේ මෑතකාලීනව ඉදිකළ ඉන්දියානු සම්භවයක් සහිත රූපයට බොහෝසෙයින් සමානයි. එහි වර්ණ ගැන්වීම් පවා ඊට බොහෝ සමානයි. ලංකාවේ මතුවෙමින් පවතින රාවණ ශක්තිය නැතහොත් හෙළ ඉතිහාසය ඉතා සූක්ෂ්ම ලෙස විනාශ කර දැමීමේ ඉන්දියානු රෝ සංවිධානයේ තවත් කුමන්ත‍්‍රණයක් ලෙසයි අප මෙය දකින්නේ. මේ සමානම පිළිමයක් මෙයට පෙර අවස්ථාවකදීත් ලංකාවට එවන්න උත්සහ කළා. නමුත් අප ඒ පිළිබඳ දැනගත් නිසා එය වැළකී ගියා. ඉන්දියාවෙන් එන අය සීතා හිටි තැන් කියා ගල් ගුහා පෙන්වන්නේ ඔවුන්ගේ පටු පරමාර්ථයක් ස`දහාය ඒ තැන් ඔවුන්ගේ අයිතියට ගැනීමට උත්සහ දරනවා. මෙවන් පිළිමයක් අප රට තුළ ස්ථාපිත කිරීම හරහා ඔවුන්ගේ රාම වෘතාන්තය සත්‍ය කරගැනීම මෙන්ම ද්‍රවිඩ නිජබිම් සංකල්පය මතු කිරීමේ ඉතා සූක්ෂ්ම ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා කියන්න පුළුවන්.

රාවණ දෙවොල් 15ක් තිබෙනවා
මහාචාර්ය පී. ඒ. වික‍්‍රමතුංග
නිර්මාතෘ හෙළ සවිය ව්‍යාපෘතිය


ලංකාව තුළ මේ වනවිට රාවණ රජු වෙනුවෙන් පුද සත්කාර සිදුවන දේවාල හා පුදබිම් පහළොවක් පමණ තියෙනවා. එයට අමතරව ඈත අතීතයේ සිට පරම්පරාවෙන් උරුම වූ රහසේ පවත්වාගෙන යන දේවාල හතරකුත් ලංකාවේ තියෙනවා.
ඒ සෑම දේවාලයකම රාවණ රජුගේ පිළිම තැන්පත් කර තිබෙනවා. අලූතින් සොයාගත් පිළිමය තැන්පත් කර සාදන දේවාලය ලංකාවේ පළමු රාවණ දේවාලය ලෙස ප‍්‍රසිද්ධ කිරීමට උත්සහ දරනවා. ඒ හරහාම හොඳින්ම පේනවා මෙය වාණිජ අරමුණක් පෙරදැරි කරගෙන රාවණ ශ‍්‍රී නාමය භාවිත කිරීමට දරන උත්සහයක් බව.
මෙය මතුකර සමාජගත කිරීමට උත්සහ දරන්නේ ‘රාවණා අපියි සමාජගත කළේ’ කියලා කියාගන්නා පත්තරයකින්. ඔවුන් මෙය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ගත්තේ ‘රන්දිව’ පුවත්පත මෙන්ම හෙළ සවිය හා ස්වාධීන කණ්ඩායම් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ රාවණ ඉතිහාසය සමාජගත කිරීමේ සමාජ මෙහෙවරක යෙදී සිටින අවස්ථාවකයි.
අර කිව්ව පුවත්පත බොහෝ අවස්ථාවල රාවණ ඉතිහාසය පරස්පර තැන්වලට ගෙන ගියා. මෙයත් එහි දිගුවක් නැතිනම් තවත් එවැනිම අවස්ථාවක් ලෙසයි අපට හැෙඟන්නෙ. දකුණු ඉන්දියාවේ පහළ ප‍්‍රදේශවල අදහන ප‍්‍රාදේශීය දෙවි කෙනෙක් වන අයියනර් දෙවියන්ගේ එරට ඇති පිළිමවල පෙනුමට මෙම රූපය බොහෝ සෙයින් සමානයි. රාවණ රජුගේ පෙනුම එයට සම්පූර්ණයෙන් වෙනස්.

රාවණ බලයට අභියෝගයක්
ජානක කුමාර පතිරණ
වත්මන් භාරකරු ශ‍්‍රී රාවණ අසපුව


අප පරම්පරාගතව රාවණ දෙවියන් උදෙසා පුදපූජා පවත්වනවා. සෑම ඉරිදාවකම නානුමුර මංගල්‍යයන් වගේම රාවණ පූජාවන් අප සිදුකරනවා. ශ‍්‍රී රාවණ රජු කියන්නෙ නිර්මාංශ රජ කෙනෙක්. රාවණ දෙවියන් උදෙසා හරි විදිහට පුදපූජා තියන කෙනෙක්. මස් මාංශ පාවිච්චි කරන්නෙ නෑ.
එවන් රජ කෙනෙක්ගේ හෝ දෙවි කෙනෙක්ගේ අතේ මිනී ඔළුවක්, කපා දමපු අතක් සවිකරපු වාදන භාණ්ඩයක් තියෙන්න බෑ. එය හෙළයන් කියන්නේ මිනී කන යකුන් කියන සංකල්පය ඇතිවන විදිහටයි ඉන්දියානුවන් රාවණ රජුව නිර්මාණය කළේ. හෙළ පිළිම එහෙම නිර්මාණය කළේ නෑ. ඔවුන් කළේ හෙළ රජෙකුව නිර්මාණය කරන තේජාන්විත බව සහිතවයි.
අනෙක් කරුණ එම පිළිමය පිළිබඳ පුවත පළකළ පුවත්පතේ රාවණ රජුගේ දේහය තැන්පත් කර ඇති බවත් සඳහන් වෙනවා. රාවණ කියන්නෙ තනතුරක් මිසක් එක දේහයක් විතරක් නොවෙයි. ඒ තනතුර දරපු අය ගොඩක් හිටියා. මේක ගොඩක් අය පටලවාගෙන තියෙන්නෙ.
අනෙක් අතට හැමදේටම ඉදිරියට එන රාවණ බලකාය වගේ සංවිධාන මේ පිළිබ`ද නිහ`ඩ පිළිවෙතක සිටිනවා. අපි ඔවුනට
බල කරනවා ඔවුන් රාවණ රජුගේ ශ‍්‍රී නාමය නමින් පෙනී සිටිනවා නම් මෙම පිළිමය පිළිබ`ද ගැටලූවේදී එයට මැදිහත් වී සත්‍ය ඔප්පු කරන්න කියලා.

ගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගග

කාංචන ගීත මනමේන්ද්‍ර