Friday, November 8, 2013

ශිවගේ වාස භවන ලංකාවේද?


කෛලාෂකූටය යනු හින්දු දේව පුරාණයට අනුව මහ දෙවියන් වන ශිවගේ වාස භවනයි. ශිවගේ බිරිඳ වන පාර්වතිය සිටින්නේද කෛලාෂකූටයේමය. ඇත්තෙන්ම කෛලාෂකූටයේ පිහිටීම පිළිබඳ විවිධ මතිමතාන්තරයන් පවතී. එක් පිරිසක් එය දෙව්ලොව පිහිටා ඇතැයි පවසද්දී තවත් සමහරු වසර පුරාම හිමෙන් වැසීගිය හිමාලයේ මහා ශිඛරයක් කෛලාෂකූටය ලෙසින් නම් කරති. එනිසා එම
කන්දේ පිහිටා ඇති එක් මහා ගල් ලෙනක් ශිවගේ නිවස්නය ලෙසින් වන්දනාවට පාත‍්‍ර වෙයි. එහිදී එක් විශේෂයක් වෙයි. එනම් හිමෙන් වැසුණු මෙම ලෙන විවර වන්නේ වසරටම දවස් කිහිපයක් පමණක් වීමය.
අප කතා කරන්නට යන්නේද කෛලාෂකූටය පිළිබඳය. එහෙත් ඒ ඉන්දියාවේ හිමාලයේ පිහිටි කෛලාෂකූටය පිළිබඳ නම් නොවේ. අප කතා කරන්න යන්නේ ශ‍්‍රී ලංකාවේ පිහිටා ඇති කෛලාෂකූටය ගැනය. සැබවින්ම මෙය තවත් ඉතිහාසය ගැන අලූතින් සිතන්නට මඟ විවර කරන සංධිස්ථානයකි.මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුමේ අවසන් කඳු පංතිය වන්නේ දැඩිගමුව කඳු පංතියයි.
පැරැුණිග‍්‍රාම නාමවල සඳහන් වන පරිදි දැඩිගමුව කන්දට තරමක් ඈතින් අවිස්සාවේල්ල දෙසට වන්නට ඇඹුල්ගම පිහිටි ගල් ශිඛරය හැඳින්වෙන්නේද කෛලාෂකූට ලෙසයි. මහාවංශ ටීකාවේ පනස් තුන්වැනි ගාථාවෙන් මෙය සනාථවන අතර එයට අනුව බුදුරජාණන්වහන්සේ වැඩසිටි සමයේදී මෙම ස්ථානය හඳුන්වා ඇත්තේද කෛලාෂකූටය යන නමින්ය.
‘මඪගණවාසිකො බුදදතිසස ථෙරො මහිදධිකො කෛලාසෙ සථධී සහස්‍යානං දන්වාන පරිඥඤජිතං’
මෙම ගාථා අතරම මක්කම විහාරයේ සිට කෛලාෂකූටයේ දානයකට පැමිණි භික්ෂුන් හයදහසක් ගැනද සඳහන් වෙයි. එයද අපූර්ව හෙළිදරව්වකි. නමුත් වැදගත්ම කාරණය එය නොවේ. අප මේ කතා කරන්නේ ශිව දෙවියන්ගේ වාස භවනය වූ කෛලාෂකූටය ගැන වීමය. හෙළගවේෂකයන්ට අනුව ශිව යනු හෙළයේ ඉපැරැුණි රජෙකි. ඍෂි බලයද ඉක්මවා ගිය යෝගී බලයක් සහිත දිව්‍ය රාජයෙකි. මේ පිළිබඳ කතා පුවත වෙත ළඟාවීමට හෙළ ගවේශකයන් යොදාගනු ලැබුවේ. ශිව පාර්වතී සබඳතාවයි. එනිසා මෙම කතාවද ආරම්භ කරනුයේ එතැනින්ය.
ඉන්දියාවේ පාර්වතිය හා ලංකාවේ පත්තිනි දේවිය යනු එකම දේවතාවියක බව හින්දුන්ගේ පිළිගැනීමයි.
එය ලංකාවේද පිළිගන්නා කාරණයකි. පත්තිනි දේවිය වැඩවසන භූමිය ලෙස නවගමුව පිළිගත්තද ඉතිහාසයේ සිට පැවත එන මතය වනුයේ පත්තිනි මෑණියන් දේවත්වයට පත්වීම උදෙසා බවුන් වඩන ලද්දේ මෙම කන්දේ පිහිටි ලෙනක් තුළ බවය.
මෙම කඳුවැටිය තුළ ලෙන් 32ක් ඇති බවට තොරතුරු පවතී. මින් 28ක් හඳුනාගෙන ඇති අතර වසාදැමුණු ලෙන් 2ක් ඇත. මෙම ලෙන් දෙක තුළට ලන්දේසි ආක‍්‍රමණිකයන් විසින් රහතන් වහන්සේලා 600ක් දමා කළු ගල් යොදා දොරටු වසා දැමූ බව සඳහන් ය. මෙහි එක් ලෙනක් තුළ ඇඹුල්ගම සෙල් ලිපිය නමින් හඳුන්වන තවම පුරාවිද්‍යාවේ ඇස
නොගැටුණු සෙල් ලිපියක් ඇත. එහි සඳහන් වනුයේ බුදුන් කලට පෙර ලංකාවේ රජ කළ පණිත මහරජුගේ භාණ්ඩාගාරික වූ පරුමුඛ සුමනගේ පුත‍්‍රයන් වූ ඛේමය හා අශෝක විසින් මෙය වැඩිදියුණු කළ බවය.
මෙහි පරිසර පද්ධතිය තුළ දැඩි ගුප්ත බවක් දැකගත හැකිවෙයි. පත්තිනිය හා පාර්වතිය යනු එක් අයෙක් නම් නවගමුවට නුදුරෙන් පිහිටි කෛලාෂකූටයේ බවුන් වැඩුවේ කවුරුද යන්න පිළිබඳ ඇති වූ ගැටලූව හෙළ ගවේෂකයන්ට නව මානයක් විවර කරන්නට මඟ පෑදුවේය.
ඒ අනුව පත්තිනි සංකල්පයන් දෙකක් පිළිබඳ
සොයාගැනීමට අවස්ථාව උදාවිය. ඒ අනුව මින් එක් අයකු නුවර පත්තිනි මෑණියෝය. දෙවැන්නා නවගමුවේ පත්තිනි මෑණියෝය. නුවර පත්තිනි යනු රාවණ රජුගේ බිරිඳ වූ මන්දෝදරිය යැයිද නවගමුව පත්තිනි යනු දේවයාණිය යැයිද හෙළ ගවේෂකයන්ගේ මතයක් විය. තවත් පිරිසකගේ මතය වූයේ මේ දෙන්නාම එක් අයකු බවය. ඊටද හේතුවක් ඇත. එනම් නුවර පත්තිනියගේ බල ප‍්‍රදේශය වූයේ වත්මන් හන්තාන කඳු පංතියෙන් පහළ ප‍්‍රදේශය වීමයි. එනම් දේවයාණියගේ මාලිගය පිහිටියා යැයි සිතන ප‍්‍රදේශමය.
මෙහි ඇති අනෙක් කරුණ වනුයේ හෙළ ඉතිහාසයේ මෙන්ම බුදුන් දවසද ප‍්‍රධාන නාවික වරාය පිහිටියේ කැලණිය ප‍්‍රදේශයේ වීමය. ඉතිහාස කතාවට අනුව පත්තිනි මෑණියෝ බෝට්ටුවකින් ගොස් තම පියයුරුවක් කඩා දමා ගසා මදුරාපුරය ගිනි තබා විනාශකරලූවාය. දේවයාණියද මදුරාපුරයේ සිට වත්මන් ඇතැන්ස් නගරය දක්වා ගුවනින් පහරදී විනාශ කර ඇත. හෙළ ප‍්‍රවීණ භාෂා විශාරදයකු වූ අරිසෙන් අහුබුදු මහතා පෙන්වා දුන් පරිදි ඇතීනා යනු යුද වැදුණු දේවයාණිය වෙයි. එසේම ඇය යුද්ධය ඇතැයි කියා නැවතූ තැන පසුව ‘ඇතැන්ස්’ ලෙස වෙනස් වී තිබේ.
ලංකාවේ දේවයාණිය ඉන්දියාවේදී පාර්වතිය විය හැකිය. එහි සමාන ලක්ෂණ දැකගත හැකි වෙයි. ඇතීනා හා පත්තිනිය අතරද යම් සමානකමක් නැත්තේම නොවේ. ඇයගේ දෙඅත්වලද ආයුධ දෙකක් ඇත. දේවයාණි යුගයේ හෙළයේ ව්‍යාප්තිය පිළිබඳ හොඳම නිදසුන හමුවනුයේ බැබිලෝනියාවෙන්ය. බැබිලෝනියානු දෙවඟනක වන ෑරුියනසට්ක පිළිමයෙහි දෙඅත්වල රඳවා ගෙන ඇත්තේද පත්තිනි මෑණියන්ගේ පිළිමයේ ඇති රවුම් හැඩයෙන් යුතු සළඹ වැනිම සළඹ දෙකකි. ඒ ඒ සංස්කෘතිය අනුව රූපවල ඇඳුම් ආයිත්තම් වෙනස් වීම සංස්කෘතික විෂමතාවන්ට අදාළ කාරණයකි. එසේම ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ගලින් නෙළන දේව පිළිමවල ඇඳුම් ආයිත්තම් නොමැති ඒවා බොහෝ දැකගත හැකිවෙයි.
ලෝකය පුරා සමකාලීන යුග ගවේෂණය කරන විට පෙනී යන සරල කරුණක් වන්නේ ලංකාවේ සිට රුසියාව හා ඇමෙරිකානු භූමි කලාපය දක්වාම පැවති ශිෂ්ටාචාරවල පත්තිනි දේව පිළිමයට සමාන දේව පිළිම ගොඩනැගී ඇති බවය.
සිරියාවේ ඡුයරහටස්බ දෙවඟනද බොහෝ සෙයින් ඊට සමාන තත්ත්වයක් දක්වයි. එහිද දෙඅත්වල රඳවා ගෙන සිටින ආයුධ සමානය. ඉන්පසු මියුනිම් නුවර ඇති ඊ්ඩ්රස් දෙවඟනගේ රුවද එවැන්නකි. ඉන් පසු හමුවූ පිළිමය වනුයේ ඵසබද්ඉ දෙවඟනගේ පිළිමයයි. මේ සියල්ලේම ඇත්තේ එකම ව්‍යාප්තියකි.
ගුවනින් පැමිණ බැබිලෝනියාව ජනාවාස කළ සිංහ මිනිසුන් පිළිබඳ සඳහන්ව තිබූ මැටි පුවරුවක් සොයා ගැනීමත් සමග සිංහ දේශය පිළිබඳ සොයා බලන්නට ලෝක පුරාවිද්‍යාවේ ඇස යොමු වෙමින් පවතී. සිංහ මිනිසුන් යනු කවුරුන් විය හැකිද?
ලංකාවේ ඇති පත්තිනි පිළිමය හැර ලෝකය පුරා ඇති සෑම පිළිමයකම :ඡුයරහටස්බරැුඊ්ඩ්රස්රැුඵසබද්ඉ* සිංහයා දැකගත හැකිවීම විශේෂත්වයකි. හෙළ ගවේෂකයන්ගේ තර්කය වනුයේ සිංහයා මඟින් සිංහ දේශය නැතහොත් හෙළ බිම සංකේතවත් වන බවත් පිළිමය මඟින් එහි නායිකාව සංකේතවත් වීම සිදුවන බවත්ය.
එසේනම් සරලව තේරුම් ගත හැකි කරුණ වනුයේ එකම චරිතයක් එක් සමයක ලොව පුරා ව්‍යාප්ත වී ඇති බවය. අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය මෙයට හේතුවන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ දැඩි ගවේෂණයක නියැළුණු ගවේෂකයකු වූ ගනනාථ ඔබේසේකර මහතාගේ අදහස වනුයේද මෙම කාන්තා දේව සංකල්පය නැතහොත් මාතෘ දේව සංකල්පය ලංකාවේ සිට බටහිර ආසියාව දක්වාම ව්‍යාප්ත වී ඇති බවය.
එසේනම් ශිව දුර්ගා නැතහොත් ශිව පාර්වතිය වැඩසිටි බව කියන කෛලාෂකූටය පිහිටා තිබුණේද ලංකාවේම විය යුතුය. පසුකාලීනව සිදුවූ නම් වෙනස් වීම් හරහා එය අපෙන් ගිලිහී ඉන්දියාව තම ඇදහීම් තුළට ඇතුළු කරගන්නට ඇත. හින්දු දහමේ ශිව භක්තිකයන් හා විෂ්ණු භක්තිකයන් අතර පවත්නා සාම්ප‍්‍රදායික ගැටුමට පදනමද ඉන්දියාව හා ලංකාව අතර එදා සිට පැවති මතවාදී අරගලයම වීමටද බොහෝ සෙයින් ඉඩ ඇත.

https://maps.google.lk/maps?expflags=enable_star_based_justifications:true&ie=UTF8&cid=13565545231311268587&q=Ambulgama+Raja+Maha+Viharaya&iwloc=A&gl=LK&hl=en

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

1 comment:

  1. පට්ටපල් බොරු
    එහෙන් මෙහෙන් අහුලගත්ත බොරු සාධක ටිකක් ඇත්ත වගේ මවල පෙන්නලා මිනිස්සු රවට්ටනවා

    ReplyDelete