මැරුවාණම් රාවණා ගෙඟ් පැන්නෙ ඇයි රාම?
මහාවංශයෙන් ඉරා විසි කළ හතළිස් වන පරිච්ෙඡ්දය නැතහොත් ‘රාවණ යුගය’ නැවත ලියන්නට අප
ඇරඹූ කතිකාව කොටස් විසි හතරක් පුරා සාර්ථක ගමනක් පැමිණ ඇති බව පසක් වනුයේ ‘රාවණ’ ජාතියේ කියවීමක් ලෙස සමාජගතව කතිකාවක් නිර්මාණය වී ඇති නිසාය.
රාවණ මිත්‍යාවක් බවට පත් කළ 1912 දී ලියවෙන කොඞ්රිංටන්ගේ ලංකා ඉතිහාසයත්, විජයගෙන් එපිටට අඩියක් තබන්නට බිය ලාංකේය පුරාවිද්‍යාවත් යළි ප‍්‍රශ්න කළ යුතු තැනට රාවණ යුගය තුළින් අපි මතු කර දැක්වූවෙමු. හෙළ යුගය සොයාගිය, ඉතිහාසයෙන් පැමිණි, ත්‍රෛකාලයේ ගමන් කරන සියලූ දෙනා එක්ව ඉහළට ඔසවා තැබූ හෙළ රාවණ රාජ්‍යය කියවීම වෙනුවට හෙළ ශක්තියෙන් නැ`ගී සිටිය යුතු, හෙළයන් සැවොම එකට එක්විය යුතු යුගය එළඹී ඇත. ඒ වූ කලී රාවණ වසරයි.
රාම-රාවණ යුද්ධය අභ්‍යන්තර බල අරගලයක පුපුරායෑමක් ලෙසින් අපට තේරුම්ගත හැකි සාධක බොහොමයක් දැකගත හැකිවෙයි. එහි දී පෙන්වා දිය හැකි මුල්ම සාධකය වනුයේ පුලස්ති පරපුර හා වශිෂ්ඨ පරපුර මුල්කරගනිමින් මෙම සටන පැවතීමයි. පුලස්ති යනු වශිෂ්ඨ සෘෂිගේ සොහොයුරායි.
අනෙක් කාරණාව වනුයේ තම පරපුරට සිදුවන විනාශය තම සෘෂි නුවණින් අවබෝධ කරගන්නා පුලස්ති සෘෂි සකලවිධ ඥානය වේදග‍්‍රන්ථ ලෙස ලියා තැබීමයි. අනෙක් කාරණාව වනුයේ මෙම යුද්ධය පසුපස පවුලේ බල අරගලයක් පැවති බවට හො`දම සාධකය වන්නේ විශුවස් මුණිවරයාට හා ඉලදේවිට දාව උපන් වෛශ‍්‍රවණ ගෙන් (කුවේර* රාවණ බලය පැහැර ගැනීමයි. රාවණ යනු විශුවස් මුණි හා පුෂ්පොත්කටාට දාව උපන් දරුවාය. විභීෂණ යනු විශුවස් මුණි හා මාලනීට දාව උපන් දරුවාය. කුවේරගෙන් රාවණ බලය පැහැරගත්තා සේම, රාවණගෙන් රාජ්‍යය ලබාගැනීමට විභීෂණට අවශ්‍ය වන්නට ඇත.
මෙම තත්ත්වයම අයෝධ්‍යාවේද සිදුවන අතර දශරථට හා කෞශල්‍යට දාව උපදින රාමට හිමි සිහසුන දශරථට හා කෛකසිටට දාව උපදින භාරතට ලබාදීමට සිදුවන්නේ එබැවිනි. රාම-විභීෂණ එක්වීම පොදු සතුරකුට එරෙහි එක්වීමකි. මෙහිදී වැදගත් වන කරුණු
රැුසක් ඇත. රාමව අයෝධ්‍යාවෙන් පිට කිරීමට හේතු වනුයේ රාමායණයේ පෙන්වා දෙන හේතුවට වඩා වෙනස් වූ හේතුවෙක් මත බව එය හො`දින් අධ්‍යයනය කරන්නකුට පෙනී යයි. අයෝධ්‍යාව යනු එකල හෙළ අසුර අධිරාජ්‍යයට අයත් වූ රටක් බවට ඇති හො`දම සාක්ෂිය එහි පාලකයාගේ උපදෙස් දෙන්නා නැතහොත් දේවයන් තනන්නන්ගේ ප‍්‍රධානියා ලෙස පුලස්ති ඍෂිගේ අයියා වූ වශිෂ්ඨ ඍෂිවරයා කටයුතු කිරීමයි.
රාමට රජකම නොදී රටින් පිටුවහල් කිරීමට හේතු වන්නේ අසුර අධිරාජ්‍ය විරෝධියකු ලෙස ඔහු කටයුතු කිරීමයි.
රාවණ මහා රජුගේ නියමය දශරථ රජු ක‍්‍රියාත්මක කළ ආකාරය හො`දින්ම අවබෝධ කරගත හැකිවෙයි. අනෙක් කාරණාව වනුයේ රාම යුද්ධයට පෙර බලය ලබාගැනීමේ උපක‍්‍රමයක් ලෙස සීතාව භාවිත කළ බව පෙනීයාමයි. එනම් කුඹුරක අතහැර දැමූ රාවණගේ දියණිය වූ ශොහෙලිව දරුකමට හදාගත්තේ මිථිලාවේ රාජ්‍ය පාලනය කළ ජනක නම් රජුය. හදාගත් දරුවාව රාම විවාහ කරගනිද්දී ජනක රජුගේම දියණිය වූ උර්මිලාව ලක්ෂ්මන් විවාහ කරගනු ලබයි.
මෙහි දී අයෝධ්‍යාවේ සිහසුන උරුම රාජ කුමාරයාට හදාගත් දියණියක විවාහ කරදීම පසුපස තිබෙන්නේ කුමක්ද? දුවව පෙන්වා බලය ලබාගැනීමේ උපක‍්‍රමයයි. රාවණ ශොහෙලිව (සීතාව* යළි ලංකාවට රැුගෙන එන්නේ රාමගේ එම උපක‍්‍රමය අසාර්ථක වූ පසු ඇයව කැලයේ අතරමං කරදැමීමෙන් අනතුරුවය. මෙයම රාම-රාවණ යුද්ධයෙන් පසුව ද රාම සිදු කළේය. එනම් දරු දෙදෙනා සම`ගම සීතාව වනයේ අතරමං කර දැමීමයි. ඒ උපක‍්‍රමයක් උදෙසා සිදු කරගත් විවාහයේ අවශ්‍යතාවක් තවදුරටත් ඔහුට නොවීමයි. එසේම වානර නම් ගෝත‍්‍රික පරපුරක සහය මිස අයෝධ්‍යාවේ හමුදා සහය යුද්ධය උදෙසා රාමට හිමි නොවුණි. මෙහිදී මතුවන ගැටලූවක් වනුයේ රාවණ පරපුරෙන් එන ප‍්‍රබල ආයුධයක් වූ ‘බ‍්‍රහ්මස්ත‍්‍රය’ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බවට පුලස්ති ඍෂි නියම කර තිබීමයි. පරපුරට ද්‍රෝහි වන්නකුට පරපුරේ ප‍්‍රබලම ආයුධයක උරුමය ලබාදීමට පරපුර ගොඩනැ`ගූ ඍෂි කෙනෙක් තීරණය කරයි ද යන්න දෙවරක් සිතිය යුත්තකි. එසේ නම් විය හැක්කේ කුමක්ද?
සතුරා අතර සිට සතුරාට පහරදීම ද? එහිදී මිය ගිය විභීෂණ දේවත්වයට පත්වීද? අප දන්නා පරිදි දේවත්වයට පත්වූයේ වීරයන් ලෙස මිය ගිය හෙළයන් මිස ජාතිය පාවා දුන් ද්‍රෝහීන් නොවන්නේය. රාවණ මිය ගියේ නැත. ඔහු අමරණීයත්වය ලබාගත්තෙකි. එදා ඔහු මිය
නොගිය බැවින් එකල්හි රාවණ ශක්තියක් බවට පත්වූවා මිස දෙවි කෙනකු බවට පත්නොවුණි.
අවසන් සටනේදී සිදු වූයේ කුමක්ද මහා රාවණ සතුව පැවැති ‘මෙත්්තස්ත‍්‍රය’ නම් රහස් ආයුධය පාවිච්චි කිරීමයි. ‘මෙත්්තස්ත‍්‍රය’ යනු අධිසංඛ්‍යාත තරංග නිකුත් වන අත ර`දවාගත හැකි කුඩා ප‍්‍රමාණයේ උපකරණයකි. එයින් නිකුත් වන අධිසංඛ්‍යාත තරංග ම`ගින් අවට සිටි සියල්ලෝ තම වස`ගයට
පත්කරගත හැකිය. රාවණ සේනාවට එරෙහිව විභීෂණ විසින් භාවිත කිරීමට උත්සහ දැරූ බ‍්‍රහ්මස්ත‍්‍රය අවසානයේ රාම හමුදාවට එරෙහිව භාවිත කිරීමට සිදු වූයේ එබැවිනි.
රාම හමුදාව පමණක් නොව රාම-ලක්‍ෂමන් ද මහා රාවණ මෙත්්තස්ත‍්‍රය හමුවේ පරාජයට පත්විය. මහා රාවණ රජු හමුවේ දණින්වැටී පරාජයභාරගැනීමට ඔවුනට සිදුවූහ. යුද්ධයෙන් පැරදී අයෝධ්‍යාවට ගිය රාම-ලක්‍ෂමන් ග`ගට පැන සියදිවි නසාගන්නේ එබැවිනි. තුන් ලොව කැළඹූ යුද්ධයක් ජයගත් වීරයන් දෙදෙනකු තම රටට ආ සැණින් සිය දිවිනසාගන්නට හේතුවක් නැත. ජනතාව හමුවේ පරාජයේ අවමානය දරා ගත නොහැකි වූ කල නම් එවැන්නක් සිදු කරගත හැකිය.
අයෝධ්‍යාවේ සිහසුනේ තබා රටේ රජු ලෙසින් සැලකූ මිරිවැඩිස`ගල රාමගේ නොව ජයග‍්‍රාහී මහා රාවණයන්ගේ මිණිවැඩි ස`ගලයි. මහ වංශයෙන් ඉරා විසි කළ හතළිස් වන පරිච්ෙඡ්දය මෙතෙකින් නිමි.
කාංචන මනමේන්ද්‍ර
No comments:
Post a Comment