Friday, January 24, 2014

දරුවන් ඩෝන්ට් කෙයාර් කරන ඬේ කෙයාර් මාෆියාව

මවුපියන්ගේ එකම සිහිනය දරුවන්ගේ අනාගතය යහපත් කිරීමය. දරුවන් යනු මවුපියන්ගේද අනාගතයයි. ලාංකේය සමාජය තුළ දරුවා හා මවුපියන් අතර පැවතියේ ඉතා මානුෂයීය වූ සබඳතාවකි. දරුවා විවාහපත් වුවද මවුපියන්ට ඔහු තම දරුවාම විය. බොහෝවිට මහගෙය තුළම දරුවා නතර කර ගනිමින් පෝෂණය කරන්නට තරම් ඒ බැඳීම ප‍්‍රබල විය. මුණුබුරු මිනිබිරියන් ඇති දැඩි වූයේ මාපිය සෙවණ තුළ නොව ආච්චි සීයා ඇසුරේය. එහෙත් ගෙවී ගිය දශක දෙක ලාංකේය සියලූ සම්ප‍්‍රදායන් උඩුයටිකුරු කළා සේම මවුපිය ¥දරු සබඳතාවද විශාල ගැටලූවකට මැදි විය. මවුපිය ¥දරු සබඳතාව බොහෝ සෙයින් ලිහිල් තත්ත්වයකට මේ වනවිටත් පත්වෙමින් පවතී. එදා විවාහ වී ළමුන් හදද්දීත් මහගෙදරම නතර වී සිටි දරුවා අද වනවිට පාසල් යන්නට, පන්ති යන්නට හෝ
රැුකියාව වෙනුවෙන් ඉතා අඩු වයසින් මහගෙදරින් පිටවී නාගරික පරිසරයේ බෝඩිමකට කොටුවන තත්ත්වයක් උදාවී ඇත.
ඒ ඔස්සේම විවාහ දිවියට එළැඹෙන ඔවුන්ට සිදුවන්නේ ‘පුංචි පවුල රත්තරන්’ යැයි කියා නාගරික පරිසරය තුළම කුඩා පවුලක් ලෙසින් ගාල් වන්නටය. ආච්චිලා සීයලා හෝ නෑ හිතවතුන්ගෙන් දුරස් වූ පරිසරයක ජීවත්වීම වෙනුවෙන් මුදල් සොයන්නට මවුපියන් රැුකියාව කළ යුතු පසුබිමක දරුවන් මෙන්ම මවුපියෝද ගැටලූවකට මැදිවෙති. එහි මූලිකම කාරණය වන්නේ මවුපියන් රාජකාරියට ගොස් එනතුරු ළමයා තබන්නේ කොතැනද යන්නය. එනම් දරුවාගේ ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රශ්නයයි. මේ හා සමානම ගැටලූවකට දරුවාද මැදිවෙයි. ඒ මවුපිය ආදරය, සෙනෙහස තුළින් දරුවා දුරස්වීමයි.
මෙම තත්ත්වය තුළ මෙතෙක් යුරෝපයට සීමා වී තිබූ දිවා සුරැුකුම් මධ්‍යස්ථාන නැතහොත් ‘ඬේ කෙයාර්’ සංකල්පය ලංකාවේ තවත් මුදල් ඉපැයීමේ මාධ්‍යයක් ලෙසින් සමාජගත වන්නට විය. මෑතකාලීනව ග‍්‍රාමීය හා නාගරික යන සීමා මායිම් බිඳ දමමින් හතු පිපෙන්නා සේ අඩියෙන් අඩිය දිවා සුරැුකුම් මධ්‍යස්ථාන බිහිවන්නට විය. මවුපියන්ට සැලකීම පූජනීයත්වයෙන් සැලකූ සමාජයක් මතට වැඩිහිටි නිවාස හඳුන්වා දුන්නා සේමා දිවා සුරැුකුම් මධ්‍යස්ථාන වසංගතයක් වන තැනටම මේ වනවිට පත්වී අවසානය.
මවුපියන් රාජකාරියට ගොස් එනතුරු දරුවන්බලාගැනීමේ සද්භාවයෙන් ඇරඹී මෙම දිවා සුරැුකුම් වැඩි වශයෙන්ම ස්ථාපිත වන්නේ ළදරු පාසල් කේන්ද්‍ර කොට ගනිමිනි. එයට හේතුවූයේ වයස අවුරුදු 2 1/2 පමණ වනවිට තම දරුවන් ළදරු පාසල් යැවීමට මවුපියන් උනන්දු වීමයි. මේ හේතුව නිසාම මුල්කාලීනව රැුකියාවට යන මවුපියන්ගේ ළදරු පාසලට ඇතුළු කරන දරුවන් ළදරු පාසල නිමාවීමෙන් පසුව මවුපියන් පැමිණෙන තුරු ළදරු පාසල තුළම තබාගැනීම ඇරඹුණි. ඒ උදෙසා අමතරව යම් මුදලක් ලබා ගැනුණි. මවුපියන් පවතින ආර්ථික රටාව තුළ දෙදෙනාම රැුකියාවට යෑම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙමින් පැවතීම හා අඩු යෙදවුම් අඩු සුදුසුකම් මෙන්ම වැඩි ලාභයක් උපයාගැනීමේ ක‍්‍රමයක් ලෙසින් මෙය ජනප‍්‍රිය වන්නට විය.

මන්දපෝෂණය


දිවා සුරැුකුමක් වෙත යොමුකරන්නේ ඉතා කුඩා දරුවන්ය. වර්තමානය වනවිට මාස 6ක් වයසැති දරුවාගේ සිට වයස අවුරුදු 10-12 දක්වා දරුවන් වෙනුවෙන් දිවා සුරැුකුම් ක‍්‍රියාත්මක වෙයි. එහිදී දරුවන් දහයකට එක් රැුකබලා ගන්නියක යෙදෙව්වද නිසි ආකාරයෙන් එම දරුවන්ට ආහාර ලබාදීම, ජලය ලබාදීම, අතිරේක ආහාර ලබාදීම සිදුනොවන බව පෙනී යයි.
එක් දරුවකු සම්බන්ධයෙන් සිතනවිට ප‍්‍රධාන ආහාර වේල් දෙකක්, අතුරුපස වේල් දෙකක්, අමතර ආහාර වේල් දෙකක් හා තේ වේලක් බොහෝවිට දිවා සුරැුකුම තුළදී ලබාදෙයි. (එය මවුපියන් ලබාදෙන ආකාරය මත අඩු වැඩි විය හැකිය* එය ළමයි 10ක් සම්බන්ධයෙන් ගතහොත් අවස්ථා 70කි. කෑම කවන්නට සේවකයෙක් යෙදවුවහොත් සම්පූර්ණ දවසක් ගත්තද එය කරන්නට බැරි කාර්යයකි. එසේ නම් සිදුවනුයේ වයස් භේදය පසෙක තබා දරුවන්ට තනියෙන් කන ලෙසට නියම කිරීමය. කුඩා දරුවන් අකැමැතිම දෙය ආහාර ගැනීමය. මේ හේතුවෙන් බොහෝවිට සිදුවන්නේ කටක් දෙකක් කා කෑම පෙට්ටිය කුණු බක්කියට හලා දැමීමය. අතුරුපස සම්බන්ධයෙන්ද එසේමය. සෑම දිවා දරු සුරැුකුමකම දහවල් ආහාරයෙන් පසු දරුවන් නිදාවැටීම අනිවාර්ය කාර්යයකි. එය බලහත්කාරයෙන් හෝ සිදුකරන්නකි. පසුගිය කාලයේ දිවා සුරැුකුම් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් ගෙන බැලූවහොත් දරුවන්ට දිනපතා ‘පිරිටන්’ නම් ඖෂධය ලබාදී නිදාගැනීමට සැලැස්වීම, මදුරුවන්ට කියා මදුරුකොයිල් දල්වා තිබීම හරහා දරුවාගේ ශරීරය අප‍්‍රාණික කොට නින්දට යැවීම යනාදී කාරණා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්වූ අයුරු දැකගත හැකිය.
දිවා සුරැුකුම්වල සිටින දරුවන් මුහුණදෙන ප‍්‍රධානම ගැටලූවක් වනුයේ පානය කිරීමට ජලය ලබානොදීමේ ගැටලූවයි. එයට ප‍්‍රධානම හේතුව වනුයේ වරින් වර මූත‍්‍රා කරවීමට දරුවන් රැුගෙන යෑමට ඇති අපහසුව හා දරුවන් වතුර හලා ගැනීමයි. මේ හරහා දරුවන් ශාරීරිකව බොහෝ ගැටලූවලට මැදිවෙයි. අනිත් කාරණය වන්නේ කුඩා දරුවන් සවස් වරුවම නිදාගැනීම තුළ ඔවුන්ගේ මානසික ක‍්‍රියාකාරිත්වය බිඳවැටීමයි. බොහෝවිට දිවා සුරැුකුම් මධ්‍යස්ථානවල දරුවන් බලාගැනීම සඳහා යොදාගන්නේ අඩු පඩියට සොයාගත හැකි දැන උගත්කම්වලින් තොර මෙහෙකරුවන්ය. දරුවන් නිදිකරවීම උදෙසා යොදාගන්නේ ඉතා කුඩා ඉඩ සීමාවන් වීමත් බොහෝ ස්ථානවල ළමයි එකගොඬේ බිම නිදිකරවීමත් අනෙක් ගැටලූවයි. දරුවන්ගේ මානසික වර්ධනය උදෙසා යහපත් වාතාශ‍්‍රයත් ඉතා වැදගත් වෙයි. අනෙක් කාරණය වන්නේ දරුවන් අතර ලෙඩ රෝග පැතිර යෑමද මේ හරහා වර්ධනය වීමයි.
දිවා සුරැුකුම්වල පාලිකාවන් මෙන්ම දරුවන් සම්බන්ධයෙන් මවුපිය වගකීමද උපරිමයෙන් තිබිය යුතුය. ඇතැම් මවුපියන් තම දරුවන් දිවා සුරැුකුමට ගෙනැවිත් දමනු විනා දරුවාගේ පෝෂණය හෝ දරුවා මුහුණදෙන ගැටලූ පිළිබඳ කිසිදු සොයා බැලීමක් නොකිරීම හරහාම මේ තත්ත්වය දැඩි උවදුරක් බවට පත්වෙමින් පවතී. මේ හේතුවෙන්ම වර්තමානය වනවිට පාසල් දරුවන් බොහෝ පෝෂණ ඌනතාවන්ට ලක්ව ඇති බව හඳුනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් කැල්සියම් හා අයන් වැනි ටැබ්ලට් වර්ග ලබාදීමටද සිදුව ඇත. මෙය බොහෝවිට සිදුවන්නේ දිවා සුරැුකුම් හරහා උදාවන තත්ත්වයන් හරහාය

දිවා සුරැුකුම් මධ්‍යස්ථාන අපට අයිති නෑ

විමල් සරත්චන්ද්‍ර
බස්නාහිර පළාත

පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ නිසි බලධාරි 


මෙතැන ගැටලූ තියෙනවා. අපි උපරිම උත්සහ කරනවා ළදරු පාසලේ ගතකරන වරුව තුළ හරි ඒ ළමයට අවශ්‍ය පෝෂණය හා වාතාශ‍්‍රය ආදී යහපත් තත්ත්වයන් ඇතිකරන්න. අයකිරීම් සම්බන්ධයෙන් කිසිදු නීතියක් දැනට නෑ. මිල තීරණය වෙන්නේ සැපයෙන පහසුකම් මතයි. අපි මෙහිදී කියන්නේ ගන්න මුදලටවත් පහසුකම් සපයන්න කියන එකයි.
දරුවන් 20කට එක ගුරුවරයයි කියන්නේ අප දරුවන් වෙනුවෙන් පැනවූ අවම පහසුකම් සැපයීමේ සීමාවක් විතරයි. ළමයි 5කට ගුරුවරයා බැගින් තබා ගත්තත් කමක් නෑ. නමුත් මෙතැන තවත් කාරණයක් තියෙනවා. මෙතැනදී කවුරුත් කතා නොකරන තැනක් පළමු ශ්‍රේණියේ ළමුන් 40කට එක ගුරුවරියයි කියන කාරණය. ඒ වගේම අපි මොන නීති දැම්මත් ළදරු පාසල් ගුරුවරියකට ජීවත්වෙන්න පුළුවන් වෙන ආදායමක් ලැබෙන්නත් එපැයි.

දිවා සුරැුකුම් මධ්‍යස්ථාන කියන්නේ කුඩා ව්‍යාපාරයක්

කොමසාරිස්
බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුව


අපගේ විෂය පථයට අයත් වෙන්නේ ස්වෙච්ඡුා සංවිධාන හරහා ක‍්‍රියාත්මක වන දිවා සුරැුකුම් මධ්‍යස්ථාන පමණයි. ඒවා ලියාපදිංචි කිරීමක් පළාත් ආයතන තුළ සිදුවෙනවා. ඒත් බොහෝ දිවා සුරැුකුම් මධ්‍යස්ථාන ක‍්‍රියාත්මක වෙන්නේ කුඩා ව්‍යාපාර ලෙසයි. ඒවා ලියාපදිංචි කිරීමක් හෝ අධීක්ෂණයක් තවම අප ආයතනය හරහා සිදුවෙන්නේ නෑ.
මේ සම්බන්ධයෙන් නිසි ක‍්‍රමවේදයක් සකස් විය යුතුයි. එසේම මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුවෙන්නෙ මධ්‍යම රජයේ ළමා ලේකම් කාර්යාලය හරහායි. දිවා
සුරැුකුම් කියන්නේ කුඩා ළමුන් මුල් කරගෙන ක‍්‍රියාත්මක වන කාර්යයක් නිසා නිසි අධීක්ෂණ වැඩපිළිවෙළක් ඉක්මනින් ඇරඹිය යුතුයි.

කාංචන ගීත් මනමේන්ද්‍ර


පිවිසෙන්න

රටම කළු වෙයි මණ්ඩලේ බලූ වෙයි





ඉන්දියාවටත් විදුලිය සපයන බවට කටමැත දොඩවන දේශපාලන නායකත්වයක් හමුවේ ජාතික විදුලිබල සැපයුම් පද්ධතිය අවදානමකට ලක්වෙමින් පැවතියද ඒ ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක මාෆියාකරුවන්ට නම් සරුසාර කාලයක් උදා වී ඇත.

ඒ අන් කිසිවක් නිසා නොව වසරේ වැඩි කාලයක් අක‍්‍රිය බලාගාරයක් මෙරට ස්ථාපිත කර ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලිය ජනනය කරගත නොහැකිව පෞද්ගලික විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබා ගැනීම හේතුවෙනි. සමස්ත රටවැසියාට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අඩු වියදම් විදුලිය නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කර ගල් අඟුරු බලාගාර මඟින් විදුලිය නිපදවා අඩු මුදලට රට වැසියාට විදුලිය ලබාදීම සඳහා යැයි පවසමින් නොරොච්චෝලේ බලාගාරය ස්ථාපිත කරන බව දේශපාලන නායකයන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ නිලධාරින් එදා පැවසූ වදන් මෙරට ජනතාවගේ දෙසවන් තුළ අදටත් රැුව්පිළිරැුව් දෙයි.මේ රැුව්පිළිරැුව් දීම කෙබඳු තැනක ඇද්ද යන්න රට වැසියාට දැන් අවබෝධ වී අවසන්ය.

ඒ මෙම බලාගාරය 25 වැනි වතාවටත් අක‍්‍රිය වීමත් සමගිනි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2007 වසරේදී මෙම බලාගාරයේ කටයුතු ආරම්භ කෙරිණ. චීනයේ එක්සිට් බැංකුවෙන් ලබා ගත් ණය ආධාර යටතේ එහි ඉදිකිරීම් ආරම්භ කෙරිණ. අදියර තුනක් යටතේ ක‍්‍රියාත්මක මෙම බලාගාරය සම්පූර්ණ වීමත් සමග ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කළ ධාරිතාව මෙගා වොට් 900කි. මේ සඳහා චීනයෙන් ලබා ගන්නා සමස්ත ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 891කි.

පළමු අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 455ක් වැයකර ඉදිකරන ලද බලාගාරය මඟින් මෙගා වොට් 300ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් විය.

පළමු අදියරේ කටයුතු අවසන්ව නිෂ්පාදන කටයුතු ඇරඹීමත් සමග අඛණ්ඩව විදුලිය නිෂ්පාදනයට යොමු වූයේ බලාගාරයේ පරීක්ෂණ ක‍්‍රියාකාරිත්වය සොයා බැලීමේ කාලය පිළිබඳ එතරම් තැකීමක් නොදක්වමිනි.

ඕනෑම යන්ත‍්‍රයක් හෝ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එහි ක‍්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වන්නේද යන්න පිළිබඳ යම් තක්සේරුවකට එළැඹීම සඳහා පරීක්ෂණ කාල සීමාවකට යටත් කිරීම ලෝකය පිළිගත් ක‍්‍රමවේදයයි. එය උල්ලංඝනය කරමින් නොරොච්චෝලේ පළමු අදියර අවසන් වීමත් සමග එහි උපරිම නිෂ්පාදන ධාරිතාව වන මෙගා වොට් 300ක නිෂ්පාදනයක් සඳහා යොමුවීමේ අනිටු විපාක සමස්ත ශ‍්‍රී ලාංකිකයාම අත්වි`දින බව නොරහසකි.

මේ අතර මෙම බලාගාරය සඳහා යොදා ගත් චීන නිෂ්පාදනවල කල් පැවැත්ම පිළිබඳ රට තුළ කතිකාවතක් ගොඩනැගෙමින් පැවතියේ ඒ වනවිටත් චීන නිෂ්පාදන පිළිබඳ ලාංකිකයා අවබෝධ කර ගෙන සිටි කරුණු අනුවය.

අඩු මුදලකට මිලදී ගත හැකි චීන නිෂ්පාදනවල ආයු කාලය කෙටි බව නොදන්නා ශ‍්‍රී ලංකිකයකු නැති තරම්ය.

මෙවන් පසුබිමක් මධ්‍යයේ විදුලිය නිෂ්පාදනයට අවතීර්ණ වන නොරොච්චෝලේ බලාගාරය දෛනිකව සිය උපරිම නිෂ්පාදනය වන මෙගා වොට් 300ක් නිපදවා ඉන් මෙගා වොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළේය.

මේ එක් විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැය වනුයේ රුපියල් 9ක් වැනි මුදලකි. එම නිෂ්පාදනය අහිමි වීමත් සමග ජාතික විදුලි නිෂ්පාදනය සපුරාලීම සඳහා විකල්ප ක‍්‍රියාමාර්ගවලට යොමු විය යුතුය. ඒ අනුව සිදුවනුයේ පෞද්ගලික විදුලි බලාගාර මඟින් විදුලිය මිලට ගැනීමටය.

ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ යම් සත්‍යතාවක් තිබිය හැකිය. නොරොච්චෝලේ රුපියල් 9කට නිපදවිය හැකි විදුලි ඒකකයක් පෞද්ගලික බලාගාර මඟින් මිලදී ගනුයේ රුපියල් 21ත් රුපියල් 25ත් අතර මුදලකට. ඒ අනුව ඉතාම පැහැදිලිව පෙනී යන්නේ එලෙස පෞද්ගලික බලාගාරවලින් මිලදී ගන්නා සෑම විදුලි ඒකකයක් වෙනුවෙන්ම අවම වශයෙන් රුපියල් 11ක පාඩුවක් සිදුවන බවය.

විදුලිබල මණ්ඩල අභ්‍යන්තර තොරතුරුවලට අනුව එලෙස දෛනිකව වැඩි මිලට විදුලිය මිලදී ගැනීම හේතුවෙන් මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 30ක පාඩුවක් සිදුවෙයි.

සැමට විදුලිය ලබාදීමේ රජයේ අපේක්ෂාව බොඳ කරමින් ජාතික ආර්ථිකයට කළ හානියට වගකිව යුත්තන්ට නිසි දඬුවම් කළ යුතු බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවල අදහසය.

මෙම බලාගාරය මෙරට ස්ථාපිත කිරීමට පෙර ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළේද? බලාගාරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයට කණ්ඩායමක් චීනයට ගියේද? ඒ කවුරුන්ද? ඔවුන් කොපමණ කාලයක් එරට රැුඳී සිටියත් මේ පිළිබඳ සිදුකළ අධ්‍යයනයේ වාර්තාව කෙබඳු එකක්ද? මෙම බලාගාරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ චීනය ලබා දී ඇති සහතිකය කෙබඳුද යන්න මූලික කර කරුණු සොයා බැලිය යුතුය යන්න විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතිවල ඉල්ලීමය.

වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ යම් සොයා බැලීමක් සිදු කිරීම රජයේ පාරදෘශ්‍ය භාවයට යහපත් වනු ඇති බවය. වෘත්තිය සමිති දෙස පටු කොණවලින් නොබලා ජාතියේ යහපත වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කළ යුතුය යන්නද ඔවුන්ගේ අදහසය.

සෑම වසරකම අවසානය වනවිට විදුලිබල මණ්ඩලය ගණන් හිලව් ඉදිරිපත් කරමින් ලබන පාඩුව මිලියන ගණනින් පෙන්වා පිටු ගණන් වාර්තා ඉදිරිපත් කරති. ඒ සමගම ඔවුන් කරන්නේ ජනතාව තවත් පීඩනයට ලක් කළ නොහැකි බවට කිඹුල් කඳුළු හෙළීමයි. පසුගිය වසර කිහිපය තුළම මේ අත්දැකීමට ලාංකික විදුලි පාරිභෝගිකයාව ඇන්දවීමට බලධාරිහු උත්සුක වූහ.

මෙහිදී ඔවුන් කියා සිටියේ අමුතුම තියරියකි. ඒ තවත් මිල වැඩි කිරීමක් සිදුනොකරන බවය. සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා මිල සංශෝධනයන් සිදුකළ යුතු බව ඔවුන්ගේ තර්කයයි.

එහෙත් එවැනි පාඩුවක් ලැබීමට හේතු විස්තරාත්මකව විමසා බැලීමක් නොකරන බලධාරින් සියලූ දෝෂ ජනතා කර මතින් යැවීමේ න්‍යාය පමණක් අනුගමනය කරති. සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක ලාභ මෙන්ම පාඩු සිදුවිය හැකිය. මිල සංශෝධනයත් මඟින් සිදුකරනුයේද ලබන පාඩුව අවම කර ගැනීමය. අදාළ ආයතනය තුළ කාර්යක්ෂමතාව වර්ධනය කර නාස්ති අවම කර ගනිමින් පෙර වර්ෂයේ සිදු වූ නාස්තිය, ¥ෂණය වැළැක්වීමට පියවර ගත යුතුය. එහෙත් ඒ කිසිවක් මේ මණ්ඩලයට අයත් නොවේද යන්න ගැටලූවකි. ආසියාවටම විදුලිය සපයන්න සිහින දකින බලධාරින් අඩු මිලට රට වැසියාට විදුලිය ලබාදීමට කටයුතු නොකරනුයේ ඇයිද යන්නත් ගැටලූවකි.

¥ෂණයේ වක්කඩවල් වසා දැමීමට බලධාරින් කටයුතු නොකරනුයේ තම කුට්ටිය අහිමි විය හැකි නිසාද විය හැකිය. ජනතාව සතු සම්පත් මෙලෙස කොල්ලකෑමට ඉඩ හැර බලා සිටිය හැකිය. ඔවුන් තේරුම් ගත යුත්තේ තමන් දරන තනතුරු තාවකාලික බවය. එසේම ඔවුන් කිසිවකු ඒවායේ හිමිකරුවන් නොවේය යන්නය. තාවකාලික භාරකරුවන් පමණක් යන්න ඔය සියල්ලෝම අවබෝධ කර ගත යුතුය.

වැඩි මිලට විදුලිය ගැනීම

මෙලෙස විදුලිය නිෂ්පාදනය බිඳ වැටීමත් සමග පවතින ඉල්ලූම සැපයුම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වැඩි මිලට විදුලිය

ලබා ගැනීම සිදු කරයි. ඒ පෞද්ගලික තාප විදුලි බලාගාරවලිනි. මෙම පෞද්ගලික තාප බලාගාර සඳහා ඉන්ධන සැපයිය යුතුය. ඒ සඳහා අතිරේක නිෂ්පාදනයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ම`ගින් සිදුකළ යුතුය. ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව එම අතිරේක ඉල්ලූමට සරිලන පරිදි තෙල් ආනයනය කළ යුතුය. මේ සඳහා වැය වනුයේ ජාතික ධනයයි.

මේ තත්ත්වය උදාවීම උදෙසා බලපාන ලද ප‍්‍රධාන කාරණා කිහිපයක් ඇත. ඉන් පළමු වැන්න නම් විදුලිබල ක්ෂේත‍්‍රයේ අල්ලස හා ¥ෂණය ඉතා ඉහළ මට්ටමක පැවතීමය. නොරොච්චෝලේ විදුලි බලාගාරය වැනි ප‍්‍රමිතියෙන් තොර බලාගාර ලංකාවේ ඉදිවන්නේ ඒ හරහාය. දෙවැනි කරුණ නම් අප රටට ලැබුණු පළමු ගල් අඟුරු බලාගාරය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ක‍්‍රියාත්මක කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳ විදුලිබල මණ්ඩලයට දර්ශනයක් නොවීමය. තුන් වැනි කරුණ වනුයේ අඩු මුදලකට ලබාගත හැකි සුළං බලය වැනි පුනර්ජනනීය බල ශක්ති වෙත වැඩි අවධානය යොමු නොකොට තෙල් බලාගාර මත වැඩි විශ්වාසයක් තැබීමය. එසේම ජලය හොඳින් ලැබෙන අවස්ථාවලදී ඉන් කාර්යක්ෂමව ප‍්‍රතිඵල ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් නොවීමද ප‍්‍රධාන ගැටලූවකි. මේ හේතුවෙන් බලාගාර බිඳ වැටී ඇත. එසේම වියදම් ඉහළ ගොස් ඇත. ඒ මතින්ම විදුලිබල මණ්ඩලය උත්සහ දරනුයේ ඒ සියල්ල අවසානයේ ජනතාව මත පැටවීමටය.

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානම


මෙවැනි තත්ත්වයක් හමුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය දෛනික නිෂ්පාදනයට අමතරව තවත් මෙටි‍්‍රක් ටොන් දහසක්වත් දෛනිකව නිපදවිය යුතුය. මේ වනවිට තෙල් සංස්ථාවේ දෛනික ක‍්‍රියාවලි අනුව තෙල් මෙටි‍්‍රක් ටොන් 2200ක ධාරිතාවක් පවත්වාගෙන යයි. මෙලෙස ඉන්ධන ඇනවුම් කිරීම මඟින් දේශීය ආර්ථිකයට වන හානිය කිසිවකු කතා නොකරයි. ඔවුන් කතා කරනුයේ ඉන්දියාවටත් විදුලිය සැපයීම පිළිබඳය.

ජල විදුලි බලාගාරවල ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් පහත යමින් පවතී. එම බලාගාරවල ජල මට්ටම සියයට 23ක් දක්වා පහත වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.

එක්වරම ඇති වූ මේ තත්ත්වයට හේතු වූයේ තාප බලාගාර හා ජල විදුලි බලාගාර ඒකාබද්ධව කරගෙන ආ විදුලි නිපදවීම වෙනුවට විදුලිබල මණ්ඩලයේ හා මුදල් අමත්‍යාංශයේ අර්බුදය වසා ගැනීම උදෙසා වැඩි වැඩියෙන් ජල විදුලිය නිපදවීම උදෙසා යොමු වීමයි. ඒ හරහා සිදුවූයේ ජලාශවල අතිරික්ත හා ඉතිරි කාල සඳහා අවශ්‍ය ජලයද යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමය. මේ හරහා සිදුවූයේ බලාපොරොත්තු නොවන ලෙස ජල මට්ටම පහළ බැසීමය.

ඒ වසර තුළ විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරනු ලැබුයේ ගිගාවොට් පැය 4400ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කිරීමය. එසේ සැලසුම් තිබියදීත් ඉහළින් පැමිණි නියෝග මත ගිගාවොට් පැය 6000ක් විදුලිය නිෂ්පාදනය කෙරුණි. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ අද වනවිට ජලාශවල ජලය සිඳී යෑමය.

ජලය හිඟ වීම හේතුවෙන් තාප විදුලි බලාගාරවල නිෂ්පාදනය වැඩි කළ යුතුව ඇත. මේ හරහා සිදුවන්නේ පෙර ක‍්‍රියාත්මක වූ මාෆියාව කරළියට පිවිසීමය. පෞද්ගලික බලාගාර මඟින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් අතිරේකව ඉන්ධන ආනයනය කිරීමත් හරහා අතරමැදි මාෆියාකරුවන්ගේ මඩි තරවීමය.




හොරුන්ගේ පගාකාරයන්ගේ බර ජනතාවට

රංජන් ජයලාල් - ප‍්‍රධාන ලේකම්
ලංකා විදුලි සේවක සංගමය


අපි ඉල්ලන්නේ ජාතික වගකීමක් ඉටු කරන්න කියලා. පොදුවේ වෘත්තිය සමිති දිහා බලන විදියට නොබලා අපි කියන දේට ඇහුම්කන් දෙන්න. රජයක් විසින් කළ යුතු කාර්යයක් පිළිබඳයි අපි මතක් කරන්නෙ. මේකේ වාසිය රජයටයි. හොරුන්ගේ ¥ෂිතයන්ගේ පගාකාරයන්ගේ බර ජනතාව මත පටවන්න එපා කියන ඉල්ලීමයි අපි කරන්නෙ.

කවුද මේවට වගකියන්නෙ. විදුලිබල මණ්ඩලයේ බලධාරින් කරන්නේ සුළු සේවකයාගේ රුපියලක් දෙකක් රුපියල් පනහක, සියයක වංචාවක් අල්ලගෙන වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වනවා හැර මෙවැනි සමස්ත රටටම බලපාන බිලියන ගණනින් ගසාකන අය ගැන හොයන්න කවුරුවත් නෑ.

වසරක් අවසානයේ පාඩුව ගැන කියලා මිල වැඩි කරන්න ඉල්ලනවා මිස පාඩුවට හේතුව ඔය කවුරුවත් හොයලා බලන්නෙ නැහැ. පසුගිය වසරේ සිදුවෙච්ච පාඩුව ඒ ආකාරයටම මේ වසරෙදීත් සිදුවිය හැකියි. එයයි නැවැත්විය යුත්තේ.

නිපැයුම් බිඳවැටීම නිසා මිල වැඩි වේවි

ආනන්ද පාලිත - සභාපති
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමය


මේ විදුලිය නිෂ්පාදනය බිඳ වැටීමත් සමග ඉදිරි මාස තුන තුළ නියත වශයෙන් මිල වැඩි කිරීමක් සිද්ධ වෙනවා. නැත්නම් ලැබෙන පාඩුව පියවා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් විදුලිබල මණ්ඩලයටවත් ඛනිජ තෙල් සංස්ථාවටවත් නැහැ. ඒකෙන් වෙන්නේ රටේ මුදල් විදේශයන්ට ඇදී යාමයි. ඒක රටේ උද්ධමනයට හේතුවක්.

තෙල් සංස්ථාව කිව්වා 2013 වසර අවසන් වුණේ හෙජින් ගිවිසුමේ ණයක් ගෙවලා පාඩු නැති ලාභත් නැති තත්ත්වයට සංස්ථාව පත් කරලා කියලා. ඒ අනුව පැහැදිලියි. සංස්ථාව බැංකුවලින් ගත් ණයවල පොලී මුදලත් රට වැසියාගෙන් අයකර ගත් බව.

ජනවාරි 01 වැනි දින සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් බෙදා හරින්න පියවර ගත්තා. ඒ සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම සංස්ථාව ශත 89ක පාඩුවක් ලබනවා. ඒ කියන්නේ මිලියන 18ක පාඩුවක්. මේ බර පැටවෙන්නේ ජනතාව මතයි. මිල සූත‍්‍රයක් කියලා ඒකත් හඳුන්වලා දුන්නාට ඒක වෙන්නේ සංස්ථාව ලබන පාඩුව පියවා ගන්නා උපක‍්‍රමයක්. මණ්ඩලේ බලූ වෙයි


විදුලි බිල වැඩිවීමක් නැහැ

සෙනජිත් දසනායක - මාධ්‍ය ප‍්‍රකාශක
විදුලිබල අමාත්‍යාංශය


දැනට පවතින තත්ත්වය තුළ විය හැක්කේ විදුලි බලය නිපදවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවන වියදම ඉහළ යෑම පමණයි. ඕනෑම වසරක ජනවාරි, අපේ‍්‍රල් අතර කාලය තුළ ජල විදුලි නිෂ්පාදනය අඩුවෙනවා. එයට හේතුවන්නේ ජලාශවල ඇති ජලය බෙදාහැරීමේදී ජල කළමනාකරණ කාර්යාංශය ප‍්‍රමුඛතාව ලබා දෙන්නේ වගා කටයුතු හා මිනිස් අවශ්‍යතාවලට වීමයි. විදුලිය නිපදවීම කියන්නේ දෙවැනි කාරණාවක්. අපට අවශ්‍ය පරිදි ජලය ලබා ගැනීමක් කළ නොහැකියි. පසුගිය වසරේ ජලාශ සියල්ලම පිටාර ගලන මට්ටමට ජලය වැඩිවීම නිසයි ජල විදුලි නිෂ්පාදන ධාරිතාව වැඩි වුණේ. නැත්තන් ඒකට වෙනත් කිසිදු හේතුවක් බලපෑවේ නෑ. ඒ වැඩිවීම නිසයි විදුලිබල මණ්ඩලය තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් තිබුණු ණය ගෙවීමට හැකිවුණේ. ඒ හින්දා මේ පාර තෙල් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

විදුලි බිල වැඩිවීමක් හෝ විදුලිය කප්පාදු කිරීමක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නෑ. හොර රහසේ විදුලිය යම් යම් පැතිවල ලබාදීම නවත්වනවා කියන එක පදනම් විරහිත කතාවක්. අනික මිල වැඩිවීම පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ මහජන උපයෝගීතා කොමිසමටයි. මාස හයකට වරක් ඔවුන් එය වැඩිකළ යුතුද නැද්ද යන්න තීරණය කරනවා.


ඉන්ධන ගැළපුම් ගාස්තු ඉවත් කරයි කියලා සිතන්න බැහැ

බන්දුල චන්ද්‍රසේකර - උපදේශක
ජාතික විදුලි පාරිභෝගික සංසදය


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බිඳ වැටීමේ තත්ත්වය තුළ ජල විදුලි නිෂ්පාදිතය 28%ක් අඩු වෙලා තියෙනවා. මේ වනවිට 62%ක්ම නිෂ්පාදනය වන්නේ තාප විදුලියයි. දැන් රුපියල් 26 සිට 45 දක්වා විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට දරන්න වන වියදම ඉහළ ගොස් තිබෙනවා. කැලණිතිස්ස ද්විත්ව චක‍්‍ර

බලාගාරය බිඳ වැටීමත් සමග මේ තත්ත්වය බරපතළ වුණා. මේ හේතුවෙන් රාත‍්‍රී කාලයේ විදුලි ඉල්ලූම සපුරාලීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ හේතුවෙන් කොළඹ නගරයෙන් බැහැරව නොදන්වා විදුලිය කප්පාදුවක් සිදුවනවා.

ඉදිරි මාසය තුළ මධ්‍යම කඳුකරයට අවශ්‍ය වර්ෂාපතනය නොලැබුණොත් විදුලි කප්පාදුවක් ඒමට නියමිතයි. පසුගිය වසරෙදී විදුලිබල මණ්ඩලය පැවසුවා විදුලි බිල තුළ තිබෙන ඉන්ධන ගැළපුම් ගාස්තු ඉවත් කරන්න උත්සහ දරනවා කියලා. නමුත් දැන් 62%ක්ම තාප විදුලිය නිපදවන පසුබිමක් තුළ ඉදිරි කාලය තුළ ඉන්ධන ගැළපුම් ගාස්තු ඉවත් කරයි කියලා කීයටවත් හිතන්න බෑ. එහෙම අයින් කරන තත්ත්වයක් මතු වුවවොත් විදුලිබල මණ්ඩලය අර්බුදයකට ලක් වෙනවා. එසේම නොරොච්චෝලේ බලාගාරය ඉදි කරන අවස්ථාවේදී දුන්න පොරොන්දුවක් තමයි එහි නිෂ්පාදන ඇරඹීමත් සමග විදුලි බිල අඩු කළ හැකි බව. ඒත් දැන් ඒ පොරොන්දුව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. දැන් බිල අඩු කරන එක කෙසේ වෙතත් එන්න එන්න විදුලි බිල වැඩි කරන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ.

මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නෙ නොරොච්චෝලේ වගේ ප‍්‍රමිතියෙන් තොර බලාගාර ගෙනැවිත් සවි කිරීමත් එහි පරිපාලනය සම්බන්ධව සිටි විදුලි ඉංජිනේරුවන් හා යාන්ත‍්‍රික ඉංජිනේරුවන් අතර හටගත් ගැටලූව තුළ කාර්යය පිළිබඳ දැනුම සහිත යාන්ත‍්‍රික ඉංජිනේරුවන් පිරිසකට අවස්ථාව ලබා නොදීම තුළ මේ බිඳ වැටීම් ඉහළ ගියා.ලක්ෂපාන හා කැනියෝන් බලාගාරවල ජල ධාරිතාව අඩුවීම තුළ මේ වනවිට විදුලි නිෂ්පාදනය නවතා තියෙනවා. නඩත්තු කටයුතු හේතුවෙන් රන්දෙණිගල බලාගාරයෙත් අඩු විදුලිය ධාරිතාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව රටම විදුලි අර්බුදයකට යොමුවෙමින් පවතිනවා.

විදුලි බලාගාර බිඳ වැටීම හා තාප බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීම හරහා දවසකට සිදුවන පාඩුව රුපියල් මිලියන 72ක්. පසුගිය වසර තුළ සිදුවූ බිඳවැටීම නිසා පමණක් කෝටි 784 මුදලක් විදුලිබල මණ්ඩලයට පාඩු වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම ගියොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවෙනවා. මොකද මහජන බැංකුවෙන් ලබා ගන්නා ණය මඟින් තමයි විදුලිබල මණ්ඩලයට තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගන්න වෙන්නෙ.

ගිය වසරේ හොඳින් ජල විදුලිය තිබ්බ නිසා විදුලිබල මණ්ඩලය කාරක ලාභයක් ලැබුවා කෝටි 14000ක. එහි ප‍්‍රතිඵල පාරිභෝගිකයාට ලැබෙයි කියලා පාරිභෝගිකයා බලාපොරොත්තු වුණා. මේ තත්ත්වය තුළ එසේ අඩුවීමක් වෙයි කියලා අද වෙනකොට හිතන්න බෑ.


සරත් චන්ද්‍රසිරි - කාංචන ගීත් මනමේන්ද්‍ර

Friday, January 17, 2014

සිරිත කඩපු මණ්ඩලේට සුමන සමන්දෙවි පිහිටයි

 ලෝකය පුරා විසිර සිටින සැදැහැවත් බෞද්ධයන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ ස්ථානයන් තුනක් අපරට තුළ පිහිටා ඇත. මේ කුඩා දුපත පිං බිමක් ලෙසින් විරුදාවලි ලබන්නට හේතු වූයේද මේ පිහිටීම්මය. දළදා වහන්සේ, ජය ශ‍්‍රී මහා බෝධිය හා බුදු සිරිපතුල පිහිටු වූ සමනල ගිර එලෙසින් පූජනීයත්වයට පත්වූ ස්ථානයන් තුනයි.

ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධයෝ මේ තැන් තුන ආශ‍්‍රිතව බැඳීගිය සම්ප‍්‍රදායයන් නොකඩවා පවත්වාගෙන ආහ. යටත් විජිත පාලනය තුළ මෙන්ම සොලී ආක‍්‍රමණ හමුවේද ගස්, ගල් අස්සේ සැඟවෙමින් හෝ ඒ හා බැඳී ගිය චාරිත‍්‍ර සම්ප‍්‍රදායන් නොකඩවා ඉටුකළහ. එයට හේතුවූ පසුබිමක්ද ඇත. අපේ

පැරැුන්ණෝ සම්බුදු ස්පර්ශයට ලක් වූ මේ තැන් පිළිගනු ලැබුවේ ජීවමාන බුදුරදුන් හා සමවය. එහෙත් ඒ එදාය. අද මේ තැන් සියල්ලම පාලනය වන්නේ භාරකාර මණ්ඩල හරහාය. පසුගිය කාලයේ දළදා මන්දිරයේ පාලන අධිකාරින් සම්බන්ධව බොහෝ චෝදනා එල්ල විය. එසේම ශ‍්‍රී පාද භාරකාර මණ්ඩලවල කි‍්‍රයාදාමයන් බොහෝ සේ විවේචනයට ලක්විය.

සමනල ගිර අද අපේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වෙයි. ඒ එහි භාරකාරයන්ගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපයන් හරහා බිඳ වැටුණු සම්ප‍්‍රදායන් මතින් ඇතිවෙමින් පවතින ජනතා විරෝධය පිළිබඳය.

ඉතිහාසය පුරා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පෝෂණය වූ සම්බුද්ධ සිරිපතුලට රන්, රිදී පිදීමට රජවරුන් පුරුදු වී සිටියේය. ඔවුහු සිරිපතුල ගම්වර පුදා එය සිරිපතුලේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළහ. 1837 වසර වන තෙක් සිරිපතුලට වැටෙන පඬුරු හෝ බුද්ධ පූජාව සංඝයාගේ හෝ ගිහියන්ගේ ප‍්‍රයෝජනයට නොගත්තේය. සිංහලයේ රජෙකු විසින් අවසන් වරට ශ‍්‍රී පාදස්ථානයට ලැබුණු කුට්ටාපිටියේ තඹ සන්නස තුළ සටහන්ව ඇති පරිදි සිරිපතුල ගිලීමලේ, බඹරබටුව, අඹගමුව, උලපනය, බදුලූ වනය, කුට්ටාපිටිය ආදී ගම් තුදුසක් ශ‍්‍රී පාදස්ථානයේ දියුණුවටත් වන්දනාකරුවන්ගේ කෑම බීම නිවාස හා පහසුකම් වෙනුවෙනුත් පාද පද්මයට තේවාව කරන සංඝයාගේ සිවු පසය වෙනුවෙනුත් පූජාකර ඇත. ඒ අනුව බලන කල එදා රජවරු සිරි පතුල වැඳීමට එන බැතුමතුන්ට සත්කාර කරන ලද්දේ ශ‍්‍රී පාදයට අයත් ගම්බිම්වලින් ලැබෙන දේ මඟිනි.

එසේම ශ‍්‍රී පාද වාරය වූ හයමස තුළ සිරිපතුල පිහිටා ඇති කඳු මුදුනට ආසන්නයේ ඇති සමන් දේවාලයට දිනපතා ලැබෙන පඬුරුවලින් මිටක් බැගින් මැටි කළයක් එකතු කර ශ‍්‍රී පාද වාරය අවසන් වූ විට එම කාසි මුට්ටිය හා කපුරු, හඳුන්කූරු, කොඩි ආදිය සපරගමු මහා සමන් දේවාලයට ලබාදීම පැරැුණි සිංහල චාරිත‍්‍රයක් ලෙසින් සිදුවිය.


නින්දගම්වලින් ඵල ප‍්‍රයෝජන ලැබීම වෙනුවෙන් ශ‍්‍රී පාදස්ථානය රැුකගැනීම භාරව තිබූ සංඝ පරපුරට ප‍්‍රධාන කාරණා 84ක් ඉටු කරන්නට නියමවී තිබුණි. කෙසේ වෙතත් වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අදහසක් ලෙස කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් සපරගමුවේ සංඝයාට

ශ‍්‍රී පාදස්ථානයේ භාරකාරත්වය පැවරුවේ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මිස එක් එක් පුද්ගලයන්ගේ උදර පෝෂණය උදෙසා නොවේ. 1887දී ඉඳුරුවේ සුමංගල මේධංකර හිමි විසින් ඉංග‍්‍රීසි පාලකයන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිරි පතුලට වැටෙන පඬුරු හා බුද්ධ පූජාවද සංඝරත්නයේ ප‍්‍රයෝජනයට ඉල්ලා ගත්තේය.

මේ මතින් නිර්මාණය වූ කරුණු කාරණා ඔස්සේ කාලයක් යත්ම ශ‍්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උදෙසා පැවැත්වෙන ‘ඡුන්දය’ දේශපාලන ඡුන්දයකට එහා ගිය තත්ත්වයක් නිර්මාණය කරන්නට විය. එහි උච්චතම අවස්ථාවක් වූයේ අවසන් වරට පැවැත්වූ සිරිපාද නායකත්ව ඡුන්දයයි. අවි ආයුධ සහිත දේශපාලන මැරයන්, තර්ජන පීඩා සියල්ල පිළිබඳ ඒ ඡුන්දයේදී මාධ්‍යයට වාර්තා විය. එයින්ම ගම්‍ය වන ප‍්‍රධානම කාරණය වනුයේ නායකත්වය හරහා බලාපොරොත්තු වන්නේ සිරිපතුල රැුකීමම නොවන බවය. ඉන් එහා ගිය බොහෝ අපේක්ෂා ඒ තුළ තිබිය යුතුය. එනිසාම දෝ සපරගමුව තුළ සිරිපාද නව භාරකාර මණ්ඩලය පිළිබඳ විරෝධයක් මතුවෙමින් පවතී. පිරිසක් ජනපතිට භාර දෙන්නට පෙත්සමකට සපරගමු

ජනතාවගෙන් අත්සන් එකතු කරමින් සිටිති. එසේම තවත් පිරිසක් පසුගියදා පාරට බැස නායක හිමියන්ට විරුද්ධව උද්ඝෝෂණය කළහ. බුදු සිරිපතුල රකින්නට දිවිහිමියෙන් සටන් කරන සංඝයාට විරුද්ධව ජනතා විරෝධයක් නැගෙන්නට හේතු වූ කාරණාව කුමක් විය හැකිද?

ආරම්භක කාරණා බොහෝ ප‍්‍රමාණයක් පැවතියත් එක්වරම ඒ විරෝධය මතුවන්නට වූයේ ඈත අතීතයේ සිට පවත්වාගෙන ආ සම්ප‍්‍රදායන් මෙවර සිරිපා වාරය ඇරඹීමත් සමග අතහැර දැමීම හේතුවෙනි. එනම් සම්ප‍්‍රදායක් ලෙසින් පූජා කෙරුණු කාසි මුට්ටිය මෙවර මහ සමන් දේවාලයට ලැබුණේ නැත. එයට හේතුව වූයේ දැන් කාසි වෙනුවට මොනර කොළ සිරි පතුලට වැටීම විය හැකිය. දෙවැනි බරපතළම ගැටලූව වූයේ ඉතිහාසය පුරා පැවති පෙරහර මාර්ගය අතහැර දැමීමය. එනම් ලංකාවේ දිගම ආගමික පෙරහර ලෙසින් සැලකෙන සමන් ගිර මුදුනට දේව ප‍්‍රතිමා හා දේව ආභරණ රැුගෙන යෑමේ පෙරහර මෙවර සාම්ප‍්‍රදායික ගමන් මඟින් පිට පැන්නේය. ඒවා භාරකාර මණ්ඩලයේ තීරණය යැයි කියා කීමට නොහැකිය. එයට හේතුව ශ‍්‍රී පාදස්ථානාධිපති ධුරයට පත්වූ බෙංගමුවේ ධම්මදින්න හිමි හා එහි භාරකාර මණ්ඩලය සිරිපතුලේ තාවකාලික භාරකරුවන් නැතහොත් සිරිපතුල වැඳීමට එන සිල්වතුන්ගේ පහසුකම් සපයන්නන් මිස සිරිපතුලේ සින්නක්කර උරුමකරුවන් නොවන නිසාය.

වෙනදාට පැල්මඩුල්ල සිට රත්නපුර මහා සමන් දේවාලය දක්වා එක් පෙරහරක් ලෙසින් පැමිණි දේව ප‍්‍රතිමා හා ආභරණ සහිත පෙරහර දේවාලයේ ආශිර්වාදයන් හා සංඝයා විෂයයෙහි වූ ගිලන්පස පූජාවලින් අනතුරුව දෙකට බෙදී එක් ප‍්‍රතිමාවක් රත්නපුර පලාබද්ධල මාර්ගයෙන්ද අනෙක් ප‍්‍රතිමාව අවිස්සාවේල්ල ගිනිගත්හේන හැටන් මාර්ගය හරහා කඳු මුදුනේ ඇති සමන් දේවාලය වෙත වැඩම වීය. එහෙත් මෙවර දෙවියන්ව දේවාලයට රැුගෙන යෑම භාරකාරයෝ අමතක කළහ.

එහෙත් ගැටලූව එය නොවේ. පෙරහර දිනයට සතියකට පෙර මහා සමන් දේවාලයේ බස්නායක නිළමේවරයාට ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් පෙරහරේ පැමිණීම පිළිබඳ පූර්ව දැනුම්දීම් සිදුකර තිබියදී ඉහත කී අයුරින් කටයුතු සිදුවීමය.

සමන් දේවියන්ගේ ප‍්‍රධාන නවාතැන ලෙසින් පිළිගන්නේ සමනල ගිරය. එහෙත් දෙවියන් තම බල පරාක‍්‍රමය මිනිසුන්ට බෙදන්නේ මහා සමන් දේවාලයේදීය. එහෙත් මෙවර දෙවියන්ගේ බලයට වඩා තාවකාලික භාරකාරයන් බලවත් විය. දෙවියන් දේවාලයට නොයා යුතු යැයි ඔවුන් තීරණය කළේය. මෙය නොදැන පෙරහර දිනයේ දේව ප‍්‍රතිමා මහා සමන් දේවාලයට වඩම්මන තුරු තුන් දහසකට අධික බැතිමතුන් බලා සිටියේය. පූජා වට්ටි, මල් මාල, පලතුරු, කොඩි, ධජ අතැතිව සිටි බැතිමතුන් තුළ වූයේ එකම ප‍්‍රාර්ථනයකි. සපරගමුවේ බල පරාක‍්‍රමය පතුරුවන සමන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමය.

එහෙත් දෙවියන්ව හොර පාරෙන්ම කඳු මුදුනට රැුගෙන යන්නට භාරකාරයෝ කි‍්‍රයා කළහ. දෙවියන්ටද දෙවියන් එන තුරු බලාසිටි මිනිසුන්ටද කළ හැකි දෙයක් නොවීය. සම්ප‍්‍රදායන් සියල්ල ගිලිහී ගොස් ඇත.

මේ නින්දගම් ආශ‍්‍රිත තව තවත් සිදුවීම් පිළිබඳ විවිධාකාරයේ කටකතා පැතිර යයි. ඉන් එකක් නම් නව දොළොස්මහේ පහනක් ශ‍්‍රී පාද කඳු මුදුනේ සවිකරන්නට යන බවය.

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි විසින් 1967දී ලියන ලද සපරගමු දර්ශන නම් ග‍්‍රන්ථයේ දොළොස් මහේ පහන තිබූ තැන පිළිබඳ අපූර්ව සටහනක් විය.


1940දී ශක්තිමත් ලෙස ප‍්‍රාකාරය බන්දවා මළුව හාත්පස කැපූ කළු ගල් අතුරවා ප‍්‍රතිසංස්කරණයක් කළේය. එකල දොළොස් මහ පාන තිබුණේ ශුද්ධ වූ පර්වතයටත් සමන් දෙවි මැඳුරටත් අතරය. මේ පහන එතැනින් ඉවත්කොට ඒ බිමෙහි කළු ගල් ඇතිරවීමට පොළොව කණිනවිට ඒ අතරින් අඳුරු සහිත ගැඹුරු කුහරයක් දක්නට ලැබුණ බවත් බාල්ක වැනි විශාල ගල් කුලූනු මත මෙම පර්වතය තබා තිබෙන බව පිළිගත හැකි බවත් මළුවෙහි ගල් ඇතිරවීම අවහිර කිරීමට මෙන් එතැනින් කළු දෙබරුන් මතුවී කම්කරුවන්ට අනින්නට වූ බවත් එවකට ශ‍්‍රී පාදස්ථානයේ භාරකාර ධුරය දැරූ සිඞ්නි එල්ලාවල දිශා මහතා මා සමග කීයේය. එකී අඳුරු ගුහාවට ආලෝකය වැටෙන කුහර කීපයක් මහගිරි දඹය වටා තිබෙන බවත් කූඩු සෑදීමට දෙබරු රිංගන්නේ ඒ කුහරවලින් බවත් ඇසීමි.

සිරිපා මළුව යට අඳුරු ගුහාවක් තිබෙන බවපිළිගැනීමට මෙයද එක් කරුණකි. ඒ ගුහාව තුළ ඉඳුනිල්මිණක් මත සිරිපා සටහනක් තිබේද? නැද්ද? යන්න පරීක්ෂා කොට දැනගත යුත්තකි.


අද කළු දෙබරුන් නැත. සීගිරියෙන්, දළදා මාලිගයෙන් කළු දෙබරුන් එළවා දැමුණි. එසේ නම් සමනල ගිරත් දැන් කළු දෙබරුන්ට අයත් නොවිය යුතුය. සමනල ගිර පණ මෙන් රැුකි වසර 25ක පමණ කාලයක් තිස්සේ සිටි මුරකරුවාද දැන් නැත. වසර පනහක් පමණ තිස්සේ සමනල කන්දේ ජීවත් වූ කැලෑ ජෝන්ද දැන් නැත. සිරිපතුල රැුකීම භාරවන්නේ සමන් දෙවියන්ටය. එසේ නම් මේ අවනඩුව කියන්නට වෙන්නේද සමන් දෙවියන්ටමය. දෙවියන් දෙවොලට නොආ කල භාරකාරයන්ට එරෙහිව මිනිස්සුන් අවි තනමින් සිටිති.

ඇති වී තිබෙන තත්ත්වය පිළිබ`ද විමසා බැලීමට ශ‍්‍රී පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සම්බන්ධ කරගැනීම උදෙසා දින කිහිපයක් තිස්සේ උත්සහ ගත් නමුත් උන්වහන්සේගේ කාර්යබහුලත්වය මත ඒ ස`දහා අපට අවස්ථාව උදාවූයේ නැත. එසේ වුවත් ශ‍්‍රී පාදය හා බැඳි සම්ප‍්‍රදායන් බිඳ වැටීම පිළිබඳ නැගෙන කතාබහ විමසා බැලීමටඉදිරි දිනක හෝ උන්වහන්සේ සම්බන්ධ වෙතැයි ‘රන්දිව’ අපි උදක්ම බලාපොරොත්තු වෙමු.


ගැටලූවක් තිබුණා නම් කතා කරලා විසඳගන්න තිබුණා

කමල් රත්වත්තේ -
බස්නායක නිළමේ - සමන් දේවාලය

මම දන්න තරමින් වසර 30-40 සිට මේ පෙරහර සම්ප‍්‍රදාය පවතිනවා. මේ වසරේ සිරිපා සමය ඇරඹීමත් සමග මෙවරත් පෙරහර පැවැත්වෙන බවත් ඒ සඳහා තුන්සිය දෙනෙකුට තේ පැන් සකස් කරන ලෙසත් හාමුදුරුවරු 25කට ගිලන්පස ලෑස්තිකරන ලෙස මෙන්ම සැරසිලි මාර්ග පිරිසුදුකිරීම් කරන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරයා මට නිල දැනුම්දීම කළා. ඒ අනුව මම සියලූ කටයුතු ඉතා උපරිම ලෙස ලැහැස්ති කළා. මොකද මම බලයට පත්වුණාට පස්සෙ පළමු පෙරහර මේක නිසයි.

මම උදේ 7 සිට දේවාලයේ සිට පෙරහර එන තෙක් බලා සිටියා. සබරගමුවේ වගේම රට වටෙන් ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් දේවාල භූමියට රැුස්වෙච්ච 3000ක පමණ ජනතාවක් හිටියා. මම වගේම මිනිස්සු දවල් 1 -2 වෙනකල් බලා සිටියා. ඒත් පෙරහර ආවේ නෑ.

මම ඒකට හේතුවක් දන්නෙ නෑ. ඒක ඒ අයගේ නිල වශයෙන් ගත්ත තීරණයක්. මම දන්නෙ මිනිස්සු කියන දේවල් විතරයි. ගැටලූවක් මොකක්හරි තිබ්බ නම් උන්වහන්සේ උගත් බුද්ධිමත් භික්ෂුවක් විදිහට කතාකරලා විසඳගන්න තිබ්බා. එහෙම නැතිව සම්ප‍්‍රදායන් කඩපු එක වැරැුදියි.

වසර 30 - 40ක් පැවති සම්ප‍්‍රදාය බිඳ දමන්න හේතුවුණේ නායක හිමියන් හා ඔබ අතර ඇතිවුණ පෞද්ගලික අමනාපයක් කියලයි මිනිස්සු කියන්නෙ. ඒක ඇත්තද?

බස්නායක නිළමේ තනතුරට මම පත්වෙන්නෙ ඡුන්දයෙන්. උන්වහන්සේ පත්වෙන්නෙත් ඡුන්දයෙන්. මම සමන් දේවාලය රැුකබලා ගන්නවා. උන්වහන්සේ ශ‍්‍රී පාදස්ථානය රැුකබලා ගන්නවා. මෙතැන පෞද්ගලික දේවල් නෑනේ. අපි කරන්නේ පොදු දේවල් කාලයකට රැුකබලා ගැනීම විතරයි.

හැබැයි මම අවුරුද්ද ලබන වෙලාවේ පලතුරු වට්ටියකුත් අරගෙන උන්වහන්සේව බැහැදකින්න පන්සලට ගියා. උන්වහන්සේ පන්සල තුළ ඉඳගෙනත් මාව හමුවෙන්න අවේ නෑ. අපි දෙවියන් බුදුන් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා මීට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න ඕනෙ.


මේක පෞද්ගලික කෝන්තරයක්

ඉසුරු බණ්ඩාරවත්ත
ව්‍යාපාරික

අපි දන්න කාලේ ඉඳන් සිරිපා මළුවට දේව ආභරණ වැඩම කිරීමේ ක‍්‍රමවේදයක් තිබුණා. මේක අපි කුඩා කාලේ ඉඳන් තිබ්බ චාරිත‍්‍රයක්. පෙරහරින් සමන් දේවාලයට ගිහින් එහි වතාවත් කරලා සංඝයාවහන්සේ දාන මාන භාරගෙන තමයි, පෙරහරින් මහ මළුවට දේව ආභරණ රැුගෙන යන්නේ. එහිදී සම්ප‍්‍රදායක් තිබ්බා සිරිපතුලට ලැබෙන පඬුරුවලින් පඬුරු මුට්ටියක් දේවාලයට පූජා කිරීමට.

මේ පාර ඒ කිසිම දෙයක් සිදුවුණේ නෑ. නායක හමුදුරුවෝ හා බස්නායක නිළමෙවරයාගේ පෞද්ගලික තරහක් මත මෙතෙක් පැවති සම්ප‍්‍රදායන් ඉටුකළේ නෑ. පෙරහර දේවාලයට ආවෙත් නෑ. සංඝ දානය පැවැත්වුණෙත් නෑ. පඬුරු පූජාව සිදුවුණෙත් නෑ.

මෙතැනදී තේරුම්ගන්න ඕනෙ දෙයක් තියෙනවා. දම්මදින්න හාමුදුරුවෝ කියන්නේ සමනල ගිරේ අයිතිකාරයවත්, කමල් රත්වත්තේ කියන්නේ සමන් දේවාලයේ හිමිකාරයවත් නොවන බවයි. ඒ අය තාවකාලික භාරකාරයෝ විතරයි. ඒ නිසා සම්ප‍්‍රදායන් කඩන්න හොඳ නෑ. ඒවා බලපාන්නේ සබරගමු ජනතාවට වගේම සමස්ත රටටමයි.


බලපෑම් තාම ඉවර නෑ.

පූජ්‍ය දම්පහළ ශීලානන්ද හිමි
හිටපු ශ‍්‍රී පාදස්ථානාධිපති

මේ සිදුවීම පිළිබඳ මම අදහස් දක්වන්න කැමැති නෑ. මම ඉන්න කාලේ මම අත්විඳපු දේවල බලපෑම තාම ඉවර වෙලා නෑ. අපි මේ සියලූ සිදුවීම් පිළිබඳව කනගාටු වෙනවා. ඔබතුමන්ලා දන්නවා ඇතිනේ ඒ කාලේ වෙච්ච දේවල්.


කාංචන ගීත් මනමේන්ද්‍ර

Monday, January 13, 2014

උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ

 රාවණ යුගය ගැන අප දිගින්දිගටම කතා කළෙමු. රාවණ උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය මෙන්ම රාවණගේ බලශක්ති කේන්ද්‍රය ආදී තොරතුරු පිළිබඳ නැවුම් තොරතුරු
රැුසක් අප ඔබ හමුවේ තැබුවෙමු. අප මේ වසර රාවණ වසර ලෙස නම් කරන්නට හේතු සාධක වූ විශේෂ කරුණු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් රාවණ ශක්තිය හෙළ පොළෝතලය පුරා ව්‍යාප්තවීමයි. දෙවැනි කරුණ රාවණ යුගයේ බොහෝ සම්පත් යළි පොළොව මතට පැමිණීමයි. අනෙක් කරුණ වනුයේ සැබෑ හෙළ තාරුණ්‍ය තුළ එක් එක් අයකුට වෙනස් හා ආවේණිකස්වරූපයන්ගෙන් අධි ශක්තීන් වර්ධනය වීමයි.

අප රාවණගේ බලශක්ති කේන්ද්‍රය පිළිබඳ කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයක හමුවනු ඇතැයිද එමඟින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිලි සාක්ෂි හමුවෙමින් පවතී.
එහි පළමු සාක්ෂිය කළුගඟ ව්‍යාපෘතියට සමගාමි ප‍්‍රදේශයකින් හමුවී ඇත. ඒ න්‍යෂ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකි වනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයෙන් අඩි දහතුනක් පොළව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. තවත් එක් තොරතුරක් එක්කළ යුතුව ඇත. බස්නාහිර හා වයඹ ප‍්‍රදේශයට අයත් එක්තරා පන්සලක පැරණි ළිඳක් තුළින් වූ උමඟක තිබී රාවණ දඬුමොණරයක කොටස් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්තන යුගයේ ස්වභාවයයි.
අප හෙළ යුගයේ ජල තාක්ෂණ ක‍්‍රමවේදයන් පිළිබඳ කතා කිරීමට උත්සහ දරමු. ලංකාවේ ප‍්‍රධාන නගර විසිහතක් ආවරණය කෙරෙමින් ඉඳිවුණු උමං මාර්ග පද්ධතිය මෙන්ම ජල තාක්ෂණය භාවිත කරමින් ක‍්‍රියාත්මක වූ උමං පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතියි. මෙම උමං ප‍්‍රධාන වර්ග කිහිපයකි. ප‍්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප‍්‍රදේශයක් පෝෂණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැුගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය බෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ‘ගලීස්ස’ ලෙස හැඳින්වෙයි.

ප‍්‍රවාහන කටයුතු උදෙසා ජල උමං


මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගීකර ගනිමින් අධිවේගී ප‍්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප‍්‍රදේශය හරහා ඉඳිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.
මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර, බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබුණි.මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගඟ අසල ලූණුගෙය නමින් ප‍්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක‍්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පලකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමඟ වර්තමානයේදීද ශේෂ වෙමින් පවතියි.
මෙම ජල උමඟට එකල සුදුගඟ මුල්කරගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන* යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත.
මෙම උමං මාර්ගවල ස්ථාන කිහිපයකින් දොරටු පිහිටා තිබුණි. ඒ හරහා ජල පීඩනය අවශ්‍ය දිශා වෙත යොමුකිරීමේ හැකියාව පැවතුණි. කඳුකරයේ සිට වර්තමාන යාපනය දෙසට ගමන් කිරීමට ජලයේ ගලායෑමේ වේගයට සමානව සුළු බලයක් ලබාදීම ප‍්‍රමාණවත්ය. එහෙත් යළි පැමිණීම උදෙසා උපයෝගී කර ගනු ලැබුවේ මුහුදේ ජල පීඩනයයි. මේ සඳහා සුදු ගෙඟන් ජලය ඇතුළුවන මාර්ග මෙන්ම අනෙකුත් පිටවීම් මාර්ගද වසා දැමුණි. මුහුදේ පීඩනය යොදාගනිමින් එයට සමානව යානයේ ඇතිකර ගනු ලබන සුළු බල ගැන්වීමක් හරහා කඳුකරයට යළි පැමිණීමට හැකියාව ලැබෙයි.
වර්තමානයේදීද මාතලේ අඹන් ගෙඟ් හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. තාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්වැටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගම ආසන්නයේ පිහිටි පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේ ඇත්තේද එකම ජල සාන්ද්‍රණයකි.
නවක්කන්නි ලිද
එකල වර්තමාන අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවති නීලගිරි දේශය හරහා මෙම ගලිසි මාර්ගය පැවතුණි. ප‍්‍රධාන ගලිසි තොටුපළක් නීලගිරියේ අභයවැව ආශ‍්‍රිතව පැවතුණේය.
මාතලේ සිට රාවණ ඇල්ල දක්වා පවතින උමං මාර්ගය එහි දෙවැනි කොටසයි. මෙය දෙපසට ජලය ගෙන යා හැකි ලෙස නිර්මාණය කරන ලද ගලිසියකි. (ජල උම`ගකි* ප‍්‍රධාන දිසා දෙකට ජලය යොමු කළ හැකි ලෙස මෙම උමෙඟ් දොරටු සවිකර තිබී ඇත. ඒ හරහා අවශ්‍ය විටෙක රාවණ ඇල්ලේ ජලය සුදුගඟ දෙසටත්, තවත් විටෙක සුදු ගෙඟ් ජලය රාවණ ඇල්ල දෙසටත් හැරවිය හැකි විණි. මේ හරහා මෙය ඉතා පහසු ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිවිය.
තෙවැනි කොටස රාවණ ඇල්ලේ සිට යාල හතරවන කලාපයේ පිහිටි කුඹුක්කන් ඔය එකල මුහුදට වැටුණු ස්ථානයට ආසන්නයේ පිහිටි ගලිසි තොටුපළක් හා සම්බන්ධව පැවතියේය. මෙහිදීද භාවිත වූයේ මාතලේ හා නාවක්කන්නි ළිඳ අතර පැවති තාක්ෂණ ක‍්‍රමවේදයයි.
වර්තමානයේදීද මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදුවුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත. එයට හේතුවූයේ වසර පන්දහසකට අධික කාලයක් තිස්සේ මේවා ටිකින් ටික මහපොළොවෙන් වැසී යෑමයි. අනෙක් ප‍්‍රබලම කාරණය වූයේ ලංකාපුරයේ භූමි ප‍්‍රමාණයෙන් දොළහෙන් එකොළහක් (11/12* විනාශ කරමින් රටට ගලා ආ මුහුද රැුගෙන ආ මහ වැලි කඳින් උමං මාර්ග වැසීයාමයි.
උමං මාර්ගයන් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වූ අධිවේගී ජලකර නැතහොත් ජල පීඩක යානාවලට අමතරව අභ්‍යන්තර ගංගා පද්ධතිය ආශ‍්‍රිතව ඉතා විශිෂ්ට ගමනාගමන පද්ධතියක් පැවති බවට ඇති හොඳම සාධකය බුදුහිමියන් ජල මාර්ගයක් දිගේ මහියංගනයට නැවකින් වැඩම කරවීමයි. එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්‍ෂිත යාත‍්‍රා විශේෂයක් පැවතියේය. එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන්කිරීමේ හැකියාව පැවතියේය. එය පෙට්ටි 2 - 3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත‍්‍රාවල නම්‍යශීලි බවක් පැවතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන්කිරීමේ පහසුවත් උමං ආශ‍්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලිවීමේ හැකියාව තිබේ.
මාතලේ ආශ‍්‍රිතව අභ්‍යන්තර ගංගා පද්ධතියක් ඇති බවට ඈත අතීතයේ සිටම මතයක් පැවතිණි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමට යෝජනා වන්නේ අපේ හෙළ රාවණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකාදැමීමේ පරමාර්ථයෙන් යැයි පැවසුවහොත් එහි කිසිදු අතිශෝක්තියක් නැත. මන්ද අප හෙළ ලංකා පුරයේ මධ්‍ය ලක්ෂ්‍යය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටි බිමද මේ ජලාශයට යටවීමට නියමිතව පැවතුණි. පෙර රාවණ යුගයේදී මෙම ස්ථානයේ සූර්ය දෙවොලක් ඉදිකිරීම හරහා සිවු හෙළයටම ඇවැසි ශක්තිය ඒ හරහා උකහා ගැනීමට එකල පාලකයෝ උත්සුක වූහ. සූර්ය ශක්තිය යනු අග්නි ශක්තියයි. එසේනම් ලංකා පුරයේ මධ්‍යයේ ක‍්‍රියාත්මක වනුයේ ප‍්‍රබල අග්නි ශක්තියකි. එය විශ්ව නිර්මාණයට අදාළව සිතීමේදීද එය සත්‍යයක් බව පෙනීයයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සූර්යයා සිටියි. පෘථිවිය මධ්‍යයේ ගිනිගෙන දැවෙන ලෝදිය ඇත. මෙලෙස බලන කල ලංකා පුරයේ මධ්‍ය ස්ථානයේ පවතිනුයේද අග්නි ශක්තියකි. එහෙත් අද පැරණි නාලන්දා ගෙඩිගෙය කැබලිවලට ගලවා අඩි 25-30ක් ඉහළට ගෙන මධ්‍ය මණ්ඩලයේ තුළ මහා ජලාශයක් ඉදි කළේය. යුරෝපීය සැලසුම වූයේ මධ්‍ය මණ්ඩලයේ අග්නි බලයට ප‍්‍රතිවිරෝධීත්වයක් ඇති කිරීමට හැකි මහා ජල ධාරිතාවක් එහි එක්රැුස් කිරීමය. බෝවතැන්න ජලාශය එහි අවසන් ප‍්‍රතිඵලයයි. අපේ දේ
පරසුද්දාට උගස් කළ අපේ පාලකයෝ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව අපේ උරුමයන් හාරා විනාශකර දමන්නට ඔවුනට ඉඩදුන්හ. අප මහා ඉහළින් වර්ණනා කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ස්ථානගත වූයේ අපේ රාවණ සාධක පැවති ස්ථානයන් කේන්ද්‍රගත වෙමිනි. එයට හේතුවූයේ එම සැලසුම් සියල්ලම යුරෝපා රටවල සකස්වුණු සැලසුම්වීමය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියද මෙවැනිම ව්‍යාපෘතියකි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙන් මාතලේ ආශ‍්‍රිතව පැවති උමං පද්ධතිය දැඩි ලෙස විනාශ වීම සිදුවුණි. මෙයට අමතරව තෙල්දෙණිය ජලාශය ඉදිකිරීමේදීද පැරණි උමං ගුහා පද්ධතියක් සම්පූර්ණයෙන්ම කොන්ක‍්‍රීට් දමා වසා දැමුවේය. කොත්මලේ ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට හාරන ලද්දේද ප‍්‍රධාන උමං පද්ධතියක් බවට තොරතුරු පවතී. මේ අනුව බලන කල විදේශීය සැලසුම් බොහොමයක් සැකසී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මඟින් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු පොළොව යට සැඟවුණු හෙළ තාක්ෂණ ක‍්‍රමවේදයන් සොයා ගැනීම උදෙසා මිස අපට ඇති ආදරයකට නොවන බව පෙනී යයි. මෙවන් කැණීම්වලදී හමු වූ පැරණි ගලිසි තාක්ෂණයට අයත් වේළී, ජල උමං මිස වෙනත් කිසිදු ඓතිහාසික සාධකයක් මතුවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඒ සියල්ල ඔවුන් වසා දැමුවේය.

රාවණගේ ජල උයන් ආලකමන්දාව ඉතිහාසගත කරයි 


අප හෙළ ගලිසි තාක්ෂණයට සාක්ෂි නැතැයි පැවසුවද සාක්ෂි අපට නොපෙනීම මිස නොමැතිවීමක් නැත. මාදුරු ඔය සංවර්ධනය කිරීමේදී හමුවූ සොරොව්ව ගලිසි සොරොව්වකි. ලාහුගල හැඩඔයේ තිබී හමුවූ ගල් අමුණට සමානම අමුණක් ඉන්කා ශිෂ්ටාචාරයෙන්ද හමුවිය. ඒ ගුවනින් ගිය සිංහ දේශයේ වැසියන්ගේ ඥානයයි.

ජලය ගෙනයන උමං

ප‍්‍රවාහන කටයුතුවලට අමතරව ජල හිඟය හා බීමට සුදුසු ජලය නොපැවති ප‍්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක‍්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවතියේය. මෙම උමං පද්ධතිය එකල පැවති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය* ආශ‍්‍රිතව ව්‍යාප්තව පැවතියේය.
කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසුදු ජලය පවතියි. එසේම යාල මුහුදු සීමාවේ පිරිසුදු ජලය සහිත එක් ළිඳක් පවතියි. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර, භාවිතයට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග (ගලිසි* හරහා මෙම විල්වලට ජලය ලැබිණි. ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල් වැලි ආදී විවිධ ස්ථරයන් යොදමින් කෘති‍්‍රම විල් ගොඩනගා ඇත. මෙම විල් ගොඩනැගීමේදී විශේෂිත ක‍්‍රමවේද බොහොමයක් අනුගමනය කර ඇත. ජලයේ විෂ ස්වභාවයන් ඇතිවීම පාලනය කළ හැකි ‘මඩාර’ නම් විශේෂිත පස් මිශ‍්‍රණයක් භාවිත කරමින් විල්වල මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වභාවිකව පවිත‍්‍ර කළ හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වටා සිටුවීම කරනු ලබයි. එහිදී එම ශාකවල මුල්, ඇට, කොළ ජලය හා මිශ‍්‍රවීම හරහා ජලය පවිත‍්‍රවීම සිදුවිය.
වර්තමානයේ ක්ලෝරීන් යෙදීම හරහා සිදුකරන දෙය මේවන් ක‍්‍රමවේද හරහා ඉතා සාර්ථකව ඉටුකරගත්තේය. වර්තමානයේදී ද රටපුරා දැඩි පාරිසරික තර්ජනයන් ඇතිවන අයුරින් ජලාශ ඉදිකර ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදවලට වඩා රාවණ යුගයේදී මෙන් වසර පුරාම ඇදහැළෙන දියඇළි ආශ‍්‍රිතව ඉදිකළ ජල උමං හරහා රටේ  ඕනෑ තැනකට ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදයන් භාවිත කිරීම වඩා සුදුසුය.
වර්තමානයේදී අපේ වරාය පද්ධති තුළින් නැව්වලට පිරිසුදු ජලය ලබාදීමෙන් පමණක් විශාල ආදායමක් උපයාගනු ලබයි. මෙය ඈත අතීතයේදී ද ක‍්‍රියාත්මක වූ අතර, ලොව පුරා ව්‍යාප්තව පැවති නාවික
මාර්ගයන් බොහොමයක් ලංකාපුරය හරහා වැටී තිබුණි. එයට හේතු වූයේ එවකට ලංකාපුරය ලොව ප‍්‍රබල රාජ්‍යයක් වීමයි. විජය ලංකාවට පැමිණෙන්නේද පිරිසුදු ජලය සොයාගෙනය. අපේ රටවටා රාවණ යුගයේදී පැවති වරාය පද්ධතිය රාම රාවණ යුද්ධයේදී විනාශ වී ගියත් එය යළි ක‍්‍රියාත්මක වූ බවට ඇති හොඳම සාක්ෂිය විජයගේ පැමිණීම හා බුදුරජාණන්වහන්සේගේ පැමිණීමයි.
වැව් අමුණු බැඳ ජලය රැුස්කර ගොවිතැන් කිරීම අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ ඉතිහාසඥයෝ තලූ මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම්වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.
කුඹුක්කන් ඔය රාවණ යුගයෙන් ශේෂ වී පැවති අවසන් අමුණයි. කුඹුක්කන් ඔය හරහා බඳින ලද අමුණක් උපයෝගී කර ගනිමින් වර්තමාන යාල, කුමන ප‍්‍රදේශයට අයත් රෝහණ දේශය සශ‍්‍රීක කිරීමට කුම්භකර්ණයන්ට හැකිවිය. කුම්භකර්ණ යනු රාවණගේ සොහොයුරකි. රාමායනගේ සඳහන් වන පරිදි එකදිගට මාස හයක් නිදියන ඔහු මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් එකවර ගිල දමන මහා යකෙකි. මෙය සංකල්ප රූපයකි. රාවණ රාජ්‍යයේ කෘෂිකර්මය හා ආහාර සම්පාදනය භාරව පැවතියේ කුම්භකර්ණයන්ටය. මුවන් හත්සියයක් සහ හාල් නැලි හත්සියයක් කා මාස හයක් නිදාගැනීම යනු එක් කන්නයක් වැඩකර රැුස්කරගන්නා ආහාරවලින් මාස හයක් රටේ ජනයාට කන්න දීමේ හැකියාව ඔහුගේ වගා ක‍්‍රමවේදයට පැවති බවය. වගා නොකරන මාස හය තුළදී පරිසර පද්ධතිය ස්වභාවික ලෙස වෙනස් වීමට අවස්ථාව සැලසීම ඔවුනගේ අපේක්ෂාවයි. කුඹුක්කන් ඔය අමුණ හරහා කුඹුරු අක්කර දහස් ගණනක් වගා කළේය. 1818දී බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම අමුණ පුපුරවා හැරීමට තීරණය කළේය. එයට හේතු වූයේ හෙළ ශක්තිය මෙම වාරි තාක්ෂණය හරහා වර්ධනය වීමයි. එකල වගාකළ දේ කල්තබාගැනීමේ ප‍්‍රබල ක‍්‍රම පැවතුණි (රාවණ කෘෂිකර්මය පිළිබඳ වෙනම ලිපියකින් මේ පිළිබඳ සාකච්ඡුා කරමු* මෙවන් වැදගත් මෙහෙයක් ඉටුකළ කුම්භකර්ණ නිදිකුම්බයකු බවට පත්කර ඔහු අලස බව හැඳින්වීමේ සංකේතය කළ ඉතිහාසය එය සූක්ෂ්ම ලෙස ඉදිරියට පවත්වාගෙන ඒමට සමත්විය.

අලංකාරය උදෙසා ජල උමං


සිගිරියේ වතුර මල්
ජල උයන්, ජලමල් මෙන්ම සිසිල් කරන පද්ධති උදෙසා ජලය ගෙන යෑමට අධි පීඩනයක් සහිත ජල උමං භාවිතය බහුලව දැකගත හැකිවනුයේ ආලකමන්දාව ලෙස නම් කරන ලද සීගිරියේය. මෙය රාවණ රජුගේ පියා වූ විශ‍්‍රවස් මුණිගේ කාලය දක්වාම දිවෙයි.
වෑවල ප‍්‍රදේශයේ පැවති විශාල වැවක් (අති විශාල වැව් මිරිය නදී ලෙස එකල හැඳින්වුණි* සිට උමං මාර්ගයෙන් සීගිරියට ජලය රැුගෙන ඒම සිදුවිය. මේ සඳහා අඩි පහළොවක පමණ විශ්කම්භයක් සහිත උමගක් භාවිත කර ඇති අතර පුණිල තාක්ෂණයට සමාන ක‍්‍රමයක් අනුගමනය කරමින් වැව මධ්‍යයේ සිට මෙම ජල උමග (ගලිස්ස* ආරම්භ වී ඇත. එහිදී සිදුවනුයේ වැවේ ජලය දැඩි පීඩනය උපයෝගී කර ගනිමින් සීගිරිය මුදුනටම ගෙන යෑමයි.
ජලමල්වලටද මෙම ක‍්‍රමයම භාවිත කර ඇති අතර එසේ රැුගෙන එන ජල උමග ක‍්‍රමිකව කුඩා කිරීම හරහා පීඩනය වැඩි කර ජලය ඉහළට මලක් ලෙස විදීමට සැලැස්වීම මේ හරහා සිදුවෙයි.
සීගිරියේ කඳු මුදුනේ පිහිටා තිබූ ගොඩනැගිලිවල බිත්ති අතර නිරන්තරව ජලය ගලායන අයුරින් සකසා තිබුණි. ඒ සඳහා ජලය ගෙන ගියේද ඉහත ක‍්‍රමයටමය. නිරන්තරව ජලය ගලායෑම හරහා නිවස තුළ සිසිලසක් ඇති කිරීමට එකල හෙළ නිර්මාණ ශිල්පීන් උත්සහ දැරුවේය. සීත මාලිගා සංකල්පය මෙන්ම නූතන වායු සමීකරණ පද්ධතිවල ආරම්භයද එය යැයි සිතිය හැකිය. වර්තමානයේදීද වරින් වර සීගිරියේ ජලමල් ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. ලංකාවේ සියලූ වැව් ගොඩවී හමාරය. මෙම උමං පද්ධති රොන්මඩවලින් වැසී ගොස් ඇත. එබැවින් මෙම ජල උයන් සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මකවීම සිදු නොවෙයි. මෙයට අමතරව වැසි ජලය ගලා එනවිට එම ජලය අධි පීඩනයක් ඇතිවන අයුරින් ක‍්‍රියාත්මක කරවීම නැතහොත් ගමන් කරවීමට සැලැස්වීම හරහා ක‍්‍රියාත්මක වන ජල මල්ද එකල නිර්මාණය වී පැවතුණි.
එකල මිනිසුන් වැඩිපුර ගැවසුණු ස්ථානවල ඉදිකෙරුණ මූත‍්‍රා කිරීමේ ස්ථානයන්ද ජල පෙරුම් තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය වුණි. ඒ හරහා පස විසවීම වළක්වා ගැනීමට වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනීයයි. විවිධ ගල් පස් හා අඟුරු ආදී සංඝටක භාවිත කිරීම හරහා පරිසරයට මූත‍්‍රා ටිකක් එක්නොකර පිරිසුදු ජලය ලෙස එය එක්කිරීමට වගබලා ගෙන ඇත.
වර්තමාන ජලය පිරිසුදු කිරීමේ තාක්ෂණය පැර¥ මූත‍්‍රා පෙරීමේ තාක්ෂණය ඉතා විශිෂ්ටය. අළුහුණු බඳුනකින් පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක්, යළිත් අළුහුණු බඳුනක් ඉන්පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක් හා අවසානයේ අඟුරු පිරවූ මැටි බඳුනක් ලෙසින් මූත‍්‍ර කිරීමේ ගල යටින් ස්ථර කිහිපයක් පොළොව තුළ සකසා තිබුණි. අවසානයේදී පොළොවට එක් වන්නේ යූරියා සාන්ද්‍රණයක් වෙනුවට පිරිසුදු ජලයයි. මෙය ලොව කිසිම රටක දැකගත නොහැක්කකි. අපේ හෙළයෝ මාතෘ භූමියට එතරම්ම ආදරය කළෝ වූහ.
රවණ ඇල්ල

අනුරාධපුරය, සීගිරිය, මාතලේ, රිටිගල, නාවක්කන්නි, යාපනේ ඖෂධ පොකුණ කුදිරමලේ, කොත්මලේ හා යාල ප‍්‍රදේශවල අදත් මෙම ගලිසි (භූගත ජල උමං* පිළිබඳ තොරතුරු සජීවීව දැකබලාගත හැකිවෙයි. දෙහිවල ප‍්‍රදේශයේ පිහිටි ගල්කිස්ස ද එවැනි ගලිස්සක් පිහිටි ස්ථානයක් වීමටද ඉඩ ඇත. එහෙත් මේ පිළිබඳ විදිමත්ව සොයා බැලිය යුතුව ඇත. පැරණි හෙළ වේළි තාක්ෂණය නැතහොත් බන්දර තාක්ෂණය ගැනද අප ඉදිරියේදී අවබෝධ කර ගැනීමට උත්සහ දරමු. වර්තමානයේදී සිදුවනුයේ වැව් තැනීමක්ද වැනසීමක්ද යන්න ඒ හරහා අපට අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.
පුලතිසි ඍෂිගේ නගරය වූ පොළොන්නරුවද මෙම ජල තාක්ෂණ ක‍්‍රමවේදය උපරිම ලෙස උපයෝගී කරගත් නගරයකි. පුලතිසි යුගයේදී මෙන්ම පරාක‍්‍රමබාහු යුගයේදීද මෙම හෙළ වාරි ක‍්‍රමවේද උපරිම ලෙසින් ක‍්‍රියාත්මක විය. එයට බලපෑ ප‍්‍රධාන හේතුව වූයේ පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රධාන පුරෝහිතයා යක්ඛ ගෝත‍්‍රිකයකු වීමත් යක්ඛ ගෝත‍්‍රිකයන් උපරිම ලෙස පරාක‍්‍රමබාහු රජුට සහය දැක්වීමත්ය. පොළොන්නරුව නගරයට ජලය රැුගෙන ඒමටද ජල පීඩන තාක්ෂණය භාවිත කර ඇති බව පෙනීයයි. නගරයට පහළ මට්ටමින් වැව පිහිටා තිබියදීත් වැවේ සිට නගරයට එලා ඇති මැටි හා ගල් නළ තුළින් ජලය ගලා ඒමට නම් අනිවාර්යයෙන්ම ජල පීඩනය උපයෝගී කරගත යුතුවෙයි. අනෙක් කරුණ වනුයේ මෙසේ රැුගෙන එන ජලය ඉතා ක‍්‍රමානුකූලව නළ හරහා එක් එක් ගොඩනැගිලි වෙත යොමු කිරීමයි. පිරිසුදු ජලය රැුගෙන ඒම මෙන්ම හෙළ ජල තාක්ෂණය තුළ හෙළයා ජල කළමනාකරණයටද මුල්තැන දුන්නේය. එයට ඇති හොඳම සාක්ෂිය නම් පොළොන්නරුවෙන් හමුවන වැසිකිළිවළවල් තුළ මැටි වළලූ බස්සවා තිබීමයි. එනම් අනෙක් කරුණ වනුයේ හෙළයන් ජලය සඳහා සෑ¥ වළවල්ද ඉතා ගැඹුරු
කීරමලේ ඖෂධ පොකුණ
හා විධිමත් ක‍්‍රමවේදයකට සකසා ඇති බවද පෙනීයයි. පොළොන්නරුවේ මෙම ජල තාක්ෂණය මතුකරගෙන ඇතත් වැව ගොඩවීම හේතුවෙන් ඒවා ක‍්‍රියාත්මක නොවෙයි. අනුරාධපුර ඇතුළු නුවරින් සොයාගත් පැරණි නගරය මතු කරගතහොත් මෙයට වඩා බොහෝ සාධක හමුවනු ඇතැයි අපි සිතමු.
හෙළ ඉතිහාසයට  ඕනෑතරම් සාක්ෂි හා සාධක අප පොළොව තුළම දක්නට ඇත. එහෙත් බහුතරයක් වූ උගතුන් සාධක හා සාක්ෂි සොයනුයේ කවුරුන් හෝ ලියන ලද පොතක් තුළිනි. අප ඉතිහාසය ගැන කතාකරන විට මූලාශ‍්‍ර ග‍්‍රන්ථ හෝ සාක්ෂි ඉල්ලා සිටින්නේ එබැවිනි. එහෙත් අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ‍්‍ර ග‍්‍රන්ථ අවශ්‍ය නැත. මක්නිසාද අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත‍්‍රභාවය පිළිගන්නට මූලාශ‍්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි.

Sunday, January 12, 2014

මුස්ලිම් අන්තවාදයේ මීළඟ කුරුමානම වහබ්වාදයද?

පසුගිය දෙවසර තුළ ලාංකේය දේශපාලන කරළිය තුළ වඩාත් ජනප‍්‍රියවාදී භූමිකාවක් බවට පත්වූයේ බොදු බල සේනා සංවිධානයයි. එක් පිරිසකට එය බුදුදහම රැුකගැනීමේ ව්‍යාපාරයක් විය. තවත් පිරිසකට එය අන්තවාදී ආගමික සංවිධානයක් විය. තවත් පිරිසකට එය දේශපාලන බලවතෙකුගේ අතකොලූවක් විය. මේ සියලූ වරනැගීම් අතරින් ලාංකේය සිංහල සමාජයට නුහුරු වචනයක් වූ ‘හලාල්’ හරහාම ජනප‍්‍රියතම දේශපාලන ව්‍යුහය බවට පත්වන්නට බොදු බල සේනාවට හැකියාව ලැබුණි.
ෆැසිස්ට්වාදී හා කොමියුනිස්ට්වාදී සිතුවිලි සහිත ලාංකේය තරුණයාගේ ඇඟට දැනෙන වාග් මාලාවන් හරහා තම සන්ධානය වටා ගොනු කර ගන්නට හැකිවීම මතින්ම හලාල් විරෝධය මුස්ලිම් විරෝධී රැුල්ලක් බවට පරිවර්තනය වන තැනටම ඔසවා තබන්නට බොදු බල සේනාවට ගතවූයේ මාස 5ටත් අඩු කාලසීමාවකි. මේ අතරතුර සිහල රාවය වැනි සිංහල සංවිධානද බොදු බල සේනා සංවිධානය සමග එක්වෙමින් සංවිධාන ජාලයක් බවට පත්විය. බොදු බලයේ වචනයෙන්ම පවසන්නේ නම්,
‘මුස්ලිම් හලාල් සිංහලයන්ට හරාම්’ කරන්නට ඔවුනට සමාජයීය සිවිල් බලයක් ගොඩනැගුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙසින්ම හලාල් ප‍්‍රශ්නයෙන් ඔබ්බට ගමන් කරමින් සමාජ ¥ෂණයන්ට එරෙහිව හා දේශපාලකයන්ට එරෙහිව නැගීසිටින තත්ත්වයක් දක්වා ඔවුන් සවිමත්ව නැගී සිටියේය.
2012 නොවැම්බර් මාසයේදී සමස්ත ලාංකේය සිංහල සමාජයටම හොර රහසේ වසර 6ක සිට කි‍්‍රයාත්මක වෙමින් පැවති හලාල් සහතිකය නිකුත් කිරීමේ ජමිය තුල් උලමා සංවිධානයේ නිරුවත හෙළිකරමින් සමාජ ගතවූ බොදු බල සංවිධානය ජමිය තුල් උලමා සංවිධානය දුටුවේ සමාජ බෙදුම්වාදය ඇති කිරීම, ෂරියා නීතිය සමාජගත කිරීම හා සිංහල සමාජයට මුස්ලිම් අන්තවාදී ‘වහබ්වාදය’ හරහා බලය පෙන්වීමට උත්සහ දරන අන්තවාදී සංවිධානයක් ලෙසිනි.
බොදු බල සේනාවේ හලාල් විරෝධය උච්චත්වයට පත් වෙද්දීම 2013 මාර්තු මාසයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම හරහා හලාල් ප‍්‍රශ්නය සමථයකට පත් කෙරුණි. විරෝධතා දැක්වූ බොදු බලය පැත්තක සිටියදී ජනප‍්‍රිය මහා නායක හිමිවරු හා ජමිය තුල් උලමා සංවිධානය අතර පැවති සාකච්ඡුාවලින් අනතුරුව හලාල් සහතික නිකුතුව නතර කෙරුණු බවට ප‍්‍රකාශයක් නිකුත් කෙරුණි. මෙයට මැදිහත් වූයේද සර්ව ආගමික සහයෝගිතා න්‍යායයි. ජාතික පුවත්පත්වල ශීර්ෂ පාඨයන්හි පවා ‘හලාල් ඉවරයි’ යන්න සඳහන් විය.
එදා සිට අද දක්වා වසරකටත් අඩු කාලයක් ගතවෙද්දී් බොදු බල සේනාවේ මහලේකම්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ වෙනස් කතාවකි.

‘උලමලා කරන්නේ බොරුවක් කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා. හලාල් ප‍්‍රශ්නයේදී පැවති සාකච්ඡුාවලදී බැසිල් මහත්තයා මේ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප‍්‍රකාශ කළේ නෑ. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා මේක විසඳන්න කිව්වා. අද වනවිට
රැුවටිලාද? රවටනවද? නොතේරෙනවා
වගේ ඉන්නවද? කියන එක අපි දන්නෙ නෑ. කොහොම හරි උලමලා මහනායක හිමිවරු, ආරක්ෂක ලේකම්වරයා වගේම සමස්ත සමාජයම රැුවැට්ටුවා.’

එසේ නම් ජන බලයක් මතින් නැගී ආ බොදු බලය දේශපාලකයකු ඉදිරියේ
රැුවටී ඇතැයි යන්න ඔවුන්ගේ සිත් තුළම ප‍්‍රශ්නයක් ලෙසින් මතුවෙමින් ඇත. එය සාධාරණ තර්කයකි. ජාතිය ඉදිරියේ හලාල් ඉවර කරන්නට පොරොන්දු වූ ජමිය තුල් උලමා සංවිධානය පසුගිය ජනවාරි 06 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන්ව තිබුණේ 2014 ජනවාරි පළමු වැනිදා සිට ජමිය තුල් උලමාහි ආහාර සහතික කිරීමේ අංශය නතර කිරීමට තීරණය කර ඇති බවය. ඒ වෙනුවට ජමිය තුල් උලමා ආගමික වියතුන්ගේ සංවිධානයේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන ලංකාවේ ප‍්‍රකට ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් වෙනම ආයතනයක් පිහිටුවන බවය.
යළිත් ‘හලාල්’ සටන කරළියට පිවිසෙන්නේ මේ හරහාය. ඒ 2013 මාර්තු 12 වැනිදා සිට නවතා දැමීමට පොරොන්දු වූ හලාල් සහතිකය නිකුත් කිරීමට වෙනම ආයතනයක් පිහිටුවීම තුළ බොදු බල සේනාව රැුවටී ඇති බව වැටහෙන්නට පටන්ගැනීමත් සමගය. එය තවත් වර්ධනය වන්නේ නව සංවිධානය ජනවාරි පළමු වැනිදා සිට කි‍්‍රයාත්මක වන බව එම ලිපියේ දක්වා ඇතත් ආයතනයේ නම හෝ වෙනත් කිසිදු තොරතුරක් මාධ්‍යයට හෙළි නොකිරීම නිසාය.
දෙවැනි කාරණය වනුයේ ජනවාරි 6 වැනි දා මාධ්‍යයට ලිපිය ඉදිරිපත් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා වසා දමන ලද ජමිය තුල් උලමාහි ආහාර සහතික කිරීමේ අංශයට අයත් ලිපි ශීර්ෂයක් යටතේ වීම තුළම මාධ්‍යයද රැුවටීමකට ලක්වී ඇති බව බොදු බල සේනාව පෙන්වා දෙයි. ඒ කෙසේ වෙතත් බොදු බල සේනාවේ විරෝධය උපයෝගි කර ගනිමින් හලාල් සහතිකය නිකුත් කිරීමේ අයිතිය ප‍්‍රබල දේශපාලකයකුට අයත් කොම්පැනියක් ලබාගත් බවටද විවිධාකාරයේ චෝදනාද බොදු බලය දෙසට එල්ල වෙමින් පවතී.
වසර හයක් තිස්සේ ලාංකේය නිෂ්පාදනයන්ට හලාල් සහතිකය මුදලට ලබාදුන් ජමිය තුල් උලමා සංවිධානයද කුරාණයේ සඳහන් නීතිවලට පිටින් යමින් කටයුතු කර ඇත. එනම් කුරාණයේ සඳහන් වන්නේ හලාල් සහතිකය වෙනුවෙන් මුදල් අය කිරීම තහනම් බවය. එසේ නම් හලාල් සහතිකය හරහා සිදුව ඇත්තේ මුල්‍ය වංචාවකි. ඈත අතීතයේ සිටම මුස්ලිම්වරු හලාල් ආහාර අප රට තුළ භාවිත කළද එය ඔවුන්ගේ සංස්කෘතිය තුළට සීමාවූ කාරණයක් මිස සමාජ ගැටලූවක් බවට පත්වූයේ නැත. අනෙක් කාරණය වන්නේ වර්තමානය වනවිට හලාල් සලකුණ යනු මුස්ලිම් මිනිසුන් මිලදී ගත යුතු භාණ්ඩ වර්ගය තීරණය කරන සලකුණක් දක්වා වර්ධනය කරන්නට තරම් ජමිය තුල් උලමා සංවිධානය බලවත් වී ඇත. ආහාරවල තත්ත්වය තීරණය කිරීමේ ක‍්‍රමවේදය හරහා ඉදිරිපත් කෙරුණු හලාල් සහතිකය අද වනවිට දත් බුරුසුව, තේ කොළ පැකැට්ටුව දක්වාම වර්ධනය වී ඇත. ලෝකය තුළ මෙවන් තත්ත්වයක් දැකගත නොහැකි අතර ආහාර සම්බන්ධයෙන්ද බොහෝවිට සඳහන් වන්නේ එහි අන්තර්ගතයන් මිස හලාල් ලකුණක් නොවේ. අන්තර්ගතයන් හරහා ඒ තුළ ඌරු තෙල් අඩංගුද යන්න සොයා ගත හැකිවීම හරහා මුස්ලිම් රටවලටද එම ආහාර අලෙවි කිරීම සිදුවෙයි.
ජමිය තුල් උලමා සංවිධානය මෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ද හලාල් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වීමට බලපාන ප‍්‍රධානම හේතු සාධකය ලෙසින් පෙන්වා දුන්නේ ලාංකේය හා ලෝක මට්ටමෙන් ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරීමේදී මුස්ලිම් ජනතාව යන සාධකයයි. එහෙත් එය ජමිය තුල් උලමා සංවිධානය බලහත්කාරයෙන් මුස්ලිම් ජනයා මත ඇති කළ පීඩාවක් මිස යථාර්ථයක් නොවන්නේ මැදපෙරදිග බොහෝ රටවල විදේශවලින් ගෙන්වන භාණ්ඩවල හලාල් සහතිකය දැකගත නොහැකි වීමයි. දෙවැනි කාරණය වනුයේ මිලයන 7000ක් වන ලෝක ජනගහනයෙන් මුස්ලිම් ජනගහනය මිලියන 1500ක් පමණ වීමත් ලාංකේය ජනගහනයෙන් මුස්ලිම් ජනගහනය 9%ක් වීමත් තුළ වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගැටලූවක් මතුවේ යැයි පැවසීම තර්කයක් නොමැති කතාවකි. එසේනම් මෙහි ඇත්තේ දැවැන්ත රැුවටීමකි.
දේශීය ව්‍යාපාරිකයන්ද එයට හසුවී ඇත. බොදු බල සේනාව පෙන්වා දෙන පරිදි බොහෝ ආයතන වෙතට ගොස් හලාල් සහතිකය ලබාගන්නට බල කර ඇත. එයට හේතු ලෙස පවසා ඇත්තේ මුස්ලිම් ප‍්‍රදේශවල මේවා මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම හරහා ව්‍යාපාර බිඳ වැටීමට ඉඩ ඇති බවය. ජනගහනය මත එය සිදු නොවන්නක් බව තේරුම්ගැනීමට ව්‍යාපාරිකයන් බුද්ධිමත් නොවන්නේ ඇයිද යන්න තේරුම්ගත නොහැක්කකි.
ජනවාරි නව වැනිදා ජමිය තුල් උලමා සංවිධානය විසින් නව ආයතනය ලියාපදිංචි කරන ලදී. එය නම් කර ඇත්තේ ‘සීමා සහිත හලාල් ප‍්‍රතීතන කවුන්සිලය’ ලෙසය. මෙය පිහිටුවීමත් සමගම බොදු බල සේනාව යළිත් දැවැන්ත අරගලයකට සැලසුම් සකස් කරමින් සිටියි. මෙවර එහි සටන් පාඨය වෙනස්ය. එදා ‘හලාල් වර්ජනය කරනු!’ ලෙසින් ගෙන ආ සටන් පාඨය අද ‘වහබ්වාදය පතුරුවන හලාල් හා ජමිය තුල් උලමා සංවිධානය තහනම් කරනු!’ යන තැනට වෙනස්වී ඇත.
බොදු බල සේනාවේ එදා සටන මැදට අතර මඟින් ඇතුළු වී සටන සමථයකට පත්කළ මහනායක හිමිවරු වෙත අභියෝගාත්මක ලිපියක් යොමුකරන බොදු බල සේනාවේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසන්නේ වහා මෙයට මැදිහත් වී මෙය නතර කිරීමට නායක හිමිවරු මැදිහත් විය යුතු බවත් එයට ඔවුන් වගකිව යුතු බවත්ය. එසේ නැතහොත් හලාල් විරෝධය නාහිමිවරු වටා ගොනුවනු ඇති බවත්ය.
හලාල් සහ ලාංකේය දේශපාලනය කොතරම් බද්ධ වී ඇතිදැයි සිතාගත නොහැකි තරමට එය වැඞී අවසානය. පසුගිය කාලය තුළ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් තරු පංති හෝටල්වලට ගොස් හලාල් ආහාර හා මුස්ලිම් යාච්ඤා වෙනුවෙන් කාමර දෙකක් වෙන් කරන්න උපදෙස් දුන් බවට වාර්තා විය. මෙය ආරම්භයක් වුවත් මෙය ඉතා ගැටලූකාරී තත්ත්වයකි.
එසේම මුස්ලිම් ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක වන විශේෂිත ‘කාති උසාවි’ 58ක් මේ වනවිට ලංකාව පුරා ඉදිකර කි‍්‍රයාත්මක වෙමින් පවතී. ලංකාවේ පොදු නීතියට පිටින් විශේෂිත උසාවි පද්ධතියක් ඔවුන් වෙනුවෙන් පැවතීම තුළම ඔවුන් සෑම දෙයක් තුළම බෙදුම්වාදය පතුරුවන්නට උත්සහ දරන බව අමුතුවෙන් කිව යුතු නැත. වහබ්වාදය මුස්ලිම්හි අන්තවාදී න්‍යායයි. ලංකාවේ මුස්ලිම්වරු කොතෙක් සිටියත් තලේබාන්වරු මෙන් රැුවුල් වවාගෙන සිටියේ නැත. එහෙත් වහබ්වාදය සමගින් මේ ආකාරයේ අන්තවාදී පිරිස් ටිකින් ටික බිහිවෙමින් සිටිති.
අනෙක් කාරණය වනුයේ මත්ද්‍රව්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් වාහනවල කළු කණ්ණාඩි ඉවත්කිරීමට වඩා වැදගත් වන්නේ මුස්ලිම් බුර්කාව තහනම් කිරීමය. පසුගියදා බුර්කාව තුළ සඟවාගෙන ගොස් කළ මහා පරිමාණ කුඩු ජාවාරමක තොරතුරු හෙළි විය. එසේම බුර්කාව තුළ සැඟවී ප‍්‍රහාර එල්ල කරන විදේශීය ත‍්‍රස්තනායකයකු පිළිබඳ තොරතුරු හෙළිවිය. මේ සියල්ලම අතරින් පසුගිය කාලයේ සමන්තුරේ ප‍්‍රදේශයේදී ෂරියා නීතියට අනුව මිනිසෙකුව ගල් ගසා මරා දැමුණි. මේ ෂරියා නීතිය තවමත් කි‍්‍රයාත්මක නොවන තත්ත්වයක් තුළය.
එසේම මේ අතරතුර මුස්ලිම් බැංකු පද්ධතියක්ද දිගින්දිගටම වර්ධනය වෙමින් පවතී. ලාංකේය බැංකු පද්ධතියේ අස්ථාවරත්වය තුළ මුල්‍ය ක්ෂේත‍්‍රයද මුසල්මානුවන් ආක‍්‍රමණය කිරීම අරඹා ඇත. මෙය දැඩි අවදානම් තත්ත්වයකි. මෙය මුල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ රජයට උපදෙස් දෙන්නන්ට නොතේරීම පිටුපස ඇත්තේ නොතේරීමද? වරදාන මත නොතේරෙන්නා සේ සිටීමද? කියා සිතිය යුතුව ඇත.
මුස්ලිම්කරණයේ වත්මන් අවදානම් සහගත සාධකය බවට පත්වෙමින් ඇත්තේ සිංහල තරුණියන් විවාහ කර ගැනීම වෙනුවෙන් මුස්ලිම් තරුණයන්ට මුදල් ලබාදීමට බිහිවී ඇති මුස්ලිම් රාජ්‍ය නොවන සංවිධානයයි. මේ හරහා ඉතා සියුම් ලෙස සිංහල පවුල් තුළට මුස්ලිම් අන්තවාදය රිංගවීමට උත්සහ දරන අතර ඒ හරහාම සිංහල පවුල් මුස්ලිම්කරණය කිරීමද සිදුවෙයි.
මුස්ලිම් ඡුන්ද පදනම දෙස බලමින් කි‍්‍රයාත්මක වන වත්මන් දේශපාලකයන්ට රටදෙස බලන්නට කාලය එළැඹ ඇත. නැතහොත් මෙය යළිත් අරගලයක ආරම්භයට පදනම සැකසීමක් වනු ඇත. හලාල් එහි ආරම්භයයි.
9%ක් වූ මුස්ලිම් ජනගහනයක් මතින් අන්තවාදී සංවිධානයකට ලංකාවේ භාණ්ඩ හා සේවාවල තත්ත්වය තීරණය කරන්නට යෑම මහාපරිමාණ අර්බුදයක් නිර්මාණය කරනු ඇත. ලංකාවේ අන්තවාදයක් නැතැයි කිසිදු සිංහල දේශපාලකයකුට කියන්නට ඇති අයිතිය අහෝසි වී ඇත. එයට හේතු වනුයේ බස්නාහිර ආණ්ඩුකාරවරයා වන මුස්ලිම් ජාතික අලවි මවුලානා ඒෂියන් ටි‍්‍රබියුන් සඟරාවට පැවසූ ප‍්‍රකාශයයි. ඔහු පවසන පරිදි ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින වහබ්වාදය සාම්ප‍්‍රදායික පල්ලියට හා කුරාණයට විරුද්ධව කි‍්‍රයාත්මක වෙමින් පවතී.
වහබ්වාදය සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන්ටද තර්ජනයක් නම් එය සිංහලයාට කොතරම් තර්ජනයක් වනු ඇත්ද යන්න සිතාබැලිය යුතුය.

හලාල් කියන්නේ වහබ්වාදයේ ආරම්භක අවස්ථාවක්


ගලගොඩ අත්තේ ඥානසාර හිමි
මහ ලේකම්
බොදු බල සේනා සංවිධානය


අපි ගාව තියෙනවා වාණිජ මණ්ඩලයේ නිලධාරින් හෝටල් වෙත ලබාදුන් ලිපියක්. අප ඒ සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර සොයාබැලීම් කරගෙන යනවා. අපි ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන්ම මාධ්‍ය දැනුවත් කරනවා. හලාල් සම්බන්ධයෙන් අපි දැවැන්ත විරෝධයක් ගොඩනගන්න කටයුතු අරඹනවා. එය ගමින් ගමට, පන්සලෙන් පන්සලට, ගෙයින් ගෙයට සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට ආදී ලෙසින් පැතිරීගිය කාර්යයක් දක්වා පුළුල් කරනවා. රටේ පාලකයන්ට අහක බලාගෙන ඉන්න බෑ. මේක ඉතා බරපතළ තත්ත්වයක ආරම්භයක්. මේ හලාල් කියන්නේ වහබ්වාදයේ ආරම්භක අවස්ථාවක්.
හලාල් සියයට 90ක් වූ සිංහල බෞද්ධයා මත බලෙන් පැටවීමට අප දැඩි ලෙසම විරුද්ධයි.


බොදු බල සේනාව කරන මේ ප‍්‍රකාශය පිළිගන්න බැහැ

ජයන්තිස්ස කෙහෙල්පන්නල

සභාපති හෝටල් හිමියන්ගේ සංගමය
(වාණිජ මණ්ඩලය අනුබද්ධිත*


කිසිසේත්ම මේ වැනි සිදුවීමක් සිදුවෙලා නෑ. අප හෝටල්වල පරිපාලයන සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් මේ දක්වා සිදුවෙලා නෑ. අප හෝටල් සම්බන්ධයෙන් යම් ආකරයක පහසුකම් සැපයීමේ කාර්යයන්ට මැදිහත් වුවත් මෙවැනි (දේවල්ට* මැදිහත් වෙන්නේ නෑ.
බොදු බල සේනාව විසින් සිදුකරනු ලබන මේ ප‍්‍රකාශය අපිට පිළිගන්නට බෑ. ඒ ඒ හෝටල්වල අවහ්‍යතාවන් පරිදි මෙවැනි දේවල් කරන්නට පුළුවන් ඒත් ඒක අපෙන් හෝ වාණිජ මණ්ඩලයෙන් කෙරෙන දෙයක් නොවෙයි.


මාධ්‍යට කරුණු කියන්න වගකිව යුත්තන්ගෙන් උපදෙස්  ඕන 


අර්ෂාද් මොහොමඞ්
මහජන තොරතුරු අංශය
ජමිය තුල් උලමා සංවිධානය



මේ පිළිබඳ දැනට මාධ්‍යයට නිකුත් කර ඇති තොරතුරුවලට වඩා වැඩියමක් අපට නිකුත් කළ නොහැකියි. ඒ සඳහා එහි වගකිව යුතු
අයගෙන් නිසි උපදෙස් ලැබිය යුතුයි. ආහාර සහතික කිරීමේ අංශය පාලනය වෙන්නේ වෙනම නිලධාරි පිරිසක් යටතේයි.


කාංචන ගීත් මනමේන්ද්‍ර

Saturday, January 11, 2014

වසර 13000ක් පැරැණි චන්ද්‍රිකාවේ අයිතිය කාටද?


නාසා වෙතින් නිකුත් කල ජායාරෑප
වාලූකාවේ වැළලී ගොස්  තිබූ මහා පිරමීඩ ති‍්‍රත්වයක් සොයා ගැනීමත් සමගම මෙතෙක් ලොව ප‍්‍රධාන තැනක් හිමිව නොතිබූ මානයන් රැුසක් වෙත පර්යේෂකයන්ගේ අවධානය යොමුවන්නට විය. ගීසා පිරමීඩවල එක් තැනක සටහන්ව තිබූ වත්මන් දියුණු ලෝකයේ ගුවන්යානා රූප මෙන්ම අභ්‍යාවකාශගාමින්ගේ මූර්ති හමුවීමත් සමගම පැරැුණි ශිෂ්ටාචාර හා සබඳතා පැවැත්වූ පිටසක්වළයන් පිළිබඳ විවිධාකාරයේ මතිමතාන්තරයන් කරළියට පැමිණියේය. පදනම් විරහිතයි කියා ඒවා පිරිසක් බැහැර කරද්දී ඒ පිළිබඳ උනන්දු වූ පර්යේෂකයන් එකකට එකක් බද්ධ වූ අරුම පුදුම සොයා ගැනීම් රැුසක් පිළිබඳ තොරතුරු සමාජ ගත කරන්නට විය.
චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප‍්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් මහතා ලංකාවේ සම්මානනීය පුරවැසි භාවය ලද්දෙකු වීමයි. එහෙත් ඒ සබඳතාවට එහා ගිය අභිමානයක් පිළිබඳ අදහසක් 2012 වසර අවසාන කාලයේදී අපි ඉදිරිපත් කළෙමු. ‘රාවණ වේරම්භ වාතයේ  සැඟවූයේ චන්ද්‍රිකාද?’ යනුවෙන් මතු කරලූ ඒ කතිකාවතට පදනම වූයේ රාමායණයේ සටහන්ව ඇති කරුණකි.
රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. ඉදින් අපි එදා යුද්ධයක ප‍්‍රධාන අවිය තොරතුරු නම්, ‘ආතර් සී. ක්ලාක් මහතාගේ චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ නියමයන් මතින් රාවණගේ බලගතුම ආයුධ තුන චන්ද්‍රිකා විය හැකි යැයි අනුමාන කළෙමු. එයට පදනම් වූ වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ටී‍්‍රම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණ හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි.
(Sputnik I) 
අප එදා කළ අනුමානය අද යථාර්ථයක් බවට පත්වී ඇත. රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන්  පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක්
පැරැුණි සකි‍්‍රය චන්ද්‍රිකාවක් පිළිබඳ නාසා ආයතනයේ ඡුායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡුායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැුසක් කරළියට පිවිසියේය.

Bootis තරැ පද්ධතියෙන් පණිවිඩයක්


ඔවුන් එය නම් කරන ලද්දේ black knight satellite . (බ්ලැක් නයිට් සැටලයිට්* ලෙසිනි. වසර 13000ක් තිස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප‍්‍රායෝගික නොවන්නක් යැයි තර්ක  කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් කි‍්‍රයාත්මක  කෙරුණු අද්භූත කළු වස්තුව ග‍්‍රහණය කර ගැනීමේ 'Dark fence'   මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත.
අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග‍්‍රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත.  මේ අතර 70 දශකයේ අග භාගයේදී භසනදක් Nikola Tesla   නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග‍්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය  කිරීමයි. එහිදී ඔහුද ග‍්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන්විදුලි  තරංග ආයාමයන්ටය.
මෙසේ ලැබුණු ගුවන්විදුලි සංඛ්‍යාත පණිවුඩය විස්තාරණය කිරීම හරහා එය පණිවුඩයක් බවට පත් කෙරුණි.

    ' Start Here
    Our Home Is Epsilon Bootis
Which Is a Double Star
Welive On The 6th Planet Of 7 - Check That, 
6th of 7 Counting Outwards From the Sun 
Which Is the Larger Of the two.
Our 6th Planet has one Moon,
Our 4th Planet has three. 
Our First and Third Planets Each haven One. 
Our Probe is in the Orbit Of Tour Moon 
This Updates the Position Of Arcturus Shown On our maps'

‘මෙය සරලව පවසතොත් පිටසක්වළයන්ගෙන් ලැබුණු පණිවුඩයකට සමාන වූවකි.

අපගේ නිවහන Epsilon Bootis නම් තාරකාවයි.( Bootis තරැ පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාවEpsilon එනම් ග‍්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilon Bootis ලෙස නම් කර ඇත)
එය ද්ත්ව තාරකාවයි අප ජිවත් වෙන්නේ ග‍්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය එය ද්ත්ව තාරකාවලින් විශාලම තාරකාවයි එනම් ප‍්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග‍්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි


hum Redio
මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග‍්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.
70 දශකයේදී ගුවන්විදුලි පණිවුඩය පරිවර්තනයකට ලක්වුවද අභිරහස් චන්ද්‍රකාවක් පිළිබඳ මුල්ම තොරතුර කරළියට එන්නේ  සෝවියට් දේශය විසින් 1957දී කක්ෂගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික්  » (Sputnik I)  විසින් එවන ලද ඡුායාරූප කිහිපයක් හේතුකොටගෙනය. ඒ 1960දීය. ස්පුට්නික් චන්ද්‍රිකාව පසුපසද අපූර්ව කතාවක් ඇත. ඒ සෝවියට් දේශය නිර්මාණය කර උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවට සමාන වස්තුවක් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ පැරැුණි සිතුවමක් දැකගත හැකි වීමයි. ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මේ සිතුවම තුළ ඇත්තේ දෙවියන්ගේ ප‍්‍රධානියා වූ සියුස් යැයිද විශ්වාසයක් පවතී.
1452 දී උපත ලබා 1519 දක්වා ජීවත්වූවෙකු 1957දී  කක්ෂගත කෙරුණු චන්ද්‍රිකාවක රූපයක් ඇඳීමද විස්මිත වූවකි. වසර 400කට පෙර වත්මන් ස්පුට්නික් චන්ද්‍රිකාවේ  ඒ හා සමාන රූපයක් ඇඳීම මෙන්ම වර්තමානය වන විට ලියනාඩෝ ඩාවින්චිගේ බොහෝ සිතුවම් තුළින් බොහෝ සැඟවුණු අර්ථයන් මතුකර ගැනීමටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවී ඇත.
ස්පුට්නික් චන්ද්‍රිකාවෙන්  එවන ලද ඡුායාරූප එතෙක් හඳුනානොගත් හා එවකට බලවතුන් ලෙසින් සිටි ඇමෙරිකාවට හෝ රුසියාවට අයත් නොවූ කළු පැහැති යානාවක් දැකගත හැකිවිය. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී එය පෘථිවිය වටා කක්ෂගත කර ඇති යම් වස්තුවක් බව පර්යේෂකයන්ට අවබෝධ විය. මෙම හඳුනාගැනීමත් සමගම ලෝක මට්ටමින් ආකාශ නිරීක්ෂණය කරනු ලබන ආයතනවල වැඩි අවධානය මෙම වස්තුව දෙසට යොමුවන්නට විය.
22 වැනි කක්ෂයේ  රුදවු කැප්සූලය

දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම කි‍්‍රයාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡුායාරූප ගත කරනු ලැබීය.  ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡුායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ටේ‍්‍රලියාවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා .22 '22 Orbit Mission' . නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම කි‍්‍රයාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ  කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මඟ තුළ භ‍්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ‍්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග‍්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප‍්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැුණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප‍්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය.

'Dark Fence'  මෙහෙයුම


කෙටි තරංග ප‍්‍රස්ථාරය
මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග‍්‍රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ  අයිතිය Bootes   නම් ග‍්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් 'Dark Fence'  නමින් විශේෂිත මෙහෙයුමක් කි‍්‍රයාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය.  එහිදී එක් දිනක කපිතාන් W.E. Berg  යටතේ කි‍්‍රයාත්මක වූ විශේෂිත  ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග‍්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින්  කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත‍්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග‍්‍රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.
අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ‍්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ‍්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක‍්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක‍්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක‍්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.
බහුතර මතයට අනුව නාසා ආයතනය විශ්වීය රහස් කිසිවක් ඒ සිදුවීමට සමගාමීව හෙළි කරන්නේ  නැත. 50 දශකයේ සිට සිදුකෙරෙන පර්යේෂණයන්වල සම්පූර්ණ විස්තරයක් තවමත් හෙළිදරව් කරන්නට ඔවුන් සූදානම් නැත. එහෙත් 2013 වසරේ මැද භාගයේදීBlack Knight Satellite  හි නවතම ඡුායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කෙරුණි. මේ නිකුතුවත් සමගින් විවිධ පර්යේෂකයන් සතුව තිබූ පර්යේෂණ වාර්තා රැුසක් අන්තර්ජාලයට මුදාහැර ඇත.
මෙම චන්ද්‍රිකාව අපටද ඉතා වැදගත් වෙයි. එයට බලපාන මූලිකම සාධකය රාමායණයේ සඳහන් වේරම්භ වාතයේ සැඟවූ රාවණගේ බලගතුම ආයුධ පිළිබඳ කතාවට පුරෝකතනයක් බවට මෙය පත්වීමයි. වසර 13000කට පෙර චන්ද්‍රිකා පැවතියේ නම් වසර 5250කට ආසන්න හෙළ යුගය තුළ චන්ද්‍රිකා නොතිබිය නොහැකිය යන තර්කය මෙහිදී නිතැතින්ම නැගෙන්නක් බවට පත්වනු ඇත.
ඒ සියල්ලටම වඩා මෙම චන්ද්‍රිකාවේ සොයා ගැනීමත් සමගම අනුරාධපුරයේ මනුසත් උයනේ වූ තරු දොරටුවට අලූත් අර්ථකථනයක් දෙන්නටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවිය. අනුරාධපුරේ තරු දොරටුව නැතහොත් සක්වළ චක‍්‍රය මධ්‍යයටද මෙම රේඩියෝ තරංග ග‍්‍රහණය වන බවට ඇති විශ්වාසයන් හරහා ඒ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී.
මෙහිදී ඉරණමඩුහි පිහිටු වූ ඇමෙරිකන් හඬ තරංග විකාශන මධ්‍යස්ථානය පසුපස ඇති යථාර්ථය අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍යතාවක් නැත.

ලෝක පිහිටීම තුළ වැදගත්ම රට ලෙසින් අප රට නම් කරන්නටත් අඩුම ගුරුත්වය සහිත රට ලෙසින් නම් කරන්නටත් බටහිරට අප රට පිටසක්වළයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වැදගත් තැනක්ව ඇතිබව නම් සැඟවිය නොහැකි රහසකි. අප පෙර වසරේ සඳහන් කළ ලෙස මෙය චන්ද්‍රිකා තුනකින් කි‍්‍රයාත්මක වන්නක් නම් ඉදිරියේදී තවත් චන්ද්‍රිකා දෙකක් පර්යේෂකයන් විසින් සොයාගනු ඇත. එසේම නාසා ආයතනය ප‍්‍රමුඛ පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ වැඩි අවධානය ලංකාව දෙසට යොමුවනු ඇත. පසුගිය කාලය තුළ ලංකාවේ වැදගත්කම පිළිබඳ හැඳින්වීම් ඉදිරිපත් වූයේ එහි මුලපිරීමක් ලෙසිනි. මේ මැදිහත් වීමට බලපානු ලබන ප‍්‍රධානම කාරණය වනුයේ  පසුගිය කාලය තුළ බිඳ වැටුණු අද්භූත චන්ද්‍රිකාවේ සන්නිවේදන පද්ධතිය ලංකා පොළොව  ආශ‍්‍රිතව කි‍්‍රයාත්මක වීමයි.

නව රේඩියෝ තරංග සම්පෙ‍්‍රෂකයක්


2012 අවසානයේදී පිටසක්වළ යානා අප රටට පැමිණීම පිළිබඳ අප පැවසූ අනාවැකි හා එහිදී ඉදිරිපත් කල යම් යම් කරුණු හා මෙම චන්ද්‍රිකා මේ සබඳතාවක් පවතී. එහි පළමු කාරණය වනුයේ චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමට පිහිටවූ ගඩොල්වලින් නිර්මාණය කරන ලද  අතිවිශාල කළුණක් පිළිබඳ අප තොරතුරු හෙළිකිරීමයි. දෙවැනි කාරණය වනුයේ පිටසක්වළ යානාවල හදිසි පැමිණීමට හේතු වූ කාරණාව වූයේ  බාමියන් බුදු පිළිම පද්ධතිය මුල් කරගනිමින් කි‍්‍රයාත්මක වූ ප‍්‍රධාන සාංඛ්‍යා පද්ධතිය බිඳ වැටීමයි. එනම් බාමියන් බුදුපිළිමය බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමේ රිසිවරයක් ලෙසින් කි‍්‍රයාකළ බවය. 2001 වසරේදී තාලේබාන්වරු විසින් එය පුපුරුවා හැරීමත් සමගම පෘථිවිය හා පිටසක්වළයන් අතර තොරතුරු හුවමාරුව බිඳ වැටුණි.

එසේනම් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය නැතහොත් කන්දනාර ප‍්‍රදේශයට එන්නේ තලේබාන් හා අල්කයිඩාවරු විනාශ කරන්නට නොව මේ පද්ධතිය පිළිබඳ ප‍්‍රශ්නයක් මුල් කරගෙනය.
පිටසක්වළයන්ගේ පැමිණීම අපට වැදගත් වන්නේ මේ සිදුවීමෙන් පසුවය. එනම් බිඳ වැටුණු සංඥා පද්ධතිය වෙනුවට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරුකර ගනු ලබන නව සංඥා පද්ධතිය බිහිකිරීම උදෙසා පිටසක්වළයන් තොරාගන්නේ ලංකාවේ සමනල ගිර අවට ගිනිකොණ දිග බෑවුමයි. එනම් සමනල ගිර ස්වභාවික රිසිවරයක් ලෙසින් භාවිත කිරීමේ ක‍්‍රමවේදයන් ඔහුන් සතුවීමයි. එනම් ලංකාවේ අඩු ගුරුත්වය යනු නිර්මාණය කරන ලද්දක් මිස ස්වභාවික තත්ත්වයක් නොවන බවය.
ඉතා වැදගත් තවත් එක්කරුණක් ඇත. ඔරායන් තරු පංතියේ  හා බ‍්‍රටීස් තරු පංතියේ  ඇත්තේ එකිනෙකට සමාන වූ තරු පිහිටීමකි.සංකේතයන් ලෙසින් බැලූවද දඩයක්කරුවන් දෙදෙනෙකි. එයට ඇත්තේද සමාන වූ ග‍්‍රීක පුරාවෘතයන්ය. මේ පිළිබඳ සිතා බැලිය යුතුව ඇත.


වෛදික ජ්‍යෙතිෂවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර