දෙමළ නිජබිම වෙනුවෙන් හැදෙන
හින්දු කෝවිල් 64
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් අප රට හඳුන්වන්නට වූයේ මෑත අතීතයේ සිට වුවත් ඒ මුතු ඇටයේ වටිනාකම ඈත අතීතයේ සිටම ලෝකයා දැන සිටියේය. සුරයන්ගේ සිට ඉංග‍්‍රීිසින් දක්වා චෝළ, සොළී, පාණ්ඩ්‍ය, පෘතුගීසි හා ලන්දේසි
යන විවිධ ජාතීහු අප රට අල්ලා ගන්නට උත්සහ දැරුවේ ඒ වටිනාකම නිසාමය. ලන්දේසි, පෘතුගීසි හා ඉංග‍්‍රීසි ආක‍්‍රමණවලින් අප රටට සිදුවූ හානියට වඩා වැඩි හානියක් මෙන්ම වැඩි ආක‍්‍රමණයන් ප‍්‍රමාණයක්ද එල්ල වූයේ දකුණු ඉන්දියානු රාජ්‍යයන් වෙතිනි. අනුරාධපුර පොළොන්නරු රාජධානි සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නට තරම් දකුණු ඉන්දියානු ආක‍්‍රමණ බලවත් විය.
දකුණු ඉන්දියානු බලපෑම්වලට බොහෝ සෙයින් හේතුවූයේ ලංකාවේ බලය අල්ලා ගැනීමට වඩා ලංකාවේ වතුවල බලය පාලනය කිරීමේ අවශ්‍යතාවකි. එයට බොහෝ සෙයින් හේතු වනුයේ රාම රාවණ නම් වූ ඓතිහාසික පුරාවෘත්තයයි. ඉන්දියාව වූ කලී රාම රාවණ කතාව දේවත්වයෙන් අදහන රටක් වීමත් රාම හා විෂ්ණු භක්තිකයන් එහි බලවත්ව සිටීමත් මේ ආක‍්‍රමණයන්ට බොහෝ සෙයින් හේතු විය. රාම රාවණ පුරාවෘත්තයට වසර පන්දහස් ගණනක් ගෙවීගොස් ඇතත් ලංකාව ආර්ථිකමය හෝ දේශපාලනිකව ශක්තිමත්ව නැගී සිටින සෑම අවස්ථාවකදීම අප රටට එල්ල වන්නා වූ ඉන්දීය බලපෑමට තවමත් හේතු කාරණා වනුයේද එයමය. එනම් දකුණු ඉන්දියානු ලංකා විරෝධය හරහා ඉන්දියානු මධ්‍යම රජය වෙත ඇතිකරනු ලබන පීඩනයයි.
ඉන්දියාව තුළ ප‍්‍රාන්ත විසි හතක් පැවතියත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන්නට දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත කිහිපයට හැකියාව තිබේ. මෙය ලංකාව හා ඉන්දියාව අතර යහපත් සබඳතාවක් ගොඩනොනැගෙන්නට මෑත යුගයේ ඇති ප‍්‍රධානතම බාධාවද වෙයි. අප මෙය ආර්ථිකමය දේශපාලනිකමය පාගා දැමීමක් ලෙස පමණක් දුටුවද මේ වනවිට ඉන්දියානු රහස් ඔත්තු සේවා පවා මැදිහත් වූ ඉතා සූක්ෂ්ම සොබාදහම් ශක්ති පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් හරහා ලංකාවේ නැගී සිටීම පාලනය කිරීමට දරන උත්සහයන් පිළිබඳද තොරතුරු හෙළි වෙමින් පවතී.
2008 වසරේදී සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය හරහා කි‍්‍රයාත්මක වූ ඍ්ප්හ්බ් එර්සක සබ ක්‍්බන් නැතහොත් රාමායන ගමන් මඟ වැඩසටහන හරහා රාම කුමරා ලංකාවට පැමිණ රාවණ පරාජය කළ කතාවට අදාළව ඉන්දියානු සංචාරක අවශ්‍යතා මත නිර්මාණය වූ මාර්ග සටහනක් හා ස්ථාන කරා සංචාරකයන් ගෙන යෑමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක විය. මෙම වැඩසටහනේ පැවති ගැටලූ සහගත තත්ත්වයට එකල්හී දේශීය සංවිධානවලින් බලපෑම් එල්ලවීම හරහා යම් මට්ටමකට අඩපණ වුවද එහි අයහපත් වූ බලපෑම යළි කි‍්‍රයාත්මක වෙමින් පවතී. මෙහි පවතින පළමු ගැටලූව වනුයේ මෙම රාම
ගමන්මඟ දිගට සවිකිරීම උදෙසා හනුමාන් පිළිම ඉන්දියානු මැදිහත් වීම හරහා ලංකාවට ලැබීමයි. රාම හිතවාදීන් මේ හරහා ලංකාවේ මතුවීම ඉතා සූක්ෂ්මව යටපත් කිරීමේ සැලසුමක් කි‍්‍රයාවට නගා ඇති බව ස්වාභාවික ශක්තීන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ මතයයි. මෙසේ රැුගෙන ආ පිළිමවලින් කිහිපයක් මේ වනවිටත් සවිකර අවසානය. සංචාරක ප‍්‍රවර්ධනය යටතේ මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වුවද එහිදී නිසි ගවේෂණයකින් තොරව ලංකාවේ ශක්ති කලාප ලෙස ඉන්දියානුවන් මේ වනවිට හඳුනාගත් ප‍්‍රදේශ ඔස්සේ මෙම සංචාරය නිර්මාණය කර ඇත. ඒ අනුව පෙනී යන්නේ හුදෙක්ම මෙය දේශීය අවශ්‍යතා මතින් නිර්මාණය වූවක් නොවන බවය.
මෙම සංචාරයත් සමග සීතා දේවිය අග්නි පරීක්ෂාවට ලක් වූ ස්ථානය ලෙසින් පෙන්වා දුන් වර්තමාන වැලිමඩ දිවුරුම් හෙළ රජමහා විහාර භූමිය ලංකාවේ ඉහළින්ම ඇති ශක්ති කලාපයයි. මේ තුළ ඉදිකරන්නට යන සීතා කෝවිල ලංකාව තුළ ඉදිකරන්නට සැලසුම් කර ඇති රාම කෝවිල් හැටහතරින් ප‍්‍රධාන කෝවිලයි. එය සීතා කෝවිලක් ලෙසින් පෙන්වා දුන්නද මේ තුළ අඩි දාහතක් උස රාම පිළිමයක් ස්ථාපිත කෙරෙන බවත් එය මේ වනවිටත් ඉන්දියාවේ නිර්මාණය වෙමින් පවතින බවටත් ආරංචිමාර්ග හෙළිකරයි.
සති කිහිපයකට පෙර සීතා කෝවිලක් තනන්නට ඉන්දියාව එකඟ වූ බව මාධ්‍යයට වාර්තා වුවත් මෙයට වසර තුනක පමණ සිට දිවුරුම් හෙළ රජමහා විහාර භූමියේ රාම දෙවොල සහ රාම අධ්‍යයන කේන්ද්‍රයක් කි‍්‍රයාත්මක වෙමින් පවතියි. එසේ බලන කල අපට මතුවන ප‍්‍රධානතම ගැටලූව වනුයේ රජමහා විහාර භූමියක් තුළ කෝවිලක් නිර්මාණය වූයේ කෙසේද යන්නය. දෙවැනි කාරණය වූයේ ඉන්දියානු රාම සංචාරකයන් හෝ රහස් අවශ්‍යතා මත සීතා දිවුරුම් දුන් තැන ලෙස දිවුරුම් හෙළ පෙන්වා දුන්නද දේශීය හෙළ ගවේෂකයන් හා විද්වතුන් පෙන්වා දෙන්නේ දිවුරුම් හෙළ යනු යක්ෂ ගෝත‍්‍රයේ ප‍්‍රධාන සටන් මෙහෙයුම් මධ්‍යස්ථානය පැවති භූමිය බවය.
ඉන්දියානු පුරාවිද්‍යාව මේ වනවිට රාමායන හා මහාභාරත පුරාවෘත්ත අධ්‍යයනය හරහා සම්පූර්ණ කතාවටම අදාළ ගම් නගර මතුකරගෙන හමාරය. මේ රාම සංචාර, කෝවිල් පිහිටුවීම හා පිළිම සවිකිරීම හරහා රාම ව්‍යාප්තිවාදය පැතිරවීමේ දැඩි උත්සහයක් පවතින බව මේ වනවිට හොඳින්ම පෙනී යන කරුණකි.
රාම රාවණ යුද්ධයේදී විනාශ නොවී ඉතිරි වූ ගලකින් නිර්මාණය කරන ලද විශේෂිත රාම ස්වරූපී විෂ්ණු රූපයක් ලංකාවට එවීමේ ප‍්‍රබල උත්සහයක් පසුගිය කාලය තුළ පැවතියේය. කොළඹට ආසන්න ප‍්‍රධාන පන්සල් කිහිපයකින්ම මෙම පිළිමය සවි කිරීමට ඉඩක් වෙන් කිරීමට ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසක් හා ලංකාවේ කෝවිලක දමිළ පූජකයකු දැඩි වෙහෙසක් දැරූහ. උතුරේ යුද්ධය නිමාවීමට පෙර මෙය රට තුළට ගෙන ඒමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ පැවතියේය. මේ සඳහා ඔවුන් ඉදිරිපත් කළේද පුරාවෘත්තයකි. රාම කුමරු විභීෂණට වූ පොරොන්දුවක් ඉටු කරනු වස් මෙම පිළිමය ගෙන එන බවය. කුමනාකාරයෙන් හෝ එම පිළිමයද මේ වනවිට ලංකාවේ දොවොලක් තුළ සවිකර අවසානය.
අලූත්ම ඉන්දියානු කුමන්ත‍්‍රණය වනුයේ රාම ස්වරූපී නැතහොත් දකුණු ඉන්දියානු හුරුව සහිත රාවණ පිළිම ලංකාව පුරා පිහිටුවීමයි. මේ උදෙසා ඉන්දියා මවු සමාගමක් හරහා කි‍්‍රයාත්මක වන ලංකාවේ ප‍්‍රබල ව්‍යාපාරික ආයතනයක් මුදල් යොදවමින් සිටියි. පසුගිය කාලය තුළ මෙම රාම කතාවට පණපෙවීමට මුදල් යෙදවූ බොහෝ පිරිස් දමිළ ඩයස්පෝරාවේ ප‍්‍රබල චරිත ලෙස මේ වනවිට ලාංකේය බුද්ධි අංශ හඳුනාගෙන තිබීම හා සමහර පිරිස් ත‍්‍රස්ත කි‍්‍රයාවන් හරහා අත්අඩංගුවේ පසුවීම තුළම අපට පෙනීයන කරුණ වනුයේ රාම කතාවට පසුබිමින් ක‍්‍රියාත්මක වන්නා වූ ප‍්‍රබල වෙනත් අවශ්‍යතාවක් පවතින බවය.
ඇත්තෙන්ම මේ පසුබිමින් කි‍්‍රයාත්මක වන්නා වූ අවශ්‍යතාව කුමක් විය හැකිද? එය අනෙකක් නොව දමිළ ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව මතින් යළිත් වරක් දමිළ පිවිසුම්වාදය නැතහොත් නිජබිම් සංකල්පයට පණදීම උදෙසාය. 1982 වසරේදී දමිළ මහාචාර්යවරයකු වූ ඉන්ද්‍රපාල කාර්තිකේට් විසින් සොයා ගන්නා ලද රිදී මංජුසාවක වූ වචනයක් අනුව එය දමිළ වචනයක් සේ අර්ථකථනය කර දමිළ නිජබිම් රාම රාවණ යුගය දක්වා ව්‍යාප්ත වන බවට දමිළ පිවිසුම්වාදය ඉදිරිපත් කරලීය. එහෙත් ඒ මතය මහාචාර්ය රාජ් සෝමා දේවයන්ගේ ගවේෂණ හරහා බිඳ වැටුණු අතර ඔහු පෙන්වා දුන්නේ එහි සඳහන් වන්නේ ‘කෙවිට’ යන අර්ථය බවයි. මෙය පූජ්‍ය මානෑවේ විමලරතන හා ජලිත අමරසිංහ වැනි හෙළ ගවේෂකයන් පෙන්වා දෙන්නේ කේවේසස්ථා යන රාවණ රජුගේ මුුණුබුරන්ගේ නම මේ තුළ සටහන්ව ඇති බවය. මේ මතවාදයන් සමග ලෝකයම දෙමළ පිවිසුම්වාදය බැහැර කරලීය. ඒ කෙසේ වෙතත් යළිත් දමිළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත ඔස්ටේ‍්‍රලියාවේදී මහාචාර්ය ඉන්ද්‍රපාල කාර්තිකේට් දමිළ පිවිසුම්වාදය සනාථ කරමින් පොතක් එළි දක්වා ඇත.
මෙවන් පරිසරයක් තුළ රාම සංකල්පය අප රට තුළ ස්ථාපිත කිරීම හරහා උත්සහ දරනුයේ දමිළ පිවිසුම්වාදයේ මුල් ලංකා පොළොව තුළ පැළ කිරීමය. මෙයට ඉන්දියානු රහස් ඔත්තු සේවාවලද සහය ලැබෙමින් පවතින බවට පැහැදිලි සාධක මතුවෙමින් පවතී. කෙසේ වෙතත් රාම කෝවිල් හැටහතරක් ඉදිකරන්නට යන වැඩපිළිවෙළේ දෙපැති අදියරද කි‍්‍රයාත්මක වී අවසානය. වැල්ලවත්තේ ඉදිවූ රාමපුරම් නිවාස සංකීර්ණයද එහිම එක් කෙළවරකි.
ඉන්දියානු මහ කොමසාරිස් තනතුර සඳහා ලංකාවට පැමිණෙන සෑම පුද්ගලයකුටම තම නිල කාලය අවසන් වූ පසු ඉන්දියාවේදී හිමි වනුයේ සුවිශේෂී තනතුරකි. එය රාජ්‍ය පාලනයේ උපරිම බලතල සහිත තනතුරක් වන බව පසුගිය
කාලවකවානු දෙස බැලූ විට පෙනී යයි. ඒ හරහා අපට අවබෝධ වන්නේ ඉන්දියාවට ලංකාව ඉතා වැදගත් වූ සංධිස්ථානයක් බවය. එනම් තානාපති සබඳතා ඉතා කල්පනාකාරීව ගෙනයා හැකි දක්ෂයකු සෑමවිටම අප රටට එවන බවය. ඒ තුළ ඇත්තේ ලංකාව කොතරම් ඉන්දීය පාලනයට වැදගත් වන්නේද යන්නය.
මෙය ආගමික ප‍්‍රශ්නයක් නොව රාජ්‍ය බලය පිළිබඳ ඉතිහාසගත ප‍්‍රශ්නයකි. අපට රාමලා, සීතලා හෝ හනුමන්තලා අලූතෙන් ඇවැසි නැත. තියෙන දේ තියෙන ලෙස පවතින්නට හැර දෙඇස් හැර කටයුතු නොකළහොත් අප ජාතියක් ලෙස නැගී සිටින්නට උත්සහ දරන මොහොතක යළිත් දෙපයින්ම
ඇදවැටෙනු ඇත. අප ස්වාභාවික ශක්තීන් විශ්වාස නොකළද ඉන්දියාව මෙන්ම අතිනවීන තාක්ෂණය සහිත ඇමෙරිකාවද ස්වාභාවික ශක්තීන් අතිශයින් විශ්වාස කරයි. මේ බල තරගය සිදුවන්නේ ඒ උදෙසාය.
පිළිම සවිකරන්න මට මුදල් දීමට උත්සහ කළා
ජලිත අමරසිංහ
රාවණ පර්යේෂණ ආයතනය
ලංකාව තුළ ප‍්‍රබල ලෙස ඉන්දියානු බලපෑම් කි‍්‍රයාත්මක වෙනවා. මට එක් අවස්ථාවකදී ලංකාවේ කි‍්‍රයාත්මක වන ප‍්‍රබල ඉන්දියානු ව්‍යාපාරික ආයතනයක් මුදල් ලබාදීමට උත්සහ කළා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රාම ස්වරූපී රාවණ පිළිම ඔවුන් යෝජනා කරන ස්ථානවල සවි කිරීමට කටයුතු කිරීමයි. නමුත් මෙය මම ප‍්‍රතික්ෂේප කළා.මේ වනවිට මෙය විවිධ අය හරහා කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසයි ලංකාවේ තැනින් තැන ඉන්දියානු හුරුව සහිත පිළිම කෝවිල් ඉදි වෙන්නේ. මේ තුළ පැහැදිලි ලෙසම දමිළ කොටි අවශ්‍යතා පවතිනවා.
ඉන්දියාවේ පවතින දශහාරා උත්සවයේදී ලංකාවේ හිටපු නායකයන් පුච්චාදමන්න ඔවුන්ගේ දේශපාලකයොත් එක්වෙනවා. මෙය වැරැුදියි. ඉන්දියාවේ ශිව සේනා පක්ෂයත් මේ දශහාරා (දුශේරා* උත්සවයට විරුද්ධයි. ඒ තුළින්ම පේනවා මේ තුළ ඇත්තේ පටු අවශ්‍යතාවක් බව. මේක රටක් ලෙස බොහොම කල්පනාවෙන් කටයුතු කළ යුතු අවස්ථාවක් බව කිව යුතුයි.
මේ ප‍්‍රශ්න පසුකාලීනව ඇති වූ දේවල්
තලයි සෙල්වම්
හිටපු අධ්‍යක්ෂ ජනරාල් සංචාරක මණ්ඩලය
රාමායන ටේ‍්‍රලර් වැඩසටහන කි‍්‍රයාත්මක වන්නේ මගේ කාලයේදී. සංචාරක කර්මාන්තය බිඳ වැටුණු යුගයේදී ඉන්දියානුවන්ට අපේ දේ පෙන්වන්නයි මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ. රාමායන කතාවට අදාළ තැන් නැරැුඹීම හා ඉන්දියානුවන් මෙහෙට ඇවිත් ඔවුන්ගේ රැුස්වීම් පැවැත්වීම ආදිය මේ හරහා සිදුවුණා.මේ ව්‍යාපෘතිය තුළින් කෝවිල් ඉදිකිරීමක්, පිළිම සවිකිරීමක් ආදී කිසිවක සැලසුමක් පැවතියේ නෑ. පැවති ස්ථාන නැරඹීම පමණයි ඒ තුළ තිබුණේ. ඔය ප‍්‍රශ්න සියල්ල පසු කාලීනව අලූතින් නිර්මාණය වූ දේවල්. යම් යම් අයගේ අවශ්‍යතා පරිදි කෝවිල් පිළිම නිර්මාණය වෙනවා. එය රාමායන සංචාරයට අදාළ නෑ.
රාමායන ව්‍යාපෘතිය ගැනසංචාරක මණ්ඩලය ගොළු වෙයි
ඉන්දීය සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් කි‍්‍රයාත්මක වූ රාමායන ටේ‍්‍රලර් ව්‍යාපෘතිය හරහා ඉන්දියානු ව්‍යාප්තවාදය මෙන්ම දමිළ පිවිසුම් වාදයටද පදනම වැටෙන බවට චෝදනා එල්ල වෙමින් පවතී.
මෙම චෝදනාවලට සංචාරක මණ්ඩලයේ අදහස කෙබඳුද යන්න දැනගැනීම උදෙසා දින කිහිපයක් තිස්සේම උත්සහ දැරුවෙමු. එහෙත් කිසිදු වගකිවයුතු නිලධාරියකු ප‍්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් වූයේ නැත.විදුර ලියනාරච්චි, විපුල වනිගසේකර, ඉන්ද්‍රජිත් සිල්වා යනනිලධාරින්ගෙන් මේ පිළිබඳ විමසුවද එක් එක් නිලධාරින් වෙත අපගේ ප‍්‍රශ්න යොමුකිරීම මිස නිසි උත්තරයක් ලැබුණේ නැත.
දෙව්රම් වෙහෙරේ සවිකරන්නට යන රාවණ පිළිමයද මෙම ව්‍යාපෘතියේම කොටසකැයි නැගුණු චෝදනා පිළිබඳ කොලොන්නාවේ සුමංගල හිමියන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කළ ඇමැතීමේදී උන්වහන්සේගේ සහයකයකු පැවසුවේ කිසිදු මධ්‍යයකට සුමංගල හිමියන් ප‍්‍රකාශ ලබා නොදෙන බවය.
චෝදනාවක් පිළිගැනීම හෝ ප‍්‍රතික්ෂේප කිරීමට ඕනෑම කෙනකුට අයිතියක් ඇත. එහෙත් අප ඇසූ ප‍්‍රශ්නයට උත්තර දෙන්නට නොහැක්කේ ඇයි දැයි තේරුම්ගැනීම පාඨක ඔබට භාර කරන්නෙමු.