දහඅට වැනි ශත වර්ෂය වූ කලි නව කාර්මික විප්ලවයේ මූලාරම්භක අවධියයි. මෙතෙක් සෙමෙන් සෙමෙන් පරිණාමය වෙමින් ආ මිනිස් සමාජය තුළ වේගවත් බවක් ඇති කරන්නටද මේ කාර්මික විප්ලවය විසින් කරුණු කාරණා නිර්මාණය කරලීය. අප අද භාවිත කරන සියලූ විද්‍යුත් උපකරණවල පදනම නිර්මාණය වන්නේ මේ යුගයෙන් පසුවය. එහෙත් ඒ ලිඛිත සාධක අනුවය. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුළ සොයා ගනිද්දී ඇලෙක්සැන්ඩර් වෝල්ටා විදුලි කෝෂ නැතහොත් බැටරිය සොයා ගත්තේය.
එහෙත් පසුගිය කාලය තුළ ලොව පුරා සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සමගම මෙතෙක් කල් ලිඛිත ඉතිහාසයේ පැවැති නව සොයාගැනීම් ලැයිස්තුවෙන් බොහෝ නාමයන් කපා ඉවත් කරන්නට සිදුවන පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. බැබිලෝනියානු ගුවන් තාක්ෂණය, පාකල් රජුගේ රොකට්ටුව, බැග්ඩෑග් බැටරිය, ඩැන්ඩෝරා විදුලි බුබුළ පමණක් නොව පිරිරිස් :ඡුසරස ඍැසි* විසින් පිටපත් කළ ලොව
පැරැුණිම සිතියම් තාක්ෂණය හරහාද බොහෝ සොයා ගැනීම්වල ඉතිහාසය වසර 2000-3000කින් ඈතට දිව ගියේය.
බැග්ඩෑඞ් බැටරිය යනු කුමක්ද? එය නූතන විදුලි කෝෂයේම මුල් අවස්ථාවකැයි පැවසුවහොත් එහි කිසිදු වරදක් නැත.
1938 වර්ෂයේදී ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ආසන්න ප‍්‍රදේශයක පිහිටි කුයුට් රැුබු
නම් ග‍්‍රාමයෙන් විශේෂිත හැඩයකින් යුත් මැටි භාජන රැුසක් සොයාගන්නට හැකි විය. ඉන්පසු අද දක්වාම වරින් වර ඉරාකයෙන් මෙම විශේෂිත හැඩයෙන් යුතු භාජන මතු වුවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ නැත. එහෙත් සෙන්ටිමීටර 13ක් උසට සිටින සේ මැටිවලින් නිර්මාණය කර ඇති මෙම බඳුන් සියල්ලෙහිම මුදුනේ සෙන්ටිමීටර 3-4 සිදුරක් පවතින අතර ඒ තුළින් තඹ තහඩුවකට මැදි කළ යකඩ කූරක් සහිත වැස්මක් ඇතුළු කර තිබුණි. තඹ තහඩුව හා යකඩ කූර එකිනෙක නොගෑවෙන ලෙස සුුමේරියානුවන්්
සකසා ඇති අතර ඒ සඳහා භාවිත කර ඇත්තේ ලෝහ නොවන විශේෂිත ද්‍රව්‍යයකි. එකම සමාන මෙවැනි භාජන විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයෝ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට විය.
ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර තිබූ මෙම භාජනවලට එක්වරම වටිනාකමක් හිමි වන්නට හේතු වන්නේද මේ සොයා ගැනීමයි. නූතන විදුලි කෝෂවල නිර්මාණ සැලැස්මට සමාන බවක් මෙම ටෙරාකොටා භාජනවල ඇති බව අවබෝධ කරගත් පර්යේෂකයන් එයට ‘බැග්ඩෑඞ් බැටරි’ යන නම භාවිත කරන්නට විය.
යකඩ කූරක් හා තඹ තහඩුවක් තිබූ පමණින් විදුලිය නිපදවෙන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඒ උදෙසා එම භාජනය තුළ යම් ප‍්‍රතික‍්‍රියාවක් සිදුවිය යුතුය. විද්‍යාඥයන් ඒ සඳහා උපයෝගි කර ගත්තේ සිට්රික් අම්ලයයි. සිට්රික් අම්ලය ටෙරාකොටා බඳුන තුළට පුරවා එයට තඹ තහඩුව හා යකඩ කම්බිය සවි කර ඇති පියනෙන් වැසූ විට එම පියනේ එළියට ඇති අග‍්‍ර දෙකෙන් ඒ තුළ නිපදවෙන විදුලිය ලබා ගැනීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. මෙම බැටරියට යොදාගන්නට ඇති දියරය පිළිබඳ ස්ථිර නිගමනයක් නැතත් විනාකිරි, දෙහි, පලතුරු යුෂ හෝ මධ්‍යසාර මේ සඳහා යොදාගන්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.



ඒ ඔප දැමූ තඹ තැටි උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට භූගත දෙවොල තුළට ආලෝකය රැුගෙන යන්නට ඇති බවය. එහෙත් ඒ තර්කයද බිඳ වැටුණි. එතරම් දුරක් ආලෝකය අඩු නොවී රැුගෙන යා නොහැකි විය.
සියලූ මතවාදයන් බිඳ දමමින් ඩැන්ඩෝරා දෙවොල තුළින්ම පිරමීඩ ආලෝක කළ ආකාරය පිළිබඳ රූපසටහන් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වීමත් සමග අදින් වසර 3000කට පමණ පෙර පැවැති විදුලි බල්බයන් පිළිබඳ තොරතුරු හෙළි කරගත හැකි විය.
එම රූපය බැලූ බැල්මට පෙනෙන්නේද විශාල විදුලි බුබුළක් අතින් ගත් පුද්ගලයකුවය. පුරාවිද්‍යාඥයන් පවසන පරිදි මෙම දෙවොල ප‍්‍රධාන පූජකයන්ට පමණක් සීමා වූ රහස් දෙවොලකි. එනම් මේ තුළ සැඟව තිබූ රහස්ද පැවතිය යුතුය. පර්යේෂකයන්ගේ අදහස වනුයේ පුරාණ ඊජිප්තුව ආලෝකවත් කළ ප‍්‍රභවයේ රහස සැඟ වී තිබුණේ මෙම දෙවොල තුළ විය යුතු බවය.
මෙම බල්බයක් අතින් ගත් මිනිසාගේ රූපයේ කොටස්වලින් විදුලියෙන් ආලෝකය නිපදවීමේ ක‍්‍රමවේදයම නිරූපණය වෙයි. බල්බයක වටේ ආවරණය, ඒ මැද ඇති දැල්වෙන සූත‍්‍රිකාව, බල්බයේ සොකට්ටුව, බල්බයට විදුලිය සැපයෙන වයරය මෙන්ම බල්බය දැල්වීමට උපයෝගි කර ගනු ලබන විදුලි ගබඩාව (බැටරිය*ද මෙම රූපය තුළ පැහැදිලිවම දැකගත හැකි වෙයි. බැටරිය හා බල්බය අතර ඇ`ද ඇති වායු දේවතාවාගේ රූපය තුළින් විදුලි ප‍්‍රභවය හා බල්බය අතර පරතරයක් පවතින බව අදහස් කර ඇත.

සුමේරියානුවන් නිර්මාණය කරන ලද මැටි පුවරු 40000ක් පමණ පුරාවිද්‍යා ගවේෂකයන් සොයාගෙන ඇතත් ඒ තුළ ලියැ වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. යම් දවසක මැටි පුවරු කියවාගත හැකි වුවහොත් ලෝක ශිෂ්ටාචාරය උඩු යටිකුරුවනු ඇත. අදින් වසර තුන්දහසකට පෙර පැවති අතිදියුණු යුගයක සියලූ තොරතුරු සමාජගත වනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවනු ඇතැයි සිතේ.
වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
No comments:
Post a Comment