Wednesday, October 19, 2011

අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය


ටික කලකට පෙර මම රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන ලියපු ලිපයක් හමුවුනා... බ්ලොග් එකට දාන්න හොඳයි කියලා හිතුන නිසා යුනිකෝඩ් වලට හරවලා දැම්මා...

තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.

http://1.bp.blogspot.com/_X3Sdc9SVfcA/RzwaNueIPII/AAAAAAAAAC4/ZJ3Sfi3Yzmw/s320/Ranmasu-uyana-pond.JPG











රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.

කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?
http://4.bp.blogspot.com/_X3Sdc9SVfcA/RzwajeeIPJI/AAAAAAAAADA/rn3z9dfz2K8/s320/sakwala-chakraya.JPG













මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.

මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් , මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.

එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.

තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.

ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)

එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.
http://2.bp.blogspot.com/_X3Sdc9SVfcA/Rzwbk-eIPKI/AAAAAAAAADI/YpYFIO5f2hs/s320/sc-illustration.JPG


සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.
____________
http://signatures.mylivesignature.com/54485/366/999B9269D9C09B0D89C245B926AC862E.png
at 3:24 PM http://www.blogger.com/img/icon18_email.gif
3 comments:
http://lh4.google.com/srishanu/RYkdwrWcLII/AAAAAAAAABs/8ZJrcBzuXys/s400/moose3.jpg
SRIshanu said...
මෙවන් ලිපියක් කියවන්න ලැබීමත් සතුටක්. මෙවන් තොරතුරු තවත් ඇතොත් මෙහි ලියන්න.

මා කියවා ඇති කරුණු අනුව බලන කල, මෙහි සඳහන් මත වලින් බැබිලෝනියා/මිසර සම්බන්ධය වඩා තහවුරුවන සාධක දැනට සොයාගෙන තිබේ. විශේෂත්වය වන්නේ ඒවා බටහිර ජාතිකයන් විසින් සොයාගෙන ඉදිරිපත් කිරීමත්, සිංහල අප ඒ ගැන අල්පමාත්‍රයක් හෝ නොදැනීමත්, නොසෙවීමත්ය.

කෙසේ වෙතත් අප මේ සිටින්නේ ආදි මුතුන්මිත්තන් ජීවත්වූ තාක්ෂණික ලෝකයෙන් නැවත වන-ගෝත්‍රික ලෝකයකදැයි සිතේ...
http://img2.blogblog.com/img/b16-rounded.gif
Gaveen said...
ලිපියට තුති. නමුත්, ඇසිය යුත්තක් තිබේ.

තැන් කිහිපයකම බැබිලෝනියානු සම්බන්ධය ගැන මින් පෙර කියවා ඇතත්, කිසි තැනක නිසි තොරතුරක් දක්වා නොතිබුණි. මෙහිද එසේමය. හැකිනම්, ලංකාවෙන් පිට මෙවැනි ලකුණු ඇති තැන් ගැන නිසි තොරතුරක් සපයන්න. සොයා බැලීමට කැමැත්තෙමි.
http://img2.blogblog.com/img/b16-rounded.gif
rajith said...
මේ වගේ ලිපි තවත් පල කරනවානම් ඒ පිළිබදව සතුටු විය හැකියි.

බැබිලෝනියානු සම්බන්‍ධය ගැනත් යමක් කියන්න කැමතියි.

බැබිලෝනියාවේ තිබී හමුවුණු මැටි පතක ඇතුන්ගේත් සිංහයින්ගේත් දිවයිනේ සිට පැමිණි මිනිසුන් පිළිබදව සටහනක් ඇති බව සොයාගෙන තිබේ.

ජාතික සංකේතයන් ලෙස ඇතුන් සහ සිංහයින් යන සතුන් දෙවර්‍ග‍යම භාවිතා කරන දූපතක් ලෙස හැදින්විය හැක්කේ අපේ රට නොවේද? මෙම සංකේත පිළිබදව දුටුගැමුණු රජුගේ ධජයෙහි තිබුණු ඇත් හා සිංහ ලාංඡන ද, සාධක ලෙසස දැක්විය හැක.

No comments:

Post a Comment