


* සවි කර තිබූ විශේෂිත හැඩයෙන් යුත් ගලක් වෙත ඔහුගේ අවධානය යොමු විය. ඉන්පසු එහි ඇරඹූ කැණීම් හරහා ආරුක්කු හැඩයෙන් යුතු විශේෂිත උමං මාර්ගයක් මතු කර ගත හැකි විය. එම උමං මාර්ගයම කුඩා ගල් කැබලි ටොන් ගණනක් දමා වසා දමා තිබුණි. ඒ සියලූ ගල් ඉවත් කිරීමෙන් පසු උමං මාර්ගය පිවිසියේ කුඩා පිරමීඩකාර කුටියකටය. ඇල්බට් රුවිස්ගේ නොනවතින කුතුහලය පිරමීඩකාර කුටියේ එක් බිත්තියක් බිඳ දමන්නට සමත් විය. ඒ සමගම මතු වූයේ ටෙම්පල් ඔෆ් ඉන්ස්ක‍්‍රිප්ෂන් නැතහොත් පාකල් රජුගේ රාජ්‍ය ලොව සුපතළ වූ සොයාගැනීමට හිමිකරුවා වන්නට ඔහුට අවස්ථාව උදාවීමයි. එහි වූයේ මායා රාජ්‍යයේ අසහාය රජු වූ දෙවැනි පාකල් රජුගේ සොහොනයි. ටොන් ගණනක් බරැුති ගල් ලෑල්ල පාකල් රජුගේ සොහොනෙන් හමු වූ අන් කිසිවකටත් වඩා ලෝකයේ කතාබහට ලක් විය.
මෙක්සිකෝවේ බාක් නගරයේ පිහිටා ඇති ‘ටෙම්පල් ඔෆ් ඉන්ස්ක‍්‍රිප්ෂන්’ දෙවොලේ තිබී හමු වූ මායා රාජ්‍යයේ අසහාය රජු ලෙස සැලකෙන දෙවැනි පාකල් රජුගේ සොහොනේ මතුපිට වූ ගල් තට්ටුවේ කොටා තිබූ රූපය මෙතෙක් ලොව මුල්ම ගුවන්යානයේ නිර්මාණකරුවන් ලෙස රයිට් සහෝදරයන් හිමි කර ගෙන තිබූ විරුදාවලිය බිඳ දැමීමට සමත් විය.

මෙම සොයාගැනීමත් සමගම පර්යේෂකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු විය. සොහොනක් වැසූ දැවැන්ත ගල් තට්ටුවක අංග සම්පූර්ණ රොකට්ටුවක සැලැස්මක් සඳහන්ව තිබීමත් එය අතිරහසිගත ලෙස සඟවා තිබීමත් මත පර්යේෂණවල මඟ වෙනස් අතකට යොමු විය.
මෙම කැටයමේ සඳහන්ව තිබුණේ රොකොට්ටුවක නැගී යන පාකල් රජුය. එහි රොකට්ටුවක ඇති මූලික අංග පැහැදිලිවම කැටයම් කර තිබුණි. ඇසට සමීපයේ වූ දුරදක්නයක් වායු පීඩනයට සහ ඔක්සිජන් ලබාදීමට නහය අසන්නයේම සවි කළ වායු නාළයක් එහි දැකගත හැකි විය. යානයේ ක‍්‍රියාකාරිත්වය පාලනය කරන ලීවරය දකුණු අතින් අල්ලා ගෙන සිටින පාකල් රජු වම් අතින් වෙනත් ලීවරයක් ක‍්‍රියාත්මක කරමින් සිටියි. පා දෙක තබාගෙන ඇත්තේ රොකට්ටුවේ එන්ජිමේ වේගය පාලනය කරන ලීවර දෙක මතය. පාකල් රජු වාඩි වී සිටින ආකාරය හා අසුන සියයට සියයක්ම නූතන ගගනගාමියකුගේ ඉරියව්වලට සමානය. එනම් නුතන ගගනගාමියෙකු කැප්සුගය තුළ සිටින ආකාරයෙන් ම පාකල් රජු වාඩිවි සිටිමයි. යානය යටින්ම ඇත්තේ දහන කුටීර හා තාපය පිටකරන සිදුරුය.
පිටසක්වළ ජීවින් පිළිබඳ පර්යේෂකයන්ගේ අදහස වූයේ ‘රෙප්ටොයිඞ්ස්’ නම් උරග පිටසක්වළයන් සමග යම් සබඳතාවයක් පාකල් යුගයේදී පැවත ඇති බවය. මෙම කැටයම්වල සඳහන් දියුණු තාක්ෂණය ඔවුන්ගෙන් ලැබෙන්නට ඇතැයි යන්න පර්යේෂකයන්ගේ අදහසයි.
පෝල් ෆ්රැුන්සිස් ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම ගල් කැටයම පරිගණක ත‍්‍රිමානකරණය හරහා සජීවීකරණයකට ලක් කරනු ලබයි. ඒ හරහා සිදුවනුයේ මෙතෙක් පර්යේෂකයන්ගේ සිත්වල පැවති කුතුහලය තව තවත් වර්ධනය වීමයි. එම සජීවීකරණය එතරම්ම නූතන රොකට්ටුවකට සමාන විය. ඉන්පසුව පර්යේෂකයෝ රොකට් ආකෘතියක් සත්‍ය ලෙසම නිර්මාණය කළේය.
පාකල් රජුගේ සොහොන මත ඇතුරූ ගල් ලෑල්ලේ තිබූ කැටයම සත්‍යයක් බවට පත් විය. නූතන රොකට්ටුවේ මූලික අංග හා මෙහි කිසිදු වෙනසක් නොවීම හේතුවෙන් රොකට් ඉතිහාසය ගැන අලූතෙන් සිතන්නට ලෝකයට සිදුව ඇත.
පර්යේෂණ කණ්ඩායම මෙම සැලසුම උපයෝගි කරගනිමින් රොකට් මොඩලයක් නිර්මාණය කිරීමට උත්සහ ගත්හ. එම කටයුත්ත ඉතා සාර්ථක විය. එම සාර්ථකත්වයට හේතු වූයේ නූතන ගගනගාමියකු ගුවන්ගත වීමේදී අසුන් ගන්නා ඉරියව්ව, නහයට සවි කරනු ලබන ඔක්සිජන් නළය පවා පාකල් රජුගේ ගල් සැකිල්ල තුළ සටහන්ව තිබීමයි. එසේම පාදයෙන් ක‍්‍රියාත්මක වන ලීවරයන් හා යානය හැසිරවීම උදෙසා උපයෝගී කරගනු ලබන අතින් ක‍්‍රියා කරන ලීවරයන් මෙම ගල් සැකිල්ල තුළ පැහැදිලිව සටහන්ව පැවතීම හේතුවෙන්ම රොකට්ටුව ඉතා සාර්ථකව නිර්මාණය කරගත හැකි විය. එසේම ඉන්ධන ටැංකිය ඉන්ධනවලින් ක‍්‍රියාත්මක වන එන්ජිම මෙන්ම ගුවන්ගත වීමේදී අධික තාපය පිටවන රොකට්ටුවේ පහළ ඇති කුටීර පවා මෙහි දැකගත හැකි වෙයි.
මෙලෙස බලන කල ලොව මුල්ම ගුවන්යානය නිපදවූයේ රයිට් සහෝදරයන් යැයි කීමේ විශාල ගැටලූවක් පවතී. එසේම ලොව පළමුවෙන්ම සාර්ථකව ගුවන්ගත වූ යානය ලෙස සැලකෙන 1939දී ජර්මානුවන් නිපද වූ හෙන්කල් එච්.ඊ. 178 යානයේ වාර්තාවද වෙනස් කළ යුතුය. අදින් වසර දෙදහසකට පමණ පෙර විශ්වය ජයගත් රොකට්ටුවක් පැවැතියා නම් එකල කොතරම් දියුණු සමාජයක් පැවැතිය යුතුද?

කාංචන ගීත මනමේන්ද්‍ර
එහෙත් එවන් වූ ශිෂ්ටාචාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ කෙලෙසද?
ReplyDeleteමගේ ප්‍රශ්නෙත් ඕක...
word verification අයින් කරොත් comment කරන අයට පහසුවක් වේවි..
ගොඩාක් වැදගත් ලිපියක් ගුරුතුමනි මෙහි ඉතිරි කොටසත් ඉදිරියේදි බලාපොරොත්තු වෙනව
ReplyDelete