Thursday, August 8, 2013

කුණඩලීණී ශක්තිය 01

කුණඩලීණී ශක්තිය ලෙස අදහස් වනුයේ කුමක්ද කියා සරලව තේරුම් ගත නොහැක්කකි. ඈත අතීතයේ ජීවත් වූ ඍෂිවරු පවා මෙම කුණඩලීණි ශක්තිය හැඳින් වීම උදෙසා විිවධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලීය. 
ඇත්තෙන්ම කුණඩලීණි ශක්තිය යනු කුමක්ද? කුණ්ඩලීණිය යනු බඹයක් පමණ උස වූ මිනිස් ශරීරය තුළ ඇති අති මහත් වූ ශක්තියකි. වෛදික ක‍්‍රමවේදයක් තුළ එය විග‍්‍රහ වෙනුයේ විශ්වය තුළ ඇති අපරිමිත ශක්තිය මිනිස් සිරුරක් තුළට කැටි කිරීමක් ලෙසය.

පරමාත්මය හා ජීව ආත්මය
විශ්වය යනු එකම ශක්ති ගබඩාවක් බව අප කවුරුත් දන්නා කරුණකි. අප විශ්ව ශක්තිය ලෙස කතා කරන්නේ එයයි. මැරි මැරි උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ ‘පරමාත්මය’ නම් වූ අති විශාල වූ විශ්ව ශක්ති ප‍්‍රබවයකි. මිනිසකු උපදින විට මෙම පරමාත්මයෙන් කොටසක් ඔහු තුළට එකතු වෙයි. එය ‘ජීව ආත්මය’ ලෙස හඳුන්වනු ලබයි.
පරමාත්මය යනු අති ප‍්‍රබල විශ්වීය ශක්තියකි. ඒ තුළ ඇත්තේ විශ්වයේ සකල විධ බිහි වීමයි. සකල විධ පැවැත්මයි. එසේම සකල විධ විනාශයයි. මෙය සරල වචනයකින් පවසතොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඥානය මේ තුළ පවතී. අප සියලූ ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය තුළින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි.

ත‍්‍රි ගුණය

ද්වාපර යුගයේ විශ්වයේ පාලන ශක්තීන් ලෙස විග‍්‍රහ කළ සාත්වික්, රජමික්, තමසිත් යන ත‍්‍රී ගුණයන් හරහාද විග‍්‍රහ වූයේද මෙම පරමාත්මයේ වූ ශක්ති ස්වරූපයන්ය.
සාත්වික - බ‍්‍රහ්ම - නිර්මාණය කිරීම
රජසික් - විෂ්ණු - පවත්වාගෙන යෑම
තමාසික් - ශිව - විනාශය
පරමාත්මයෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් ශක්ති ප‍්‍රභවය මිනිස් සිරුර තුළ තැම්පත්ව ඇත්තේ කොඳු ඇට පෙළේ අවසන් පුරුකට යටිනි. සරලව පවසතොත් ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ගුදය ආසන්නයේය්. මේ අසීමාන්තික වූ ශක්තිය කොදු ඇට පේළිය ආධාර කොට ගනිමින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කිරීම සිදුවේයි. මිනිස් ශරීරය යන්ත‍්‍රයකට සමාන කළහොත් මෙම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය බල මූලාශ‍්‍ර හයක් ඔස්සේ පාලනය කෙරෙයි. අප චක‍්‍ර ලෙස හඳුන්වන්නේ මෙම බල මූලාශ‍්‍රයි.

චක‍්‍ර හත

මිනිස් ශරීරය තුළ චක‍්‍ර හතක් පවතින මුත් ශරීර යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා අවශ්‍ය වනුයේ චක‍්‍ර හයක් පමණි.

1. මූලාධාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය (නාභි චක‍්‍රය*
4. අනාභාත
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය (සහස්සර*

මෙම චක‍්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක‍්‍රයයි. සහස‍්‍රා නැතහොත් සහස්සර චක‍්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස‍්‍රා චක‍්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක‍්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක‍්‍ර හයකි. මෙම චක‍්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. මා පෙර සඳහන් කළ පරිදිම ඒ ඒ චක‍්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක‍්‍රියාකාරිත්වය පාලනය වෙයි.

මූලාධාර චක‍්‍රය

ජීව ශක්තිය සැඟව ඇත්තේ මේ තුළයි. මේ චක‍්‍රය තිකෝණයකින් සංකේතවත් වෙයි. ඒ වටා පෙති හතරක මලකි. ඉඩා නාඩිය, පිංග නාඩිය හා සුසුම්නා නාඩිය නැතහොත් ගින්දර, හිරු හා සඳු යන ශක්තින් එකවර බල ගැන්විය හැක්කේ මෙම නාඩිය හරහාය. මෙය පිහිටා ඇත්තේ ගුදය යට කොදු ඇට පේළියේ මුලය. තුන්කල් දැකීම හා අධි මානසික ශක්තින් මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් ලබාගත හැකි වේ. මෙය වර්ණවත් රතු පැහැයයි.

ස්වාධිෂ්ඨාන චක‍්‍රය

මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ ලිගේන්ද්‍රයන් මුලය. එක් පුරුෂයකු හා එක් ස්ත‍්‍රියක් මනා සිහියෙන් යුතුව සිදුකර ලිංගික එක්වීම් හරහාද මෙම චක‍්‍රය අවධි වෙයි. එවිට ශරීරයේ සියලූ චක‍්‍ර බල ගැන්වීමක්ද සිදුවෙයි. රවුම් හැඩයකින් හා පෙති හයකින් මෙම චක‍්‍රය හැඳින්වෙයි. මෙම චක‍්‍රය තැඹිලි පැහැයෙන් යුක්තය. ලිංගික ශක්ති රඳවා පවතින්නේ මේ හරහාය. මෙම චක‍්‍රය පාලනය කිරීමෙන් භෞතික ආශාවන්වලින් නිදහස් වේ.

මණිපුර චක‍්‍රය

මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ නාභිය අසලය. නාභියට අඟලක් යටින් මෙය පිහිටයි. මෙම චක‍්‍රය ශරීරයේ අග්නිය පාලනය කරනු ලබයි. ආහාර නිසි ලෙස පාලනය කිරීමේ ශක්තිය මේ හරහා ක‍්‍රියාත්මක වෙයි. මණිපුර චක‍්‍රය ත‍්‍රිකෝණාකාර හැඩයකින් සහ පෙති දහයක මලකින් සංකේතවත් කෙරෙයි. මෙහි වර්ණය වනුයේ කහ පැහැයයි.
මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් විශ්වීය ඥානය ලැබෙන අතර අන් අයගේ රෝග සුව කිරීම උදෙසා දිව්‍යමය බලයන් ලබා ගැනීමේ හැකියාව උදා වෙයි.

අනාභාත චක‍්‍රය

ඕනෑම අයෙකුගේ හදවත තුළ පිහිටා ඇති් මෙම චක‍්‍රය මඟින් ශරීරයේ රුධීර සංසරණය, රුධිරය පිරිසුදු කිරීම මෙන්ම රෝග පාලනයද යහපත් වෙයි. මෙම චක‍්‍රය කොළ පැහැයෙන් යුක්තය. ශරීරයේ වායෝ ගුණය පාලනය කරන්නේද මෙම චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්ව හරහාය.
සයකොන් තරුවක් ලෙස දිස්වන මෙම චක‍්‍රය වටා පෙති දොළසක මලක් දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ පවතින විශේෂත්වය වනුයේ මෙම චක‍්‍රය බල ගැන්වීම හරහා විශ්වයේ ඇති ශබ්ද උකහා ගැනීමටවත් සියුම් ශබ්ද ශ‍්‍රවණය කිරීමේ හැකියාවත් ලැබෙයි. අදෘශ්‍යමාන ආත්මයන් දැකීම හා ඔහුන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව මේ හරහා ලබාගත හැකි වෙයි. එනම් පියවි ඇසට නොපෙනන දේ බැලීමේ හැකියාවයි.

විශුද්ධි චක‍්‍රය

මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ උගුරු ඇටයට පහළින් ඇති වළ තුළය. පුද්ගලයකුගේ කතාව මෙන්ම කතාව හරහා අන් අය ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව පාලනය කරන්නේ මේ චක‍්‍රයයි. දුක හා බිය පාලනය වන්නේද මේ හරහාය.
පෙති දහසක් ඇති මලකින් මෙම චක‍්‍රය සංකේතවත් වෙයි. මෙහි වර්ණය වන්නේ නිල් පැහැයයි. මෙ චක‍්‍රය බලගැන්වීමෙන් තම අදහස් අන්‍යයන් අතර ප‍්‍රචලිත වන අතර නිරුත්සාහිකව කව සත්‍ය තොරතුරු පැවසීමේ හැකියාව උදාවෙයි.

ආඥා චක‍්‍රය

මෙය පිහිටා ඇත්තේ නළල් තලයේ මැද නැතහොත් දේ බැම අතරය. අප තෙවන ඇස ලෙස හඳුන්වන්නේද මෙයයි. ඕම් සල කුණින් මෙන්ම පිරුණු මල් පෙති දෙකකින් මෙම චක‍්‍රය හඳුනාගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ වර්ණය දම් වන අතර සමහර අවස්ථාවලදී ලා කොළ පැහැයෙන්ද මෙය දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රය අවධි කිරීමෙන් එයට පහළින් ඇති චක‍්‍ර පහේම පාලනය අතට ගත හැකි බව වෛදික සාම්ප‍්‍රදායේ විශ්වාසයයි. එනම් චක‍්‍ර රිමෝටය ඇත්තේ මේ තුළයි.
මෙම චක‍්‍රය අවධි කිරීම හරහා අන් චක‍්‍රවල පාලනය සක‍්‍රිය කිරීමත් තෙවන ඇසින් ලොව දැකීමේ ශක්තිය, සියලූ විෂයන් ගැන දැණුම ලැබෙයි. විශේෂයෙන්ම පිටසක්වළ නැතහොත් වෙනත් ලෝක, ජීවයේ ආරම්භය ආදි කරුණු පිළිබඳ දැණුම පහළ වීම සිදුවෙයි. අන් පුද්ගලයන්ගේ කර්මය අවබෝධ කර ගැනීම සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාවද මේ හරහා උදා වෙයි. කර්මයේ නිවස්නය ලෙස මෙම චක‍්‍රය හඳුන්වන්නේ එබැවිණි.

සහස්සර (සහස‍්‍රා) චක‍්‍රය

මෙම චක‍්‍රය මොළය තුළ පිහිටා ඇත. එහෙත් මාගේ දැණුමට අනුව නම් මෙය පිහිටා ඇත්තේ හිසට ඉහළකි. පරමාත්මය හා ජීව ආත්මයේ එක්වීම නැතහොත් විශ්වී ඥානය හා එක‍්‍රාගු වීම මෙයින් අදහස් වෙයි. පෙති දහසක මලක් ලෙස මෙය දැකගත හැකි වෙයි. මෙම චක‍්‍රය අවධි කිරීමෙන් අමරණීයත්වයට පත්වන බවත් සිරුර වයසට යෑම පාලනය කළ හැකි බවත් කියවෙයි. වර්තමාන කාලයට සාපේක්ෂව බලන විට උපරිම ආයුෂ කාලය (අද 75* හොඳින් ගත කිරීමද අමරණීය වීමකි.
මේ ආකාරයට කුණ්ඩලිනී චක‍්‍රවල ක‍්‍රියාකාරිත්වය හඳුන්වා දිය හැකි වෙයි. ඒ ඒ චක‍්‍රයට අදාළ වර්ණ, යන්ත‍්‍ර, මල් පෙති, සත්ව රූප අක්ෂර පවතින අතර භාවනා හෝ යෝග වැඩිම්වලදී මෙම සෑම දෙයක්ම දැක ගැනීමේ අවස්ථා උදාවන්නේ නැත. චක‍්‍ර අවධි වීමකදී එක් එක් ස්වභාවයන් දැකගත හැකි වෙයි. එය වර්ණය, මල් පෙති හෝ සත්ව රූප ආදියෙන් එක්ක වීට ඉඩ ඇත.
අන් කාරණය වනුයේ චක‍්‍ර බලගැන්විය ආත්මීය හුරුව මත ඉතා ඉක්මනින් හෝ කල්ගත වීම සිදුවීමට ඉඩ කඩ පවතී. අප එය ඛසබන වීම නැතහොත් සහ සම්බන්ධ වීම ලෙස හඳුන්වනු ලබයි.
භෞතික අපේක්ෂා උදෙසා චක‍්‍ර බල ගැන්වීම බනොහැකි අතර චක‍්‍ර බලගැන්වීම නැතහොත් පරමාත්මය හා සහ සම්බන්ධ වීම තුළින් කළ හැකි වන්නේ සමාජයීය කාරණාවන්ය. එය මඟ පෙන්වීම, දැනුම ලබාදීම හෝ ගැටලූ විසඳීම ආදී ක‍්‍රමයෙන් හරහා ප‍්‍රායෝගිකත්වයට පත් කළ හැකි වෙයි. අතීත හෙළය තුළ ඍෂිවරු මුණිවරු තම දැනුම සමස්ත සමාජය වෙත බෙදා දුන්නේ එබැවිනි.

කාංචන ගීත මනමේන්ද්‍ර

කුණඩලීණී ශක්තිය 02

චක‍්‍රවල යථාර්ථය 

චක‍්‍ර හුදෙක්ම මිනිස් ශරීරයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා උපයෝගී වන ස්වභාවික යාන්ත‍්‍රණයේ ප‍්‍රපංච සයයි අප රෝගී  බවට පත්වීම, ශාරීරක ආබාධ මතුවීම ආදි අවස්ථාවලට මැදි වනුයේ ඒ ඒ චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය ගැටලූ සහගත තත්ත්වයට පත්වන විටදීය. උදාහරණයක් ලෙස අනාභාත චක‍්‍රය නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවන අවස්ථාවලදී හෘද රෝග වර්ධනය වීමත්, රුධිර ගමනාගමනය අක‍්‍රමවීමත් සිදුවෙයි. එසේම ස්වඅධිෂ්ඨාන චක‍්‍රය අක‍්‍රමවත් ආකාරයෙන් ක‍්‍රියා කිරීම හේතුවෙන් දරුඵල  නොලැබී යෑම මෙන්ම ස්ත‍්‍රී පුරුෂ ශක්තිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට බාධා මතුවෙයි. සෑම චක‍්‍රයකම ස්වාභාවය මෙයයි.

අප චක‍්‍ර බලගැන්වීම යන්න හරහා සිදු කරනු ලබන්නේ මෙම චක‍්‍ර මනා ක‍්‍රියාකාරිත්වයට පත්කර ගැනීමයි. චක‍්‍ර බලගැන්වීමේදී තම මනස මූලිකව මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එනම් ශරීරය සමතුලිත කිරීම හා මනා ක‍්‍රියාකාරිත්වයකට පත් කිරීම හැර කුණ්ඩලිණියේ වෙනත් ඉලක්ක උදෙසාම චක‍්‍ර බලගැන්වීම නොකළ යුතුය. එය අසාර්ථක උත්සහයකි. මෙය උදාහරණයක් ඇසුරින් විග‍්‍රහ කළහොත් අපගේ ශරීරය යතුරු පැදියකට සමාන කළහොත් නියමිත ලෙස සිදුකරන ‘සර්විස්’ මඟින් වාහනය උපරිම ලෙස ක‍්‍රියාකාරිත්වයට පත්කරගත හැකි වෙයි. එය නොසලකා හැරි විට සිදුවන්නේ ටිකින් ටික වාහනය අබලන් වීමයි. අප බයිසිකලය සර්විස් කළ පමණින් එයට අති වේගයක් හෝ වෙනත් අරුම පුදුම ශක්තියක් එක් වන්නේ නැත. එය හොඳින් තේරුම් ගත යුතු පළමු නියමයයි.
පළමු නියමය යැයි කියූ සැණින් දෙවැනි නියමයක්ද ඇතැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. මිනිස් ශරීරය හා යන්ත‍්‍ර සූත‍්‍ර අතර ඇති විශේෂත්වය වන්නේ යන්ත‍්‍ර සූත‍්‍ර මෙන් නොව මිනිස් ශරීරය අනුවර්තනය කළ හැකි වීමයි. එනම් කටහඬ පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට මිහිරි ලෙස කතා කළ හැකි වෙයි. දෙපා පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට අන් අය පරදා දිව යා හැකි වෙයි. බාහු ශක්තිය පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් යකඩ කඩා දමන්නට හැකි වෙයි. මෙලෙසෙ ශරීරයේ  ඕනෑම තැනක් කෙරෙහි දක්වන වැඩි අවධානය හරහා අන් අයට වඩා වැටි දෙයක් එම අවයවයෙන් කළ හැකි වෙයි. කුණ්ඩලීනි චක‍්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නාටද හිමිවන ප‍්‍රතිලාභය එයයි. අන් අයට කළ නොහැකි මූලක කාර්ය හතක් කිරීමේ සරල අවස්ථාව ඔහුනට උදාවෙයි.

චක‍්‍රඵල බෙදීමක්

අප ශරීරය තුළ පිහිටා ඇති මෙම චක‍්‍ර ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුනු ලබයි.

භෞතික ශරීර පාලනය
1. මූලාදාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය    
3. මණිපුර චක‍්‍රය

ශුද්ධ ශරීර පාලනය
4. අනාභාත චක‍්‍රය - 

ආධාත්මිකත්ව පාලනය
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය      
7. සහස‍්‍රා චක‍්‍රය

මෙහිදී භෞතික ශරීරය හා ශුද්ධ ශරීරහ (්ිඑර්ක* අතර සබඳතාවය පවත්වා ගැනීම සිදුවන්නේ අනාභාත චක‍්‍රය හරහාය. අප මෙම චක‍්‍රය අවධි කිරීම හරහා ශුද්ධ ශරීරය අපේ අවශ්‍යතා කරා මෙහෙය විය හැකි වෙයි.


කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම

කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම උදෙසා භාවිත වන ක‍්‍රම කිහිපයකි.
1. ප‍්‍රාණයාම
2. මංත‍්‍ර භාවිතය
3. ඖෂධ මඟින්
4. සංසර්ගය 
5. කම්පන තරංග භාවිතය

ප‍්‍රාණයාම

ප‍්‍රාණ යනු ශක්තියයි. ශරීරය තුළ සැඟව ඇති ජීව ශක්තිය නිසි පාලනයකට ලක් කිරීම හරහා ශරීරය තුළ ඇති චක‍්‍ර ක‍්‍රියාත්මක කිරීම මේ ක‍්‍රමය හරහා සිදුවෙයි.
ජීව ශක්තිය පාලනය කිරීම උදෙසා මෙහිදී සරලව සිදුකරන්නේ හුස්ම පාලනයකට ලක් කිරීමයි. හුස්ම ගැනීම, රඳවා ගැනීම, පිට කිරීම සිහියෙන් කිරීම ප‍්‍රාණයාමයේ මූලිකම පියවරයි.
ප‍්‍රාණයාමා හරහා අප බලාපොරොත්තු වන්නේ අප තුළ සැඟව ඇති ජීව ශක්තිය එළියට ගැනීම හා පරමාත්මයෙවහි ශක්තිය ශරීරය තුළට ගැනීමත්ය.
අප සාමාන්‍ය ලෙස හුස්ම ගන්නා විට කටෙන් හෝ නාසයෙන් හුස්ම ගැනීම පිට කිරීම සිදුකරන්නට පිළිවන. එහෙත් වැඩි වශයෙන් සිදුවන්නේ නාසයෙන් හුස්ම ගැනීම හා පිට කිරීමයි. මෙතැනදී ඔබ නොදත් කරුණක් ඇත. එනම් සෑම විටම ක‍්‍රියාත්මක වන්නේ අපේ එක් නාස් පුඩුවක් පමණක්ය යන්නය. එනම් ඔබ පැය කිහිපයක් එක දිගට හුස්ම ගන්නේද පිට කරන්නේද දකුණු නාස් පුඩුවෙනි. ඉන්පසු වම් නාස්පුඩුවට මාරවෙයි. පැය කිහිපයක් වම් නාස් පුඩුව භාවිත කරනු ලබයි. මෙය පැය කිහිපයකට වරක් මාරුවෙයි.
ප‍්‍රාණයාම හරහා සිදු වන්නේ මෙම ස්වාභාවික ක‍්‍රියාවලිය රිද්මයකට හරවා එය මනසේ පාලනයට නතු කිරීමයි. මේ හරහා ශරීරයේ ඇති සියලූ චක‍්‍රවල අයහපත් ක‍්‍රියාකාරිත්වය වෙනුවට යහපත් ක‍්‍රියාකාරිත්වයක් එක් කළ හැකිවෙයි.

ප‍්‍රාණයාම ඇරඹීම

ප‍්‍රථමයෙන් පද්මාසනය ආකාරයට වාඩි වී කඳ කෙළින්ව තබා දකුණ අතේ මාපට ඇඟිල්ලෙන් දකුනු නාස් පුඩුව වසන්න ඉන්පසු වම් නාස් පුඩුවෙන් හොඳින් හුස්මක් ගන්න. මෙම හුස්ම ගැනීම තත්පරයක් (1* තුළ සිදුකරන්න. ඉන්පසු දකුණු අතේ මැද ඇඟිල්ල සහ වෙද ඇඟිල්ල උපයෝගී කරගෙන තත්පර 4ක් වම් නාස්පුඩුවත් වසාගෙන හුස්ම රඳවා තබා ගන්න. 
ඉන්පසුව දකුණු නාස්පුඩුව හැර තත්පර දෙකක් තුළ හුස්ම පිට කරන්න. එනම් 1:4:2 යන අනුපාතය මත මෙම හුස්ම ගැනීම රඳවා ගැනීම හා පිටකිරීම කළ යුතුය. ඉන්පසු එලෙසම වම් නාස් පුඩුව වසාගෙන දකුණින් හුස්ම ගෙන රඳවා තබාගෙන වමෙන් පිට කළ යුතුවෙයි.  මෙය ප‍්‍රාණයාමයේ එක් වටයකි. මෙම අනුපාතය එක් එක් සතියේදී 1:4:2, 2:8:4, 3:12:6 ආදී ලෙසින් වර්ධනය කළ යුතුවෙයි. ආධුනිකයා මෙම ප‍්‍රාණයාම වට 3ක් උදය වරුවේදී තවත් 3 හවස් වරුවේදී යෙදිය යුතුය. වැඩි කාලයක් යෙදීම සුදුසු නැත.

හෙළ ක‍්‍රමවේදය

චක‍්‍ර අවදි කිරීම උදෙසා භාවිත වන හෙළ ක‍්‍රමවේදයන් මෙයට වෙනස් වෙයි. එහිදී පහළ සිට ඉහළට චක‍්‍ර අවදි කිරීම වෙනුවට ඉහළ සිට පහළට ශක්ති ගමන් කරවීම හරහා චක‍්‍ර ක‍්‍රියාත්මකද කරවීම පාලනයකට ලක් කරනු ලබයි. එනම් පරිබාහිර ශක්තියක් තුළින් චක‍්‍ර බලගැන්වීමයි. එය බසින ලද බැටරියක් චාර්ජරයක් හරහා ආරෝපණය කර වාහනයකට යෙ¥ පසු එහි බලය පවත්වාගෙන යා හැකි වීමට සමාන වෙයි.
මේ උදෙසා භාවිත වනුයේ ශක්ති යේග (රුද්‍ර යෝග* ක‍්‍රමවේදයන්ය. ශක්ති යෝග අතර ප‍්‍රධානතම යෝගය වනුයේ ‘අදිති ශක්ති යෝගයයි’ අදිති යනු සූර්යයාට යෙදෙන තවත් නමකි. මෙය සරලව පවසතොත් සූර්ය භාවනාවකි. සූර්යයා යනු මහා ශක්ති ප‍්‍රභවයකි. ඒ මහා ශක්ති ප‍්‍රභාවයෙන් අපේ ශරීර තුළ ඇති චක‍්‍ර බල ගන්වා ගැනීම මේ භාවනාව තුළින් සිදුවෙයි.


අදිති ශක්ති යෝග

සූර්යා නැ`ග එන විට ස්වාභාවික පරිසරයට නිරාවරණය වූ නිදහස් භූමියක සිට භාවනාවට සූදානම් වන්න. ප‍්‍රථමයෙන්ම තම දෙඅත් හිසට ඉහළින් උඩටම ඔසවා සත් වතාවක් සූර්ය නමස්කාරයේ යෙදිය යුතුය. ඒ සඳහා  ඕම් ආදිත්‍යාය නමඃ* යන මංත‍්‍රය භාවිත කළ යුතුය. මෙම නමස්කාරයේදී දකුණු කකුල ඔසවා යටි පතුල වම් දණහිස් අසලින් තබා ගැනීම වඩ ාසුදුසුය. ඒ කැපවීම හා භක්තිය පිළිබඳ සංකේතයයි.
ඉන්පසුව පද්මාසනයේ නැතහොත් ඔබට පහසු ආකාරයට භාවනා කිරීමට යෝග්‍ය ලෙස අසුන ගෙන දෙඅත් කෙළින් සිටින සේ (වැලිවිටෙන් නවා නොගෙන* දණිස් මත තබා ගන්න.
මෙහිදී අත්ල පිහිටි යුත්තේ ඉහළටය. ඉන්පසු මාපට ඇඟිල්ල හා දඹර ඇඟිල්ල එකිනෙක ස්පර්ශවන ලෙස තබාගත යුතුය.
මෙලෙස ඇඟිලි හා අත්ල පිහිටුවා ගැනීමට හේතුවක් ඇත. එය ප‍්‍රධාන කාරණා දෙකකි.
1. මාපට ඇඟිල්ල බ‍්‍රහ්මන් (පරමාත්මය* නිවේදනය කරනු ලබන අතර දඹර ඇඟිල්ල අපගේ රජස් ස්වාභාවය (අභිමානය* පෙන්වයි. අභිමානය බ‍්‍රහ්මන් හමුවේ නම්‍යශීලි කිරීම මෙයින් ගම්‍ය වෙයි. එනම් අපේ අභිමානය අත හැරීමයි.
2. දඹර ඇඟිල්ල පස්වන චක‍්‍රය වන විශුද්ධ චක‍්‍රයත් මාපට ඇඟිල්ල දෙවන චක‍්‍රය වන ස්වඅධිෂ්ඨානය චක‍්‍රයත් පාලනය කරනු ලබයි. අපේ අත්ල මුල පළමු චක‍්‍රය වන මූලාධාර චක‍්‍රයත්, මධ්‍යයෙන් හත්වන චක‍්‍රය වන සහස‍්‍රා චක‍්‍රයත් පාලනය කෙරෙයි.
මෙහිදී ඇඟිලි දෙක එකිනෙක ස්පර්ශ කළ විට අත්ල උඩ ස්වාභාවික පිරමීඩයක් (ශක්ති කේන්ද්‍රයක්* නිර්මාණය වෙයි. 1, 2, 5 යන පාදයන් ඒ සඳහා මුල් වෙයි. මෙම පිරමීඩයේ මධ්‍යය වනුයේ 9 වන චක‍්‍රය වන සහස‍්‍රා චක‍්‍රයයි.
මේ හරහා සිදුවන්යේ සූර්යයාගේ සිට එන ශක්තිය අත්ල මත ගොඩ නැගෙන පිරමීඩය හරහා චක‍්‍ර වෙත ගමන් කරවීමයි.
සාමාන්‍යයෙන් සිංහල පැයක කාලයක් මෙම යෝගය වැඩිය යුතුය. සිංහල පැයක් යනු වත්මන් ඔරලෝසුවෙන් විනාඩි 24කි. එහිදී විනාඩි 7කට වරක් මාපට ඇඟිල්ල හා සම්බන්ධ වන ඇඟිල්ල වෙනස් කිරීමේ හැකියාවද පවතී.

1. මාපට ඇඟිල්ල - 2 - ස්වඅධිෂ්ඨානය
2. දඹර ඇඟිල්ල - 5 - විශුද්ධි
3. මැද ඇඟිල්ල - 3 - නාභි
4. වෙද ඇඟිල්ල - 6 - අඥා
5. සුලඟිල්ල - 4 - අනාභාත

නමුත් වැඩි වශයෙන් මුලින් මා සඳහන් කළ ක‍්‍රමය පමණක් භාවිතයට ගනු ලබයි. මෙහිදී මතක තබා ගත යුතු කාරණය වන්නේ සියලූ ඇඟිලි මාපට ඇඟිල්ලට සම්බන්ධ කළ යුතු වෙයි. අනෙක වනුයේ කුමන ඇඟිල්ල යොදාගත්තද දඹර ඇඟිල්ල සූර්යයා දෙසට දික් නොකර නම්‍යශීලීව පවත්වාගෙන යා යුතු වෙයි.
මෙම භාවනාව යෙදිය යුත්තේ උදෑසන කාලයේදී පමණි. මෙම භාවනාවෙදි අත්ල තුළ ගොනුවන ශක්තිය තම මනසින් එක් එක් චක‍්‍රය වෙත ගෙන ආ යුතු වෙයි. අදාළ ඇඟිල්ල හරහා කහ පැහැති ශක්ති ධාරාවක් සිතින් මවාගෙන අදාළ චක‍්‍රය වෙත ශක්ති ධාරාව රැුගෙන ආ යුතු වෙයි. මෙය ඉතා ප‍්‍රබල ශක්ති භාවනාවකි.







No comments:

Post a Comment