පුරවැසියකු ලෙස ලියාපදිංචි වන පුද්ගලයා අප රට තුළ ස්වාධීන පුද්ගලයකු නැතහොත් වැඩිහිටියකු ලෙස පිළිගැනෙනුයේ ලියාපදිංචිය හරහා ඔහුට හිමිවන ජාතික හැඳුනුම්පතත් සමගිනි. පසුගිය කාල සීමාව ජාතික හැඳුම්පතට විශාල වටිනාකමක් මෙන්ම වැදගත්කමක් හිමිවූ කාලසීමාවකි. එයට ප‍්‍රධානම හේතුව බවට පත්වූයේ ජාතික ආරක්ෂාවයි. ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කරන්නට තරම් එය රටකට ඉතා වැදගත් සාධකයක් බව ඒ හරහාම ගම්‍ය විය. එසේම හැඳුනුම්පත් සම්බන්ධයෙන් අමිහිරි මතකයන් සහිත යුගයක්ද අපේ ඉතිහාසය තුළ ඇත. ඒ 88 - 89 ජවිපෙ භීෂණය තුළ ඔවුන් විසින් පුද්ගල හැඳුනුම්පත් දහස් ගණනින් විනාශ කරනු ලැබීමයි.
අප කතාකරන්නට යන්නේ හැඳුනුම්පතේ ඉතිහාසය පිළිබඳ නොවේ. එහි අද දවස හා ඒ හරහාම නිර්මාණය විය හැකි අඳුරු හෙට දවස පිළිබඳය. 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත මඟින් කි‍්‍රයාත්මක වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අප රට තුළ සිටින සෑම පුද්ගලයකුගේම ජීව දත්ත තැන්පතුවක් පවතී. 1971 ඔක්තෝබර් 01 වැනිදා පිහිටුවන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 1972 සිට හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹූ අතර එයට ආසන්නතම හේතුව වූයේ 1971 කැරැුල්ලෙන් පසු පුද්ගලයන්හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මතුවීමයි. හැත්තෑ දෙක වසරේ සිට මේ දක්වා නිකුත් කර ඇති හැඳුනුම්පත් ප‍්‍රමාණය දෙකෝටි අසූ ලක්ෂයකට ආසන්නය. දළ වශයෙන් වසරකට ලක්ෂ 9/10ක් අතර ප‍්‍රමාණයකට හැඳුනුම්පත් නිකුත් කෙරෙයි. අපට ගස්සවා ගැනීමආයුධ දීලාපකිස්ථානෙට1972 සිට හැඳුනුම්පතේ අලවා තිබූ කළු - සුදු රූපය වෙනුවට වර්ණ රූපයක් එක් කිරීම 2005 වසරේදී සිදු කෙරුණි. වරින් වර සිදුවූ සංශෝධන සහිතව අද දක්වාම ඇත්තේ අපට හුරුපුරුදු අතින් ලියන ලද විස්තර සහිතව ඡුායාරූපයක් ඇලවූ කාඞ්පතකි.
සමාජයීය දියුණුව හා යුගයට ගැළපෙන ලෙස හැඳුනුම්ත් නවීකරණය කිරීමේ අවශ්‍යතාව මත 2011 වසරේදී ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති මෙහෙයුම් කමිටුවක්ද පත් කළේය. එහි මූලික පියවරක් ලෙස විද්‍යුත් දත්ත ගබඩාවක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරිණි. එහි දෙවැනි අදියර වූයේ නවීන සංකේත, ආරක්ෂක විධි සහිතව සම්පූර්ණ පුද්ගල ජීව දත්ත සහිත ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පතක් නිකුත් කිරීමයි. මෙම හැඳුනුම්පත මඟින් විශේෂිත පහසුකම් සැලසෙන අතර ඕනෑම රාජ්‍ය හෝ බැංකු වැනි ආයතනයකට පුද්ගලයන්ගේ නිවැරැුදි තොරතුරු ලබාගැනීමේ හැකියාව උදාවෙයි.
මේ වනවිට මතුව ඇති ගැටලූව එය නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය හා මොරටු සරසවියේ මැදිහත්වීම මත සැලසුම් කෙරුණු මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර පාකිස්ථානු රාජ්‍ය අධිකාරියකට පවරා ඇති බවට පාකිස්ථානයේ පළවන ජාතික පුවත්පතක් වන ‘නේෂන්’හි අන්තර්ජාල කලාපය තුළ පළව තිබූ ප‍්‍රවෘත්තියයි. 2013 නොවැම්බර් 09 වැනිදා පළකර තිබූ මෙම ප‍්‍රවෘත්තියට අනුව පාකිස්ථානු ජාතික තොරතුරු හා ලියාපදිංචි කිරීමේ අධිකාරිය :භ්ෘඍ්* ශ‍්‍රී ලංකාවේ පුද්ගල හැඳුනුම්පත් ව්‍යාපෘතිය හිමිකරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය තුළ පුරවැසි දත්ත එකතු කිරීම, දත්ත සංවිධානය කිරීම, දත්ත තැන්පතුව මෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම ආදී විශාල කාර්යයන් කොටසක් කි‍්‍රයාත්මක වීම සිදුවෙයි. පාකිස්ථානු මත්ද්‍රව්‍ය නිවාරණ හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය චෞද්රි නිසර් අලි ඛාන් මේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් භ්ෘඍ් ආයතනය වෙත සුබපතමින් කළ ප‍්‍රකාශයක්ද එම ලිපිය තුළ දැකගත හැකි වෙයි.
ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පුරවැසියන් වෙත නැවත ලියාපදිංචිය උදෙසා නිකුත්කරනු ලබන ෆෝරම මිලියන 15ක් ඉලෙක්ට්‍රෝනික දත්ත බවට පරිවර්තනය කිරීම උදෙසා භ්ෘඍ් ආයතනය සැලසුම් කර ඇති කාලය මාස නවයකි. පාකිස්ථානු නේෂන් පුවත්පතේ පළවූ ලිපිය තුළ භ්ෘඍ් ආයතනයේ සභාපති තරික් මලික් මහතා විද්ශීය රජයක් තම රට කෙරෙහි ව්‍යාපාරික රහස්‍ය භාවය සම්බන්ධයෙන් තැබූ විශ්වාසය පිළිබඳද ස්තුති කර ඇත.
මෙහිදී මතුවන ප‍්‍රධාන ගැටලූ කිහිපයක් ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා තවම තීරණයකට එළැඹ නැතැයි පවසන කරුණක් සම්බන්ධව පාකිස්ථානය තුළ පුවත්පතකට එරට ජාතික තොරතුරු හා ලියාපදිංචි කිරීමේ අධිකාරියේ සභාපතිවරයා කරන ප‍්‍රකාශයේ සත්‍යතාව කුමක්ද යන්න මූලිකම කාරණාවය. නිල ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුවූ ගනුදෙනුවක් නොවේනම් මෙහි වසන් කරන්නට කාරණාවක්ද නැත. ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය උදෙසා නිසි ටෙන්ඩර් කැඳවීමක් සිදුවූවාද යන්න එලෙසින්ම නැගෙන ප‍්‍රශ්නයකි.
ජාතික හැඳුනුම්පත ජාතික ආරක්ෂාව උදෙසා ප‍්‍රබලම සාධකයක් ලෙසින් කි‍්‍රයාත්මක වෙද්දී ආගමික අන්තවාදය නැතහොත් ආගමික නීතිය මුල්කරගත් රටකට මෙම හැඳුනුම්පත් මෙන්ම පුද්ගල ජීව දත්ත ගබඩාව පාලනය කිරීම පැවරීම තුළ පසුකාලීන අභියෝගයක් නිර්මාණය වෙමින් පවතීය යන්න එකණොහිම බැහැර කළ නොහැක්කකි. ලංකාව තුළ මෑතකාලීනව මුස්ලිම් අන්තවාදී සංවිධානවල වර්ධනයක් පිළිබඳ විවිධාකාරයේ තොරතුරු සමාජගත වූ අතර ජිහාඞ් සංවිධානයේ කි‍්‍රයාකාරිත්වයන් පිළිබඳ සමාජ කථිකාවතක් නිර්මාණය වෙමින් පවතී.
පාකිස්ථානය, ඉන්දියාව මෙන්ම ලෝකයේ පරිගණක තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින රටවල වේගයෙන් ව්‍යාප්ත වන ත‍්‍රස්තවාදය වනුයේ ජාල ගත ත‍්‍රස්තවාදයයි. එනම් අන්තර්ජාලය හා හැකර්වරුන් උපයෝගී කර ගනිමින් සිදුකරන ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ය. මෙවන් පසුබිමක් තුළ අප රටින් පිට යම් ආගමික අන්තවාදයන් සහිත රටක් තුළ අප රටේ ප‍්‍රධානම දත්ත සැකසීම් හා සම්පේ‍්‍රෂණයන් සිදු කිරීම හරහා ජාත්‍යන්තර අවදානමක් ද නිර්මාණය වීමේ හැකියාව පවතී. යම් ආකාරයකින් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් හෝ අන්තවාදී කල්ලිවල පුද්ගලයන්ගේ ජීව දත්ත මෙම තැන්පතුවලට ඇතුළු කිරීම හරහා අප රටේ නිල පුරවැසි භාවය ඔවුන්ට ලබාදීමත් ඒ හරහා විදේශ ගමන් බලපත‍්‍ර හා වෙනත් රටවල වීසා ලබාගැනීම උදෙසා අප රට මධ්‍යස්ථානයක් ලෙස උපයෝගී කොට ගැනීමේ හැකියාවද නිර්මාණය වේ. මෙය ජාත්‍යන්තරව අප රටට අභියෝගයක් එල්ල විය හැකි කාරණාවක්ද නිර්මාණය කරනු ලබයි.
පාකිස්ථානය අප රටට යුද සමයේ යම් ආකාරයේ උදව් උපකාර සිදු කළ බව සත්‍යයක් වූවත් මේ වනවිට දකුණු ආසියාවේ මුස්ලිම් අන්තවාදය සම්බන්ධව පාකිස්ථානයට එල්ල වන ප‍්‍රහාරද උග‍්‍රවෙමින් පවතී. අල්කයිඩා, තලේබාන් මෙන්ම ජිහාඞ් ආදී ආගමික සටන් සංවිධානවල කි‍්‍රයාකාරකම් පිළිබඳ ඇමෙරිකාවෙන්ද පාකිස්ථානයට චෝදනා එල්ල වෙමින් පවතී.
දැඩි ආගමික රාමුවක් තුළ පෙළ ගැසුණු අන්තවාදී සංවිධානවල අවශ්‍යතා උදෙසා අප රටේ පුරවැසියන්ගේ ජීව දත්ත යම් හෙයකින් පත්වුවහොත් එය ඉතා බැ?රුම් කාරණයක් වීමට ඉඩ ඇත. එසේ නොවේවි යැයි කියා සහතික ඉදිරිපත් කරන්නටද බැරිය.
මෙම ඩිජිටල් හඳුනුම්පත හඳුන්වාදීමෙන් පසු මුල් අදියර පුරවැසියන් සඳහා නොමිලේ ලබාදීම සිදුකළද ඉන්පසු නැවත පරීක්ෂා කිරීම හා වෙනත් සේවා සඳහා අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙයි.
2011 වසරේදී කොළඹ සරසවිය හා මොරටුව සරසවි ඒකාබද්ධව ඇරඹුණු හැඳුනුම්පත් ව්‍යාපෘතිය අතරමඟ අතහැර දමා එය විදේශීය රටකට ලබාදීම තුළ සිදුවන්නේ ලංකාව තුළ මෙය කරගැනීම මෙන් ඉතා විශාල ධනස් කන්දයක් විදේශ වෙත ඇදියෑමක්ද සිදුවෙයි. ඒ සියල්ලටම වඩා මෙය ජාතික ආරක්ෂාවට ප‍්‍රබල තර්ජනයකි.
මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ
මේ ගැන ආරක්ෂක අංශ දැනුවත් කරලා තියෙන්නේ . ඒක නිසා දැන්ම කතා කරන්න බැහැ. මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහලේකම්
මේක සම්පූර්ණ කරන්න කලින් නැවතුණා
එහෙම ව්‍යාපෘතියකට 2011 අවුරුද්දේ අපි සම්බන්ධවෙලා හිටියා. මොරටුව විශ්වවිද්‍යාලයටයි, අපිටයි කතා කරලා තිබුණා. අපි ඒකෙ මූලික කටයුතු කළා. මෙහෙම ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද? අපිට ගැළපෙන ක‍්‍රම මොනවද කියලා සාකච්ඡුා කළා. ඉතින් ඒක සම්පූර්ණ වෙන්න කලින් නැවතුණා. දැන්නම් මොකද තත්ත්වේ කියලා දන්නේ නැහැ. අපේ රටේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය සම්පත් අපිට තියෙනවා. හැබැයි ඡුරසබඑ කරන උපකරණ වගේ දේවල් සමහර වෙලාවට පිටින් ගන්න වෙයි. මොකද ඒ ඡුරසබඑැර සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර තමා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකනම් පිටින් ගන්න එක තමා ලාභ.
මහාචාර්ය ගිහාන් වික‍්‍රමනායක
පරිගණක අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
මේ කතාවේ කිසිම ඇත්තක් නෑ
ඔය කියන කතාවේ කිසිම ඇත්තක් නැහැ. එහෙම කිසිම තීරණයකට ඇවිල්ලා නැහැ. ඒත් ටෙන්ඩර් ක්‍්කක කරලා තියෙනවා. සමාගම් කිහිපයකින් ටෙන්ඩර් ක්‍්කක කරලා තියෙනවා. මේ හැම එකක්ම ගොසිප් වෙබ් ීසඑැවල යන ඒවා විතරයි. එක කොටසක්නේ ඉතින් ඔය විදියට හිතන්නේ. ඒගොල්ලෝ හිතන ඒවා තමා ඔය ගොසිප්වල යන්නේ. හරි ඉතින් මෙහෙම හිතලා බලන්නකො... ඔහොම කියන අය දැන් මේ ටෙන්ඩර් එක පාකිස්ථානයේ සමාගමකට දුන්නොත් මොකද කියන්නෙ. ඒකට කියයි අල්කයිඩා එකට දුන්නා කියලා. ඉන්දියාවට දුන්නොත් කියයි, රටට ආවෙවත් නැති මන්මෝහං සිංට දුන්නා කියලා. ඒ වගේම බි‍්‍රතාන්‍යයට දුන්නොත් දැන් කියයි කතාවක් කැමරන්ව ගාවලා. චීනෙට ටෙන්ඩරය දුන්නොත් කියන්නේ මොකක්ද ඔක්කොම චීනෙට තමා කියලා. ඉතින් එහෙම බලපුවාම මේක දෙන්න කෙනෙක් නෑනේ. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් දෙනකොට ඕනෑම සමාගමකට අනුගමනය කළයුතු දේවල් තියෙනවා. කොහොමටත් මේ වැඬේට අපි දැනටමත් ටෙන්ඩර් 2ක් කැඳවලා තියෙනවා. ඒත් මේ ගොසිප්වල තියෙනවා වගේ අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. මොකද මේවට පාර්ලිමේන්තු අනුමැතිය පවා අරගෙන කරන්න පියවර ගොඩක් තියෙනවා. ඒක නිසා මේවායේ කිසිම ඇත්තක් නැහැ. ලබන මාසේ පළමුවැනි සතිය වගේ වෙනකොට ඔන්න මේ ගැන හොඳ භෑඋී එකක් දෙන්න පුළුවන් වෙයි. ඉතින් දැන්ම මේවා පිළිගන්න එපා. ඕවා දාන්නත් එපා
සරත් කුමාර - කොමසාරිස්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව