Friday, October 25, 2013

සුමේරියානුවන් අලූ කළ රහස




දහඅට වැනි ශත වර්ෂය වූ කලි නව කාර්මික විප්ලවයේ මූලාරම්භක අවධියයි. මෙතෙක් සෙමෙන් සෙමෙන් පරිණාමය වෙමින් ආ මිනිස් සමාජය තුළ වේගවත් බවක් ඇති කරන්නටද මේ කාර්මික විප්ලවය විසින් කරුණු කාරණා නිර්මාණය කරලීය. අප අද භාවිත කරන සියලූ විද්‍යුත් උපකරණවල පදනම නිර්මාණය වන්නේ මේ යුගයෙන් පසුවය. එහෙත් ඒ ලිඛිත සාධක අනුවය. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුළ සොයා ගනිද්දී ඇලෙක්සැන්ඩර් වෝල්ටා විදුලි කෝෂ නැතහොත් බැටරිය සොයා ගත්තේය.
එහෙත් පසුගිය කාලය තුළ ලොව පුරා සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සමගම මෙතෙක් කල් ලිඛිත ඉතිහාසයේ පැවැති නව සොයාගැනීම් ලැයිස්තුවෙන් බොහෝ නාමයන් කපා ඉවත් කරන්නට සිදුවන පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. බැබිලෝනියානු ගුවන් තාක්ෂණය, පාකල් රජුගේ රොකට්ටුව, බැග්ඩෑග් බැටරිය, ඩැන්ඩෝරා විදුලි බුබුළ පමණක් නොව පිරිරිස් :ඡුසරස ඍැසි* විසින් පිටපත් කළ ලොව
පැරැුණිම සිතියම් තාක්ෂණය හරහාද බොහෝ සොයා ගැනීම්වල ඉතිහාසය වසර 2000-3000කින් ඈතට දිව ගියේය.
බැග්ඩෑඞ් බැටරිය යනු කුමක්ද? එය නූතන විදුලි කෝෂයේම මුල් අවස්ථාවකැයි පැවසුවහොත් එහි කිසිදු වරදක් නැත.
1938 වර්ෂයේදී ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ආසන්න ප‍්‍රදේශයක පිහිටි කුයුට් රැුබු
නම් ග‍්‍රාමයෙන් විශේෂිත හැඩයකින් යුත් මැටි භාජන රැුසක් සොයාගන්නට හැකි විය. ඉන්පසු අද දක්වාම වරින් වර ඉරාකයෙන් මෙම විශේෂිත හැඩයෙන් යුතු භාජන මතු වුවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ නැත. එහෙත් සෙන්ටිමීටර 13ක් උසට සිටින සේ මැටිවලින් නිර්මාණය කර ඇති මෙම බඳුන් සියල්ලෙහිම මුදුනේ සෙන්ටිමීටර 3-4 සිදුරක් පවතින අතර ඒ තුළින් තඹ තහඩුවකට මැදි කළ යකඩ කූරක් සහිත වැස්මක් ඇතුළු කර තිබුණි. තඹ තහඩුව හා යකඩ කූර එකිනෙක නොගෑවෙන ලෙස සුුමේරියානුවන්්
සකසා ඇති අතර ඒ සඳහා භාවිත කර ඇත්තේ ලෝහ නොවන විශේෂිත ද්‍රව්‍යයකි. එකම සමාන මෙවැනි භාජන විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයෝ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට විය.
ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර තිබූ මෙම භාජනවලට එක්වරම වටිනාකමක් හිමි වන්නට හේතු වන්නේද මේ සොයා ගැනීමයි. නූතන විදුලි කෝෂවල නිර්මාණ සැලැස්මට සමාන බවක් මෙම ටෙරාකොටා භාජනවල ඇති බව අවබෝධ කරගත් පර්යේෂකයන් එයට ‘බැග්ඩෑඞ් බැටරි’ යන නම භාවිත කරන්නට විය.
යකඩ කූරක් හා තඹ තහඩුවක් තිබූ පමණින් විදුලිය නිපදවෙන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඒ උදෙසා එම භාජනය තුළ යම් ප‍්‍රතික‍්‍රියාවක් සිදුවිය යුතුය. විද්‍යාඥයන් ඒ සඳහා උපයෝගි කර ගත්තේ සිට්රික් අම්ලයයි. සිට්රික් අම්ලය ටෙරාකොටා බඳුන තුළට පුරවා එයට තඹ තහඩුව හා යකඩ කම්බිය සවි කර ඇති පියනෙන් වැසූ විට එම පියනේ එළියට ඇති අග‍්‍ර දෙකෙන් ඒ තුළ නිපදවෙන විදුලිය ලබා ගැනීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. මෙම බැටරියට යොදාගන්නට ඇති දියරය පිළිබඳ ස්ථිර නිගමනයක් නැතත් විනාකිරි, දෙහි, පලතුරු යුෂ හෝ මධ්‍යසාර මේ සඳහා යොදාගන්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.
බැග්ඩෑඞ් බැටරිය යනු නව කාර්මීකරණයේ මුල් යුගයේ නිර්මාණයක්ද නොවේ. අදින් වසර 3000කට පමණ පෙර යුගයේ පැවැති නිර්මාණයකි. ඇලෙක්සැන්ඩර් වෝල්ටෝ සොයා ගත්තා යැයි කියන නූතන බැටරියට තවමත් ගෙවී ගොස් ඇත්තේ වසර දෙසීය ගණනකි. එසේ නම් වසර 3000කට එහා කාල නිර්ණයක් සහිත බැටරියක් හමුවන්නේ කෙසේ දැයි යන්න ගැටලූවකි.
මෙයටම සමාන වන තවත් සිදුවීමක් ඇත. ඒ තෝමස් අල්වා එඩිසන්ගේ විදුලි බුබුළට අභියෝග කරනු ලබන ඩැන්ඩෝරා දෙවොලේ විදුලි බුබුළේ කැටයමයි. ඩැන්ඩෝරා දෙවොල යනු ඊජිප්තුවේ පිහිටා ඇති භූගත දෙවොලකි. මරණයේ දෙවොල ලෙසද හැඳින්වෙන මෙම භූගත දෙවොලට පිවිසීමට ඇත්තේ ඉතා පටු මාර්ගයන්ය. එසේම ඇසට ඇඟිල්ලෙන් ඇන්නද නොපෙනෙන තරමේ අඳුරක් ඒ තුළ ඇත. එහෙත් ඒ දෙවොලේ බිත්තිවල පාරාවෝ පිරමීඩ තුළ දැකගත හැකි ආකාරයේ අලංකාර රූප සටහන් දැකගත හැකි වෙයි. අන්ධකාර දෙවොලක් පැවැතිය නොහැකිය. එසේම අන්ධකාර දෙවොලක් තුළ රූප සටහන් නිර්මාණය කිරීමද කළ නොහැකිය. එසේ නම් මෙම දෙවොල ආලෝකවත් කෙරුණේ කෙසේද? ඒ සඳහා පර්යේෂකයන්ගෙන් ප‍්‍රථමයෙන් ඉදිරිපත් වූ තර්කය වූයේ පන්දම් හෝ ගිනි දැල්වීමේ යම් ක‍්‍රමවේදයක් හරහා මෙය ආලෝකවත් වන්නට ඇති බවය.
එහෙත් පර්යේෂකයෝ එකහෙළාම ඒ තර්කය ප‍්‍රතික්ෂේප කළේය. එයට බලපෑ හේතුව වූයේ දෙවොල තුළ පන්දම් හෝ ගිනි දැල්වීම් සිදු වූ බවට කිසිදු සාධකයක් නොමැති වීමය. එසේම එතුළ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය දිගින් දිගට ගිනි දැල්වීම උදෙසා ප‍්‍රමාණවත් නොවීමයි. ඉන්පසු වෙනත් තර්කයක් ඉදිරිපත් වුණි.
ඒ ඔප දැමූ තඹ තැටි උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට භූගත දෙවොල තුළට ආලෝකය රැුගෙන යන්නට ඇති බවය. එහෙත් ඒ තර්කයද බිඳ වැටුණි. එතරම් දුරක් ආලෝකය අඩු නොවී රැුගෙන යා නොහැකි විය.
සියලූ මතවාදයන් බිඳ දමමින් ඩැන්ඩෝරා දෙවොල තුළින්ම පිරමීඩ ආලෝක කළ ආකාරය පිළිබඳ රූපසටහන් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වීමත් සමග අදින් වසර 3000කට පමණ පෙර පැවැති විදුලි බල්බයන් පිළිබඳ තොරතුරු හෙළි කරගත හැකි විය.
එම රූපය බැලූ බැල්මට පෙනෙන්නේද විශාල විදුලි බුබුළක් අතින් ගත් පුද්ගලයකුවය. පුරාවිද්‍යාඥයන් පවසන පරිදි මෙම දෙවොල ප‍්‍රධාන පූජකයන්ට පමණක් සීමා වූ රහස් දෙවොලකි. එනම් මේ තුළ සැඟව තිබූ රහස්ද පැවතිය යුතුය. පර්යේෂකයන්ගේ අදහස වනුයේ පුරාණ ඊජිප්තුව ආලෝකවත් කළ ප‍්‍රභවයේ රහස සැඟ වී තිබුණේ මෙම දෙවොල තුළ විය යුතු බවය.
මෙම බල්බයක් අතින් ගත් මිනිසාගේ රූපයේ කොටස්වලින් විදුලියෙන් ආලෝකය නිපදවීමේ ක‍්‍රමවේදයම නිරූපණය වෙයි. බල්බයක වටේ ආවරණය, ඒ මැද ඇති දැල්වෙන සූත‍්‍රිකාව, බල්බයේ සොකට්ටුව, බල්බයට විදුලිය සැපයෙන වයරය මෙන්ම බල්බය දැල්වීමට උපයෝගි කර ගනු ලබන විදුලි ගබඩාව (බැටරිය*ද මෙම රූපය තුළ පැහැදිලිවම දැකගත හැකි වෙයි. බැටරිය හා බල්බය අතර ඇ`ද ඇති වායු දේවතාවාගේ රූපය තුළින් විදුලි ප‍්‍රභවය හා බල්බය අතර පරතරයක් පවතින බව අදහස් කර ඇත.
ඉරාකයෙන් හමු වූ බැග්ඩෑඞ් බැටරිය නැතහොත් පාතියන් බැටරිය මෙන්ම ඩැන්ඩෝරා බල්බයද පිටසක්වළයන් පෘථිවිය ජනාවාස කිරීමේදී ඔවුන් සතුව පැවැති තාක්ෂණය හරහා අපට උරුම වූ බවට පිටසක්වළ ජීවීන්ගේ ක‍්‍රියාකාරකම් පර්යේෂණය කරන්නන්ගේ අදහසයි. එයට ඔවුන් මතු කරන සාධාරණ තර්කයක්ද ඇත. වර්තමාන දියුණු තාක්ෂණය තුළදීත් සිදුකළ නොහැකි ආකාරයේ ඉතා විස්මිත නිර්මාණයන් මෙන්ම මෙවන් තාක්ෂණික උපකරණ නිර්මාණය වීමට දියුණු ජීවීන් විශේෂයක් අනිවාර්යයෙන්ම එම ශිෂ්ටාචාර හා ගනුදෙනු කර තිබිය යුතුය යන්නය.
මේ සියලූ විස්මිත නිර්මාණයන්ට පදනම වැටී ඇත්තේ සුමේරියානු ශිෂ්ටාචාරය තුළය. බැබිලෝනියානුවන්ද මේ ශිෂ්ටාචාරයට සමාන්තරව ජීවත් විය. සුමේරියානු ජාතිය කළු හිසකෙස් සහිත අවට කිසිදු භාෂාවකට සමාන නොවූ භාෂාවක් සහිත පිරිසක් වීම තුළ සුමේරියානුවන්ගේ පිටසක්වළයන් හා සම්බන්ධයක් පැවැතිය යුතු බවට මතවාදයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙහි පවතින ගැටලූව එය නොවේ. ක‍්‍රි.පූ. 900 පමණ වනවිට සහමුලින්ම සුමේරියානු භාෂාව හා සුමේරියානු ශිෂ්ටාචාරය පෘථිවියෙන් අතුරුදන් වී යෑමයි.
සුමේරියානුවන් නිර්මාණය කරන ලද මැටි පුවරු 40000ක් පමණ පුරාවිද්‍යා ගවේෂකයන් සොයාගෙන ඇතත් ඒ තුළ ලියැ වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. යම් දවසක මැටි පුවරු කියවාගත හැකි වුවහොත් ලෝක ශිෂ්ටාචාරය උඩු යටිකුරුවනු ඇත. අදින් වසර තුන්දහසකට පෙර පැවති අතිදියුණු යුගයක සියලූ තොරතුරු සමාජගත වනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවනු ඇතැයි සිතේ.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

Friday, October 18, 2013

කාන්තාර වීදුරුවේ සැඟවුණුපාරාවෝ අභිරහස

ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන මිසරය සෑම දෙසකින්ම වටවී ඇත්තේ මහා කාන්තාරයෙනි. එසේම නයිල් නදිය විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙසද මිසරය හඳුනාගත හැකිය. සැතපුම් සිය දහස් ගණනක් දුර සිට ගෙන එන ජල දහරාවන්ගෙන් ගසාගෙන එන සාරවත් පසින් පෝෂණය ලැබ නිර්මාණය වූ මේ ක්ෂේම භූමියේ සමස්ත පාලනයම රැුඳී පවතින්නේ නයිල් ගෙඟ් ක‍්‍රියාත්මක වීම තුළය. වසරේ එක් කාලයකදී මේ ක්ෂේම භූමිය නයිල් නදියේ ජලයෙන් යටවී යයි. එය මිසර වැසියෝ දකින්නේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලෙසිනි. ගංගා දිය ඉහළ යන සෑම අඩියක්ම ඔවුන් දුටුවේ අනාගත සමෘද්ධියේ පෙරනිමිති ලෙසිනි. එහෙත් ජලගැල්ම සිදුවූයේ අඩි දොළොසකට අඩුවෙන් නම් දෙවියන්ගේ ආශිර්වාදයේ ගිලිහීයෑමක් ලෙසින් ඔවුන් එය හඳුන්වයි.
ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසින් පිළිගත් මිසරය ලෝක ප‍්‍රසිද්ධ වීමට හේතුපාදක වූ කරුණු අතරින් ප‍්‍රධානම සාධකය වූයේ ලෝකයම පුදුමයට පත්කළ ගීසා පිරමීඩ ත‍්‍රිත්වයයි. ඒ සියල්ලටම වඩා පිරමීඩ තුළ තිබී සොයාගත් විනාශ නොවී පවතින මෘත දේහද ලොව මවිතයට පත් කළේය. ඒ අතර ප‍්‍රධානම මමිය වූයේ මෙතෙක් සොයාගත් රාජකීය පිරමීඩ අතරින් අතිවිශාලම ධනස්කන්දයක උරුමකරුවා වූ ටුටන්කාමන් රජුගේ මමියයි.
මිසරයේ මහා කාන්තාරය වරින් වර ලෝකය මවිත කරන දෑ මතුකර ලෝකය අබියසට රැුගෙන ආවේය. යළිත් වරක් එවැනිමසොයාගැනීමක් සිදුව ඇත. ඒ මිසර මහා කාන්තාරය නිර්මාණය වූ හේතු සාධක මතුවීමයි. එයට පදනම වැටුණේ ‘ඩෙසර්ට් ග්ලාස්’ නැතහොත් කාන්තාර වීදුරු පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයක් නිසාය.

කාන්තාර වීදුරු යනු මොනවාද?

1932 වසරේ එක් දිනක පැට්රික් ක්ලේමන් නම් පර්යේෂකයා ඊජිප්තු කාන්තාරයේ සිදුකළ ගවේෂණයකදී අරුම පුදුම සොයාගැනීමක් සිදුකළේය. ඒ වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා පැතිර තිබූ වීදුරු පාෂාණ කැබලිය. එහිදී ඒවායේ සංයුතිය සැලකිල්ලට ගෙන එම වීදුරු පාෂාණ පළිඟු ලෙසින් නම් නොකර වීදුරු ලෙසින් නම් කරන්නට යෙදිණ. කාන්තාරයක් මැද අක්කර ගණනක් පුරා කහ පැහැති දීප්තිමත් වීදුරු නිර්මාණය වූයේ කෙලෙසද යන්න සෙවීමට එදා සිට විවිධාකාරයේ පර්යේෂණයන් සිදුකළද අවසන් නිගමනයකට එළැඹීමට හැකි වූයේ නැත.
පිටසක්වළයන් විසින් ලෝක ජනාවාස නිර්මාණය කිරීමේදී ග‍්‍රීන්ලන්තයේ, බර්මියුඩා ත‍්‍රිකෝණය මධ්‍යයේ මෙන්ම මිසරයේ පළිඟු පිරමීඩ තුනක් ඉදිකළ බවට පුරාවෘත්තයක් පවතී. ඉහත කී කාන්තාර වීදුරු යනු එම විනාශ වී ගිය පළිඟු පිරමීඩය යැයිද විශ්වාසයක් පවතී. ඒ විශ්වාසයන් කුමක් වුවත් පසුගියදා
ඇමෙරිකානු විද්‍යාඥ මාර්ක් බෙස්ලෝ, මහාචාර්ය ක‍්‍රිස්ටීයන් කර්බල් හා ඊජිප්තු ඛනිජ සම්පත් අධිකාරියේ ආචාර්ය අලි බර්කත් විසින් කාන්තාර වීදුරු සම්බන්ධයෙන් අද්විතීය සොයාගැනීමක් සිදුකරන ලදී.
ඊජිප්තුවේ අගනගරය වූ කයිරෝ සිට සැතපුම් හාරසිය ගණනක් දුරින් මිනිස් වාසයෙන් තොර මරුකතරේ පුරා දින හතරක අතිදුෂ්කර ගමනකින් පසු සිදුකළ පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ අදින් වසර දහස් ගණනකට පෙර කඩාවැටුණු උල්කාපාතයක් හේතුකොටගෙන මහා මිසර කාන්තාරය නිර්මාණය වූ බව සොයා ගැනීමයි.
කෘත‍්‍රිමව වීදුරු නිර්මාණය කරනු ලබන්නේ සිලිකා වැලි අධිතාපයකට ලක් කිරීම හරහාය. එසේම ස්වාභාවික වීදුරු නිර්මාණය වන ආකාරයක්ද ලෝකයේ ඇත. ඒ ‘වොල්කැනෝ ග්ලාස්’ නැතහොත් ගිනිකඳු වීදුරුය. සෙල්සියස් අංශක 1100ක පමණ උෂ්ණත්වයකින් ගිනිගෙන දැවෙන ලාවා (මැග්මා* එක්වරම ජලයට පතිතවීමෙන් ගිනිකඳු වීදුරු නැතහොත් මැග්මා ග්ලාස් නිර්මාණය වීම සිදුවෙයි. එහෙත් එම වීදුරු කළුපැහැ වන අතර එම වීදුරු තුළ විවිධ සංඝටක දැකගත හැකිවෙයි. එහෙත් මිසරයේ කාන්තාරයෙන් සොයාගත් වීදුරු ඉතා දීප්තිමත් ළා කොළ පැහැයකින් යුක්ත වන අතර පර්යේෂකයන් විසින් හෙළිකර ඇති ආකාරයට අනුව එහි අන්තර්ගත වනුයේ සිලිකා හා සර්කෝන් යන ඛනිජ වර්ග දෙක පමණි. එසේම මෙහිදී සෙල්සියස් අංශක 1800ක පමණ අධිඋෂ්ණත්වයකට ලක්වී අන් සියලූ ඛනිජ පිළිස්සී විනාශ වී ඇති බවද පර්යේෂකයන්ගේ අවසන් තීරණය වී ඇත. තවද කාන්තාර වීදුරුවල දීප්තිමත්භාවයට හේතුව ලෙස පර්යේෂකයන් පැහැදිලි කරනුයේ සිලිකා සහ සර්කෝන් එකිනෙක මිශ‍්‍ර වීම හරහා ඔස්ටියම් නම් රසායන සංඝටකය නිර්මාණය වී ඇති බවටය.
මීට අමතරව වීදුරු පැතිරුණු භූමිය පුරාම තැන තැන විසිර ඇති දැවී ගිය කළු පැහැති වෙනත් පාෂාණ වර්ගයක්ද පර්යේෂකයන් සොයාගෙන ඇත. ඒ අනුව පර්යේෂකයන් සිය අවසන් නිගමනය ලෙස ගෙනහැර පානුයේ විශ්වයෙන් ඇදී ආ ග‍්‍රාහකයන් පෘථිවි වායුගෝලයට ඇතුළුවීමත් සමග අධිදහනයකට ලක් වී එය මෙම භූමියේ ගැටී ඇති බවය. මෙහිදී සිදුවූ පිපුරුම ඔභඔ ටොන් දසදහස් ගණනක පිපුරුමකටත් වඩා වැඩි බවද ඔහුන් නිගමනය කරයි. පෘථිවියේ පැවති පාෂාණ සෙල්සියස් අංශක 1800ක පමණ අධිඋෂ්ණයකට ලක්වූයේ කෙසේද යන්නට උත්තර ලැබුණේද මෙහිදීය. ඒ සඳහා එම ග‍්‍රාහකයේ ගැටීම ඔවුන් පරිගණක තාක්ෂණය ඇසුරින් ප‍්‍රතිනිර්මාණය කරනු ලැබීය. ග‍්‍රාහකයා ගිනිගෙන දැවෙමින් පෘථිවියේ ගැටීමේදී දැවී යන පස්, ග‍්‍රාහකයේ ගිනි ජාලා අතරින් ඉහළට ඇදී යෑමක් සිදුවෙයි. ග‍්‍රාහකයා පහළට ඇදී ඒමේදී ඒ සමග සැතපුම් ගණනක් දිග අග්නි ජාලාවක්ද පෘථිවියට ඇදී එයි. එසේ ඉහළ යන පාෂාණ එම අග්නි ධාරාව තුළ කිහිපවිටක්ම පිළිස්සීමට බඳුන්වීම හරහා සිදුවන්නේ සුපිරිසුදු වීදුරු බවට පොළොවේ එම පාෂාණ කොටස් පත්වීමයි.
ඒ සමගම පොළොවට සමාන්තරව පැතිර යන උණුසුම් වායු හා අග්නි ධාරා මඟින් අවට ප‍්‍රදේශය සැතපුම් සිය ගාණක් පුළුස්සා දමනු ලබයි. ඊජිප්තු කාන්තාරය නිර්මාණය වූයේ ‘චඞ්’ ලෙසින් දැනට නම් කළ ස්ථානයේ මධ්‍යයට පතිත වූ අතිවිශාල උල්කාවක් හේතුවෙන් බව ඒ අනුව ඉහත පර්යේෂකයන් අවසන් නිගමනයකට එළැඹ තිබේ.
එම නිගමනයට එළැඹීමට හේතු වූ තවත් කාරණා දෙකක්ද ඇත. ඉන් පළමුවැන්න වූයේ ලොව පළමු පරමාණු පිපුරුම අත්හදා බැලූණු අවස්ථාවේ එනම් මෑන්හැටන් ක‍්‍රියාන්විතයේදී මෙක්සිකානු කාන්තාරයේ සිදුවූ වෙනස් වීමයි. ඒ 1960 ජූලි 16 වැනිදා පෙරවරුවේදීය.
එදින ඇමෙරිකානු හමුදාවේ ඡුායාරූප ශිල්පියකු වූ සාර්ජන් බෙන් බෙන්ජිමින් වීඩියෝ කැමරාව අත ඇතිව සැතපුම් ගණනක් දුරින් පිහිටි අඩි ගණනක් ඝනකමට සාදන ලද බංකරයක ස්ථාන ගත වී සිටියේය. පරමාණු බෝම්බය හත්තක් ආකාරයට පුපුරා යන ආකාරය එදා ඔහු අත දැරූ වීඩියෝවේ සටහන්ව තිබුණි. එය ඔභඔ ටොන් 20000කට ආසන්න පිපුරුමකි. පිපුරුමෙන් පසු අක්කර කිහිපයක ප‍්‍රදේශය පුරා කොළ පැහැති වීදුරු තට්ටුවක් නිර්මාණය වී තිබුණි. ඒ මත ඇවිදින විට වීදුරුවක් බිදී යන ආකාරයෙන් එය බිඳී ගිය බවද පසුකාලීනව කළ හෙළිදරව්වකදී බෙන්ජිමින් බී.බී.සී.යට වාර්තා කර තිබුණි.
මෙහි එන දෙවැනි සාධකය නම් 1908 ජුනි 30 වැනිදා සයිබීරියානු වනාන්තර සීමාවක් වූ තුංගුස්කා ප‍්‍රදේශයේ එක් නිමේෂයකින් වනාන්තරයේ ගස් මිලියන 18ක් දැවී විනාශ වී යෑමයි. මෙලෙස ගස් දැවී යෑමට හේතුවක් එදා සොයාගත නොහැකි වුවත් පසුකාලීනව බොස්ටන් සරසවිය තුළ අනුරූ යොදාගනිමින් සිදුකළ පර්යේෂණයක් හරහා ග‍්‍රාහකයක් පතිතවීමත් සමග වනාන්තරය විනාශ වී ගිය ආකාරය ගම්‍ය කරගත හැකි විය. පසුකාලීනව එහි මධ්‍යයේ තිබූ විශාල ග‍්‍රාහක කොටසක්ද සොයාගනු ලැබුණි.
කෙසේ වුවත් මෙම නිගමනය හමුවේ පර්යේෂකයන් තවත් උභතෝකෝටික ගැටලූවකට මැදි වුණි. එය නම් පාරාවෝ රජ පරපුරේ ධනවත්ම රජු ලෙස සැලකෙන ටුටන්කාමන් රජුගේ සොහොන් ගෙයි තිබී කානවන් සාමිවරයාගේ මඟ පෙන්වීම යටතේ හොවාර්ඞ් කාටර් නම් පර්යේෂකයා විසින් සොයාගත් පාරාවෝ රජුගේ මාලයේද මෙම වීදුරු කැබැල්ලක් සවිකර තිබීමයි. පර්යේෂකයන් මෙහිදී උපකල්පනය කර සිටියේ අතිදුර්ලභ මැණිකක් එහි සවි නොකර මිසර කාන්තාරයේ කිලෝමීටර 6000ක් පුරා පැතිර ඇති වීදුරු කැබැල්ලක් ඒ තුළ සවිකිරීමේ යම් විශේෂත්වයක් පැවතිය යුතු බව ඉහත පර්යේෂකයන්ගේ ඉදිරි පරීක්ෂණ කටයුතු යොමුව ඇත්තේ ඒ වෙනුවෙන්ය.
එහෙත් මෙම පර්යේෂකයන් ඉදිරියේ නොපෙනෙන තවත් අභියෝගයක් වෙයි. ඒ ටුටන්කාමන්ගේ නින්දට බාධා කළ සියල්ලන්ට එල්ලවන ශාපයක් මේ හා බැඳී ඇති නිසාය.
ටුටන්කාමන් කතා පුවත රසවත් වුවත් එහි ශාපය නම් රසවත් නැත. එහෙත් ඒ කතා පුවතද මෙහිදී සිහිකර ගැනීම වැදගත්ව තිබේ.
පළමුව ටුටන්කාමන් සොහොන සොයාගැනීම පසුපසද ඇත්තේ අපූර්ව කතාවකි. ක‍්‍රි.ව. 1900දී පමණ එංගලන්තයේ කානවන් නම් සාමිවරයා මිසර කාන්තාරය පිළිබඳ අසන ලද පුරාවෘතයක් ඔස්සේ කැණීම් කරන්නට පර්යේෂකයන් යොදවනු ලැබිණි. වසර විස්සක් තිස්සේම ඔවුන්
සොයාගනු ලැබුවේ වැල්ලෙන් වැසී ගිය නිදන් හොරු අතට පත්වූ පිරමීඩයන්ය. පර්යේෂකයෝ සෙවීම් අවසන් බව දැනුම් දුන්නද සාමිවරයා එයින් සෑහීමකට පත් වූයේ නැත. ඒ අතරතුර හොවාර්ඞ් කාටර් නම් චිත‍්‍ර ශිල්පියාගේ සිතේ රජුගේ නිම්නය පිළිබඳ නැගුණු සිතිවිලි අනුව ඔහු ටුටන්කාමන්ගේ සොහොන ඇති තැන අනුමාන කළේය. සාමිවරයා පර්යේෂණ කටයුතු ඔහුට බාර කළ අතර දෙසීයක කණ්ඩායමක්ද ඔහුට සපයා දෙනු ලැබුණි. 1922 නොවැම්බර් 4 වැනිදා කාටර් විසින් කිසිවකුගේ ඇස නොගැටුණු පළමු රාජකීය සොහොන සොයාගත්තේය. එහි තුළ වූ වස්තුව ලැයිස්තුගත කරන්නට වසර දහයක් පමණ ගත විය. එහි වූ සම්පත් ප‍්‍රමාණය විවිධ වූ සම්පත් වර්ග පන්දහසකට අධික විය. විශේෂයෙන්ම ඝන රත්තරන් ටොන් ගණනින් ඒ තුළ විය.
අද දක්වාම මෙම සොහොනෙන් සොයාගත් දෑ විවිධාකාරයේ පර්යේෂණවලට ලක්වෙයි. කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ මෙම සොහොන් ගැබෙන් සොයාගත් බොහෝ දෑ තැන්පත් කර ඇත. ටුටන්කාමන් රජු මියගොස් ඇත්තේ වයස අවුරුදු දහනවයේදීය. මෙතෙක් කල් පර්යේෂකයෝ විශ්වාස කළේ එය ඝාතනයක් බවය. එයට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ ටුටන්කාමන්ගේ මමියේ හිස පිටුපස වූ සිදුරයි.
එහෙත් පසුව සොයාගත් සෑම මමියකම එම සිදුර දැකගත හැකි වීම තුළ එය මෘතදේහ මමි බවට පත්කිරීම වෙනුවෙන් තැනූ සිදුරක් බවට හඳුනාගනු ලැබිණි.
ඒ කෙසේ වෙතත් ටුටන්කාමන් රජුගේ මමිය සම්බන්ධයෙන් සිදුකරන ලද ඞී.එන්.ඒ. පරීක්ෂණයෙන් පසු ඔහුගේ මරණයට සත්‍ය ලෙසම හේතු වී ඇත්තේ පාරාවෝ රජ පරපුරේ පැවති පොදු රෝගී තත්ත්වයක් බවට හඳුනාගනු ලැබිණි. ටුටන්කාමන් රජුට පෙර සිටි රජුවරු තිදෙනකුද මේ රෝගයෙන් අඩු වයසින් මිය ගොස් තිබුණි. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ටහබැජදප්ිඑස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හෝමෝන දුර්වල වීමේ ආසාධිත තත්ත්වයකි. මෙය අප දන්නා මැලේරියා රෝගී තත්ත්වයට සමාන රෝගී තත්ත්වයක් ලෙසද හඳුන්වන්නට පුළුවන.

ටුටන්කාමන්ගේ ශාපය

හොවාර්ඞ් කාටර් සොයාගත් ටුටන්කාමන් සොහොනේ දොරටුව වසා තිබූ කළු ගල් තැටියේ වැකියක් සඳහන් විය. එය සරලව පැවසුවහොත් ‘ටුටන්කාමන් රජුගේ දීර්ඝ නින්දට බාධා කරන්නවුන්ට මරණය සොයා එනු ඇත’ යනුවෙනි. ඒ දොරටුව බිඳින්නට පෙර දිනයේ කාටර්ගේ කැනරි කුරුල්ලාව නාගයකු ගිල දැමුවේය. ඉන්පසු කැණීම්වලට මුදල් සැපයූ කානවන් සාමිවරයා නිව්මෝනියාවෙන් මියයද්දී එදිනම ඔහුගේ බල්ලා ලන්ඩනයේදී මිය ගියේය. නිව්මෝනියාවට හේතු වූයේ මදුරු දෂ්ටයකි. එම දෂ්ටය සිදුව තිබුණේ කානවන් සාමිවරයාගේ මුහුණේය. ටුටන්කාමන් මමිය පරීක්ෂා කිරීමේදී එහිද එම ස්ථානයේම කැළලක් දැකගත හැකි විය.
කානවන් සාමිවරයාගේ මරණයෙන් පසු කැණීම්වලට සහය දැක්වූ සේවකයන් විශාල ප‍්‍රමාණයක් විවිධ හේතු මත මියයන්නට විය. ඒ අතරතුර කැණීම්වල සිටි පුරාවිද්‍යාඥයකු වූ ආතර් මේස් සිහිමුර්ජා වී මියගියේය. ඉන්පසු සොහොනට ඇතුළු වූ ජෝර්ජ් ගොල්වුඞ් උණ රෝගය උත්සන්න වීමෙන් මියගියේය. ඉන්පසු මියගියේ ටුටන්කාමන් සිරුර එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කළ පුද්ගලයා වූ අර්ච්බෝල්ඞ්ය. එතෙක් මෙතෙක් කල් ටුටන්කාමන් හා සම්බන්ධව එම ශාපයට ලක්වූ පිරිස අතිවිශාලය. එහෙත් එකම පුදුමය නම් ටුටන්කාමන් සොහොන සිතුවිල්ලෙන් දැක එය සොයාගත් හොවාර්ඞ් කාටර් මෙම ශාපයට මැදි නොවීමයි.
මිසර කාන්තාරය ඇසට පෙනෙන දේ පමණක්ම සත්‍ය නොවන බව ලෝකයට පෙන්වා දුන් ක්ෂේම භූමියකි. මිථ්‍යාව හා පුරාවෘත්ත සත්‍ය බවට පත්කිරීමෙන් දිනෙන් දින ලෝකයට සිතන්නට යමක් මතුකර දෙන මිනිසුන්ගේ දේශයකි.
මේ පසුබිම තුළ ඉහත කී පර්යේෂකයන්ගේ මීළඟ පර්යේෂණ ප‍්‍රයත්නය අභියෝගයක් මෙන්ම දිනෙන් දින අලූත් වන මිසරය ආශ‍්‍රිත පුරාවෘත්තය ජීවමාන වීමක්ද වනු නොඅනුමානය.

කාංචන ගීත මනමේන්ද්‍ර