Friday, January 17, 2014

සිරිත කඩපු මණ්ඩලේට සුමන සමන්දෙවි පිහිටයි

 ලෝකය පුරා විසිර සිටින සැදැහැවත් බෞද්ධයන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ ස්ථානයන් තුනක් අපරට තුළ පිහිටා ඇත. මේ කුඩා දුපත පිං බිමක් ලෙසින් විරුදාවලි ලබන්නට හේතු වූයේද මේ පිහිටීම්මය. දළදා වහන්සේ, ජය ශ‍්‍රී මහා බෝධිය හා බුදු සිරිපතුල පිහිටු වූ සමනල ගිර එලෙසින් පූජනීයත්වයට පත්වූ ස්ථානයන් තුනයි.

ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධයෝ මේ තැන් තුන ආශ‍්‍රිතව බැඳීගිය සම්ප‍්‍රදායයන් නොකඩවා පවත්වාගෙන ආහ. යටත් විජිත පාලනය තුළ මෙන්ම සොලී ආක‍්‍රමණ හමුවේද ගස්, ගල් අස්සේ සැඟවෙමින් හෝ ඒ හා බැඳී ගිය චාරිත‍්‍ර සම්ප‍්‍රදායන් නොකඩවා ඉටුකළහ. එයට හේතුවූ පසුබිමක්ද ඇත. අපේ

පැරැුන්ණෝ සම්බුදු ස්පර්ශයට ලක් වූ මේ තැන් පිළිගනු ලැබුවේ ජීවමාන බුදුරදුන් හා සමවය. එහෙත් ඒ එදාය. අද මේ තැන් සියල්ලම පාලනය වන්නේ භාරකාර මණ්ඩල හරහාය. පසුගිය කාලයේ දළදා මන්දිරයේ පාලන අධිකාරින් සම්බන්ධව බොහෝ චෝදනා එල්ල විය. එසේම ශ‍්‍රී පාද භාරකාර මණ්ඩලවල කි‍්‍රයාදාමයන් බොහෝ සේ විවේචනයට ලක්විය.

සමනල ගිර අද අපේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වෙයි. ඒ එහි භාරකාරයන්ගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපයන් හරහා බිඳ වැටුණු සම්ප‍්‍රදායන් මතින් ඇතිවෙමින් පවතින ජනතා විරෝධය පිළිබඳය.

ඉතිහාසය පුරා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පෝෂණය වූ සම්බුද්ධ සිරිපතුලට රන්, රිදී පිදීමට රජවරුන් පුරුදු වී සිටියේය. ඔවුහු සිරිපතුල ගම්වර පුදා එය සිරිපතුලේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළහ. 1837 වසර වන තෙක් සිරිපතුලට වැටෙන පඬුරු හෝ බුද්ධ පූජාව සංඝයාගේ හෝ ගිහියන්ගේ ප‍්‍රයෝජනයට නොගත්තේය. සිංහලයේ රජෙකු විසින් අවසන් වරට ශ‍්‍රී පාදස්ථානයට ලැබුණු කුට්ටාපිටියේ තඹ සන්නස තුළ සටහන්ව ඇති පරිදි සිරිපතුල ගිලීමලේ, බඹරබටුව, අඹගමුව, උලපනය, බදුලූ වනය, කුට්ටාපිටිය ආදී ගම් තුදුසක් ශ‍්‍රී පාදස්ථානයේ දියුණුවටත් වන්දනාකරුවන්ගේ කෑම බීම නිවාස හා පහසුකම් වෙනුවෙනුත් පාද පද්මයට තේවාව කරන සංඝයාගේ සිවු පසය වෙනුවෙනුත් පූජාකර ඇත. ඒ අනුව බලන කල එදා රජවරු සිරි පතුල වැඳීමට එන බැතුමතුන්ට සත්කාර කරන ලද්දේ ශ‍්‍රී පාදයට අයත් ගම්බිම්වලින් ලැබෙන දේ මඟිනි.

එසේම ශ‍්‍රී පාද වාරය වූ හයමස තුළ සිරිපතුල පිහිටා ඇති කඳු මුදුනට ආසන්නයේ ඇති සමන් දේවාලයට දිනපතා ලැබෙන පඬුරුවලින් මිටක් බැගින් මැටි කළයක් එකතු කර ශ‍්‍රී පාද වාරය අවසන් වූ විට එම කාසි මුට්ටිය හා කපුරු, හඳුන්කූරු, කොඩි ආදිය සපරගමු මහා සමන් දේවාලයට ලබාදීම පැරැුණි සිංහල චාරිත‍්‍රයක් ලෙසින් සිදුවිය.


නින්දගම්වලින් ඵල ප‍්‍රයෝජන ලැබීම වෙනුවෙන් ශ‍්‍රී පාදස්ථානය රැුකගැනීම භාරව තිබූ සංඝ පරපුරට ප‍්‍රධාන කාරණා 84ක් ඉටු කරන්නට නියමවී තිබුණි. කෙසේ වෙතත් වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අදහසක් ලෙස කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් සපරගමුවේ සංඝයාට

ශ‍්‍රී පාදස්ථානයේ භාරකාරත්වය පැවරුවේ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මිස එක් එක් පුද්ගලයන්ගේ උදර පෝෂණය උදෙසා නොවේ. 1887දී ඉඳුරුවේ සුමංගල මේධංකර හිමි විසින් ඉංග‍්‍රීසි පාලකයන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිරි පතුලට වැටෙන පඬුරු හා බුද්ධ පූජාවද සංඝරත්නයේ ප‍්‍රයෝජනයට ඉල්ලා ගත්තේය.

මේ මතින් නිර්මාණය වූ කරුණු කාරණා ඔස්සේ කාලයක් යත්ම ශ‍්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උදෙසා පැවැත්වෙන ‘ඡුන්දය’ දේශපාලන ඡුන්දයකට එහා ගිය තත්ත්වයක් නිර්මාණය කරන්නට විය. එහි උච්චතම අවස්ථාවක් වූයේ අවසන් වරට පැවැත්වූ සිරිපාද නායකත්ව ඡුන්දයයි. අවි ආයුධ සහිත දේශපාලන මැරයන්, තර්ජන පීඩා සියල්ල පිළිබඳ ඒ ඡුන්දයේදී මාධ්‍යයට වාර්තා විය. එයින්ම ගම්‍ය වන ප‍්‍රධානම කාරණය වනුයේ නායකත්වය හරහා බලාපොරොත්තු වන්නේ සිරිපතුල රැුකීමම නොවන බවය. ඉන් එහා ගිය බොහෝ අපේක්ෂා ඒ තුළ තිබිය යුතුය. එනිසාම දෝ සපරගමුව තුළ සිරිපාද නව භාරකාර මණ්ඩලය පිළිබඳ විරෝධයක් මතුවෙමින් පවතී. පිරිසක් ජනපතිට භාර දෙන්නට පෙත්සමකට සපරගමු

ජනතාවගෙන් අත්සන් එකතු කරමින් සිටිති. එසේම තවත් පිරිසක් පසුගියදා පාරට බැස නායක හිමියන්ට විරුද්ධව උද්ඝෝෂණය කළහ. බුදු සිරිපතුල රකින්නට දිවිහිමියෙන් සටන් කරන සංඝයාට විරුද්ධව ජනතා විරෝධයක් නැගෙන්නට හේතු වූ කාරණාව කුමක් විය හැකිද?

ආරම්භක කාරණා බොහෝ ප‍්‍රමාණයක් පැවතියත් එක්වරම ඒ විරෝධය මතුවන්නට වූයේ ඈත අතීතයේ සිට පවත්වාගෙන ආ සම්ප‍්‍රදායන් මෙවර සිරිපා වාරය ඇරඹීමත් සමග අතහැර දැමීම හේතුවෙනි. එනම් සම්ප‍්‍රදායක් ලෙසින් පූජා කෙරුණු කාසි මුට්ටිය මෙවර මහ සමන් දේවාලයට ලැබුණේ නැත. එයට හේතුව වූයේ දැන් කාසි වෙනුවට මොනර කොළ සිරි පතුලට වැටීම විය හැකිය. දෙවැනි බරපතළම ගැටලූව වූයේ ඉතිහාසය පුරා පැවති පෙරහර මාර්ගය අතහැර දැමීමය. එනම් ලංකාවේ දිගම ආගමික පෙරහර ලෙසින් සැලකෙන සමන් ගිර මුදුනට දේව ප‍්‍රතිමා හා දේව ආභරණ රැුගෙන යෑමේ පෙරහර මෙවර සාම්ප‍්‍රදායික ගමන් මඟින් පිට පැන්නේය. ඒවා භාරකාර මණ්ඩලයේ තීරණය යැයි කියා කීමට නොහැකිය. එයට හේතුව ශ‍්‍රී පාදස්ථානාධිපති ධුරයට පත්වූ බෙංගමුවේ ධම්මදින්න හිමි හා එහි භාරකාර මණ්ඩලය සිරිපතුලේ තාවකාලික භාරකරුවන් නැතහොත් සිරිපතුල වැඳීමට එන සිල්වතුන්ගේ පහසුකම් සපයන්නන් මිස සිරිපතුලේ සින්නක්කර උරුමකරුවන් නොවන නිසාය.

වෙනදාට පැල්මඩුල්ල සිට රත්නපුර මහා සමන් දේවාලය දක්වා එක් පෙරහරක් ලෙසින් පැමිණි දේව ප‍්‍රතිමා හා ආභරණ සහිත පෙරහර දේවාලයේ ආශිර්වාදයන් හා සංඝයා විෂයයෙහි වූ ගිලන්පස පූජාවලින් අනතුරුව දෙකට බෙදී එක් ප‍්‍රතිමාවක් රත්නපුර පලාබද්ධල මාර්ගයෙන්ද අනෙක් ප‍්‍රතිමාව අවිස්සාවේල්ල ගිනිගත්හේන හැටන් මාර්ගය හරහා කඳු මුදුනේ ඇති සමන් දේවාලය වෙත වැඩම වීය. එහෙත් මෙවර දෙවියන්ව දේවාලයට රැුගෙන යෑම භාරකාරයෝ අමතක කළහ.

එහෙත් ගැටලූව එය නොවේ. පෙරහර දිනයට සතියකට පෙර මහා සමන් දේවාලයේ බස්නායක නිළමේවරයාට ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් පෙරහරේ පැමිණීම පිළිබඳ පූර්ව දැනුම්දීම් සිදුකර තිබියදී ඉහත කී අයුරින් කටයුතු සිදුවීමය.

සමන් දේවියන්ගේ ප‍්‍රධාන නවාතැන ලෙසින් පිළිගන්නේ සමනල ගිරය. එහෙත් දෙවියන් තම බල පරාක‍්‍රමය මිනිසුන්ට බෙදන්නේ මහා සමන් දේවාලයේදීය. එහෙත් මෙවර දෙවියන්ගේ බලයට වඩා තාවකාලික භාරකාරයන් බලවත් විය. දෙවියන් දේවාලයට නොයා යුතු යැයි ඔවුන් තීරණය කළේය. මෙය නොදැන පෙරහර දිනයේ දේව ප‍්‍රතිමා මහා සමන් දේවාලයට වඩම්මන තුරු තුන් දහසකට අධික බැතිමතුන් බලා සිටියේය. පූජා වට්ටි, මල් මාල, පලතුරු, කොඩි, ධජ අතැතිව සිටි බැතිමතුන් තුළ වූයේ එකම ප‍්‍රාර්ථනයකි. සපරගමුවේ බල පරාක‍්‍රමය පතුරුවන සමන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමය.

එහෙත් දෙවියන්ව හොර පාරෙන්ම කඳු මුදුනට රැුගෙන යන්නට භාරකාරයෝ කි‍්‍රයා කළහ. දෙවියන්ටද දෙවියන් එන තුරු බලාසිටි මිනිසුන්ටද කළ හැකි දෙයක් නොවීය. සම්ප‍්‍රදායන් සියල්ල ගිලිහී ගොස් ඇත.

මේ නින්දගම් ආශ‍්‍රිත තව තවත් සිදුවීම් පිළිබඳ විවිධාකාරයේ කටකතා පැතිර යයි. ඉන් එකක් නම් නව දොළොස්මහේ පහනක් ශ‍්‍රී පාද කඳු මුදුනේ සවිකරන්නට යන බවය.

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි විසින් 1967දී ලියන ලද සපරගමු දර්ශන නම් ග‍්‍රන්ථයේ දොළොස් මහේ පහන තිබූ තැන පිළිබඳ අපූර්ව සටහනක් විය.


1940දී ශක්තිමත් ලෙස ප‍්‍රාකාරය බන්දවා මළුව හාත්පස කැපූ කළු ගල් අතුරවා ප‍්‍රතිසංස්කරණයක් කළේය. එකල දොළොස් මහ පාන තිබුණේ ශුද්ධ වූ පර්වතයටත් සමන් දෙවි මැඳුරටත් අතරය. මේ පහන එතැනින් ඉවත්කොට ඒ බිමෙහි කළු ගල් ඇතිරවීමට පොළොව කණිනවිට ඒ අතරින් අඳුරු සහිත ගැඹුරු කුහරයක් දක්නට ලැබුණ බවත් බාල්ක වැනි විශාල ගල් කුලූනු මත මෙම පර්වතය තබා තිබෙන බව පිළිගත හැකි බවත් මළුවෙහි ගල් ඇතිරවීම අවහිර කිරීමට මෙන් එතැනින් කළු දෙබරුන් මතුවී කම්කරුවන්ට අනින්නට වූ බවත් එවකට ශ‍්‍රී පාදස්ථානයේ භාරකාර ධුරය දැරූ සිඞ්නි එල්ලාවල දිශා මහතා මා සමග කීයේය. එකී අඳුරු ගුහාවට ආලෝකය වැටෙන කුහර කීපයක් මහගිරි දඹය වටා තිබෙන බවත් කූඩු සෑදීමට දෙබරු රිංගන්නේ ඒ කුහරවලින් බවත් ඇසීමි.

සිරිපා මළුව යට අඳුරු ගුහාවක් තිබෙන බවපිළිගැනීමට මෙයද එක් කරුණකි. ඒ ගුහාව තුළ ඉඳුනිල්මිණක් මත සිරිපා සටහනක් තිබේද? නැද්ද? යන්න පරීක්ෂා කොට දැනගත යුත්තකි.


අද කළු දෙබරුන් නැත. සීගිරියෙන්, දළදා මාලිගයෙන් කළු දෙබරුන් එළවා දැමුණි. එසේ නම් සමනල ගිරත් දැන් කළු දෙබරුන්ට අයත් නොවිය යුතුය. සමනල ගිර පණ මෙන් රැුකි වසර 25ක පමණ කාලයක් තිස්සේ සිටි මුරකරුවාද දැන් නැත. වසර පනහක් පමණ තිස්සේ සමනල කන්දේ ජීවත් වූ කැලෑ ජෝන්ද දැන් නැත. සිරිපතුල රැුකීම භාරවන්නේ සමන් දෙවියන්ටය. එසේ නම් මේ අවනඩුව කියන්නට වෙන්නේද සමන් දෙවියන්ටමය. දෙවියන් දෙවොලට නොආ කල භාරකාරයන්ට එරෙහිව මිනිස්සුන් අවි තනමින් සිටිති.

ඇති වී තිබෙන තත්ත්වය පිළිබ`ද විමසා බැලීමට ශ‍්‍රී පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සම්බන්ධ කරගැනීම උදෙසා දින කිහිපයක් තිස්සේ උත්සහ ගත් නමුත් උන්වහන්සේගේ කාර්යබහුලත්වය මත ඒ ස`දහා අපට අවස්ථාව උදාවූයේ නැත. එසේ වුවත් ශ‍්‍රී පාදය හා බැඳි සම්ප‍්‍රදායන් බිඳ වැටීම පිළිබඳ නැගෙන කතාබහ විමසා බැලීමටඉදිරි දිනක හෝ උන්වහන්සේ සම්බන්ධ වෙතැයි ‘රන්දිව’ අපි උදක්ම බලාපොරොත්තු වෙමු.


ගැටලූවක් තිබුණා නම් කතා කරලා විසඳගන්න තිබුණා

කමල් රත්වත්තේ -
බස්නායක නිළමේ - සමන් දේවාලය

මම දන්න තරමින් වසර 30-40 සිට මේ පෙරහර සම්ප‍්‍රදාය පවතිනවා. මේ වසරේ සිරිපා සමය ඇරඹීමත් සමග මෙවරත් පෙරහර පැවැත්වෙන බවත් ඒ සඳහා තුන්සිය දෙනෙකුට තේ පැන් සකස් කරන ලෙසත් හාමුදුරුවරු 25කට ගිලන්පස ලෑස්තිකරන ලෙස මෙන්ම සැරසිලි මාර්ග පිරිසුදුකිරීම් කරන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරයා මට නිල දැනුම්දීම කළා. ඒ අනුව මම සියලූ කටයුතු ඉතා උපරිම ලෙස ලැහැස්ති කළා. මොකද මම බලයට පත්වුණාට පස්සෙ පළමු පෙරහර මේක නිසයි.

මම උදේ 7 සිට දේවාලයේ සිට පෙරහර එන තෙක් බලා සිටියා. සබරගමුවේ වගේම රට වටෙන් ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් දේවාල භූමියට රැුස්වෙච්ච 3000ක පමණ ජනතාවක් හිටියා. මම වගේම මිනිස්සු දවල් 1 -2 වෙනකල් බලා සිටියා. ඒත් පෙරහර ආවේ නෑ.

මම ඒකට හේතුවක් දන්නෙ නෑ. ඒක ඒ අයගේ නිල වශයෙන් ගත්ත තීරණයක්. මම දන්නෙ මිනිස්සු කියන දේවල් විතරයි. ගැටලූවක් මොකක්හරි තිබ්බ නම් උන්වහන්සේ උගත් බුද්ධිමත් භික්ෂුවක් විදිහට කතාකරලා විසඳගන්න තිබ්බා. එහෙම නැතිව සම්ප‍්‍රදායන් කඩපු එක වැරැුදියි.

වසර 30 - 40ක් පැවති සම්ප‍්‍රදාය බිඳ දමන්න හේතුවුණේ නායක හිමියන් හා ඔබ අතර ඇතිවුණ පෞද්ගලික අමනාපයක් කියලයි මිනිස්සු කියන්නෙ. ඒක ඇත්තද?

බස්නායක නිළමේ තනතුරට මම පත්වෙන්නෙ ඡුන්දයෙන්. උන්වහන්සේ පත්වෙන්නෙත් ඡුන්දයෙන්. මම සමන් දේවාලය රැුකබලා ගන්නවා. උන්වහන්සේ ශ‍්‍රී පාදස්ථානය රැුකබලා ගන්නවා. මෙතැන පෞද්ගලික දේවල් නෑනේ. අපි කරන්නේ පොදු දේවල් කාලයකට රැුකබලා ගැනීම විතරයි.

හැබැයි මම අවුරුද්ද ලබන වෙලාවේ පලතුරු වට්ටියකුත් අරගෙන උන්වහන්සේව බැහැදකින්න පන්සලට ගියා. උන්වහන්සේ පන්සල තුළ ඉඳගෙනත් මාව හමුවෙන්න අවේ නෑ. අපි දෙවියන් බුදුන් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා මීට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න ඕනෙ.


මේක පෞද්ගලික කෝන්තරයක්

ඉසුරු බණ්ඩාරවත්ත
ව්‍යාපාරික

අපි දන්න කාලේ ඉඳන් සිරිපා මළුවට දේව ආභරණ වැඩම කිරීමේ ක‍්‍රමවේදයක් තිබුණා. මේක අපි කුඩා කාලේ ඉඳන් තිබ්බ චාරිත‍්‍රයක්. පෙරහරින් සමන් දේවාලයට ගිහින් එහි වතාවත් කරලා සංඝයාවහන්සේ දාන මාන භාරගෙන තමයි, පෙරහරින් මහ මළුවට දේව ආභරණ රැුගෙන යන්නේ. එහිදී සම්ප‍්‍රදායක් තිබ්බා සිරිපතුලට ලැබෙන පඬුරුවලින් පඬුරු මුට්ටියක් දේවාලයට පූජා කිරීමට.

මේ පාර ඒ කිසිම දෙයක් සිදුවුණේ නෑ. නායක හමුදුරුවෝ හා බස්නායක නිළමෙවරයාගේ පෞද්ගලික තරහක් මත මෙතෙක් පැවති සම්ප‍්‍රදායන් ඉටුකළේ නෑ. පෙරහර දේවාලයට ආවෙත් නෑ. සංඝ දානය පැවැත්වුණෙත් නෑ. පඬුරු පූජාව සිදුවුණෙත් නෑ.

මෙතැනදී තේරුම්ගන්න ඕනෙ දෙයක් තියෙනවා. දම්මදින්න හාමුදුරුවෝ කියන්නේ සමනල ගිරේ අයිතිකාරයවත්, කමල් රත්වත්තේ කියන්නේ සමන් දේවාලයේ හිමිකාරයවත් නොවන බවයි. ඒ අය තාවකාලික භාරකාරයෝ විතරයි. ඒ නිසා සම්ප‍්‍රදායන් කඩන්න හොඳ නෑ. ඒවා බලපාන්නේ සබරගමු ජනතාවට වගේම සමස්ත රටටමයි.


බලපෑම් තාම ඉවර නෑ.

පූජ්‍ය දම්පහළ ශීලානන්ද හිමි
හිටපු ශ‍්‍රී පාදස්ථානාධිපති

මේ සිදුවීම පිළිබඳ මම අදහස් දක්වන්න කැමැති නෑ. මම ඉන්න කාලේ මම අත්විඳපු දේවල බලපෑම තාම ඉවර වෙලා නෑ. අපි මේ සියලූ සිදුවීම් පිළිබඳව කනගාටු වෙනවා. ඔබතුමන්ලා දන්නවා ඇතිනේ ඒ කාලේ වෙච්ච දේවල්.


කාංචන ගීත් මනමේන්ද්‍ර

No comments:

Post a Comment